IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කරන්නට සූදානම්

(ඩයනා උදයංගනී)

අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජාසන කතාවේදී අලංකාර වචන භාවිතා කළ බව කී අලහප්පෙරුම මහතා මහජන ප්‍රශ්නවලට සංවේදී නම් එය ප්‍රදර්ශනය කළ යුත්තේ වචනවලින් නොව ඉන් ඔබ්බට ගිය ක්‍රියාවෙන් බව ද සඳහන් කළේය.

මහජන පීඩනය හා ආතතිය සමඟ ගණුදෙනු කිරීමේදී සංවේදී වන ලෙස තම කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඉන්ධන පෝලිම්වල 26ක් මියගොස් ඇති තත්වයකදී තුළ මර්දනයේ යන්ත්‍රයක් තුළින් ජනතා පීඩනය යට කළ හැකි බව සිතනවා නම් එසේ සිතන අය ලෝක ඉතිහාසයේ එසේ ක්‍රියා කළ නායකයන්ට අත්වූ ඉරණම ගැන යළි සිතාබැලිය යුතු බව ද ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

මෙම අවස්ථාවේදී මහජන බදු මුදල් ඇමතිවරුන්ගේ වරප්‍රසාද වරදාන ලෙස භාවිතා නොකරන ලෙස තම කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද මන්ත්‍රීවරයා පැවසීය.  

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙහිදී පැවසුවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ අතර සම්මුතියක් ඇතිකරගෙන ජනතාවට යහපතක් වෙන සියලු දේට රජයට සහය ලබාදෙන බවත්, එහිදී ඇමතිධූර හෝ කිසිම තනතුරක් භාරනොගන්නා බවත්ය.

මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය තර නොකර ජනතාවට අවශ්‍ය දේට මූලිකත්වයදීම සඳහා මුදල් වෙන්කළ යුතු අතර, ඇමතිවරුන්ගේ හා රාජ්‍ය ඇමතිවරුන්ගේ සුඛ විහරණය සඳහා ඒ මුදල් යෙදවීම සුදුසු නැතැයි ද මහාචාර්යවරයා පැවසීය. 



අදහස් (17)

ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කරන්නට සූදානම්

Hafeel Friday, 05 August 2022 05:10 PM

එහෙමනම් මෙච්චර කල් හිටියේ ජනතාවගේ පැත්තේ නොවේද? දැන්ද ජනතාව මතක් වුනේ? අනේ මේ ඩලස් 18, 19, 20 වැනි සංශෝධන සේරටම අත උස්සලා, දැන් ජනතාව මතක්වෙලා. ඒ වගේම දැනදැනම රාජපක්ෂලාගේ අසාධාරණවල් සාධාරණය කිරීම සඳහා උපරිම පෙනී සිටිය කෙනෙක් තමයි මේ ඩලස්... තවද රනිල් හරි කියලා මතයේ මම නැහැ. ඔවුන් සේරම එකයි...!

:       28       20

විපරමා Friday, 05 August 2022 11:19 PM

ජනතාවගේ පැත්තේ ඉන්නේ දැන්නේ.කලින් හිටියේ රාජපක්ෂලා ගේ පැත්තේ. මහින්ද චින්තනේ 1, 2 ලියලා දීලා මහින්දයා බලයට ගේන්ඩ සැහෙන වැඩක් කෙරුවා.

:       14       3

janahitha Friday, 05 August 2022 05:11 PM

අර පැත්තේ සිට රජයට උදව් කරන්නට සූදානම්...!

:       20       13

sharm warn Friday, 05 August 2022 05:14 PM

ජනතාව කිව්වේ... මහජනයාද? අපි වගේ සුළු ජනයාද?

:       26       7

Lelwala Friday, 05 August 2022 05:44 PM

ජනධිපති සිහිනය බොඳවෙලාද? කොට මොඩ්ල් ලංකාවට හරි යන්නේ නැත..

:       12       18

SShantha Friday, 05 August 2022 07:29 PM

ජනතාව වෙනුවෙන් වැඩ කරන්න එළියේ සිට ඇමැතිකම් කීපයක් ගන්න..

:       5       9

de silva Friday, 05 August 2022 08:35 PM

අනේ අපි වෙනුවෙන් කරදර වෙන්න එපා. ඔයයොග්ලො සියලුදෙනාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. ඒක ලොකු උදව්වක්.

:       7       3

Bamunuarachchi Saturday, 06 August 2022 06:30 AM

හිටගෙන ඉඳගෙනද ඉස්සරහ පැත්තේද පස්ස පැත්තේද අදාළ නැහැ ආර්ථිකය ගොඩගන්න රජයට උදව්වෙන්න. උදව්වෙන්න බැරිනම් කකුලෙන් අදින්නේ නැතුව ඉන්න.

:       0       14

kamalSaturday, 06 August 2022 10:39 AM

ජනාධිපති ඉන්නේ හොරු රකින්න. රටේ නීතිය ඇස් පනාපිටම අවභාවිතා කරනවා හොරු සහ වහල්ලු රකින්නත්, නිදහස්කාමී ජනතාව භීතියටත්, මර්දනයටත් යටත් කරන්න. බඩජහරි වහල්ලුන්ටත් බේරේ නෙමෙයි, නුවර වැවත් මදි වෙනවා ළඟදීම නාගන්න.

:       0       1

BamunuarachchiSaturday, 06 August 2022 07:16 PM

හිතේ අමාරුවට ඔය මොන බහුබූත දෙඩුවත් රට පාලනය කරන්න දැනට ඉන්න සුදුසුස්සා රනිල්.

:       1       2

Lelwala Saturday, 06 August 2022 07:13 AM

මට නම් පේන්නේ අසූචි තවරා ගත්තු නරියෙක් වගේ. මහජන ආකර්ශණයක් පේනතෙක් මානයක වත් නැත. බයිලා ගැහුවාට...

:       0       1

mp Saturday, 06 August 2022 08:11 AM

මේ ඉන්නේ බහුභූතයින් සෙට් එකක්...

:       0       1

BamunuarachchiSunday, 07 August 2022 07:30 AM

ඔය දැනගෙනද කතා කලේ. ජෙප්පෙක්වගේ නිකන් මිනිසුන්ට අපහාස කරන්න එපා. ජී එල් පීරිස් කියන්නේ නීතිය පිළිඹඳ මහාචාය්ර්ය වරයෙක්. ඔබ කෝප් කමිටුවට සවන් දුන්නාද? කෝප් කමිටුව් මෙහෙය වන්නේ ඩග්ලස්ට වම්පසින් සිටින මහාචාර්ය චරිත හේරත් මහතා. ඒගොල්ලෝ බහුභුතයෝ නොවෙයි. උගත් වැදගත් පුද්ගලයෝ. ඒගොල්ලන්ව සජියගේ, තිස්ස අත්තානයක, ගොඩට දමන්න එපා

:       0       1

Chinthaka Saturday, 06 August 2022 08:36 AM

කතාවට නම් බොහොම දක්ෂයි, නමුත් වැඩ...?

:       0       1

BamunuarachchiSunday, 07 August 2022 06:55 PM

ඔය කිව්වේ අනුර ගැන නේද?

:       0       0

de silva Saturday, 06 August 2022 09:04 AM

අවශ්‍ය නැහැ. ගෙදර යන්න. ඔබලටත් බැහැ, පුළුවන් නම් අද අපට මෙහෙම වෙන්නේ නැහැ.

:       0       2

ශ්‍රියාන් ලංකා Saturday, 06 August 2022 10:46 AM

ඩලස් අලහප්පෙරුම මහතා ඉතා ගෞරවනීය දේශපාලනඥයෙකු ලෙසයි මම සලකන්නේ. මෙතුමාගේ අවංක එමෙන්ම අකර්ශනීය කතා විලාශය මම ඉතාම අගය කරනවා. එහෙත් මෑතකදී සිට මෙතුමාගේ කතා විලාශය තරමක් වෙනස් වී, ක්‍රමයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ආභාෂයක් ලබමින් සිටින බව පෙනෙනවා. එය ඔබතුමාට කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ... එය ඔබගේ පරිහානියට ද හේතුවිය හැකියි. මේ අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය වන්නේ එකතු වී රට වෙනුවෙන් වැඩකරන්නා වූ දේශපාලඥයින්ය. ඒ බව ඔබතුමාද හොඳින්ම දනී.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 282 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 422 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1186 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2628 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1753 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1020 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site