IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජ.වි.පෙ පා ගමනට බිත්තර ප්‍රහාරයක්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට  කොටුව දෙසට ගමන් කරමින් සිටියි.

විරෝධතා පා ගමන මධ්‍යම බස් නැවතුම අසලින් ගමන් ගන්නා විට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ බව විරෝධතාකරුවෝ පවසති.

(ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (42)

ජ.වි.පෙ පා ගමනට බිත්තර ප්‍රහාරයක්

කිරි පුතා Wednesday, 19 January 2022 04:19 PM

ටිකක් කුණු වෙච්චි බිත්තර නම් වඩා සුදුසුයි. කවදාවත්ම රටට, ජාතියට වැඩක් නොකරන කොටසක්...

:       121       40

සිරිබිරිස් Wednesday, 19 January 2022 04:20 PM

පොහොසත් ජාතියක්... දැන් බිත්තරයක් රුපියල් 30 යි.

:       4       68

sharm warn Wednesday, 19 January 2022 04:32 PM

බිත්තරවලින් ගහපු අය හිතාගෙන ඉන්නවා ඇති ලොකු වැඩක් කළා කියලා. ඔවුන්ටත් වේලක් කන්න බැරිව ඉන්නේ කියලාවත් ඔලුවට එන්නේ නැති තරමට වහල් මානසිකත්වය ඉහවහා ගිහින්...

:       30       179

PradeepWednesday, 19 January 2022 05:37 PM

කන්න නැතත් කමක් නෑ.. සර්ලාට කඩේ ගියේ නැත්නම්. නිකන් නින්ද යන්නෙත් නෑ ආයුබෝවන්..

:       24       119

sugath Wednesday, 19 January 2022 04:46 PM

අපරාදේ බිත්තර. අපේ පැත්තේ බිත්තරයක් 20/-. වෙන මුකුත්ම තිබ්බේ නැද්ද ඔය වැඩේට ගන්න?

:       9       80

BamunuarachchiThursday, 20 January 2022 01:00 PM

සාමාන්‍යයෙන් ගහන්නේ කුණු බිත්තර... මෙයාලාට ගැහුවේ අසූචි තවරපු බිත්තර කියලයි මට දැනගන්න ලැබුණේ...!!!

:       1       1

rocky Wednesday, 19 January 2022 05:21 PM

පොහොට්ටුවන්ට ඉවසා ගෙන ඉන්න අමාරුයි..!!!

:       21       129

BamunuarachchiThursday, 20 January 2022 07:21 PM

2020 ඡන්දෙටත් ඔය සංදර්ශන තිබුණා.. එදත් හිටපු ඔළු බක්කොම තමයි දැනුත් ඉන්නේ. වෙනසක් නැහැ ප්‍රතිඵල වල වෙනසක් වෙන්නෙත් නැහැ.. කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් ජෙප්පෝ ජෙප්පෝම තමයි...

:       0       1

Nuwan Wednesday, 19 January 2022 05:23 PM

රටේ පාලනය බාරගන්න ඉන්න පක්ෂයක් ඉන්දීය විරෝධී මාර්ගයේ යෑම අතිශය අවදානම්. දුර දකින්න බැරි පාටයි...

:       23       48

Ranjit Wednesday, 19 January 2022 05:41 PM

මේ මිනිස්සු ටිකටික ජනතා ආකර්ෂණය දිනා ගන්නවා වගේ පෙනෙන කොට කාටදෝ ජුවල් ගිහිල්ලා වගේ... අර ඉස්සර මේ ආණ්ඩුව පත්කරන්න දරදිය ඇදලා දැන් හිතපු දේවල් කෙරෙන්නේ නෑ කියමින් අන්තර් ජාලයේ ආණ්ඩුවේ වැරදි ගැන ලොකුවට කතාකරන කෙනෙක් ඒ ගැන ප්‍රශ්න කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වලා එයාට කලින් නොතිබුණු විශාල ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් ලබා දුන්නා වගේ මේවත් මහා මරි මෝල් වැඩ සර්...

:       17       114

සෑම් Wednesday, 19 January 2022 05:52 PM

මොලයක්, සැලැස්මක් ඇති එකම පක්ෂය ජ.වී.පෙ විතරයි. මීළඟ මැතිවරණයේදී අපි ඔබ සමගයි..

:       34       177

sujeewaThursday, 20 January 2022 07:57 AM

ඔව්, මොලයක් සැලසුමක් ඇතුව වැඩ කරන නිසා ක්‍රමානුකූලව 3% දක්වාත්, ක්‍රමානුකූලව තව ඉදිරියටත්.. නූතනයේදී බලය ලබා ගැනීමට ඇති ක්‍රමෝපායන් වන්නේ ආණ්ඩු විරෝධය නොව ප්‍රතිපත්තිමය වශයෙන් රටක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ඉදිරි සැලසුම්වල ප්‍රායෝගිකත්වයයි.

:       0       0

චින්තක Wednesday, 19 January 2022 06:04 PM

පසුගිය සතියේ දිනක අනාවැකි කියන ප්‍රවීන මහත්තයෙක් කරපු අනාවැකිය අහලා වගේ. නැත්නම් මෙපමණ කලකට නොවුණු දෙයක් වෙන්න බැහැ. පේන්නේ හොඳටම බයවෙලා කියලයි..

:       10       92

අතුල සෞදි Wednesday, 19 January 2022 06:12 PM

80 ගණන්වල ඔය යල් පැනපු සටන් පාඨක හින්දා තමයි දහස් ගණන් තරුණ ජීවිත නැතිවුණේ... තමන්ගේ ළමයි පිටරට යවලා, අහිංසක දරුවන් බිල්ලට දෙන මෙවැනි ක්‍රියාවලි වලින් සිදුවන්නේ රට තවත් සොහොන් පිටියක් වීම පමණි.

:       125       42

AsankaThursday, 20 January 2022 10:12 AM

අනේ ගොනෝ 80 ගණන් වල ජවිපෙට අවි ගන්න සිද්ද වුනේ ඇයි කියපන්.ජවිපෙ තහනම් කල නිසයි යකෝ අවි අතට ගන්න වුනේ.ඒ කාලේ හිටියේ තොපි වගේ සපත්තු ලෙවකන වහල්ලු නෙමෙයි.කොන්ද පන ඇති කොල්ලෝ.උන් රට වෙනුවෙන් මැරෙන්න බය නැහැ..තොපි ගූ කන වහල්ලු .පුදුම නිවට කමක්

:       1       3

BamunuarachchiThursday, 20 January 2022 07:41 PM

ගොන් රජෝ, ජෙප්පන් හැරෙන කොටම පාලකයින් දැන ගත්තා මේ ගොබ්බ රැල රට කන්නයි හදන්නේ කියාලා. ඒ වගේම හැදීගෙන ආව රට කෑවා. ජෙප්පන් තුවක්කු අරගෙන මොන මගුලක්ද කලේ? බෙහෙත් කොටන තුවක්කු වලින්ද මේ ගොබ්බයෝ ලේ සැලෙන විප්ලව කරන්න ගියේ? කාට වෙඩි තියන්නද තුවක්කු ගත්තේ? මේ දුප්පත් රටේ බස් ගිනි තිබ්බා. ට්‍රාන්ස්‍ෆෝමර් ගිනිතිබ්බා, බැංකු කඩලා සල්ලි අරන් පොහොසත් වුණා. කරපු එවුන් හැංගිලා ඊයේ පෙරේදා එළියට ආවා. අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑයවල පිච්චුනා. මේ රට කොමියුනිස්ට් කරන්න ඇමරිකාව ඉඩ දෙන්නේ නැහැ. ඒක මතක තියාගනිල්ලා. 1971-1989 හිටිය ජෙප්පන් දැන් ජේවීපියේ ඉන්නවාද? දැන් ඉන්නේ පඩිය පක්ෂයට දීලා ඩීල් වලින් හම්බකරන ජෙප්පන්..

:       0       2

Bamunuarachchi Wednesday, 19 January 2022 06:18 PM

බිත්තරත් එක්ක තව මොනවා ඒවිද දන්නේ නැහැ. මොවුන් හම්බන්තොට වරාය විකුණන කොට මීක් කිව්වේ නැහැ. ඒ කාලේ මේ අය හිටියේ රනිල්ගේ ඔඩොක්කුවේ නිසා...

:       152       40

Ashan Thursday, 20 January 2022 01:11 AM

හම්බන්තොට වරාය විකිණීමට විරුද්ධ වුනේ ජේවීපී විතරයි මහත්තයෝ. අඩුම ගානේ ඒකෙන් කෝටි ගාණක් කොමිස් ගත්ත ඔයා සපත්තු ලෙවකන රාජපක්ෂලාවත් පනතට විරුද්ධ වුනේ නෑ කියලා අමතකද? එයාලත් පාර්ලිමේන්තු මග හැරලා හිටියා කියන එක ඔයා හිතලාම අමතක කරලා කියලා අපි දන්නවා.

:       0       1

NandasenagrThursday, 20 January 2022 05:37 AM

දැන් හම්බන්තොට වරාය ආපහු අරන්ද?

:       0       1

බණ්ඩාThursday, 20 January 2022 08:30 AM

ඔය නම් හදන්නේ ඉල්ලගෙන කන්න. දන්නැතුව වගේ...

:       0       0

sharm warnThursday, 20 January 2022 11:08 AM

අනේ බමුණෝ .පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න ,අනුරම කී වතාවක් නාමල් බේබි ගේ රෙදි ගලෙව්වාද හම්බන්තොට වරාය විකුණන එකට විරුද්ධව චන්දෙ දුන්නේ නැතුව කට වහගෙන හිටියේ මොකද කියලා?පොද්ද්ක ඒවත් අහලා බලන්න .බයියෙක් වුනාට කමක් නැහැ හරකෙක් බව පෙන්නලා උම්බෑ කියන්න එපා ප්‍රසිද්ධියේ .පවුලේ අනිත් අය පව් නේ .විශේෂයෙන්ම අම්මා තාත්තා එහෙම

:       0       3

BamunuarachchiThursday, 20 January 2022 12:58 PM

අනේ ගොන්තඩියෝ, ජෙප්පෝ නාමල් බේබිව හෝදන එකයි, තෙල් ටැංකි ඉන්දියාවට දෙන එකයි අතර සම්බන්ධය මොකක්ද? මම කතා කරන්නේ තෙල් ටැංකිදීම ගැන. කතා කරන්න ඉන්දියාවට තෙල් ටැංකි නොදී ඒවා තියාගෙන මොන මගුලක් කරන්නද කියලා... මහා ජෙප්පාගේ මුහුණු පොතට ගිහිල්ලා අහන්න. ජෙප්පෙක් වුණාට කමක් නැහැ පොයින්ට් එකට කතා කරන්න. රතු අලි බයියන් මහා ජෙප්පන් පස්සේ ගියාට අනික් මිනිස්සු යන්නේ නැත...

:       2       2

Demuni Uduwara Wednesday, 19 January 2022 06:37 PM

බල්ලෝ බුරති... !

:       6       33

BamunuarachchiThursday, 20 January 2022 07:48 AM

බූරුවෝ පාරවල් අවහිර කරති..

:       1       0

Ras Wednesday, 19 January 2022 06:43 PM

හාමු මහත්තයා විකුණන කොට ලෝකෙට පේන්න බොරුවට පෙලපාලි ගිහිල්ලා උන්නැහේගේ අගමැතිකම බේරලා දෙන්න උසාවියට ගිය පොරවල්... මේ පාර USD ගන්න NGO වලින් ලකුණු දාගන්න ඇත්තටම පෙලපාලි යනවා වගේ..!!!

:       70       19

Demuni Uduwara Wednesday, 19 January 2022 06:54 PM

ඉන්ධන ටැංකි දැන් තියෙන්නේ අනතුරුදායක තැනක... ඒ නිසා අපිට මේ ගැන දැනගැනීම අනිවාර්යයි... ජවිපයෙන් විරෝධතා තිබිය යුතුයි. අපි ඔවුන්ට ආශීර්වාද කරනවා.

:       13       85

fairoos Wednesday, 19 January 2022 08:15 PM

බයියන් සෙට් එක වෙන්නැති...

:       4       58

BamunuarachchiThursday, 20 January 2022 07:50 AM

වැල්ලෙන් ගොඩ බැස්ස කට්ටිය..!.

:       1       1

BamunuarachchiThursday, 20 January 2022 07:27 PM

හම්බන්වැල්ලෙන් ගොඩ බැස්ස නිසා ඔවුන්ට ඒ නම ලැබුණද? එතැනින් හම්බයින් ගොඩබැස්ස නිසා වැල්ලට ඒ නම ලැබුණද? දන්නා කෙනෙක් කියන්න.

:       0       1

hesa Wednesday, 19 January 2022 08:42 PM

කුණු බිත්තර වලින් නෙවෙයි මුන්ට දෙන්න ඕන.. කුනු බිත්තර වලින් ගහපු එකට වඩා දුක, රට බාර ගන්න ඉන්න කට්ටිය කියන කතාවට.. ටික ටික ජනතා ආකර්ෂණය දිනා ගන්නවා වගේ පෙනුනා තමයි ගියවරත්.. බස්වලින් සෙනග ගෙනැත් රැස්වීම් තිබ්බා.. දත් Fbයෙන් තමයි.. අන්තිමේදී හබස්.. මොල, සැලසුම් තිබුනෙ කැරලි ගහන්න.. රට විනාශ කරන්න.. මේ අය කලේ ගම්බද අහිංසක දරුවන්ව රවටලා, බහුබූත ඔලුවලට දාල ඔවුන්ව නැති කළා.. බේරෙන්න කොටසක් රටපැන්නා.. ඒත් ඒ සමාඡවාදි රටවලට නොවේ. විරුද්ධ බව පෙන්වූ යුරෝපයේ ධනවාදීම රටවලට.. දැන් සැපසේ ඉන්නවා.

:       162       23

NandasenagrThursday, 20 January 2022 05:35 AM

මී හරක් කතා කියන්න කලින් ඉතිහාසය ඉගෙනගත්තා නම් හොඳයි. නිකම් කහනවට තරුණයින් අවි ගත්තේ නැහැ. කැරලි ගැහුවේ නැහැ. එදා ඉඳලා අද වෙනකල් තමුන්ලාගේ රජවරු කරපු වැරැදි හින්දා අද රට හිඟා කන තත්ත්වයට වැටිලා...

:       1       0

sujeewaThursday, 20 January 2022 08:13 AM

සම්පූර්ණ ඇත්ත හේසා... මේකේ ඩිස්ලයික් දාපු අය අදහස කියවලා නෙවෙයි දාලා තියෙන්නේ... හරියට ඡන්දෙකදී රැස්වීම්වලට දාස්ගණන් සෙනඟ ආවත් රැස්වීම්වල කතා අහලා ජන්දය නොදී ඉන්න එකේ අනිත් පැත්ත වගේ... කොච්චර ඩිස්ලයික් තිබුණත් ඇත්තම තත්වය තමයි ධනවාදී රටවලට පලු පැලෙන්න බැනලා තරුණයින් රවට්ටලා බැනපු අය ඒ් රටවල වරප්‍රසාද භුක්ති විඳිද්දී රැවටිච්ච තරුණයින් පාරවල් ගානේ රස්තියාදු වෙවී එදා වේල හොයන්න දඟලන එක. වෙලාවකට ධනවාදයට බනිනවා. වෙලාවකට චීනෙටයි, රුසියාවටයි බනිනවා. පඩි වැඩි කරන්න කියලා වෘත්තීය සමිති හරහා සේවකයින්ව අවුස්සලා අනික් පැත්තෙන් ආර්ථික කළමනාකරණය දුර්වලයි කියලා විවේචනය කරනවා. ලස්සනට සියළු ජනතාවට එන්නත් කරණය දුන්නාම නොදැක්කා වගේ ඉඳලා වෙන දෙයක් හොඳට කරන්න හමුදාවට බාරදීපු ගමන් හමුදා පාලනයක් ගේනවා කියලා ගෝනිබිල්ලන් මවනවා. කොටින්ම කවදාවත් ආණ්ඩුව නටවන්න බැරිබව දන්න නිසාම ශක්තිමත් ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න පුළුවන් ඕනෑම උප්පර වැට්ටියක් යොදනවා...

:       1       2

sharm warnThursday, 20 January 2022 11:11 AM

අනේ අම්මෝ මොකද මේ පරල වෙලා.අන්න ඔහේගේ මහා ලොකු විරුවා ඩොලර් බිලියන ගණනක් හොරෙන් පන්නලා උගන්ඩාවේ ආයෝජනය කරලා .ඔහෙලටයි ඔහේලාගේ දරුවන්ටටයි සැප දෙන්න .මල්ලක් අරගෙන කටත් ඇරගෙන බලන් ඉන්න.පංගුව ඒවි

:       1       2

de silva Wednesday, 19 January 2022 09:26 PM

පැන්ඩෝරා පේපර් එකේ පෙන්නුවා හොරකම් කරපු සල්ලිවලින් බිත්තර ටොන් එක බැගින් ගෙනත් දවස ගාණේම ගහන්න පුළුවන්...

:       1       0

rocky Thursday, 20 January 2022 07:11 AM

බමුණුආරච්චිටවත් කුලපතිකමක් ලැබේවි..!!!

:       1       1

[email protected] Thursday, 20 January 2022 07:52 AM

තෙල් ටැංකි රජයට පවර ගන්නවලු . මේ මිනිස්සු තාමත් ඉන්නේ අවුරුදු හැට හැත්තෑවක් පරණ සටන් පාඨ වල එල්ලිල්ලා ආණ්ඩු ඉන්නේ බස් කොච්චි දුවන්න, තෙල් විකුනන්න , තැපැල් කන්තෝරු කරන්න , වරායවල් දුවන්න නෙවේ ලෝකේ දියුණු කිසිම රටක ආණ්ඩු ඔය වැඩ කරන්නේ නෑ වඩාත් කාර්යක්ෂම සහ පලදායි ලෙස ව්‍යාපාර කරන්න තමයි පෞද්ගලික අංශය ඉන්නේ, රජයකට කවදාවත් බෑ එක කරන්න ඔවුන් කරන්න ඕනේ මේවයින් ලැබෙන බදු අදායම පාරවල් හදන්න , ඉස්කෝල හදන්න ආයෝජකයන් ගෙන්වන පරිසරය හදන්න. කාට කියන්නද , මේ වගේ සටන් පාට ලෝකේ දැකල නැති බුරුවන්ට හොදයි

:       0       0

Bamunuarachchi Thursday, 20 January 2022 07:54 AM

ඉන්දියාවටවත් නොදී නිකන් තියා ගන්නද බොල කියන්නේ? මේ කාලකන්නි ඉන්න රටකට ආයෝජකයෝ, ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ එන්නේ නැහැ. මොවුන් රට කාලා ඉවරයි.

:       1       1

Bamunuarachchi Thursday, 20 January 2022 08:01 AM

දෙකේ දෙකේ ගල් තිබුණේ නැද්ද?

:       1       2

සමන්ත Thursday, 20 January 2022 08:38 AM

දැන් මෙහෙමනේ.අපි ජ.ව්.පෙ ට පක්‍ෂපාතිත් නි.විරුද්ධත් නෑ.අපිත් ඒ කාලේ ජ.වි.පෙ හින් දා අමු කට්ටක් කෑවනේ.ඒ හින් දම දැන් මැරෙන්න බයකුත් නෑ. ඒ කොහොම වුනත් විරෝධය පමණක් වැරදිනේ.විකල්ප පෙන්වා දෙන්න ඕනේ. ආවුරුදු 73ක් ම වැඩක් නොගත්ත දෙයක්, අපිට හදා ගන්නත් බැරි දෙයක් අපිට හානි නොකරගෙන හවුලේ දියුනු කරගන්න ලැබෙන එක හොඳ දෙයක්.ඒත් ගමන්පිල ඒක කල හැටි වැරදියි.ඒ නිසා ම ජවිපෙ හැමදාම කරන පුහුදුන් සටන් වලින් රටට යහපතක් වෙන්නෙත් නෑ. අනික ඔය යන විදිහට ඉන් දියාව කවදාවත් ජව්පෙ ආණ්ඩුවක් හදන්න ඉඩ දෙන්නෙත් නෑ.

:       0       0

Bunny Preena Thursday, 20 January 2022 09:13 AM

රටේ සාමාන්‍ය ජනතාව නම් ඔය හැම එකාලා ගේම කතා අහලා රැවටිලා වැටෙන්න ඕනේ හැම වලකටම වැටිලා ඉවරයි.වෙන වැටෙන්න වලවල් නැහැ

:       0       0

J welihena Thursday, 20 January 2022 12:28 PM

අහවල් එක විකුණන් කන්න පුළුවන් එවුන් ඉන්න රටක තව මොනවා කියන්නද බන් .අරක්කු කාලක් දෙනවා නම් ඕන දෙයක් කරයි

:       0       0

BamunuarachchiThursday, 20 January 2022 01:05 PM

මෙතන ලියන එක ජෙප්පෙක් හිතන්නේ නැහැ.. ජෙප්පෝ කොහොමද රට කරන්නේ කියා...? මහා ජෙප්පා කියන්නෙත් නැහැ. මහ දැනමුත්තාගේ පොතේ තියෙනවා වගේ මහ ජෙප්පා කටින් කියන ක්‍රමතමයි පොඩි ජෙප්පන් හරියි කියලා පිළිගන්නේ. මේ අයට තේරෙන්නේ නැහැ. ඒ නිසා ජෙප්පන් ප්‍රශ්න කරන්නේ නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 34 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 185 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 266 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 300 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1521 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 635 1

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site