IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුවන් යානා රෝදයක එල්ලී නෙදර්ලන්තයට

දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු ගැන අත්අඩංගුවට ගැනීමේ පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

යානය, භාණ්ඩ පටවා ගනිමින් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණ තිබේ. ඒ සඳහා ගත වී ඇති කාලය පැය 11 කි.

අතරමඟදී යානය කෙන්යාවේ නයිරෝබි නුවරට ගොඩබා ඇත්තේ ද භාණ්ඩ බෑම සහ පටවා ගැනීම සදහාය.

පැය 11 ක් වැනි දිගු කාලයක් ගුවන් යානයක රෝදය සහිත කොටසේ කෙනෙකුට යෑම ඉතාමත් අසීරුය. එය මරු කැඳවන්නකි.

ඊට හේතුව, ගුවන් යානය ඉහළින් පියාසර කරද්දී ඇතිවන දැඩි සීතල සහ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙනි.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාව, වයස හෝ ඔහු කුමන රටක වැසියකු ද යන්න හෝ මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත.

නෙදර්ලන්ත පොලිසිය ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් ගුවන් තොටුපොළේ දී එම තැනැත්තා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයට පත් කළ බව පැවැසෙයි.

(බීබීසී)



අදහස් (5)

ගුවන් යානා රෝදයක එල්ලී නෙදර්ලන්තයට

leel gunawardena Tuesday, 25 January 2022 12:47 AM

මේක පුදුම වාසනාවකට බේරී තිබෙනවා, වීරයෙක් බවයි මගේ හැගීම.

:       0       8

Lanka Tuesday, 25 January 2022 12:00 PM

මේ වගේ මනුස්සයෙක්ව හිරේ දානවා නම් ඒ රටේ මොන මානව හිමිකම්ද ?

:       3       9

pakeer Tuesday, 25 January 2022 08:28 PM

මේ මනුස්සයාට මෙහෙම එන්න ලොකු හේතුවක් ඇති. අපිටවුණත් ඉස්සරහට වෙන්නේ මේක තමයි.

:       3       9

අත්තනායක Thursday, 27 January 2022 11:04 AM

රඳවා ගන්න අත්අඩංගුවට ගන්න නෙවේ.., මේ මනුස්සයාට ගිනස් රෙකෝඩ් එකක් දෙන්න ඕනෑ...

:       0       0

ranasinghe Saturday, 29 January 2022 08:07 PM

නෙදර්ලන්තය හොඳ මිනිස්සු ගොඩක් ඉන්න හොඳ රටක්... යුක්තිය ඉටුවනු ඇත..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 663 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2056 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1502 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 853 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2062 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site