IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි.

විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන ‘කැලණි සවිය’ වැඩසටහන මෙම වසරේදී (2022) දී අවසන්වීමට නියමිතව තිබුණ ද එමගින් සුදුසුකම් ලබන්නන්ට මෙරට හා විදේශීය සමාගම්වල කදිම ඉල්ලු‍මක් නිර්මාණයවී තිබීම එය තවත් පස් වසරකින් දීර්ඝ කිරීමට හේතු විණි.

මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව තවත් වසර 5කින් දීර්ඝ කිරීමේ ආයතනික ගිවිසුම කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, එම්.ඩී. ලමාවංශ අතර පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යලීය සනාතන මන්දිරයේ දී අත්සන් කෙරුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේ සහයෝගීතාවෙන් කැලණි කේබල්ස් සමාගම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ජේ.බී. ඒකනායකගේ අදහසකට අනුව 2007 වසරේදී දියත් කළ මෙම ‘කැලණි සවිය’ වැඩසටහන මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයන් එක්ව පැවැත් වූ පළමු වැඩසටහන ද විය. ‘කැලණි සවිය’ එක් වසරක පාඨමාලාව යටතේ පසුගිය වසර 15 තුළ සහතික ලත් විදුලි කාර්මිකයන් 500කට අධික සංඛ්‍යාවක් බිහිකර ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් දේශීය හා විදේශීය ආයතනයන්හි සේවය කරනු ලබයි.

‘කැලණි සවිය’ වැඩසටහන තවත් වසර 5කින් දීර්ඝ කිරීමේ ආයතනික ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල පැවසුවේ මෙම වකවානුව මූල්‍යමය වශයෙන් දැඩි පීඩාවකට පත්ව තිබුණද ශ්‍රී ලංකාවේ දීර්ඝතම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් පැවැත්වෙන සමාජ සත්කාරයවන ‘කැලණි සවිය’ ඉදිරියට ගෙන පවත්වාගෙන යෑමට තම සමාගම තීරණය කළ බවය.

‘කැලණි සවිය’ වැඩසටහන දීර්ඝකිරීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ මහතා මෙසේ පැවසීය. මෙම කැලණි කේබල්ස් සමාගමට මෙම ‘කැලණි සවිය’ සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහනක්. මන්ද මෙමගින් සරසවි සහතික ලද කුසලතාපූර්ණ තරුණ පිරිසක් සමාජයට තිළිණ කෙරෙනවා. එහෙයින් අංගසම්පූර්ණ හා ඵලදායි පාඨමාලාවක් ලෙසින් එය පවත්වාගෙන යන පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මම මෙහි දී ප්‍රණාමය පුද කරන්න කැමතියි’.

595



අදහස් (0)

කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

දියත

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 494 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 217 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 241 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 126 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 714 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 1065 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site