IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපති අණින් නතර වූ ආර්.එම්.වී කාක්කෝ යළි රජ කරති

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි පහසුතාවට පත්කරමින් පුද්ගලයන් 20 ක පමණ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකිය.

මෝටර් රථ සම්බන්ධයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ට විවිධ සේවා සැපයීමට එම පුද්ගලයන් ඉදිරිපත් වන අතර එම සේවා අතර වංචාකාරී ක්‍රියා රැසක් දැකිය හැකිය.

වාහන ලියාපදිංචිය සඳහා වන පෝරමය සම්පූර්ණ කිරීමේ සිට සාමදාන විනිශ්චකාරවරුන්ගේ නිල මුද්‍රාව තබා ඡායාරූප සහතික කිරීම ඇතුළු විවිධ සේවා සැපයීමට කිසිඳු බියක් නොමැතිව ඔවුහූ ඉදිරිපත්ව සිටිති.

මෙම වංචාසහගත ලියවිලි ඉදිරිපත් කළ පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරීම වඩාත් භයානක තත්වය බවට පත්ව තිබේ.

එම පුද්ගලයන්ගේ වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බව බැලූ බැල්මට කිවහැකි අතර සේවා ලබාගැනීමට එන කාන්තාවන්ට යතුරුපැදියෙන් බැසීමටත් අවස්ථාව නොදී දැළට හසුකර ගනිති.

වාහන ගාල්කිරීමේ නිරත සිටින කාන්තාවක් ද ඒ මුවාවෙන් එහි රැදෙමින් වංචාකාරී ලේඛණ ලබාදී මුදල් ලබාගන්නා ආකාරය දැකිය හැකි අතර එම පුද්ගලයන් අතර ආබාධිත පුද්ගලයන් කීපදෙනෙක් ද සිටිති.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් ඒකකයක් ද තිබෙන අතර මෙම වංචාකාරී සිදුවීම් වන ස්ථානයේ සිට නාරාහේන්පිට පොලිසියට මීටර 100 ක පමණ දුරක් තිබේ.



අදහස් (28)

ජනපති අණින් නතර වූ ආර්.එම්.වී කාක්කෝ යළි රජ කරති

Hafeel Monday, 29 November 2021 12:33 PM

බලයට ආපු ගමන් වත්මන් ජනාධිපතිපතිත් මෙතන්ට ගිහින් ලොකු සංදර්ශන පෙන්නුවා. මේ ආණ්ඩුවේ වැඩ සේරම සෝඩ බෝතල වගේ. එදා ගුවන් තොටුපොළටත් කඩා ගන ගියා. නමුත් තාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම දුවන්නේ පාඩු ලබමින්. වැඩක් නැහැ. බොරු සෝබන තමයි.

:       21       156

පැරකුම්Monday, 29 November 2021 01:20 PM

මෙයාට හමුදා පාලනය කෙසේවෙතත් රාජ්‍ය පාලනය නම් බැරි බව දැන් හොඳටම පැහැදිලියි. ඒ පිළිබඳ පාඨමාලාවක් හදාරන්න යවමුද? නැත්නම් ආපහු ඇමෙරිකාවටම යවමුද?

:       18       121

Hafeel Monday, 29 November 2021 01:55 PM

ඇමරිකානු ජනතාව දැන් හිතනවා ඇති මේ රටේ ඡන්ද දායකයින්ගේ බුද්ධිය පිළිබඳව...

:       5       63

පිටිගල මිලානෝ Monday, 29 November 2021 12:38 PM

ආයෙත් පාරක් ස' ව අරිමු ආර් එම් වී එක සුද්ද කරන්න සිoහ ලීලාවෙන්.....

:       4       113

හසන්ති Monday, 29 November 2021 12:54 PM

ඥාණක්කාට කියලා ගුරුකමක්වත් කරලා මේ ජාවාරම් කාරයින් එළවමුද..?

:       8       100

දාස Monday, 29 November 2021 12:56 PM

සර්ගේ හැම වැඩක්ම ඔහොම තමයි.. ෆොන්සේකා මහත්තයා නැතිව මෙයා යුද්ධ කලා නම් තාමත් යුද්දෙ යනවා. එහමත් නැත්නම් ප්‍රභාකරන්ට රටේ භාගයක් ගිහිල්ලා...

:       17       130

Hafeel Monday, 29 November 2021 01:50 PM

එ්ක තමයි මමත් කියන්නේ. එදා යුද්ධය කළා කියලා පොත් ලිව්ව කෙනාට දැන් වමනය යනවා ඇති...

:       13       100

Shan Monday, 29 November 2021 01:06 PM

එයා කොහොමත් රිවස් ජනපතිනේ...?

:       10       96

kamal Monday, 29 November 2021 01:13 PM

සසර වසනතුරු... නිවන් දකින තුරු...

:       5       50

Sunil Monday, 29 November 2021 02:02 PM

ඒකත් රිවර්ස්...!

:       3       57

ravin Monday, 29 November 2021 02:06 PM

දන්නේ නැද්ද උස් තැනින් පහළට වතුර ගලන විත්තිය? බොහොම ඉස්සර නම් ලංකාවේ හිටියේ යෝධයින් වගේ මිනිස්සු ... අවුරුදු ගාණක් පවතින නිර්මාණය කරපු රජවරු.. දැන් රජත් බලු.. වැඩත් බලු..

:       3       53

කරුණාරත්න Monday, 29 November 2021 02:25 PM

මෙහෙම වෙන්න හේතු මොනවද කියලා කවුරුවත් බලන්නේවත්, හිතන්නේවත් නැහැ. ඇත්තටම වාහනයක් ලියාපදිංචි කිරීමට හෝ මාරුවක් කරනවිට තියෙන අයදුම්පත් සම්පූර්ණ කිරීමට දන්නා කෙනෙකුටවත් ඉතාම අමාරුයි. සේවා සැපයීමේදී පහසුවට කළයුතු වුණත් මෙහි එවැන්නක් දකින්නට නැහැ.. එහෙම ප්‍රශ්න තවත් කොපමණ ඇද්ද? පෙර කාලේ ආදායම් බලපත්‍රය ගන්නත් ආකෘතියක් තිබුණා.. දැනට එය අහෝසි කළා වගේ මේවත් පහසු කරන්න මෙහි වංචා අනන්ත තියෙනවා. එකක් කියන්නම් එක් යතුරු පැදියක්.., අයිතිකරු මියගියා... ඔහුගේ බිරිඳගේ මල්ලි එය ගෙනගියා. පසුව ඔහුගේ නමට හරවාගෙන තියෙන්නේ හොරකම් කළ වාහනයක් ලෙසට රක්ෂණ ආයතනයක් උදව් කරගෙන...

:       0       26

wicky Monday, 29 November 2021 02:39 PM

මේකයි ඉතින්. ඔතන ඉන්න නිලධාරීන්ගේ ඉඳලා හොරාට වැඩ කරනකොට, ඕවා නතර කරන්න ජනාධිපතිට විතරක් බැහැ. පොලීසිය, එතකොට ඔතන ඉන්න ආරක්ෂක නිලධාරියාගේ ඉඳලා ඕවාට සම්බන්ධයි...

:       13       47

සුරලොව ඇල්මන්Monday, 29 November 2021 04:46 PM

විකී කියන්නේ සහතිකම ඇත්ත, මෙහි සෑමදෙනාම හවසට ගෙදර යන්නේ අතට මුදලක් සොයාගෙන... රාජ්‍ය සේවකයින් සඳහා මෙම දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කීපයක් ඉතා ප්‍රියමනාප දෙපාර්තමේන්තු ලෙස සලකන්නේ නිකම්ම නොවෙයි... මේ තත්වය නිසා කියන්න පුළුවන්...!!!

:       1       34

Bunny Preena Monday, 29 November 2021 02:45 PM

ගැසට් එකවත් නිකුත් වුණාවත්ද?

:       5       32

ජගත් ලියනගේ Monday, 29 November 2021 04:15 PM

"එක රටක් , එක නීතියක්" නේ තියෙන්නේ...

:       3       16

Eranga Monday, 29 November 2021 05:56 PM

කාක්කෙක්වත් එළවා ගන්න බැරි කෙනෙක් ජනාධිපතිවරයා බවට පත්කරගෙන දියසේන කුමාරයා තමයි කියලා බලන් ඉන්න 69 ලක්ෂයේ ජනතාව පව්..!

:       3       34

හසන්තීMonday, 29 November 2021 06:45 PM

හා...හා.. සක්වල ගල ප්‍රකම්පිත කරගෙන ආවේ..!!!

:       3       26

Demuni Uduwara Monday, 29 November 2021 06:24 PM

කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාව කියන්නේ නීතියක් නැති, පාලනයක් නැති රටක්...

:       1       48

ගමේ එකාලාTuesday, 30 November 2021 03:26 PM

ඔක්කෝටම හරියන්න පවුල් පාලනයක් (සහෝදර සමාගමක්) රජ කරන ලෝකේ නම් දරාපු එකම රටත් ලංකාව...

:       1       2

ana Monday, 29 November 2021 09:01 PM

රටේ හැම තැනම ගිහින් වැරදි නිවැරදි කරන්න බැහැ. එයා කරන්න ඕන ඒ සඳහා යාන්ත්‍රණයක් සෑදීමයි.

:       0       0

samayan Monday, 29 November 2021 09:35 PM

ජනාධිපති වෙච්ච ගමන් කරපු මාධ්‍ය සංදර්ශන වලට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ.

:       0       0

Prabha Monday, 29 November 2021 09:49 PM

2015 ලංකාවට ආපු වෙලාවේ වේරහැරෙන් ලංකාවේ බලපත්‍රය අලුත් කර ගන්න ගිහින් දවස් දෙකක් රස්තියාදු වුනා. මොකද මම පගාව දෙන්න විරුද්ධ වුන නිසා,

:       0       0

විපරමා Monday, 29 November 2021 10:03 PM

වැඩිහරියක් ඉන්නේ ජරාව කන අය. ගෑනු කියලා වෙනසක් නැහැ. මෝටර් රත පරික්ෂකවරු ඊට හපන්..

:       0       0

Kamal Tuesday, 30 November 2021 12:09 AM

ෆෝම් එකක් පුරවන්න බුද්ධියක් නැත්නම් කොහොමද වාහනයක් එලවන්නේ

:       0       0

Mahinda Radapaksa Tuesday, 30 November 2021 04:17 AM

කොමසාරිස්වරයා වගකීමෙන් යුතුව කරුණු සොයා බැලිය යුතුයි.

:       0       0

perera Tuesday, 30 November 2021 06:38 AM

හාල් කඩවලට ගියා හාල් මෝල් වැටලුවා හාල් අඩු වුණාද? ඒ වගේ තමයි මෙයාට රටක් පාලනය කරන හැටි තේරෙන්නේ නැහැ. ජනපතියෙක් ඉන්නේ ප්‍රතිපත්ති හදන්න. නියෝග දෙන්න. නැතිව බොරුවට මිනිසුන්ට පේන්න කඩවලට පැනලා, ආයතන වලට පැනලා බොරු තර්ජනයක් දාලා විහිලු කරන්න නෙමෙයි. ලංකාවේ හැමදේම අනාගන්නනේ තියෙන්නේ....

:       0       0

Perera Wednesday, 01 December 2021 01:01 AM

කෝ ප්‍රවාහන ඇමති

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 31 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 52 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 340 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 313 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1421 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 866 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site