IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ගින්න නිවන්න සහය දුන් ඉන්දීය නැවියන් ඇගයීමට

(ඩයනා උදයංගනී)

කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මැයි මස 20 වන දින ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කරගැනීම සඳහා සහය දුන් ඉන්දීය නෞකාවන්හි අණදෙන නිලධාරීන් වෙත ඇගයීම් ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතින් කොළඹ වරාය පරිශ්‍රයේදී ඊයේ (10) සිදුකෙරිණි

ගින්න කළමනාකරණය කිරීමට සහය දුන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වෙත මෙසේ සේවය ඇගයීමේ ලිපි පිරිනැමිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ආපදා තත්වය කළමනාකරණය කරගැනීම සඳහා සහය වන ලෙස නාවික හමුදාපතිවරයා විසින් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වෙබාව්’ සහ ‘වජ්රා’ නෞකාවන් මැයි 25, 26 දිනවලත්, සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් යුත් ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාව මැයි 29 දින ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට පැමිණ ගින්න පාලනය කිරීමේ මෙහෙයුමවලට එක්විය.

ඔවුන් කළ කැපවීම අගය කරමින්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතින් ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාවේ අණදෙන නිලධාරී කේ සිතාරාම්, ‘වජ්රා’ නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති ඇලෙක්ස් තෝමස් යන මහත්වරුන් වෙත මෙලෙස සේවය අගය කිරීමේ ලිපි ප්‍රදානය කෙරිණි.



අදහස් (5)

ගින්න නිවන්න සහය දුන් ඉන්දීය නැවියන් ඇගයීමට

de silva Friday, 11 June 2021 07:42 AM

ගින්න පාලනය කළේ නැහැ... නෞකාව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වෙලා... මුහුදුබත් වුණා. කල් ඇතිවම ඉන්දියාවෙන් ආධාර ඉල්ලුවා නම් මේ විනාශය වෙන්නේ නැහැ.

:       0       6

සෙනෙවිරත්න Friday, 11 June 2021 10:12 AM

ඔය ඇගයීම් ලිපිය පෙන්වලා ලෝකෙ ඕනෑම රටක නැවක් නිවන්න වගකීමක් බාර ගතහැකියි. මේකේදි නැවත් ඉවරයි. ලංකාවේ වෙරළත් ඉවරයි. කැස්බෑවොත් ඉවරයි..

:       7       12

Nuwan Friday, 11 June 2021 11:07 AM

ඔක්කොම ගිනි අරගෙන ඉවරවෙනකම් වතුර දාලා දැන් සම්මානත් ගන්නවද? ඉස්සෙල්ලාම මේ කට්ටියට රසායනික ගින්නක් නිවන හැටි කියලා දෙන්න.

:       0       7

සාරසී Friday, 11 June 2021 01:32 PM

ඔය සම්මාන දෙන්න ඉස්සෙල්ලා මෙහෙන් නැව්වලට නගින නාවිකයන්ට එන්නත දෙන්න. බලන්න.

:       0       1

Nihal Friday, 11 June 2021 03:00 PM

හරිම වටින සම්මානයක් වෙන්න ඕනේ.. නැතිනම් විමල් සහ ගම්මන්පිලයි අත්සන් කරයිද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 32 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 431 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 191 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1230 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 383 0

කාමර කුලියටදීමේ නිතරව සිටි පුද්ගලයකු නිවෙසේ නිදාගෙන සිටියදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු විසින් තියුණු ආයුධයකින් පහරදී අද(16) අලුයම ඝාතනය කර ඇ


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 1015 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site