(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වීමෙන් නිවෙසක මිදුලේ සෙල්ලම් කරමින් සිටි හය හැවිරිදි දැරියක මරණයට පත්ව තවත් දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ අවුරුදු පහක් වයසැති මෙත්සරණි නවිෂා නැමති දැරියකි.
බරපතල තුවාල ලැබූ අවුරුදු 20 ක තරුණයකු හා අවුරුදු 32 ක කාන්තාවක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය පවසයි.
පුද්ගලික ජල ව්‍යාපෘතියක සේවකයන් පිරිසක් ගමන් කරමින් තිබු මෙම කැබ් රථය පාලනය කර ගැනිමට නොහැකි විමේන් පසු මාර්යෙන් ඉවතට පැන නිවස ඉදිරි පිට කොටසක් බිමට සමතලා කරමින් මිදුලේ සිටි කුඩා දැරියක් ඇතුළු තිදෙනකු ද යට කරමින් මිටර් 20 කට වැඩි දුරක් ඇදිගොස් නැවති ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරින් පවසයි.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැබ්රියේ ආ මාරයා සය හැවිරිදි දැරිය රැගෙන යයි
ganegoda Monday, 19 July 2021 01:16 PM
වාහන පදවනවා තියා, මේ වගේ මිනිස්සුන්ට පොල්පිති හරකෙක්වත් පාරේ දක්කන්න තහනම් කළ යුතුයි. මේ අයගේ මදාවිකම් නිසා මේ පැටව් නේද මේවට වන්දි ගෙවන්නේ... ?
කසුන් - ගම්පහ Monday, 19 July 2021 01:59 PM
මේ වගේ අනතුරුවලට නීතියෙන් ලැබෙන දඬුවම් මදි. මෙවන් අනතුරුවලට දඩ නියම කරන්න ඕනෑ ලක්ෂ ගණනින්... අනේ පව් මේ දුව... හරිම දුකයි... අපේ අක්කගේ දුවත් මේ වයසේමයි.. නිවන් සැප ලැබේවා පුතේ ඔබට !!!
Warnakulasuriya Shirantha Monday, 19 July 2021 04:01 PM
ප්‍රමිතියක් නැති වාහන, විනයක් නැති කාලකන්නි රියැදුරන්...
Rohana Monday, 19 July 2021 04:27 PM
මත්පැන් අරගෙන වාහනය පදවන්න ඇති. නැත්නම් දරුවන් යටකරගෙන වාහනය ගෙවල් අස්සෙ රිංගන්න ගියේ කුමකටද?