IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඡන්දයකට සූදානම් වන්න

(අංජුල මහික වීරරත්න)

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර,සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වූහ.

 



අදහස් (37)

ඡන්දයකට සූදානම් වන්න

ජගත් ලියනගේ Tuesday, 24 January 2023 08:26 PM

තියනකන් අපිට කිසිම විශ්වාසයක් නැහැ . තිබුණොත් අන්ත පරාජයක් හම්බුවෙන බව දන්නවා . ගියපාර හම්බුඋන ඡන්ද ටික වත් ලැබෙන්නේ නැහැ .

:       19       93

ලසන්ත Wednesday, 25 January 2023 05:40 AM

අවුරුද්දකට කිට්ටු කාලයකට පෙර සිදුවීම් අමතක වෙලා තියෙනවා කියන්න කණගාටුයි. රට අරාජික වුනු වෙලාවෙ මෙතුමා ඉදිරිපත් නොවුනානම් මොනවයින් මොනවා වේද කියලා තේරුම් ගන්න බැහැ. පෝලිම් අවසන් කල නිසා රටේ තිබුන තත්වය මිනිසුන්ට සම්පූර්ණයෙන්ම අමතකයි. එතුමා මාස කීපයක් තුල සිදුකල දේවල් දැකලත් (මෙතුමා මේටික කලේ ලංකාවෙ පුරවැසියකු නොවන බැසිල්ගේ හා සාගත කාරියගේ දැඩිම බලපෑම් යටතේ සිටගෙන බව සාගතගේ පස්සෙ ඔහුට දාන මාලය ගැනීමට ගිය පුද්ගලයාගේ බිරිදට ඇමති කමක් දීමෙන්ම පේනවා නේද ) ඔහොම කියන්නෙ ජනාධිපති සිහිනය දකින කවුරුන් ගැන සිතාගෙනද කියන්න, මම නම් කියන්නෙ පොහොට්ටු කාරයෝ වගේ පාක්ෂිකයන්ට අබමල් රේණුවක තරමින් වත් සෙතක් නොකරන රැකියාවක් නොදෙන මෙතුමාට ඉදිරි අවුරුදු පහත් දුන්නොත් හොදයි කියලා. කවුරු ආවත් හොරුන්ට දඩුවම් දෙනවා කියන්නෙ නැහැ. පේනවා නේද මංත්‍රින් සදහා රක්ෂණය ලක්ෂ දහයක් කරද්දී 225 ම එක පයින්ම හිටියා කිය.ලා එනිසා දැන්වත් අත්හදා බැලීමට නොගොස් සිටියොත් හොදයි කියලා තමයි.

:       75       27

අරවින්ද මොණරවිලWednesday, 25 January 2023 08:33 AM

කවුද රට අරාජික කෙරුවේ අපිද වික්‍රමසිංහ රාජපක්ෂ හවුලද ? මෙයා රට බාර ගත්තේ නැහැ. මෙයාව තෝර ගත්තා. රාජපක්ෂලගේ හා වික්‍රමසිංහලගේ ආරක්ෂා වෙනුවෙන්. මෙයා ප්‍රශ්න විසදුවේ නැහැ. ප්‍රශ්න යට ගැහුවා. එකෙන් රටට සිදුවු සුගතියක් නැහැ, ඉදිරියේදි තවත් රට අගාධයට යනවා හැරෙන්න. රටක් විනාශ කල එවුන් කවදාවත් ඒ රට නැවත ගොඩගත් බවට සාධක නැහැ.

:       15       55

සන්කාWednesday, 25 January 2023 09:42 AM

කපුටු පවුලේ හොරු බලයේ ඉන්නකම් රට ගොඩ එනු බොරු.රටේ සමස්ත ජනතාව දැන් මේක දන්නවා.බඩු මිල හය හත් ගුණයකින් විතර ගණන්, මිනිස්සුන්ට යනඑනමන් නැහැ. කනවා නෙමෙයි ලෙවකනවා. රටට මෙච්චර විපතක් වෙලත්... රජයේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ කෝටි ප්‍රකෝටි ගනම් ටෙන්ඩර් වලින් වංචා සහ දූෂණ. ඡන්දයක් එනකම් ජනතාව බලාගෙන ඉන්නේ.. මේ කම්බ හොරුරැලට පාඩමක් උගන්වන්න. එතැනදී තමයි මේ හොර රැල ඉතිහාසගත පාඩමක් ඉගෙන ගන්නේ...

:       7       26

senaWednesday, 25 January 2023 01:58 PM

ඉතින් රට බාර අරගෙන අහවල් දෙයක්ද කළේ? රාජ්‍ය ත්‍රස්තවාදය ජනගත කළ මිනිස්සු හිරේ දැම්මා. නන්නත්තාර වෙලා ඉඳලා අරගලේ නිසා ජනාධිපති පුටුවට පැනගෙන අරගලේ ඒ අයටම කෙළියා... කන්න දීපු අත හපා කෑවා...

:       3       3

podiekaa Wednesday, 25 January 2023 02:08 PM

රනිල් ඔය තරම් හොදනම්, ඇයි පාර්ලිමෙන්තුවට කරල තියෙන්නෙ .. ? එක්කගෙන යන්නකො ඔහෙලගෙ ගෙදර !

:       2       7

NimalWednesday, 25 January 2023 07:55 AM

දේශපාලකයන් දිනවන ප්‍රාදේශීය මැතිවරණයක් නොව පොදු ජනතාව දිනවන ජාතික මැතිවරණයක් සුදුසු අවස්ථවේදී පැවැත්වීම කලයුතුවේ.

:       0       36

සචින්තWednesday, 25 January 2023 09:55 AM

පළාත් පාලන මැතිවරණය සදහා සහාය නොදෙනවා කියලා මැතිවරණය සදහා සූදානම් වෙන්න කියන්නෙ මහ මැතිවරණය පවත්වනවා කියලා තමයි .කවුරු කවුරුත් එකාවන්ව එක්වී නොසිටියොත් නැවතත් හොරු රැලම එන්න පුළුවන් කියලා හිතෙනවා. බලන්න දැන් ජාජබ ,සජබ පාඨලී වෙල්ගම උතුරු දකුණු සංසධය ෆොන්සේකා පිරිස මයිත්‍රීපාල කල්ලිය ලෙසට විවිධ බෙදීම් නිසා එහෙම නොවෙයි කියන්න බැහැ .අදහස් දීමේදී පාට කණ්නාඩියෙන් බලා දුරදිග නොබැලුවොත් ලොකුම ගැටලු ඇතිවේවි

:       1       13

Nihala Tuesday, 24 January 2023 08:27 PM

මෙයාට ටියුබ් ලයිට් ද කොහෙද.

:       19       49

Sunil Tuesday, 24 January 2023 08:32 PM

කවුරුත් ඡන්දයකට සූදානම් වෙලා ඉන්නේ. අපට බය තිබෙන්නේ සූත්තර පුංචා තවත් කුමක් හෝ ගැටයක් ගසා ඡන්දය කල්දාවිද යන්නයි.

:       21       77

විජිත් Tuesday, 24 January 2023 08:58 PM

සුත්තර පුංචාගේ අන්තිම චන්දය !!! චන්දයෙන් පස්සේ කෙලින්ම බලු කුඩුවට.....ඒ කාලේ මරපු කොල්ලන්ගේ කෙල්ලන්ගේ මුහුණු පෙනෙනවාලු රෑට රෑට .... මේ උඹේ අවසාන දින කිහිපයයි...

:       36       75

Chathuri Tuesday, 24 January 2023 10:06 PM

කුකුලා බිත්තර රැකලා ඉවරද කිකිලිවගෙ මේදාපාරඑලියට එන්නෙ රතුපාට කට්ටිය එලියට.

:       18       54

Kumara Tuesday, 24 January 2023 10:25 PM

අනේ නිකන් යන්න මහත්තයෝ

:       6       12

burampi Tuesday, 24 January 2023 11:34 PM

ඔහේගේ පක්ෂය දැන් අලිය ගිලපු දිවුල් ගෙඩිය වගේ.

:       6       29

thoppiyaa Tuesday, 24 January 2023 11:38 PM

ඡන්දෙ තිබ්බට ප්‍රතිඵල බලන්න වෙන්නේ මාලදිවයිනට වෙලා තමයි.

:       9       30

chandima Wednesday, 25 January 2023 01:52 AM

මිනිස්සු රට ගිහින් එවන සල්ලි වලින් පොඩි ජොලියක් දාන්න වගේ යන්නේ. කාලකනින් රට කෑවා මදිවට තව බාල් නටනවා.

:       10       22

chandima Wednesday, 25 January 2023 01:58 AM

ඇයි IMF එකෙන් ලැබෙන්න යන ණය පෙන්නලා මිනිස්සුන්ගේ ඡන්ද කඩාගන්න වගේ යනනේ.

:       10       19

amila Wednesday, 25 January 2023 03:28 AM

හොර ඡන්ද ටිකක් දාගෙන පින් පඩිය ස්ථිර කරගන්න වගේ යන්නේ.

:       8       18

චන්දසිරිWednesday, 25 January 2023 08:26 AM

අමිල හොර චන්ද දානවා නම් ඡන්ද පොළ නියෝජිතයන් වගකිවයුතුය. ඡන්ද පොළ නියෝජිතයන් ලෙසට යමක් කමක් දන්න ඡන්ද පොළට පැමිණෙන ඡන්ද දායකයින් හදුනන පුද්ගලයින් පමණක් පත්කරන්න. ඔවුන් එතැනට යවන්නෙ ඒවා වලක්වන්න තමයි. එහෙම දෙයක් කරන්න නියෝජිතයන්ට බාධා වෙනවා නම් එතැනින් ඉවත්වෙලා ගිහිල්ලා එදාම පොලිසියේ පැමිණිලි කරන්න. තේරීම්භාර නිළධාරිට හා මැතිවරණ කොමිසමට එදාම පැමිණිලි කරන්න. ජනතාව නැගීසිටින තුරු හොරකම් මැරකම් තක්කඩි කම් නවතන්න බැහැ

:       2       19

chandima Wednesday, 25 January 2023 03:32 AM

මිනිස්සු මුලා කරන්න දෙපැත්තකට වුණු රනිලුයි සජිතුයි ආයෙත් එකතු වෙලා අපිව ගොනාට අන්දන්න යන්නේ? මේ ඊයේ පෙරේදා එකතුවෙලා කුටු කුටු ගෑවේ ඕකට තමයි. වෙන් වෙද්දිත් ඔය විදියටම කුටු කුටු ගෑවා. යාන්තම් හරි තර්ජනයක් වෙයි කයලා හිතපු මෛත්‍රීපාලගෙත් තටු කැපුවා. අංකූරෙක්ම තමයි.

:       10       11

Demuni Uduwara Wednesday, 25 January 2023 04:31 AM

Mr. President, don't misuse Presidential Secretariat for politics !

:       4       14

කිත්සිරි ලියනගම Wednesday, 25 January 2023 05:53 AM

ඔය කියන්නෙ ළගදීම පළාත් පාලන මැතිවරණය නොතියා මහ මැතිවරණය තියනවා කියලා තමයි හිතන්නේ. එනිසා දැනට කණ්ඩායම් රාශියක් (සජබ ,ජාජබ ,පාඨලී වෙල්ගම කල්ලිය , පීරිස්ගේ උතුරු දකුණු කල්ලිය බලයට එන්න සූදානම් නිසා පොහොට්ටුවන්ට වාසියක් වේවි. ඒක සමහර ගම්වල කුස්සියේ තත්වය තේරුම් ගැනීමට බැරි මෝඩ ගෑනුත් පොහොට්ටු ලකුණින් පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලීමෙන් පේනවා. වෙනසක් අවශ්‍ය නම් එකතුවෙලා ආවොත් මිස ජයක් ගන්න අමාරුයි. බෙදීම වැඩිනිසා මහ මැතිවරණය තියනවා වෙන්නත් පුළුවන්.

:       3       15

Kumara Wednesday, 25 January 2023 06:02 AM

දැන් කාලේ ලංවෙලාද කොහෙද.

:       6       12

මරික්කාර් Wednesday, 25 January 2023 06:57 AM

මොන පිස්සුද දැනටමත් මා දන්නා තරමට ඡන්දයක් පවතින්නේ නෑ. අන්තිම තුරුම්බු තවත් තියනවා. එක වැ‍ෙඩ් මම කරන්නම් ඒ වෙනකන් ඡන්දයට ලැස්ති වෙයල්ලා. පොඩ්ඩ්ට ගහගනිල්ලා. මේක තමා ඉහල තියන මාගේ ප්‍රකාශනයේ තේරුම. දන්වත් පැහෙදිලිද. ඡන්දදායකා කියන උඹලා තවමත් මෝඩ හරකුන්නේ කිසි දෙයක් තේරෙන්නේ නැනැ. මම හා මාගේ පක්ෂය සීයට සීයක් දිනුම් එකට කිසි සැකයක්වත් නැත.

:       4       8

Nimesh Wednesday, 25 January 2023 06:59 AM

ඔය උන්දැ ගේ හැටි , උඩින් චන්දෙට ලෑස්ති වගේ පෙන්නලා , යටින් මිනිහගේ බත්බැලයෝ ටික දානව ඡන්දෙ තියන් එක කොහොම හරි වලක්වන්න

:       7       15

Willow Drive Wednesday, 25 January 2023 07:11 AM

හොඳම බේගලය

:       7       14

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 January 2023 07:30 AM

ඡන්දය කල් නොදැම්මත් රජය විසුරුවා හැරීමට ක්‍රියා කරාවිද ?

:       2       9

mp Wednesday, 25 January 2023 08:40 AM

කරන්නේ කියන්නේ දෙකේ පංතියේ ලමයි කරන ආකාරයටයි.

:       3       15

Perera Wednesday, 25 January 2023 09:45 AM

කට පියාගෙන ඉන්න ජනවරමක් නැති පිනාධිපති

:       6       9

jayasekara Wednesday, 25 January 2023 09:48 AM

අපිත් සූදානම් වෙලා ඉන්නේ මේ පාර කට්ටියටම සලකන්න

:       2       13

casmir Wednesday, 25 January 2023 11:20 AM

වික්‍රමසිංහ මහතාට මම ඉතා ඉහළ ගෞරවයක් දක්වමි. සමහර අපිරිසිදු දේශපාලන නායකයින් පාර්ලිමේන්තුව කඩා දමන්නැයි මහජනතාවට කතා කරන නමුත් ඔහු ඉතා ශක්තිමත් වූ අතර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අන්තවාදීන්ට යටත් නොවන බවත් ප්‍රචණ්ඩත්වය පාලනය කරන බවත්ය. ඒ තත්ත්වය තුළ එවැන්නක් ප්‍රකාශ කිරීමට තරම් ශක්තිමත් පෞරුෂයක් ඔහුට ඇත. මම ඔහුට ගරු කරනවා...

:       10       6

PereraWednesday, 25 January 2023 12:52 PM

එහෙනම් මිනිහව ගෙදර අරන් යන්න.

:       4       5

සුනිමල් Wednesday, 25 January 2023 01:41 PM

මම නම් 1977 මැතිවරණ අවස්ථාව පසුවී ලාබාලම අයෙක් ලෙසට ඇමැති තනතුරක් අරගෙන අහංකාර කමින් කටයුතු කළ නිසා ඒ කාලේ සිටම අකමැති කෙනෙක් තමයි... ඒත් පසුගිය වසරේ ඇතිවූ දේවල් නිසා නොබියව ඉදිරිපත් වෙලා පැවැති තත්වයෙන් සුලුම සුලු සහනයක් සැලසීම නිසා යම් තරමකින් ප්‍රසාදයක් ඇතිවුණා...

:       3       3

Dharmatileke Wednesday, 25 January 2023 12:06 PM

ඉදල් ලාබයි ඉදල් ලාබයි .යුනයිටඩ් නැෂනල් පොහොට්ටුවේ අතුගාන දිනය මාර්තු 9 වෙනිදට යෙදී ඇත

:       4       8

banda Wednesday, 25 January 2023 01:09 PM

ඡන්දයක් තිබ්බොත් මාලිමාව අතිවිශාල ජයක් ලබනවා...

:       5       5

janahithaWednesday, 25 January 2023 01:41 PM

සහතික ඇත්ත... නමුත් ජවිපෙ නම සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. පාටද වෙනස්විය යුතුය. පක්ෂයේ අනුශාසකත්වයට පලපුරුදු වංචා, දූෂණ, චෝදනා නැති අයවලුන් පත්කරගත යුතුය. කරු, හර්ෂ ආදීන් සුදුසුය.

:       3       3

fairoos Wednesday, 25 January 2023 01:37 PM

ලෑස්තිවෙන්න... ඉතුරු වෙලා ඉන්න එජාපය ගෙදර යන්න...

:       3       7

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 185 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 31 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 10 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1601 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 328 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1522 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site