IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එළිවැටකට මම නැතුවට කම් නෑ දේවී

ලාංකීය ජන සමාජය තුළ අතීත ගැහැනියට ඒ සමාජය ඇතුළත වැඩි ඉඩකඩක් විවර වුණේ නැහැ.දියණියක්,සොයුරියක් ,බිරිඳක්,මවක්, මිත්තණියක් ලෙස ඇයට නිවෙස තුළ තිබුණේ පිරිමියකු හා සම අයිතීන් නොවෙයි.අධ්‍යාපනික අතින් මෙන්ම වෙනත් කාරණාවකදී වුණත් ඇය පිරිමියාට වඩා පසුපසින් සිටීම සමාජය විසින් බලාපොරොත්තු වූ කාරණාවක්.

මෙම සමාජ සංස්ථාව ඇතුළත බොහෝ පිරිමින් බලාපොරොත්තු වුණේ ගැහැනිය විසින් දරුමල්ලන් හදාගෙන ,ගෙදරදොරේ සියලු වැඩපල කරගෙන ජීවිතය ගෙවා දැමීමයි.එතැනින් එහාට ඇයටත් ජීවිතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණෙ නැහැ.

පියාට,සැමියාට,පුතාට නතුව ජීවිතය ගෙවාදැමූ ගැහැනිය සමාජගතවන්නේ කාලයත් සමග.අපේ කුඩා සමාජය ලෝකයට විවරවීමත් එක්ක ගැහැනිය කියන්නෙත් පිරිමියා හා සමව වැඩකළ හැකි,ජීවිතයේ නොයෙක්විද තීන්දු තීරණ ගතහැකි පාර්ශවයක් බව පසක්වද්දී ඇය අපේ සමාජයේ විශිෂ්ට චරිතයක් බවට පත්වන්නේ නිරායාසයෙන්.

" තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි" කියන අතීත කියමන අපේ සමාජය ඇතුළත වැළඳගන්නේ ගැහැනිය විවිධ සීමා ඇතුළෙ කොටුවෙලා,තනිවෙලා සිටිය කාල සීමාවක.ඇතැම්විට ඇයට සීමා මායිමි ඉවත්කර නිදහසේ සැරිසරන්න ඉඩක් තවමත් නැහැ කියා ඒත්තු ගැන්වීමට.නමුත් අද වනවිට ඒ සියල්ල ඉවත දමා ගැහැනිය සමාජ සංස්ථාව ඇතුළේ පමණක් නොව නිවෙස ඇතුළතත් වගකීමි රැසක් දරනවා.

අපේ ගීත සාහිත්‍යය තුළ බිහිවුණු ⁣ගීත අතරේ වැඩිපුරම කතාබහට ළක් වූයේ ගැහැනිය වුවත් ගී පද රචිකාවන්ගේ ප්‍රමාණාත්මකව අඩුවක් මීට දශකයකට පෙර දකින්න තිබුණා.1965 මැයි 31 දා තිරගතවූ " ලා දළු " චිත්‍රපටය වෙනුවෙන් ⁣" සෙනෙහස සොම්නස අතිනත ගත්විට ..." ගීතය ලියා ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ ප්‍රථම ගී පද රචිකාව වන්නේ ගුවන් විදුලි නිවෙිදිකාවක ලෙස කටයුතු කළ චන්ද්‍රා වයමන්.ඊට පසු ගුවන් විදුලිය ඔස්සේම දයා ද අල්විස්,රත්නා ලංකා අබෙිවික්‍රම,කුසුම් පීරිස්,සුමනා ජයතිලක ගී පද රචනා ක්ශේත්‍රය ට එකතු වුවත් එතැනින් පරිබාහිරව ගීත රචනා ක්ශේත්‍රය තුළ නමක් තැබුවේ යමුනා මාලිනි පෙරේරා පමණයි.

පසුකාලීනව තවත් ගී පද රචිකාවන් කිහිප දෙනකුම ක්ශේත්‍රය ට එක්වුවත් වැඩිම ගී පද රචිකාවන් බිහිවුණේ 2000න් පසුව බව පැහැදිලියි.

පූදිනා හදේ සිතුම්

සීරුවට නෙලා අමුණන

සොඳුරු කවි මලින් සැරසෙන - නුඹ කවිකාරී

කිවිඳිය හිමි- කවිය අහිමි

මම නුඹෙ ස්වාමී

නුඹව දැනෙන - පෙම්බර ස්වාමී....

සසර අතරමග හමුවුණ - ඉනූ කඳුළු පිස හිනැහු

රිදුම් අකුරු කොට සැනහුන පියම්බිකාවී...

එළිවැටකට මම නැතිවට - කම් නෑ දේවි..

කවිය අහිමි

මම නුඹෙ ස්වාමී......

සීමා මායිම් නොපෙනෙන - නිදහස් හැඟුමින් හැඩවුණ..

අහස නුඹෙයි පියා විදා ඉගිළෙන් නොසැලී

රිදෙනා තටු පිරිමදින්න

ඉන්නම් පේවී..

නුඹව දැනෙන

පෙම්බර ස්වාමී.....

ගායනය - විශාරද සමන්ත පෙරේරා

ස්වර රටා - අමිත් ලියනගේ

නුඹ කවිකාරී ගීතය ලියා ගී පද රචිකාවන්ගේ නම් අතරට අලුතෙන් එකතුවන්නේ පබාශිනී හේරත්.ඇය මෙම ගීතයට පාදක කරගන්නා කාරණාව වි⁣ශේෂයෙන් ලාංකීය කාන්තාවට පොදු ,එහෙත් වැඩිපුර කතාබහට ලක්නොවෙන මාතෘකාවක්.

ඇත්තටම ගැහැනියට ගෘහ ජීවිතය තුළ තමන්ගේ නිර්මාණ කටයුතු සඳහා ඉඩක් හිමිනොවන්නේද ?1965 වසරේ ප්‍රථම ගී පද රචිකාව බිහිවුවත් දශක පහක් ගෙවී යද්දීත් ගී පද රචනා ක්ශේත්‍රය තුළ පද රචිකාවන් සීමිත වීමට හේතුව ඇයගේ නිර්මාණ නිදහස අහිමි වීමද?

" නිර්මාණකාරිනියක් සාර්ථකවන්න නම් ඇයගේ පිටුපසින් සිටින කෙනාගෙන් ලැබෙන දායකත්වය තමයි වැදගත්.හැබැයි බොහෝ අවස්ථාවලදි පිටුපස සිටිනකෙනා අගැයුමට ලක්වන්නේ නෑ.

විශේෂයෙන් කලාව,සාහිත්‍ය ක්ශේත්‍රය තුළ නියැලෙන කාන්තාවකට එම කටයුතු සාර්ථකව කරගන්න නම් තම සැමියාගෙන් ලැබෙන අත්වැල තමයි ජීවිතයේ ලැබෙන හොඳම අත්වැල.නමුත් අපේ බොහෝ කාන්තාවො විවාහ දිවියට එකතු වුණාට පස්සෙ නිර්මාණකර⁣ණයේ නියැලෙන්න ටිකක් බයයි.ඇය සමාජය,වටපිටාව ඇතුළත යම් සීමාවන් පනවගන්න උත්සාහ කරනවා.

අද වෙද්දි කාන්තාව බොහෝ ක්ශේත්‍රවල නියැලෙනවා.එතැනදී බොහෝ සැමියන් නිහඬව ඔවුන්ට ලබාදෙන අසීමිත ශක්තිය හැම ගැහැනියක්ම අගය කළ යුතුයි.මේ ගීතයෙන් මම කියන්න උත්සාහ කළෙත් ගෘහ ජීවිතය ඇතුළත එකිනෙකාගේ අවබෝධය මත මොනතරමි සුන්දර දිවිපෙවෙතක් ගෙවන්න පුළුවන් ද යන්නයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නීතිඥවරියක ලෙස කටයුතු කරන පබාශිනී හේරත් පාසල් අවදියේ සිටම කවිය ජීවිතයට ඈඳාගත්තත් හා පුරා කියා ගී පද රචිකාවක ලෙස ජීවිතය විනිවිද දකින්නේ නුඹ කවිකාරී ගීතයෙන්.ආසියාතික සමාජ සංස්කෘතියක හැදීවැඩුණු ඇගේ සිත තුළ තාමත් පණගැහෙන සිතුවිලි ගීතයකට මුදාහැරෙන්නෙ ශ්‍රාවකයාට තම ගෘහ ජීවිතය ,තම සහකාරිය පිළිබඳව අලුත් හැඩතල මවමින්.

කප්පරක් ආදරය කරලා විවාහ වුණත් ඒ දිවියේ සොඳුරු තැන් හරිහැටි අවබෝධකර නොගෙන මාසෙන් දෙකෙන් වෙන්වෙන්න නීතියේ පිහිට පතන ගැහැනු ,මිනිස්සු ජීවත්වන සමාජයකට " නුඹ කවිකාරී.." ගීතය අපූරුම පණිවිඩයක්..

සුජිත් ප්‍රසංග

 



අදහස් (0)

එළිවැටකට මම නැතුවට කම් නෑ දේවී

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 317 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 739 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 590 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1424 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2902 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1875 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site