(තිලකරත්න දිසානායක.)
ගම්පහ සාම මහා විහාරයේ දෙමහල් ආවාස ගෙයි ඊයේ (16) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් දැඩි හානි සිදුව ඇති බව විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි නාහිමියෝ පැවසූහ.
ඊයේ රාත්‍රී 12 ට පමණ ගින්නක් පැතිරෙන බව එහි නිදාසිටි ගිහියෙකු විසින් දැක ඇති අතර ඒ අවස්ථාවේ සැතපී සිටි කුඩා සාමනේර හිමිවරුන්ට කතාකොට එළියට ගත් බවත් පරිවෙනාධිපති ගෝනමැරියාවේ නන්දසිරි හිමියන් ඇතුලු සාමනේර හිමිවරුන් සිටි කාමරවල දොරවල් කඩා එලියට ගත් බවත් ගිහිඅයෙකු පැවසීය.
ගින්න හේතුවෙන් පිරිවෙන් හිමිවරුන්ගේ පොත්පත් ඇතුලු බොහෝ දේ විනාශවී ඇති ආකාරයක් දක්නට ලැබුනි. ඊයේ රාත්‍රී ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපවත්වා ඇතත් උදෑසන වන විටත් තැනින් තැන ගිනි ඇවිලෙමින් තිබිණි.
ගින්න ඇතිවීමට හේතුව පැවති වර්ෂාව සමග විදුලි කාන්දුවක් විය හැකි බව විහාරාධිපති හිමියන් පැවසු අතර සිදුව ඇති හානිය විශාල බවද කීහ.
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධී
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගම්පහ සාම විහාරයේ ආවාස ගෙට ගින්නකින් හානි