IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගෑස් රුපියල් 1,257 කින් ඉහළට

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1,257 කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750 ක් බවට පත්වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

මෙම මිල වැඩි වීමට පෙර ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 1,493 ක මිලක පැවතුණි.

ලිට්‍රෝ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1,101 ක් බවට ද, කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දැමීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 520 ක් දක්වා ද, ඉහළ ගියේය.

ලාෆ් ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් ඊයේ රාත්‍රී කළ විමසුමකදී පැවසුවේ එම සමාගම මේ දක්වා නව මිල තීරණය කර නොමැති බවයි.

 



අදහස් (49)

ගෑස් රුපියල් 1,257 කින් ඉහළට

මහසෙන් Sunday, 10 October 2021 11:12 PM

හරිම සනීපයි. හොද එකෙන්ම කරනවා. රෙස්පෙක්ට්.

:       23       111

Sinhele Sunday, 10 October 2021 11:28 PM

මේක ඉතිහාසේයේ යම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් සදහා වූ විශාලතම මිල වැඩිවීමක් විය හැක. මේක මෙතනින් නවතින්නේ නැත.

:       4       117

Raju Sunday, 10 October 2021 11:37 PM

දුකයි නමුත් අපි තෝරාගත් රජය මේ.

:       33       82

දිමුත්Monday, 11 October 2021 09:17 AM

කරුමේ කියන්නෙ අපිත් මේවාට ගෙවන්න එපැයි!

:       1       30

Hafeel Monday, 11 October 2021 12:18 PM

සාපය දැන් අපි විඳින්නේ

:       1       16

WG PitiyaMonday, 11 October 2021 12:28 PM

ලැබූ ජය සාමකාමීව සමරන්න

:       1       16

Sunil Monday, 11 October 2021 01:09 AM

අතිශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල මෙහෙම ඉහල දැමීමක් මීට පෙර වාර්තා වෙලා නැහැ.

:       1       101

ජීව වායු.Monday, 11 October 2021 06:15 AM

ලෝකේ හැමතැනම ගෑස් මිල වැඩි වෙලා, එංගලන්තේ ගත්තත් මිල දෙගුණ වෙලා,. ඉන්දියාවේ ගල් අඟුරු බලාගාර වලට ගල් අඟුරු නැහැ මේ වගේ ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් යුරෝපය, එංගලන්තය ට ලොකු බලපෑමක් වෙලා තියෙනවා . අපිට පුළුවන් , ගෙවල් වල ජීවවායු ජනක හදාගන්න. හැම ආණ්ඩුවක්ම විසින් මිනිස්සු දරවලින් ඈත් කරලා පිටරටින් ගෙන්වන ගෑස් වලින් ජීවත් වෙන්න හදපුවාගේ ප්‍රතිපල මේවා. නගරබද ට ගෑස් අනිවාර්යයය වෙන්න පුළුවන් නමුත් , ගම් වල ,දර හොයාගන්න පුළුවන් ගෙවල් වලත් ගෑස් ලිප් , මේවා අපිට දරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දැන් ලැබෙනවා. ආණ්ඩුව සුද්ද කරනවා නෙවයි ,රටක් විදියට අපිට ඉදිමෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා . පාලකයාගේ සිට ජීවත් වෙන්නේ සිංගප්පුරු ස්ටයිල් එකට ,හැබැයි දස අතේ ණය.

:       33       7

සනත්Monday, 11 October 2021 12:42 PM

දර හොයන්න කැලෑ ටිකත් නෑ සර් ....

:       2       14

අබිලින්Monday, 11 October 2021 01:06 PM

දුප්පතුන්ට දර කෝටුවක් කපාගන්න නුදුන්නාට හිතවතුන්ට අක්කර දහස් ගණනින් දීලා දැන් දර කෝටුවක් ගන්න තැනක් නැහැ.. ජීව වායු හදාගන්න අමුද්‍රව්‍ය නැහැ. හදාගන්න කියලා දෙන කෙනෙකුත් නැහැ...

:       0       11

සමරේ Monday, 11 October 2021 02:14 AM

පොහොට්ටු ලේකම් සහ ලියුම්කරු සාගර කාරියවසම් වෙතයි. ඉන්ධන මිල වැඩි වුණා කියලා ඛනිජ සම්පත් ඇමතිට ඉල්ලා අස් වෙන්න කියලා මාධ්‍ය හරහා ලියුමක් දැම්මා වගේ අත්‍යාවශ්‍යම භාණ්ඩයක් වන ගෑස් සහ අනිකුත් ආහාරවල මිල ඉහළ යනතුරු නිහඬව ඉන්න මුදල් ඇමතිට වහාම ඉල්ලා අස් වෙන්න කියලා මාධ්‍ය හරහා ලියුමක් නිකුත් කරන්න කියලා ඉල්ලා සිටිමි.

:       0       21

සිරිබිරිස් Monday, 11 October 2021 02:44 AM

දැන් සැපද ? මම තමයි හොඳටම කරේ .

:       1       15

Don perera Monday, 11 October 2021 03:03 AM

69ට ජය වේවා. මේ ඔබේ පැතුමයි. කිරිබත් කමු නටමු

:       1       16

දාස Monday, 11 October 2021 04:42 AM

සහන මල්ල අරන් ආපු විරුවා අපේ බඩට නෙලනවා ආයි ගොඩ නොවෙන්න. බත් පැකට් එක රු 300/ විතර වෙයි. ගෑස් එකට එකක් වැඩි වුන නිසා. කිරි බීලා හමාරයි, කෝ ඩොලර් මවන වියත්මගේ ටික.

:       1       16

ranjith Monday, 11 October 2021 05:42 AM

හෙන ගහන අපරාධයක් නේද මේ කොරෝනා උවදුරත් එක්ක කරන්නේ. අහිංසක මිනිස්සු නැති කරන්නද යන්නේ?

:       0       14

Buddika Monday, 11 October 2021 05:46 AM

මේ රටේ ඉතිහාසයේ එක භාණ්ඩයක වැඩිම මිල වැඩි වීමයි මේ. 69 ලක්ෂයට සතුටුද දැන්? අමතරව කිරිපිටි වැඩි වෙලා. සිමෙන්ති හිථූ ගණන් වලට. මිනිස්සුන්ට ජිවත් වීම අභියෝගයක්

:       1       15

buddika Monday, 11 October 2021 05:50 AM

ජනතාව තවදුරටත් අත්‍යවශ්‍ය නොවන බව පැහැදිලියි. පුලුවන්නම් ඉන්න නැත්නම් මැරෙන්න

:       1       15

nalin Monday, 11 October 2021 06:10 AM

මුදල් අච්චුගැහුවට උද්දමනය ඉහල යන්නෙ නෑ කියල කිව්ව නේද? දැන් ගෑස් වැඩිවෙන්නෙ නිකන් 84% කින් වගේනෙ. එකපාර ඔය වගේ ලොකු ගානකින් ගෑස් වැඩිවෙනව කියන්නෙ මිනිස්සු කොහොමද දරාගන්නෙ

:       0       19

කල්පනා Monday, 11 October 2021 06:30 AM

යම පාලනය කියූ යහපාලනය පටන්ගත් 2015 දී රවී ඇමතිවරයා විශාල ලෙස ගෑස් මිල අඩුකර නොතිබුනා නම් අද වනවිට ගෑස් සිලිංඩරය රුපියල් හාරදහසට ආසන්න වෙන්න තිබුනා කොහොමද දැන් සැපද. (බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ )

:       1       25

asanka Monday, 11 October 2021 06:34 AM

අපි වහල්ලුනේ එම නිසා අනිවාර්යෙන්ම ඡන්දය දෙනවා.

:       2       19

Anura Monday, 11 October 2021 06:59 AM

එක්කෝ මේ රාජපක්ෂලාට සහ මේ රජයට අත්‍යවශ්‍ය භාන්ඩ කියන්නේ මොනවද කියල අවබෝදයක් නැහැ , නැත්නම් මිනිස්සු ගැන මෙගොල්ලොන්ට කිසිම තැකීමක් නැහැ , 2015 ට කලින් තිබ්බෙත් මේ වගේ තත්වයක්.

:       1       28

සලීම් Monday, 11 October 2021 07:02 AM

ලංකා දේශපාලන ඉතිහාසයේ අති දුෂිතම රජයක් අතවශ්‍ය භාණ්ඩ වල මිල මෙලෙස ඉහල දැමීම පුදුමයක් නොවන අතර තව ඉදිරියටත් මේ දුෂිත පාලකයන් රටේ මුළු ජන ජිවිතම අන්ත දුගී අසරණ තත්වයට ගෙනගොස් රටේ ජීවත්වෙන්න බැරි තත්වයක් උදාවෙයි.

:       2       27

හත්පොලයා Monday, 11 October 2021 07:12 AM

රැකියා සඳහා යන කාන්තාවන්ටත්, ආපනශාලා හිමියන්ටත් ගැසූ මරු පහරක් කියලා කියන්න පුළුවන්... සියලු ආහාර මිල නොසිතූ ලෙස ඉහළ යාවි. කොරෝනා වලින් මැරුණා වගේ කුසගින්නේ මියයාම් වෙන්න පුළුවන්..

:       0       10

nalin Monday, 11 October 2021 07:13 AM

1257කින් වැඩිවෙලා තියෙන්නේ 12+57 = 69, අයියෝ සල්ලි...!!! මේ ආණ්ඩුවට 69න් මිදෙන්න බැරි හැටියක්, පුදුම ගේම් එකක් 69ට දෙන්නේ...

:       0       9

dhamneth Monday, 11 October 2021 07:15 AM

මතකද 2004දී ගෑස්මිල රුපියල් 35 කින් වැඩි කළාම රුපියල් 600 සිට 635 දක්වා අපි විනෝද වුණා ගෑස් සිලින්ඩරයකුත් අරන් ලිප්ටන් වටරවුමට ඇවිත්...

:       0       8

චන්දන Monday, 11 October 2021 07:40 AM

මුදලාලිලා ට අවශ්‍ය විදියට මිල තීරණය වන නිසා වෙළඳ ආර්ථික කටයුතු ඇමති ධුරය න් වහා අහෝසි කරන්න .

:       0       16

ranjan Monday, 11 October 2021 07:46 AM

දුප්පතුන් සුරා කාලා බිලියන් ගණන් හොරා කාපු උගතෙක් ඉතිහාසේ වාර්තාවෙලා නෑ මෙහෙම.

:       1       25

Rohana Monday, 11 October 2021 07:48 AM

පාරට එකතුවෙමු. රතිඤ්ඤ පත්තුකරමු. ඩාන්ස් කරමින් කිරිබත්කමු. දැන් කට්ටියටම සැපද ?

:       1       28

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Monday, 11 October 2021 07:54 AM

පුද්ගලික අංශයේ හෝ රජයේ සේවය කරන අයට මේක ඉතාම අත්‍යවශ්‍යම භාණ්ඩයක්. රස්සාවකට නොයන කාන්තාවන්ට මේක එතරම් අත්‍යවශ්‍යම නොවෙන්න පුලුවන්. ඒත් වයස්ගත වුනමහ දර ලිප් පත්තුකරකර ඉන්න බැහැ. පක්ෂ භේදයකින් තොරව කථා කලහොත් දැන් නම් සැපම තමයි. යුද්දෙ දිනුවත් මහින්ද මහත්තය ඉන් පසු මැතිවරණයෙන් පරාජය වන බවට මම අනාවැකියත් පල කලා. එහෙම කලේ ගොඩක් අඩුපාඩු දැකල. ප්‍රභාකරන්ට වඩා රටට හානි කර පුද්ගලයින් බොහෝ පිරිසක් මහින්ද මහත්තය ගාව හිටපු නිසා ඒ ඉරණම අත්වුනා. එහෙම කියපු අනාවැකි දැවැන්ත ලිපිලෙස ජනපිය පුවත්පත්වල පවා පලමුනා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් සමාජවාදියොවත්, ධනවාදියොවත්, මාක්ස්වාදියොවත් නොවන බවත් අවස්ථාවාදියො පිරිසක් බවත් මම ඉතා පැහැදිලිව සටහන් කලා. දැන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඊලග මැතිවරණය ඒකාන්තයෙන්ම පරදිනවා. මට නම් ස්ථිර දේශපාලන පක්ෂයක් නැහැ. ඒත් පසුගිය මැතිවරණයේදී ගෝඨාභය මහත්තයට ඡන්දය දුන්නා. නමුත් කණගාටුවෙන් වුනත් කියන්නෙ තියෙන්නෙ අපේ බලාපොරොත්තු කිසිවක් ඉටු වෙලා නැහැ. ඒ නැතත් කමක් නැහැ, එන අය වැයෙන් හරි බඩුමිල සැලකිය යුතු මට්ටමකින් අඩුකරන්න. අසරණ මිනිස්සු ලක්ෂ ගානක් ඉතා දැඩි සේ දුක් විදිනවා.

:       4       25

Saman Monday, 11 October 2021 07:54 AM

භාණ්ඩ වල මිල ඉහළ යන ප්‍රමාණය අනුව දුප්පතෙකුට අද තමන්ගේ අදායමෙන් ජීවත්වීම ඉතාමත් අසීරු වී තිබෙනවා. මීට ප්‍රධානතම හේතුව ලංකාවේ බදු ප්‍රතිපත්තියේ තිබෙන වැරද්දක්. රජය අදායම සොයන්නේ දුප්පතාට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල දමලයි. නමුත් කල යුතු වන්නේ අදායම් මට්ටම් අනුව බදු ගසා අධික අදායම් ලබන අයවරුන්ගෙන් අධිකව බදු ලැබෙන සේ අදායම් බදු ප්‍රතිපත්තිය වෙනස් කර එම බදු මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබා දීමයි.

:       3       23

සංහිද Monday, 11 October 2021 08:26 AM

දැන් ඉතින් කහට එකේ ඉදල ගණන් යනවනෙ.

:       0       18

kamal Monday, 11 October 2021 08:51 AM

උදේ පාන්දරම හොඳ සප්‍රයිස් එකක්. බයියෝ ටිකට හෙන සතුටු ඇති .අසරණ මිනිහා අනාතයි. ඕකත් එක්කම තව සප්‍රයිස් ගොඩාක් එයි. එතකොට තවත් සනීපයි.

:       2       30

Ranja Monday, 11 October 2021 09:00 AM

වැඩ බැරි පාරිභෝගික සේවා ඇමති. මිල වැඩි කරනවා විතරයි.

:       0       21

Lanka Monday, 11 October 2021 09:05 AM

එන්න තාලෙට කියමු අපි… වැඩ කරන අපේ විරුවා…

:       1       26

Dissanayaka Monday, 11 October 2021 09:06 AM

කොම්පැනිකරයො කිව්වේ නම් 1000 කින් වත් වැඩි කරන්න ඕන කියලා හැබැයි රජය කිව්වේ 550 මිල වැඩි කරන්න දෙනවා කියලා. අන්තිමට වැඩිවුනෙ රුපියල් 1257. පිටි මිල රු 10 වැඩි කරන්න කතාව හබැයි 495 තිබ්බ පිටි කිලො 5 පැකට් එකේ මිල 650 උනේ ගියමාසෙ 18 වෙනිදා, මිල ගහලම තියෙනවා. කාවද මේ රවට්ටන්නෙ බොරු සකච්චා පෙන්නගෙන? රජයේ පාලනයෙන් රට ගිලිහිලා... අපෝ නයිදෙ අපිත් උඹට දුන්නනේ ඡන්දෙ, තව සල්ලි අච්චු ගහන්න...

:       0       22

wije Monday, 11 October 2021 09:12 AM

අපි හිතුවේ ගෝඨාභය කොන්දක් තියෙන නායකයෙක් කියලා.

:       0       27

dhan Monday, 11 October 2021 09:15 AM

රට රකින අපේ විරුවා මව්බිමට....

:       0       21

Wimal Monday, 11 October 2021 09:35 AM

කිරිබත් කමුත?? දැන් සැපත??? අපේ හාමුදුරුවනේ ... රබන් ගහමුත....?? ඇමරිකාව රට බෙදුවද?? වඳ කොත්තු රා වඳ පෙති ... ඩොක්ට සාෆි මතකද?? පාස්කු බෝම්බෙ කොහොමද ?? ඊළඟ ඡන්දෙත් දිනවමුද?? රට බේර ගන්න රැවටෙමුද??

:       2       34

සුදන්ත Monday, 11 October 2021 10:14 AM

සෞභාග්‍යයේ දැක්ම. දර ලිපෙන් උයමු.

:       0       22

Dananjaya Monday, 11 October 2021 10:17 AM

අඩු ගානේ මිනිසුන්ට කන්නවත් දෙන්න. නැත්නම් අස්වෙලා යන්න.

:       0       26

Ajith Monday, 11 October 2021 10:49 AM

ගෑස් හැමදාම ගන්නේ නෑනේ. මේ වැඩි වීම ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.

:       25       2

සුදන්තMonday, 11 October 2021 11:19 AM

වතුර බිල් ලයිට් බිල් වැඩි කරමු. හැමදාම ගෙවන්නේ නෑනේ. සියලු වාහන මිල දෙගුණ කරමු. හැමදාම ගන්නේ නෑනේ. බෙහෙත් මිල වැඩි කරමු. හැමදාම ලෙඩ වෙන්නේ නෑනේ. ලොකු බලපෑමක් නෑ.

:       1       24

Sunny Tuesday, 12 October 2021 05:36 PM

ගෙදර උයන්නේ ගෑස් ගේන දවසට විතරද?

:       0       3

Nuwan Monday, 11 October 2021 11:20 AM

කිරිබත් උයන්නේ නැද්ද හන්දියක් හන්දියක් ගානේ.?

:       0       11

Hashan Monday, 11 October 2021 12:26 PM

අපිට අහන්ඩ තියෙන ප්‍රශ්නේ දැන් සැපද?

:       0       8

Bandara Monday, 11 October 2021 12:28 PM

රනිල්ට බැන බැන හිටපු අයට දැන් සනීප ඇති

:       1       10

fairoos Monday, 11 October 2021 12:49 PM

කෝ බයියෝ නැද්ද අදහස් ලියන්න .අපේ අදහස් ඩිස්ලයික් කරන්න විතරක් පුළුවන් වගේ

:       1       7

dasun Monday, 11 October 2021 01:21 PM

ඔයිට වඩා හොඳ නැද්ද පොළේ එළවළු මිල වගේ ඕන ගාණකට විකුණා ගාන කිව්වා නම්...?

:       0       8

Eagel Monday, 11 October 2021 11:38 PM

බැරිනම් යන්න පුළුවන් කෙනෙකුට දීලා. දැන් සැපද.?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 66 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 714 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 388 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 216 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 705 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 679 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site