(අමිල සම්පත් ශ්‍රී)
ප්‍රමාණවත් පොහොර කෘෂිරසායන හා වගා පාඩුවට වන්දි දෙන ප්‍රමාණය නිශ්චිත වශයෙන් සඳහන් කරන තුරු මහ කන්නයේ වීවගාවෙන් ඉවත් වීමට ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීහු කන්න රැස්වීමේදී තීරණය කළහ.
නොවැම්බර් මස පළමු වැනි දිනට පෙර මෙම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නේ නම් පමණක් වී වගාවට යාහැකි බවට මෙහිදී ගොවි නායකයින් පවසන ලදී.
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් අයි එල් වික්‍රමනායක කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් වීරවිල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවති කන රැස්වීමේදී කාබනික පොහොර සහ ජෛව ක්‍රමවලට පමණක් වල් මර්ධනය කරමින් මෙවර වී වගාව සිදු කර යුතු බවට කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිවිය
පසුගිය කන්නේ පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නිසි පරිදි වී වගාවට යෙදීමට නොලැබීම හේතුවෙන් එම කන්නේ අස්වැන්න සියයට 50 කින් පමණ අඩු වී ඇති බවත් ඒ පිළිබඳව තක්සේරු කිරීමට හෝ කිසිදු නිලධාරියෙක් ක්ෂේත්රයට නොපැමිණි බවත් චෝදනා කළහ.
පාඩුවට වන්දි මුදල් ලබා දෙන බවට රජය වගකිව යුත්තන් මාධ්‍ය ඉදිරිපිට පුරසාරම් දෙඩුවට අද වෙනතුරුත් කිසිදු වන්දි මුදලක් ලබා නොදීම හේතුවෙන් මහා කන්නයේ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව ගොවි සංවිධානයේ සභාපති සාමිත චතුරංග පැවැසීය .
පසුගිය කන්නයේ වී වගාව ආරම්භයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා වගා හානිවලට සහ අඩුවන අස්වැන්න පිලිබද යම් මුදලක් ගෙවන බව මාධ්‍ය ඔස්සේ සඳහන් කළ ද ඒ පිළිබඳ විශ්වාසය තබා අපි එම කන්නේ වී වගාවට යොමු නමුත් පහුගිය කන්නේ වගා හානිය සහ අස්වැන්න අඩු වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වන්දි මුදලක් ලබාදීමට කටයුතු නොකළ බැවින් කෘෂිකර්ම අමාත්‍යවරයා උසාවියට ගෙන ඒමට කටයුතු කරන බව දකුණු ඉවුරේ ගොවි සමිති නායකයෙක් මෙහිදී සඳහන් කළා .
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගොවිතැන් වැනසුණු ලුණුගම්වෙහෙර ගොවීන්ගේ අඳෝනාව - වීඩියෝ
Nuwan Wednesday, 13 October 2021 05:52 PM
ඕක තමයි පාලකයින්ට ඕනෑ වෙලා තියෙන්නේ... පුරන් කුඹුරු පවරාගන්නවා යැයි කියලා ගැසට් ගහන්නේ ඒකයි...!!!
BamunuarachchiThursday, 14 October 2021 07:31 AM
පුරන් කුඹුරු කියලා පවරාගෙන එක්කෝ තවම බලපත්‍ර දීලා නැතිනම් පවරාගෙන උතුරේ ජනතාවට දෙන්න. නැගෙනහිර ගොවියන්ට නොවෙයි.
69lakshaya Thursday, 14 October 2021 05:10 AM
මේ ඔක්කොම කුමන්ත්‍රණ .අපේ ආණ්ඩුව ගැන අපිට හරිම සන්තෝසයි
Bamunuarachchi Thursday, 14 October 2021 07:28 AM
උතුරේ ගොවියනට මේවා ප්‍රශ්න නොවෙයි. උතුරේ ගොවියා කවදද උද්ගෝෂණය කලේ? මොවුන් ජේවීපී ගොවියෝ. උසිගැන්වීම ජේවීපී ය සතුයි.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 14 October 2021 09:48 AM
" ගොවියා රජා ලෙස සැලකුව පෙර කාලේ .. අනේ කිමද? මේ සිදුවුණු නව තාලේ ... රන්බඩු උකස් කොට ගොවිකම කල වේලේ ... ලැබු හෙණ ගෙඩිය සුදුසුද කිවමැන රාළේ ...