IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කිරිපිටි-තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළට

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම භාණ්ඩ තුනේ ජාත්‍යන්තර වෙලෙඳපොලේ මිල වැඩි වීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කර තිබියදී ඒ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කළ බව පැවසූ එම නිලධාරියා පාරිභෝගික අධිකාරියේ අදාල මිල කමිටු ඒ පිළිබඳව වර්තමාන තත්වයට අනුරූපීව ගණනය කිරීම් කර ඇති ආකාරයට ඉදිරියේදී ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතියක් ගෙන නව මිල ගණන් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටු සහ එහි මණ්ඩලය මෙම භාණ්ඩ තුන පිළිබඳව කළ අධ්‍යනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් කිරිපිටි කිලෝවක වර්තමාන මිල රුපියල් 940 ක් තීරණය කරන අවස්ථාවේදී ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරිපිටි මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 3,070 ක් වුවද වර්තමානය වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් ඒකක් ඩොලර් 3,700 ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

 

 

 



අදහස් (33)

කිරිපිටි-තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළට

අදිරියන් අප්පු Sunday, 19 September 2021 05:09 PM

1970 ත් 1977 ත් අතර කාලයේ හාල් පොලු මිරිස් පොලු දමා ආහාර ප්‍රවාහණය තහනම් කලා. අගහරුවාදාටත් සිකුරාදාටත් බත් කෑම සම්පූර්නයෙන් තහනම් කලා. පාන් බාගයක් ගන්න උදේ හතරේ සිට ලුනු මිරිස් කාඩ් එකත් අරගෙන බේකරි ළග පෝලිම්වල රැක සිටියා.

:       7       80

sunilSunday, 19 September 2021 07:20 PM

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවෙලා සිටියානම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න දෙන්නේ නැත. සජිත් කියන්නේ නියම වැඩකාරයෙක්. එක්සත් ජාතික පක්ෂයෙන් ගියේ රට ගැන සිතලා. සජිත් ප්‍රේමදාස 2024 ජනපති කරමු.

:       62       64

යෝගා Sunday, 19 September 2021 07:48 PM

අනෙක් ඒවා කෙසේ වෙතත් හිනා කාලා මැරෙන්න පුළුවන්

:       27       19

චන්දනSunday, 19 September 2021 08:23 PM

සිරිසේනත් මීට වඩා දහස් වාරයක් හොඳයි. දැන් මේක අයාලේ යන රටක්

:       3       51

SaleemMonday, 20 September 2021 11:19 AM

ඔයාගේ කතාව ඇත්ත වෙනවා... මොකද පහුගිය ජනාධිපතිවරණයේදී දිනපු කෙනා 69 ලක්ෂයක් ගන්නකොට සජිත් මහතා 56 ලක්ෂයක් ගත්තා.. මාස 2ක අලුත් පක්ෂයක් හදලා. ඔයාගේ කතාව ඇත්ත වෙනවා. අද වෙනකොට ආණ්ඩුව අන්ත පිරිහිලා තියෙනකොට සජිත් මහත්තයාට දිනන එක ඉතාම පහසුයි. අනික විපක්ෂනායක තුමා මුල ඉඳන්ම කොරෝනා ගැන පාර්ලිමේන්තුවේ කියපු දේවල් මහන්තත්වකමට ආණ්ඩුව පිළිනොගත්තාට පසුව රටේ මිනිස්සුත් කිව්වා ඒ කියපු දේවල් ඇත්ත කියලා. කාටත් ඇහුන්කම් දෙන නිහතමානිකම නිසා ඔබට දිනුම නියතයි...

:       4       11

AsangaTuesday, 21 September 2021 11:02 AM

අනේ ඔව්නේ... අපි දැක්කනේ යහපාලනයේදී එයා පෙන්නපු වැඩකිඩ ටික.. තනි ඇහැට ඇඬෙනවා.

:       4       1

samanMonday, 20 September 2021 06:49 AM

කෝ දැන් බැසිල් තුමා ආපු ගමන් බඩු මිල පහත දමයි කියපු අය.

:       2       9

fairoos Sunday, 19 September 2021 05:34 PM

ඒකට කමක් නැ ඉනන හිටිනන තැනක් තියනවනේ

:       1       5

ranjan Sunday, 19 September 2021 06:27 PM

දුප්පත් මිනිස්සුන්ගේ බඩගින්න කියන එක තුට්ටුවටවත් මායිම් නොකරන ආණ්ඩුවක්

:       8       75

පිටිගල මිලානෝ Sunday, 19 September 2021 06:27 PM

ගමේ හිටිය මිනිස්සු ඔක්කොම තවම ඉන්නවද කියල හොයල බැලුවද?

:       1       57

amila Sunday, 19 September 2021 06:36 PM

රට ඉවරයි .පුළුවන් අය ඉකමනින් වෙන රටවල් වලට පැන ගන්න .ඊට පස්සේ අනිත් අයටත් උදව් කරන්න ලංකාවෙන් පැන ගන්න

:       6       79

සිල්වා Sunday, 19 September 2021 08:57 PM

ඔහොම රට දාල ගියොත් අපේ රට වෙන කවුරු හරි අයිතිකර ගනීවි.

:       17       17

Demuni Uduwara Monday, 20 September 2021 12:58 AM

දැනටමත් චීන ජනපදයක්!

:       2       8

Bishan Sunday, 19 September 2021 06:38 PM

සෞබගයේ දැක්ම.

:       2       68

Sk Sunday, 19 September 2021 07:33 PM

ඔක්කොම ඉහලට යනවා .අපි දවසින් දවස පහලට යනවා

:       3       62

Weerawansa Sunday, 19 September 2021 08:19 PM

හොඳ දෙයක් මන්දපෝෂණය නිසා ජනගහනය අඩු වෙනවා

:       2       23

prem Sunday, 19 September 2021 08:34 PM

කිසිම හිතක් පපුවක් නැ මේ අයට. දරුවෙක්ට කිරි ටිකක් දෙන්නේ කොහොමද? යන්තමට හරි ගෙයක් හදාගන්නේ කොහොමද?

:       2       30

Sriland Sunday, 19 September 2021 08:49 PM

එන්නත් දුන්නේ නොමිලේ කියල හිතුව නේද? දැන් සැපද?

:       0       32

Appuhami Sunday, 19 September 2021 08:52 PM

දැන්නම් ලංකාවෙන් යන එකම තමයි හොඳ.

:       2       27

Hafeel Sunday, 19 September 2021 08:55 PM

දැන් වෙනස සැපද?

:       2       31

Siri Perera Sunday, 19 September 2021 09:06 PM

දැන් සැපද?

:       2       24

sampath Sunday, 19 September 2021 09:09 PM

සිමෙන්ති වලට 80%ක් මැටි 16% හුණුගල් ඉතිරි 4% ජිප්සම් ලුණු ලේවායෙන් හැදෙන අතුරු පලයක්. අපේ රටේ සිමෙන්ති හදලා රට යවන්නත් පුලුවන්. එහෙව් එකේ සිමෙන්ති රටින් ගේන්නේ මොකටද?

:       3       22

kapila Sunday, 19 September 2021 10:29 PM

කිරිපිටි පාන්පිටි මිල ඉහළයාමට බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ සම්බන්ධයක් නෑ. මේ සේරම කලේ අර අලගියවන්න ඇමතිතුමා. බන්දුල ඇමතිතුමා කවදත් මහජනයාගේ පැත්තෙ. රු. 2,500 කින් ජීවත් කරවපු වෙන ඇමතිවරයෙක් මේ ලෝකේ ඉන්නවද?

:       3       25

samantha peiris Sunday, 19 September 2021 10:29 PM

මේක මාර රටක්නේ අපි ඉන්නේ පිටරට මේරටවලත් කොරෝනා උපරිමයෙන් තිබුනා තවටත් තියනවා නමුත් කනබොන දේවල් කිසිවක් වැඩි වේන්නේ නැහැ ලංකාව පාලනය කරන අය තමා වැඩිකරන්නේ. පවු අහිංසක මිනිස්සු.

:       1       36

don perera Monday, 20 September 2021 12:13 AM

ජය වේවා 69ට, තව මදි.

:       3       35

Don Monday, 20 September 2021 12:43 AM

එක පාරටම දැන් අවුරුද්දක විතර ඉදල රටේ හොරු වැඩි වෙලා. අපේ ගමේ ගෙවල් ගොඩකට හොරු පැන්නා. මේ වෙනකන් වත්තට තාප්ප ඕන වුනේ නැහැ. නමුත් හොරුන්ගේ ප්‍රශ්නය උග්‍ර හින්දා තාප්පයක් ගහන්න හිතුවා විතරයි මෙන්න සිමෙන්ති ගණන් යනවලු.

:       1       30

Demuni Uduwara Monday, 20 September 2021 01:03 AM

ඕනෑම අවස්ථාවක ඔවුන් සංක්‍රමණය වීමට ඇත්තෙන්ම සූදානම් ය. ශ්‍රී ලංකාවේ වම් අත; එක්සත් ජනපදයේ දකුණු අත!

:       1       4

Srin Monday, 20 September 2021 01:43 AM

නියමයි, ඉල්ලන් කෑම.

:       1       5

sam Monday, 20 September 2021 10:25 AM

මේකත් ගේමක් කියලා ඉහල නිලධාරියෙක් ඊයේ සාකච්ඡාවකදී කිව්වේ.

:       1       5

ගමේ එකාලා Monday, 20 September 2021 04:50 PM

දුප්පත් මිනිසුන්ට කිසි සහනයක් නැ

:       1       2

පියසේන Monday, 20 September 2021 06:07 PM

කුම්බලා කටු කෑවා නම් දුකවිඳපන් බළලෝ කිව්වලු...

:       1       6

ගුණසේකර Thursday, 23 September 2021 11:49 PM

ආණ්ඩු විපක්ෂ කියල භේදයක් ජනතාවට පෙන්නුවට එහෙම දෙයක් මේ අය අතර නෑ. දෙපැත්තම හොරු රකින්නෙ ඒකයි.

:       0       0

Ninja Wijerathne Monday, 27 September 2021 05:43 AM

කාලා හමාරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 11 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 132 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 707 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 1085 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 933 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 155 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site