(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩු පොලු අතැතිව සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී වක් පිහියක් , කඩු තුනක් ,සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් පහක් පොලිසිය භාරයට ගෙන ඇත.
කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ වාර්ෂික දේව ප්‍රතිමා ප්‍රදර්ශනය උත්සව පෙරහරේ රාජකාරී නිමවා ගුවන් විදුලි මෝටර් රථයෙන් යළි පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී කඩුවෙල නගරයේ ඉන්ධන හලක් ඉදිරිපිට නැවතු සුඛෝපභෝගී ජීප් රථයකින් පුද්ගලයන් කිහිපදෙනකු තියුණු ආයුද අත දරාගෙන කඩිමුඩියේ එයින් බිමට දැක ඇත.
පොලිස් ගුවන් විදුලි මෝටර් රථය දුටු එම පිරිස ආපසු හැරී ඔවුන් පැමිණි ජීප් රථය වෙත දිව ගොස් එයට නැගීමත් සමගම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් බැස පිස්තෝල ජීප් රථය වෙත එල්ල කර එය නවතන ලෙස අණ දී ඇත. පොලිස් අණ නොතකා ඔවුන් පළා යාමට සූදානම් වීමේදී ජීප් රථයේ රෝදවලට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතත් එම පිරිස වෙඩි පහර මධ්‍යයේම ජිප් රථයෙන් මීටර් 800 පමණ දුරකට ගොස් අතුරු මාර්ගයක වාහනය නවතා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේදී පළා ගිය සැකකරු සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ස්ථානාධිපති වරයා පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් රණාල සහ කඩුවෙල පදිංචි වයස අවුරුදු 26 හා 38 අතර පසුවන්නන්ය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන එම සැකකරුවන්ගෙන් දෙදෙනකු බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයන් බවත් දර්ශනවලදී අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි.
සැකකරුවන් සියලුම දෙනා කඩුවෙල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කඩුවෙල පොලිස් ලොක්කාගේ ඥානයෙන් අපරාධයක් වැළකේ
sampath gamage Tuesday, 16 August 2022 03:15 PM
මේ ලිපිය පලකරන්න කලින් බලන එකෙක් නැද්ද. ප්‍රධාන පුවත්පතක් හැටියට ලියන භාෂාව ගැන අවබෝධයක් තියෙන්න ඕන නේද. ආයෙම කියවන්න. මොකක්ද ලියල තියෙන්නේ කියල.
akalanka Tuesday, 16 August 2022 05:00 PM
මටත් ආසයි ගුවන් විදුලි මොටර් රථයක් ගන්න. කඩුවෙල OIC ගෙන් ඇහුවනම් හරි නේද?
sharm warn Tuesday, 16 August 2022 05:05 PM
මේ වගේ අයට ඇප දෙනකොට තේරෙන්නේ නැද්ද එයාලා ආයෙතමත් යන්නේ පරන තිප්පොළටමයි කියලා? පාතාල ක්‍රියාදාමයක් වෙලා තියෙන්නේ ඇප දෙන නිසා. ඇප දෙන්න දේශපාලන මැදිහත් වීම් වෙන්නත් ඇති.