IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජෝන් කීල්ස් සමූහයෙන් ‘සුව සැරියට’ රු. මිලියන 100 ක්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය. මූල්‍යමය ගැටලු‍ හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබූ අතර, මෙම කාලෝචිත පරිත්‍යාගය එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී වනු ඇතැයි එම සමාගම සඳහන් කළේය.

2016 වර්ෂයේ දී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන ලදී. විශේෂයෙන්ම දිවයිනේ දුෂ්කර පළාත්වල ජීවත් වන, සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමින් හිමිවන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවා සැපයීම මෙහි මූලික අරමුණ විය.

මෙම පරිත්‍යාගය නිසා සුව සැරිය සේවාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට සහ ගිලන් රථ නඩත්තුව නිසි පරිදි කිරීමට මෙන්ම කාර්ය මණ්ඩලය බඳවාගෙන ඔවුන්ට පුහුණුව ලබාදීමට ද හැකි වනු ඇති අතර, ඉදිරියේදී සුව සැරිය සේවා තව දුරටත් ව්‍යාප්ත කරමින් තවත් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට ද හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවැසීය. ප්‍රජාවට අත්වැලක් වීම සහ ඔවුන් සවිබල ගැන්වීම තම යුතුකමක් හා වගකීමක් බව ජෝන් කීල්ස් සමූහය විශ්වාස කරනවා. “සෞඛ්‍යය යනු ජෝන් කීල්ස් පදනම යටතේ අපගේ ප්‍රජා සත්කාර මෙහෙවර තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන එක් අංශයක්. එම නිසා සුව සැරිය ගිලන් රථ සේවාවටත්, එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වන සුව සැරිය කාර්ය මණ්ඩලයටත් මෙලෙස අත්වැලක් වීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වනවා. එමෙන්ම මෙම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තම දායකත්වය ලබාදෙන මෙන්, දිවයිනේ සෙසු සමාගම් හා ආයතනවලින් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.”

අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහිත ගිලන් රථ 297 ක් සුව සැරිය සේවාව සතුව පවතින අතර, මනාව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම ගිලන් රථවල සේවයෙහි යෙදී සිටිති. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කළ මෙම පරිත්‍යාගය මගින්, සුව සැරිය ගිලන් රථ සේවාවට මෙන්ම එහි සේවා ලබන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ද සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමාන ය.

595



අදහස් (2)

ජෝන් කීල්ස් සමූහයෙන් ‘සුව සැරියට’ රු. මිලියන 100 ක්

රනේ Wednesday, 03 May 2023 06:43 AM

ස්තූතියි!

:       0       2

Namal Wednesday, 31 May 2023 09:15 AM

ඉන්දියන් මේ සේවාව හොදයි,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 800 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 806 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 980 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 407 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4360 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1213 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site