IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කැලෑ පාළුවෝ හේන් කොටන මුවාවෙන් කතරගම වන රක්ෂිත වනසති

(කේ.ඩී.දේවප්‍රිය)

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන වනාන්තර කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කරන බව කතරගම ජනතාව පවසති.

හේන් හෙළි කරන මුවාවෙන් මෙම  මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු නිලධාරින් කිසිදු පියවරක් ගෙන නැතැයි ද නගර වාසීහු චෝදනා කරති.

දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කදසුරිදුගම, කරවීලේ, ලුණුගම් වෙහෙර රක්ෂීතසීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම්සීමාව, සිතුල්පව්ව වන සීමාව,තම්මැන්නාව රක්ෂීත වැව් පද්ධතියන් ඇතළු ප්‍රදේශයේ වටිනා වන සම්පත් මහා පරිමාණයෙන් වනසමින් ඉඩම් ඇල්ලීම සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති.

කැලැ එළිකරන පිරිස් අතර ආරක්ෂ අංශ,රාජ්‍ය නිළධාරින්, ප්‍රදේශීය දේශපාලඥයින් හා ව්‍යාපාරිකයන් ද සිටින බව දැනගන්නට ඇත.

මේ වනවිටත් අක්කර 500 කට වැඩි රක්ෂිතය මෙන්ම වැව් ආරක්ෂීත පද්ධති. ඇලවේලි රක්ෂීත පද්ධති. ඇතුලු කතරගම ලුණුගම්වෙහෙර. යාල වන උද්‍යානය ආශ්‍රීත වනයන් මේ වනවිටත් විවිධ පුද්ගලයන් විනාශයට පත් කර තිබේ.

 

 

 



අදහස් (8)

කැලෑ පාළුවෝ හේන් කොටන මුවාවෙන් කතරගම වන රක්ෂිත වනසති

Anura Friday, 27 August 2021 10:30 AM

ලොක්කා ගිහින් කිව්වනේ වගා කරන අයට බාදා කරන්න එපා කියලා

:       1       10

සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 August 2021 11:04 AM

කොහොමද කටේ වාදම නම් .. අපි සොබාදහම රැකීමට, ප්‍රතිඥා දී තිබෙනවා.අපි පරිසරය,වනාන්තර ආරක්ෂා කරනවා.අපි තමයි හොඳටම කරන්නේ.ඒ වුනාට ගෝල බාලයන්ගේ වැඩ කිඩ කොහොමද ? අම්මපා කියලා වැඩක් නැහැ. " වනන්තරේ එළිකොට සැම ගස් කපමූ .. වටිනා කඳන් දී මෝලට මුදල් ගමු .. ඉතිරි සියලු දේ ගිනි දෙවියට පුදකරමූ .. සිව්පා සතුන් සැම අල්ලා මස්කරමූ .."

:       0       17

පූජා.Friday, 27 August 2021 01:58 PM

මොකක්ද සමිත... මේ උන්මන්තකයින්ට වැහිලා තියෙන පිස්සුව? පරිසරය ඉවක් බවක් නැතුව විනාශ කරන්නේ වන සතුන්ගෙන් හරියට පලිගන්නවා වගේනේ... දෙවියනේ, මේ අසරණයින් කොහේ කියලා ගිහින් සැඟවෙන්නද? පරිසර ඇමති කියලා එක්කෙනෙක් ඉන්නවා නේද? වනජීවී නිලධාරින් මෙච්චර විනාශයක් වෙනකම් මොනවාද කලේ? "මුව පොව්වනි" නුඹලා ගැන කණගාටු වෙනවා හැරෙන්නට අපි වෙන මොනවා කරන්නද? කතරගම දෙවියන්ටවත් මේ අපරාධ කරන අය නොපෙනෙන හැටි?...

:       0       9

සමිත සේනක අලුත්ගමගේ.Friday, 27 August 2021 04:22 PM

ස්තූතියි පූජා.. මේ වැනි මිනිසුන් සිටිනා රටක තමයි අප ඉන්නේ...

:       0       6

nilu Friday, 27 August 2021 11:04 AM

පව් අසරණ සත්ත්ව ජීවිත... කාලයක් තිස්සේ තමන්ගේ නිජ බිම් වලටම හුරු වෙලා ඉන්න සත්තු කොහේ කියලා යන්නද? මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි... හරිම ආත්මාර්ථකාමී ජාතියක් මනුස්ස ජාතිය.... පරිසර පද්ධතියක් කියන්නේ ජීවිත කීයක්ද?

:       1       5

Raveendra Friday, 27 August 2021 11:13 AM

කෑළෑ පාළුවන්ට ඍජුවම සහය දක්වන දේශපාලුවන් ඉතා ඉක්මනින් මාතෘබුමියෙන් පවුල් පිටින්ම "සදහටම මකබෑ වේවා" යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි...

:       1       9

ගජමෑන් Friday, 27 August 2021 02:25 PM

පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය විනාශ කරනවා කතරගම රක්ෂිත විනාශ කරනවා ජනාධිපති වෙන්න පෙරුම්පුරන විපක්ෂ නායක සහන මලු ගැන කියමින් කෑගානවා ගොවි නායක කියන නාමල් බුදි ඇති රටකට ගිය කලක්

:       0       0

sumedha Friday, 27 August 2021 03:08 PM

හෙණම තමයි ....

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 4 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1264 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 268 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1327 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1325 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1528 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site