IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ක්ෂේත්‍ර කීපයක බදු බර ලිහිල් වෙයි?

(සුජිත් හේවාජුලිගේ)

තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක බදු  සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ කාරණය සම්බන්ධයෙන්  අවධානය මෙසේ යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ අතර  වෛද්‍යවරුන් ඉංජිනේරුවන් නීතිඥයන්, සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අධික  බදු අය කිරීම නිසා රට අතහැර  යෑමේ සූදානමක් පවතින බවට බුද්ධි අංශ  රජයට කරුණු වාර්තා කර ඇත.

බදු අය කිරීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුවිය හැකි බවට ඉඟි පළ කළේය.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළ බවත් අද සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත බවත් ඔහු සඳහන් කළේය

කෙසේ වෙතත් ආණ්ඩුව මේ කාරණය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (24)

ක්ෂේත්‍ර කීපයක බදු බර ලිහිල් වෙයි?

ඩීබිස් අප්පුවා Saturday, 04 February 2023 02:47 PM

කවූරු කෙසේ කීවත් ඔය කියන අයගේ බදු සම්බන්ධ ජනතා මතය නාමොලේ අදහස් කරන දෙය නොවෙයි ඒක ජනතා මතය විමසා බැලුවොත් තේරුම් ගැනීමට පුළුවන්. විශේෂයෙන් PP කරන සේවාවල අයගේ ක්‍රියාකාරිත්වය ගැන ජනතාව ඉතාමත් කේන්තීයෙන් තමයි ඉන්නෙ.

:       9       34

jagathSunday, 05 February 2023 10:49 AM

බදු අයකරගත යුත්තේ ව්‍යාපාරිකයින්ගෙන් මිසක් උදේ 8 හවස 5 වැඩකරලා පඩි ගන්න අයගෙන් නෙමෙයි. උදේ 8 හවස 5 වැඩකරන අය ලබන්නේ ලාභයක් නෙමෙයි. තමන්ගේ මහන්සියට පඩියක් තමන්ගේ දියුණුවට. නමුත් ව්‍යාපාරිකයින් ලබන්නේ ලාභයක් ජනතාවගෙන්. අවාසනාවට කිසිඳු රජයක් ව්‍යාපාරිකයින් ලබන ලාභයෙන් අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැහැ. ලේසිම ක්‍රමය වැඩකරලා පඩි ගන්න අයගේ පඩියෙන් කපාගැනීම නිසා ඒක කරනවා. දොස්තරවරුන්ගේ කතිකාචර්යවරුන්ගේ වුණත් පඩියෙන් නෙමෙයි බදු අයකරගත යුත්තේ. එවැනි ඇතැමුන් පුද්ගලික සේවා ලබා දී උපයන මුදලින් ලබන ලාභයෙන් බදු අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැ.. අසාධාරණ ලෙස උදේ 8 හවස 5 වැඩකරලා තමන්ගේ දියුණුවට පඩි ගන්න අයගෙන් නෙමෙයි. ජනතාවගෙන් ලාභ ලබන අයගෙන් තමයි බදු අයවිය යුත්තේ...

:       1       8

GaminiSunday, 05 February 2023 11:54 AM

බදු අයකරගත යුත්තේ ව්‍යාපාරිකයන්ගෙන් මිසක් උදේ 8 හවස 5 වැඩකරලා පඩි ගන්න අයගෙන් නෙමෙයි. උදේ 8 හවස 5 වැඩකරන අය ලබන්නේ ලාභයක් නෙමෙයි. තමන්ගේ මහන්සියට පඩියක් තමන්ගේ දියුණුවට... නමුත් ව්‍යාපාරිකයින් ලබන්නේ ලාභයක් ජනතාවගෙන්... අවාසනාවට කිසිඳු රජයක් ව්‍යාපාරිකයින් ලබන ලාභයෙන් අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැහැ... ලේසිම ක්‍රමය වැඩකරලා පඩි ගන්න අයගේ පඩියෙන් කපාගැනීම නිසා ඒක කරනවා. දොස්තරවරුන්ගේ, කථිකාචර්යවරුන්ගේ වුණත් පඩියෙන් නෙමෙයි බදු අයකරගත යුත්තේ... ඒ වැනි ඇතැමුන් පුද්ගලික සේවා ලබා දී උපයන මුදලින් ලබන ලාභයෙන් බදු අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැහැ. අසාධාරණ ලෙස උදේ 8 හවස 5 වැඩකරලා තමන්ගේ දියුණුවට පඩි ගන්න අයගෙන් නෙමෙයි, ජනතාවගෙන් ලාබ ලබන අයගෙන් තමයි බදු අය විය යුත්තේ....

:       0       8

Lion Saturday, 04 February 2023 03:33 PM

They have started to deduct 5% from fixed deposit income for the first time from January 2023. This effects the livelihood of senior citizens who lives on fixed deposit income.

:       2       22

PiyasiriSunday, 05 February 2023 05:49 AM

You are right at the point "Lion". This group does not have any voice nor a pressure group to convince the deaf rulers. They are made to suffer in silence. Their hard earned savings are affected in two ways drastically due to rapid inflation in addition to the Tax at source. !!!!

:       0       3

Lal Silva Saturday, 04 February 2023 05:48 PM

ඇයි රජයට වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කතිකාචාර්ය වරුන් වගේ බදු වලට විරුද්ධ අයගෙ බදු අඩුකර අනිත් අයගේ(දුප්පතුන්ට වැඩිපුර වැට් බදු) බදු වැඩිකරන්න! නමුත් ඒ අයගෙන් ප්‍රතිඥාවක් ගන්න ඕන ඒ අයගේ ගෙවල් අනිත් අය ගිනි තියන්න ආවොත් පොලිස් ආරක්ෂාව ලැබෙන්නේ නෑ කියලා! මොකද වැඩි ආද බදු ආදායම් වැඩි අයට ගහන්නෙ ඔවුන්ට ආරක්ෂාව වැඩිපුර ඕන නිසා!

:       18       15

චන්දන Saturday, 04 February 2023 06:40 PM

බදු ඉවත් කරන්න නෙවෙයි කියන්නේ . අවම සීමා 150000වත් කර 20,36% වගෙ ප්‍රමාණ අඩු කරන්න .නැත්නම් බුද්ධි ගලනය නවත්වා ගන්න බැරි වෙයි . එ වගෙම බිලියන ගනන් ණය ගත් අයගෙ ණය කපා හැරීම නතර කල යුතුය .

:       2       43

Mo77Saturday, 04 February 2023 08:25 PM

බහුතරයක් විශේෂඥ දොස්තරලා කියන්නේ ාස්ත්‍රපති උපාධියක් තියෙන එම උපාධිය ලංකාවේ ගත්ත පිරිස් ඔවුන්ට නං විදේශ රටකට යන්න හම්බ වෙන්නේ නෑ. ඔය විශ්වවිද්‍යාලයේ වැඩ කරනවා කියලා ඛහුතරයට විදේශ රටකට ගිහිල්ලා විශ්වවිද්‍යාල එක නම් වැඩ කරන්න බෑ. මොකද කියනවනං ඔවුන්ට විද්‍යාත්මක පරීක්ෂණ හෝ පරීක්ෂණ පත්‍රිකා එසේම නෑ. බහුතරයක් මහාචාර්යවරුන් කියාගන්නා ඇයගේ වයස වැඩි උනාට ිද්‍යාත්මක හෝ පරීක්ෂණ වාර්තාවක් ඔවුන්ට නෑ. ඉංජිනේරු මහත් ඔවුන්ට නම් විදේශ පළපුරුද්දක් තියෙනවා නම් රටකට යන්න අමාරු නෑ. ඔන්න ඕක තමා බුද්ධ ගලනයේ කතාව පුළුවන් නම් කෑගහන්න නැතුව යන්න රට. රටට අවශ්‍ය වන ශ්‍රම ඉන්දියාවෙන් හරි ගෙන්වාගන්න පුළුවන් වේවි.

:       5       5

චන්දන Sunday, 05 February 2023 11:11 AM

තමන්ගේ විශේෂඥ ඥාණය හරිම ඉහළයි. ඔයා වගේ බුද්ධිමත් අය තමා අන්තිමේ ලංකාවේ ඉතිරි වෙන්නේ... ටිකක් හොයා බැලුවාම නරකද මේ වෙනකොටත් විදේශගත වෙලා ඉන්න බුද්ධිමත් පිරිස ලංකාවේ හිටියා නම් මොකද වෙන්නේ කියලා. එයාලා ඒ රටවලට කරන සේවය ගැන කිසිඳු අවබෝධයක් තමුන්ට නැහැ. තමුන් කියන විදියට ඉන්දියාවෙන් ගෙනැල්ලා තමයි කඳුකරය අද ඉන්දියාවට ලියලා දෙන්න වෙලා තියෙන්නේ... අද රට හදන්න කියලා ඉදිරිපත් වෙලා ඉන්න රතු සහෝදරයින් පවා දැන් අවබෝධ කරගෙන තිබෙනවා ඒ තත්ත්වය...

:       1       3

Rohana Saturday, 04 February 2023 07:29 PM

මෙහෙම අසාධාරණ ලෙස බදු අයකිරීමට යෝජනාකළ ක්‍රියාත්මක කළ හැමකෙන‍ාටම හෙන හතම වැදියන්...!

:       12       20

Harshana Saturday, 04 February 2023 07:37 PM

තොරතුරු තාක්ශන ( IT ) විශාල පිරිසක් දැනටමත් රට හැරගිහින්. ලන්කවට ඩොලර් මිලියන ගනනක් එන projects ලංකාවට අහිමිවීමේ තර්ජනයක් තියෙනවා.

:       2       6

සිල්වා Saturday, 04 February 2023 07:46 PM

ලංකාවේ මෙතරම් බුද්ධිමතුන් ඉන්නවා නම් රටට මෙම තත්වය උදා වන්නේ නැහැ. වැඩවසම් ක්‍රමය එපා. සියලු දෙනාටම එකසේ රජය සැලකිය යුතුයි.

:       1       3

බදුනායක Saturday, 04 February 2023 11:36 PM

රනිල් ගේ නෝනත් විශ්ව විද්‍යාල මහාචාර්ය. ජනවාරි බදු කපලද මන්ද?

:       2       3

Bamunuarachchi Sunday, 05 February 2023 05:43 AM

බදු නිසා රට හැර යන්නේ බදුවලින් බේරෙන්නද? මොනරටේද බදුවලින් බේරෙන්න පුළුවන්? ඒ රටවල වැටුප අතට ලැබෙන්නේ 30% හෝ ඉහලට බදු අඩුවෙලා. ඊට පසුවයි GST බදු එන්නේ. ගිහිල්ල බලපල්ලා මොකද වෙන්නේ කියලා.

:       5       5

kumarSunday, 05 February 2023 09:52 AM

ඒ රටවල බදු ගැහැව්වාට බදුවලට හරියන්න ප්‍රතිලාභ තියෙනවා. ඉහළ ජීවන තත්වයක් තියෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. වක්‍රබදු නැතිතරම්. බදු සල්ලි නාස්ති වෙන්න නැතිව හැමෝටම ප්‍රතිලාභ හම්බ වෙනවා...

:       2       2

චමින්ද Sunday, 05 February 2023 11:49 AM

මේකනේ බමුණු... ගැඹුරුම ළිඳක ඉන්න ගෙම්බන් ළිඳෙන් පිට තියෙන්නේ මොනවගේ තත්ත්වයක්ද කියලා දන්නේ නැහැ... දන්නේ ළිඳේ ඇතුලේ තත්වය පමණයි. ඒ නිසා කියනවා අපි රට හැරලා යනවා කියලා. එහෙම කිව්වාට යන්නේ නම් නැහැ. ගියොත් මැරීගෙන වැඩ කරන්න ඕනෑ... මෙහෙම රජයට තගදමා ඕන ඕනෑ අකාරයට උද්ඝෝෂණ කරන්න බැහැනේ. හරි නම් දීප ව්‍යාප්ත සේවාවල සියලු තනතුරු සඳහා බඳවා ගැනීමේදී බදු ගොනුවක් විවෘත කරන්න ඕනෑ වගේම මුල් වැටුපේ සිටම සියයට පහකවත් ආදායම් බද්දක් ගන්න ඕනෑ වර්තමානයේ සමහරක් සේවාවලට පුද්ගලික සේවයේ යෙදීමට අවසර තියෙනවා. එහෙම වුණත් විවිධාකාරයෙන් දීමනා රාශියක් තියෙනවා... දෙකක් කිව්වොත් විශ්‍රාම වැටුප් සහිත දීමනා හා විශ්‍රාම වැටුප් රහිත දීමනා කියන්න පුළුවන්. ඒ අතර රාජ්‍ය සේවයේ නීතියක් තියෙනවා රාජ්‍ය සේවයෙන් බැහැරව කරන කටයුතු වෙනුවෙන් උපයන මුදලින් කොටසක් රජයට ගෙවන්න ඕනෑ කියලා.. කවුද ඒක කරන්නේ..? ඇයි එම නීති පත්වීම් ලිපියේ කොන්දේසි සමග ගලපා අය කිරීමක් නොකරන්නේ? පත්වීම් ලිපියේ තියෙනවා ආයතන හා මුදල් රෙගුලාසි සහ විටින්විට නිකුත් කරන චක්‍රලේඛ අනුව කටයුතු කරන්න ඕනෑ කියලා...

:       0       2

BamunuarachchiMonday, 06 February 2023 10:17 AM

මම ඉන්නේ කැනඩාවේ කැල්ගරිවල. මෙහෙ බදු ගෙවිල්ල ගැන මට කියලා දෙන්න එපා. මම ද්විත්ව පුරවැසියෙක්. ඔබ මොන ලිඳේ ගෙම්බෙක්ද?

:       1       2

sharm warnTuesday, 07 February 2023 11:50 AM

මොකක්?කැනඩාවේ ?ආ ..එහෙ ඉඳගෙන ද මෙහෙ ඉන්න හොරුන්ට ආවඩන්නේ ?උල්පන්දම් දෙන්නේ ?හයියෝ මෙහෙමත් ලැජ්ජා නැති කෙනෙක් .කැනඩාවට ගියේ ඇයි මේ රටේ පාලනය හොඳ වැඩි නිසාද ?ද්විත්ව පුරවැසිකම තියාගෙන ඉන්නේ ලෝකෙන් උතුම් රට ලංකාව නිසාද ?දෙපිටකාට්ටු වැඩ කරද්දී "දිව බොරු කියන්නේ නෑ "කියන පරන කතාවත් මතක තියාගන්න

:       0       0

de silva Sunday, 05 February 2023 06:40 AM

බදු වැඩි කළා කියලා පෙරකදොරුවා රට අතඇරලා යනවද? ඔවුන්ට පිටරට ගිහින් මේ විදියට ගරාගන්න පුළුන්ද? චැනල් දොස්තරලා ගැන කියන්න තිබෙන්නෙත් මේකම තමා. බලයක් නැති අපි පමණද බදු ගෙවන්න ඕනි?

:       2       10

Prase Sunday, 05 February 2023 07:19 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මුන්ට අනිවාර්යයෙන්ම බදු ගහන්න ඕනි. එහෙම නැත්නම් කෝටි ගණන් සල්ලි හම්බකරලා සැප විඳිනවා. වෘත්තිකයේ රට හැරලා යන්න ඕන රකටකට ඕන තරම් වෘත්තිකයෝ හදන්න පුළුවන්. අපේ රටේ ඕන තරම් වෘත්තිකයෝ ඉන්නවා ජොබ් නැතුව රජ්‍ය සේවයේ.

:       4       4

kumarSunday, 05 February 2023 09:47 AM

බදු ගෙවන්න තරම් ආදායමක් නොලැබීමට ඉගෙන නොගැනීම ඔබේ වරදකි. අපරාදේ නිදහස් අධ්‍යාපනයෙන් කරපු වියදම...

:       1       2

BamunuarachchiMonday, 06 February 2023 10:13 AM

බදුගේවන්න ආදායමක් නැහැ කියන්නේ, ආදායම් බදු ගන්නේ එකතරා ප්‍රමාණයකට වඩා ලැබෙන ආදායමෙන් කියලා දන්නේ නැද්ද? ඔබ කොහෙද ඉගෙන ගත්තේ?

:       1       0

Lalla Sunday, 05 February 2023 11:58 PM

සියලුම මාසික වේතන උපයන්නන්ගෙන් සාධාරණ බද්දක් අයකු යුතුයි. ඉහල වෘත්තීය සුදුසුකම ලබන්නට ඒ අය කල කැපකිරීම මහන්සිය සාමාන්‍ය ජනතාව ගත්තේ නෑ. සැමෝටම නිදහස් අධ්‍යාපනය ලැබෙනවා. එයින් නිසි ඵල ගත් ඉහල වෘත්තීන්වල ඒ අයගෙන් ඉහල බදු අයකිරීම අසාධාරණයි.

:       1       0

ලාල් සිල්වා Monday, 06 February 2023 04:29 PM

ඔය වෘත්තිකයන් සම්පූර්ණයෙන්ම බදු බරින් නිදහස් කල හැකියි! නමුත් ලංකා නීතියේ පිහිට ඔවුන් හා ඔවුන් ගෙ පවුල් වලට නෑ! ප්‍රථිඵලය: ඒ කාටවත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර නිකුත් කිරීම, ඔවුන් මුදල් ගෙන බැංකුවෙන් පිටතට ආ විට එය පැහැර ගැනීම, කප්පන් සඳහා ලමයින් පැහරගත් විට ක්‍රියා කිරීම, උසාවියේ පිහිට... ඔය විදියට කිසි නීති පිහිටක් නෑ! කැමති කෙනෙක්ට ඔවුන්ට විරුද්ධව ඕන අපරාධයක් කරන්න පුළුවන් දඩුවම් නොලබා! දුප්පතුන් වෙනුවෙන් අපි හමුබුකරන දේ රජයට බදු වශයෙන් අපි දෙන්නේ මොකටද, දේශපාලඥයන් ඒවා හොරකම් කරන විට! බොහෝ වෘත්තිකයින්ගේ ආදායම් බදු නොගෙවීමට ඒකයි තර්කය!! බලන්න රටවැසියකුට නීතියේ පිහිටේ වැදගත්කම! ඔවු දේශපාලඥයන්, පොලීසි, උසාවි, රජයේ සේවය දූෂිතයි, නමුත් බැංකුවෙන් එලියට එන විට මුදල් සොරාගෙන දුවන්නෙ ඉතාමත්ම කලාතුරකින්, නමුත් නීතියේ පිහිට නැති නම් හැම විටම එය වෙනවා. මේ කරුණ අධ්‍යාපනයේ දී ළමයින්ට කුඩා කල සිටම උගැන්විය යුතුයි නීති ගරුක සමාජයක් සඳහා!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 239 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 404 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1160 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2613 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1738 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1017 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1449 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site