IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා ව්‍යාප්තියෙන් ලංකාව ඉන්දියාව පරදයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව එහි උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා කියයි..

රටේ සංචරණ සීමා පනවා ඇති බව කීවත් මාර්ගවල පවතින තත්වය අනුව එවැන්නක් නොපෙනෙන බව කී වෛද්‍යවරයා සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයැයි ද සඳහන් කළේය.

වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් මියයන බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යන බව වෛද්‍යවරයා කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49, කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බව නවීන් සොයිසා මහතා කියයි.

ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් එක හමාර ගුණයකටත් වඩා වැඩි බව පෙන්වා දුන්නේය.

මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මහතා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මකද යන්න ගැටලුවක් බව සඳහන් කළේය.

එන්නත්කරණයේදී වූ අක්‍රමිතතාවන් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා ගැන තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබියදීත් තීන්දුවක් ගෙන නැතැයි කී වෛද්‍යවරයා ජනාධිපතිවරයාගේ තීන්දු ක්‍රියාත්මක නොකරන අයෙක් ඉන්නවාදැයි යන්න ගැටලුවක් බවද කීවේය.

වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවද නවීන් සොයිසා මහතා සඳහන් කළේය.

 



අදහස් (16)

කොරෝනා ව්‍යාප්තියෙන් ලංකාව ඉන්දියාව පරදයි

susantha Thursday, 10 June 2021 04:52 PM

අපි තමයි හොඳටම කළේ...!!! 

:       0       2

SL Thursday, 10 June 2021 04:59 PM

කමක් නැහැ... මන්ත්‍රීලාට වාහන 225ක් එනවා. කොරෝනා හැදිලා මැරුණත් දුක නැහැ.

:       0       2

S.K.Sirisena Thursday, 10 June 2021 05:10 PM

හරිනේ ඉතින් ඒකනේ කිව්වේ... අපි තමයි හොඳටම කළේ කියලා..!!!

:       0       1

fairoos Thursday, 10 June 2021 06:10 PM

හා ඒකද එහෙනම් 14 වැනිදා සංචරණ සීමා ඉවත් කරනවා කියන්නේ?

:       0       1

සිරිබිරිස් Thursday, 10 June 2021 06:35 PM

ඒ වුණාට අපි නේද හොඳටම කරේ ?

:       0       0

Rakitha Thursday, 10 June 2021 06:51 PM

ඉන්දියාවල ඔය මරණ තුන්ගුණයක් කියලා මීඩියා වල කියන්නේ... ගොඩක් මිනී ගංගාවල පාවෙනවා. මුඩුක්කුවල මැරෙන ගාණ කියන්න බැහැ. ඔය විදිහට දිල්ලි වල කීයක් ඇතිද?

:       1       3

තෙන්නකෝන් Thursday, 10 June 2021 11:42 PM

මෙම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව ප්‍රස්ථාර සහිත විස්රා‌තත්මක ලිපියක් මම එසැණ පුවත් වෙත ඊයේ ඊ-මේල් කළා.

:       0       0

Sri Lanka Thursday, 10 June 2021 11:48 PM

බොරුවට මිනිස්සුන්ව කුලප්පු කරලා තමන්ගේ ගොඩ වඩාගන්න එපා. ලංකාවේ දිනකට මැරිලා තියෙන්නේ 2යි.. ඔයිටවඩා මදුරුවෝ කාලා මැරෙනවා දවසකට.. කොරෝනා වවන් කන්න එපා.

:       2       3

sriyani pathirana Friday, 11 June 2021 05:59 AM

ඔය ගොල්ලොත් කතාව පැත්තකින් තියලා ක්ෂේත්‍රයට ගිහිල්ලා වැඩ කරන්නකෝ...!!!

:       14       52

ගලිවර් Friday, 11 June 2021 07:58 AM

මේ ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින් වැඩ වර්ජන කරපු මිනීමරු යූනියන් කාරයින් ගහන බයිලා දාන්නේ නැතුව දෙවිවරු වගේ දොස්තර කෙනෙකුගේ ඇත්ත කතාවක් දාන්නකෝ... මේ අය කියන්නේම රට පච කියලා ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නවා. තවමත් අපිව අන්දන්න හදන සොයිසලාගේ පච පිළිගන්න අපි ලෑස්ති නෑ.

:       6       158

sriyani pathirana Friday, 11 June 2021 08:18 AM

වෛද්‍යවරුනුත් බැහැලා වැඩ කරන්නකෝ. බොහෝ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ට කිට්ටු වෙන්නේවත් නැහැ.

:       7       110

pakeer Friday, 11 June 2021 12:01 PM

ලෙඩේ ව්‍යාප්තිය අඩුකරන්නේ බෙහෙත්වලින් නොවේ. බෝවීම තුළින්.. ඒකට දොස්තරලා මොනවා කරන්නද? ආණ්ඩුව වගේ ගොන් කතා කියන්න එපා...

:       5       54

බද්රානි Friday, 11 June 2021 02:18 PM

ඔය මාෆියා කල්ලි වල සංඛ්‍යා ලේඛන අපිට වැදගත් නැහැ. රජය හා සැබෑ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ශේත්රයේ සියලුම සේවකයින් ඔවුන්ට හැකි උපරිමයෙන් කටයුතු කරනවා. ජනතාව මීට වඩා වගකීමෙන් කටයුතු යුතුයි. මේ වෙද මාෆියා කල්ලියට අවශ්‍යවී ඇත්තේ කොවිඩ් එන්නතත් පෞද්ගලික රෝහල් අංශයට ලබා ගැනීමේ අරමුණ වෙන්න ඇති. සෞඛ්‍යය දියුණු කරන්න නම් මේ මාෆියා නඩය සෞඛ්‍ය ක්ෂේත්‍රෙයන් තුරන් කල යුතුයි. අපි මැරුණත් මාෆියා කල්ලිවල පිහිට අපිට අවශ්‍ය නැත.

:       88       105

Rata Perata Friday, 11 June 2021 10:28 PM

වෙන්න බෑ. ඒ කියන්නේ සර් නෙමෙයිද රටේ ලොක්කා..?

:       0       0

sami Saturday, 12 June 2021 06:00 AM

දැන්වත් කයිවාරු නැතිව විද්‍යානුකූල උපායමාර්ගවලින් මේ වසංගතය පාලනය කරන්න.. බලන්න දැන් ඉන්දියාවත් පාස් කරලාලු... හොඳ වාර්තාවක්ද?

:       0       0

Sugathadasa Rajapakse Monday, 14 June 2021 01:33 PM

බහුවිධ විචල්‍යයන් ඇති සංඛ්‍යාන දත්ත විශ්ලේෂණ සරල ගණිතමය ගණනය කිරීමක් සමඟ සැසඳිය නොහැක. නමුත් ඊට වඩා ඇල්ගොරිතම ගණනය කිරීමක් අවශ්‍ය වේ. ඔබට ඇපල් හා මිදි සංසන්දනය කළ නොහැක. එසේම ඔබ සමාන හා සමාන නොව සැසඳිය යුතුය. මේ ලෝකයේ සෑම දෙයකටම සියලු මිනිසුන් හොඳ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 364 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 301 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 329 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 196 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 628 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1065 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site