IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොපමණ කුසගිනි දැණුනත් සිංහයෝ තණකොළ නොබුදිති

(සුජිත් හේවාජුලිගේ )

මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ  හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි  කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ  පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ආනන්ද හිමියන්  අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්
අප කළ විමසුමකදීය.

තමන් වහන්සේ  අතින් උපාධි සහතිකය   බාර ගැනීම හෝ  ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද  ආනන්ද හිමියෝ සඳහන් කළහ.

කෙසේ වෙතත්  ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත්  අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ කීහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  පසුගිය 17 18 සහ 19 (පෙරේදා) පැවැත්වුණු අතර  මේ සිද්ධිය ඇතිවූයේ එහි එක් අවස්ථාවකදීය.



අදහස් (28)

කොපමණ කුසගිනි දැණුනත් සිංහයෝ තණකොළ නොබුදිති

Nihal Tuesday, 21 December 2021 07:17 AM

හොඳ සිංහයෝ තමාට කෑමට සුදුසු නැති දේ ප්‍රතික්ෂේප කරති.

:       0       0

තළගල Tuesday, 21 December 2021 07:37 AM

ඒකනේ අර දරුවො තමුන් අතින් උපාධි සහතික ගත්තෙ නැත්තෙ

:       0       0

Wasantha Tuesday, 21 December 2021 08:21 AM

පුන්නක්කු කාලා පුරුදු අයට තණකොළ කන්න බෑ තමයි. මෙයාලාට නොමිලේ ඔක්කෝම ලැබෙන නිසා හොඳයි...

:       0       0

thilak Tuesday, 21 December 2021 08:27 AM

සම්පූර්ණ ඇත්ත. එ්කනේ අපි කාගෙන් හරි ණයක් ඉල්ලන්න යන්නෙත් බෙන්ස් කාර් එකේ...!!!

:       0       0

අසංග Tuesday, 21 December 2021 08:39 AM

සිංහයෝ නම් තණකොළ නොබුදිති. නමුත් තව නොබෝ දිනකින් සිංහලයාට නම් තණකොළ කන්න වෙන බව ඒකාන්තයෙන්ම දනිමි...

:       0       0

Bunny Preena Tuesday, 21 December 2021 09:29 AM

උරුලෑවා රත්තරන්වලින් පිරෙව්වත් උගේ ගඳ නැතිවෙන්නේ නැහැ...

:       0       0

ravin Tuesday, 21 December 2021 10:04 AM

හරියට හරි ,ඒ වගේම උගතුන්ගේ බුද්ධිය හා දැනුම ලෙවකන්නන් විසින් පහත දැමීමද සිංහයින්ට තණකොළ කෑමට පුරුදු කරනවා වගේ වැඩකි

:       0       0

ලුම්බිණි Tuesday, 21 December 2021 10:08 AM

සිංහයෝ තණකොළ නොකැවට තණකොළ කන අතරේ තමන් සිංහයෙක් කියල හිතාගෙන සමහරක් ඉන්න එකනේ පුදුමේ අපේ හාමුදුරුවනේ.

:       0       0

ජයන්ත Tuesday, 21 December 2021 10:41 AM

‘‘නාහං, භික්ඛවෙ, සංඝාටිකස්ස සංඝාටිධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි" “මහණෙනි, සඟළ සිවුරු දරන්නහුගේ සඟළ සිව්රු දැරීම් පමණින් ශ්‍රමණ වේයයි මම නොකියමි" මජ්ඣිම නිකාය - චූල අස්සපුර සූත්‍රය

:       0       0

Sam Tuesday, 21 December 2021 10:42 AM

කොහෙද දැන් සිංහයෝ ඉන්නේ .හැම තැනම ඉන්නේ නරි නේ

:       0       0

සෝම Tuesday, 21 December 2021 10:51 AM

අයිතිය කෙසේ වෙතත් වැඩිහිටියෙක් වශයෙන් මේ ළමයින්ගෙ හැසිරීම ගැන සතුටුවෙන්න බැහැ. මෙයට වඩා ප්‍රතික්ෂේප කළයුතු බොහොමයක් දේවල් මේ රටේ තියෙනව.

:       0       0

Bishan Tuesday, 21 December 2021 11:01 AM

ඔහොම කියාගෙන ආපු වැඩකරන අපේ විරුවාත් දැන් නොන්ජල් ගානට වැටිලයි ඉන්නේ.

:       0       0

Praba Tuesday, 21 December 2021 12:05 PM

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ටද සිංහයින් කියලා කිව්වේ? සහතික ඇත්ත...

:       0       0

pradeep Tuesday, 21 December 2021 12:28 PM

ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩියෙන් ලොකුලු,විශ්ව විද්‍යාල වැනි වැදගත් ස්ථාන වලට දේශපාලන හෙන්චයියන් පත් කිරීම ඉතාම පිළිකුල් සහගතයි

:       6       143

LakmaliTuesday, 21 December 2021 03:34 PM

කුලපති, උප සභාපති තනතුරු පමණක් නොව අපේ විශ්වවිද්‍යාලවල දේශපාලන පත්වීම් ද වේ.

:       0       0

ajithTuesday, 21 December 2021 07:37 PM

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 17 18 සහ 19 (පෙරේදා) පැවැත්වුණු අතර මේ සිද්ධිය ඇතිවූයේ එහි එක් අවස්ථාවකදීය. අන් සියලු අවස්ත්වන්හිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය ලබ ගෙන ඇත. මෙම සිසුන් කිහිප දනෙකු කල ක්‍රියාව අගය කලයුතු ක්‍රියාවක් නොවේ. මේ ම සිසුන් ඔවුන්ගේ ජිවිතයේ ඉතාමත්ම වැදගත් අවස්තවකදී මාධ්‍ය ඉදිරියේ හැසිරීම සහ උපාධිය ලබාගැනීමේදී ලබාගන්න ජයරුපය පවා පසුවට දැකීමෙන් ඔවුන්ගේ හැසිරීම පිලිබදව ඔවුන්ම කණගාටු වනවා නොඅනුමානය. කවුරුන් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ සිටියද, කවුරුන් අතින් උපාධි සහතිකය ලබාදුන්නද කොළඹ විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය ලද මොවුන් සුළු මොහොතකින් බුද්දිමත් පිරිසක් නොවන බව රටටම පෙන්වන ලදී.

:       14       4

නිරීක්ෂකයාTuesday, 21 December 2021 09:29 PM

උන්වහන්සේගේ උපමාවට වඩා මේ උපමාව වඩාත් උචිතයි

:       0       6

fairoos Tuesday, 21 December 2021 12:43 PM

සර් ටත් කවදා හරි ඕකම තමයි වෙන්නේ

:       8       109

සුජීව Tuesday, 21 December 2021 12:44 PM

බල්ලොනම් තනකොලයි පුන්නක්කුයි විතරක් නෙමෙයි අසූචිත් බුදිනවා අපි දැකලා තියෙනවා.

:       5       100

බද්රානි Tuesday, 21 December 2021 12:46 PM

ලොම් හැලිච්ච සමහර නරිත් හිතාගෙන ඉන්නේ උන් සිංහයෝ කියලනේ, අන්න ඒකයි අපට තියන ගැටලුව. මොනා උනත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ගෞරවය රැකපු ඒ උගත් නිර්භීත සිසුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය!!

:       7       127

Bunny Preena Tuesday, 21 December 2021 03:56 PM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

:       1       2

de silva Tuesday, 21 December 2021 04:15 PM

සිංහයෝ නැති උනාට සමහර අය තනතුරක් දුන්නම ඕනෑම දෙයක් කරනවා.

:       0       3

Ran Tuesday, 21 December 2021 04:16 PM

ඒ ඉතින් සිංහයෝනේ. සිංහයෝ කියල හිතාගෙන ඉන්න මී හරක් කන්නෙම තණකොළමනේ. වැඩේ හරිහැටි තෙරුන් ගිහින් නැතුවා වගෙයි පෙනෙන්නේ.

:       0       3

පිටිගල මිලානෝ Tuesday, 21 December 2021 04:29 PM

අපගේ රට බේරාගන්නට කැලණි නයාගේ ආශීර්වාදයෙන් පැමිනි දියසෙන් කුමාරයා සුදුස්සාට සුදුසු තැන දීම මෙයින්ම පෙනීයයි.

:       1       3

Prabha Tuesday, 21 December 2021 05:34 PM

දේශපාලන වසුරුවලට වඩා තණකොල හොදයි

:       0       3

ranjith Tuesday, 21 December 2021 09:27 PM

මේ අදහස් ටික බැලුවානම් කාට කාටත් හොඳයි මම හිතන්නේ.

:       0       2

මොට්ටපාල Wednesday, 22 December 2021 08:21 AM

පැරණි කියමනක් තිබුනා කුසගිනි තිබුනට ඉදුල් නොකව් කියලා

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 157 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 375 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 68 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 65 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 627 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site