IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඇමැති ලොහාන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට, බීමතින් සිය මිතුරන් පිරිසක් ද සමග අයුතු ආකාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (15)සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

තමා එම සිදුවීම් වල වගකීම බාරගනිම්න් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් ඊයේ පෙරවරුවෙි දැනුම් දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනය කළේය.

සිරකරු සුබසාධක දිනය යෙදී තිබූ ඉකුත් ඉරිදා( 12) අනුරාධපුර බන්ධනාගාරයට සිය මිතුරන් පිරිසක් ද සමග බීමතින් ඇතුළුවී සිරකරුවන් පිරිසකට සිය ගිනි අවිය පෙන්වා තර්ජනය කළ බවට සහ ඒ ආකාරයටම ඉකුත් 6 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ බවට රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබිණි .

ඒ අනුව අදාළ සිද්ධි වල වගකීම බාරගනිමින් තමා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයාට ද අද දුන්නේය.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර ඔහු තවදුරටත් එහි කටයුතු කරනු ඇත

 



අදහස් (82)

ඇමැති ලොහාන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

jagath Wednesday, 15 September 2021 02:15 PM

මෙලෝ වැඩක් නැති කිසිම බලයක් නැති රාජ්‍ය ඇමතිකමක් ලැබුනහම ඔහොම තමයි

:       89       98

janabalaWednesday, 15 September 2021 03:54 PM

තලතාට සිරගෙවල් දීලා.. රවීට මුදල් බාරදුන්නේ ඇයි...? අයි ඩෝන්ට් නෝ වයි..!

:       44       53

රතුපස්වල Wednesday, 15 September 2021 08:16 PM

වත්මන් මුදල් ඇමතියා ගැන කියන්ඩ වචන නැහැ .

:       1       27

gamunuWednesday, 15 September 2021 04:27 PM

කළ වරද බාරගෙ ඉල්ලා අස්වී තිබේ දඩුවමක් නැද්ද

:       1       126

lalWednesday, 15 September 2021 05:15 PM

බීමතින් ඇතුළු වී සිරකරුවන් පිරිසකට සිය ගිනි අවිය පෙන්වා තර්ජනය කළ රජයේ ඇමැති කෙනෙකුට කිසිම දඬුවමක් නැති එකම රට අපේ රට වෙන්න ඇති... ඉල්ලා අස්වීම කියන්නේ ඒ කරපු ජරා වැඩේට දඬුවමක්ද? අනේ මෙහෙමත් රටවල් තියෙනවාද? අපේ දරු පරපුර හදාගන්නේ, අවවාදයක් දෙන්නේ කොහොමද අපි..? නොපතන් මෙහෙම රටක ඉපදෙන්න ආයේ නම්...

:       22       105

එරාන්Wednesday, 15 September 2021 09:34 PM

සොරකම් කල සහ අව භාවිතා කල දේපල නැවත ගෙවා සුදු වෙන්න පුලුවන්න ම්..

:       0       22

nimalWednesday, 15 September 2021 07:10 PM

මේ වගේ කට්ටිය ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැත.

:       0       43

Prabha Thursday, 16 September 2021 02:56 AM

ඇයි බලය නැති වුනාම මොකද වෙන්නේ.?

:       0       5

ajithThursday, 16 September 2021 04:23 AM

රන්ජන් නිදහස් කරමු ? ලොහාන් ඇතුලට යාවාවිද ?

:       2       9

Dasa PThursday, 16 September 2021 07:37 AM

හොඳ රට, හොඳ නීතිය. අපේ හාමුදුරුවනේ.

:       0       1

රංග තේනුවර Wednesday, 15 September 2021 02:15 PM

ඔන්න ඒක තමයි ගරු ජනාධිපතිතුමාගේ සහ ආණ්ඩුවේ නීතියට වැඩ කිරීම කියන්නේ. වරදක් උනොත් කාට උනත් සමාවක් නැහැ. ඇමතිවරයෙක් උනත් ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා. කොහොම උනත් මේ රාජ්‍ය ඇමතිතුමා වරද බාර ගත්තු නිසා නැවත ඇමතිකම ලබා දීම සුදුසු බවයි අපගේ ජනතා මතය.

:       251       48

ගොබ්බසේනWednesday, 15 September 2021 02:48 PM

13 වෙනිදා සිට මුදල් රාජ්‍ය ඇමතිකම පුරප්පාඩු වෙලා... නරකද එම තනතුර මෙයාට දුන්නොත්? මෙයා ආර්ථිකය ගොඩ දමා දේවි ....

:       5       125

මාමWednesday, 15 September 2021 03:11 PM

කතාව ඇත්ත, මෙයාට හොඳ සම්මාන තියෙනවා..

:       1       81

Hafeel Wednesday, 15 September 2021 03:36 PM

ඔබගේ අදහස නිවැරදියි. මේ රටේ ඉතිහාසයේ ඔහොම වෙලා තියන්නේ... එ්කට හොඳ උදාහරණ දුමින්ද සිල්වා, රවී කරුණානායක, විජේදාස රාජපක්ෂ සහ පහුගිය රජයේ මුස්ලිම් ඇමැතිලා ඉල්ලා අස්වී නැවත ඇමතිකම් බාරගත්තා. ළඟදී මෙයාට තවත් මීට වඩා හොඳ ඇමති ධුරයක් දේවි.

:       2       80

saman BalasuriyaThursday, 16 September 2021 05:33 AM

එදා ඉඳලම මේ නූගත් එකා කලේ මේ වගේ වැඩ .නිකම් රස්තියාදු ගගහා හිටපු උන්ට බලය හම්බවුනාම පිස්සු හැදෙනවා .අමු මැට්ටෙක්

:       0       4

සෙනෙවිරත්න Thursday, 16 September 2021 07:19 AM

හොද සිහියෙන්ද ඉන්නෙ? එතකොට කෝ අර කිව්ව විනයගරුක රට?

:       0       4

Raveendra Wednesday, 15 September 2021 02:16 PM

බොහොම හොදයි මේ තිරිසනාට අප මෙසේ කීමට කැමැත්තෙමු.නැවත ගමේ මරණාධාර සමිතියක සාමාජිකත්වය ගන්නවත් එන්න නම් එපා ගොයියෝ ,මිනිස්සුන්ට කැනඩාව මතක් වෙලා සෙරප්පුවලින්ම සුබපැතුම් එක්කරයි......

:       2       104

තිළිණ Wednesday, 15 September 2021 02:17 PM

කවුරුන් මොනවා කිව්වත් ඉතාමත් ඉහළ ප්‍රවනතාවක් . පසුගිය දවස්වල මාධ්‍යවේදීන් පිළිබඳව ප්‍රශ්නයකට ඩලස් ඇමතිතුමා විශේෂඥ වෛද්‍ය නීලීකා මහත්මියගෙන් පොදුවේ සමාව ඉල්ලුවා. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා යුතුයි .වැරදි නොකරන මිනිස්සු මෙන්ම දේශපාලකයෝද නැති බව අපි තේරුම් ගත යුතුයි. නමුත් මේ ක්‍රියාව අගය කල යුතුයි

:       81       233

දාසWednesday, 15 September 2021 02:33 PM

අනේ මේ අයට නම් පිස්සු, මේ ඔක්කෝටම ඇස් බැන්දුම්, තව ටික දවසකින් ඔය යෝධයා අධිකරණ ඇමැති කෙරුවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. 4 දෙනෙක් මැරුවා කියලා මරණීය දණ්ඩනය දීපු කෙනෙකුට, එයින් නිදහස දීලා, ආණ්ඩුවේ ලොකු තානාන්තරයක් දීපු නායකයෙක් ගැන කුමන කථාද ආයුබෝවන්...?

:       39       124

කෝරළයේ Wednesday, 15 September 2021 03:28 PM

මොනවා වුණත් මෙතුමා කියන කතාවේ තිත්ත බොරුවකුත් තියෙනවා. සදහටම හිරේට ගිය අය නිදහස් වෙනවා. ගංගා, වැව්, ඇළදොළ, වනාන්තර නැතිබංග කරලා විනාශ කරනවා. රටේ යුක්තිය, නීතිය, සාධාරණය නැතිවෙලා. බලලෝභී, බඩගෝස්තරවාදී, දූශිත දේශපාලුවන් රජවෙලා.. තිත්තම පවුල් පාලනයකට ගිය රටක්..? මොනතරම් අපරාධයක්ද?

:       50       60

Demuni Uduwara Wednesday, 15 September 2021 05:50 PM

දෙවරක් සිතන්න...! තවත් මාධ්‍ය සංදර්ශනයක්...

:       2       34

සමරේThursday, 16 September 2021 10:30 AM

ඩලස් අලහප්පෙරුම මහතාගේ කිට්ටුවක වත් තියන්න පුළුවන්ද ලොහාන් රත්වත්තේ කියන තැනැත්තා. නිකං ඩලස්ට අපහාස කරන්න එපා. ඒ හොඳට හැදිච්ච කෙනෙක්.

:       1       4

Raveendra Wednesday, 15 September 2021 02:21 PM

මල්ලියේ අපි දෑතම දිගු කරලා ඉන්නේ ඉතින් අපේ පැත්තට එනවද....?? "මලය ටිකක් උස නිසා අපේ පැත්තට ආපුගමන් සිකුරිටි" රස්සාවක් දෙනවා දෙනවමයි මම.....මොකද කියන්නේ එනවද ?

:       30       133

don perera Wednesday, 15 September 2021 02:25 PM

නැවත දිවුරුම් දෙනු ඇත. කට්ටිය බලාගෙන ඉන්න.

:       4       78

Senarath Wednesday, 15 September 2021 02:28 PM

මේක සුළු වරදක් නෙමෙයි. සමහර රටවල් බලන් ඉන්නේ අපිට පහර දෙන්න අවස්ථාවක් එනකම්.. ඉතින් මේ වගේ රාජ්‍ය ඇමැතිලා විකාර නැටුවාම ඒකෙන් වෙන්නේ මුලු රටම පීචන් වෙන එක.. ඒකෙනුත් සියලුම ඇමැතිලා රාජ්‍ය ඇමැතිලා සහ මන්ත්‍රීලා... මේක හොඳට හිතට ගන්න. ඒ වගේම කිසිම සමාවක් දෙන්න එපා. ඒක ඡන්දෙ දීපු ජනතාව ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට රටේම විනය නිකන්ම හැදේවි.

:       2       125

siri Wednesday, 15 September 2021 02:31 PM

තානාපතිකමක්වත් දීලා යවමු නේද. ඇමෙරිකාවේ අපේ තානාපතිතුමා ඔන්න ඉල්ලලා අස්වෙලා. වියතුන් එක එක්කෙනා අයින්වෙන පාටක් තියෙන්නේ.

:       50       49

ශේන් Wednesday, 15 September 2021 02:31 PM

තවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය පැවැත්වෙන අවස්ථාවම තෝරාගෙන මොහු මෙවන් ක්‍රියාවක් කිරීම විශේෂයෙන් සොයා බැලිය යුතු දෙයකි.

:       2       122

Raveendra Wednesday, 15 September 2021 02:57 PM

ඇත්තෙන්ම ඔබගේ නිරීක්ෂණය ඉතාමත්ම නිවැරදිය..

:       8       104

මහසෙන් Wednesday, 15 September 2021 02:33 PM

තිරනාටකයට අනුව රඟපෑම. එකකින් අයින් වුණා. එකක් තියාගත්තා. හරි ශෝක්...

:       27       72

Naleen Wednesday, 15 September 2021 02:34 PM

UN එක කට අැරගෙන බලන් ඉන්න වෙලාවක බන්ධනාගාරෙට පැනලා හොඳටම කළා.

:       1       117

parakkramaWednesday, 15 September 2021 07:41 PM

ඇයි අවස්ථාව බලා තව එකක්.. මයිකල් බෑෂ්ල්ගේ ප්‍රකාශය කරන දින සීමාවේ මහ බැංකුවට ගහපු කරණම කොහොමද? කළින් එය සිදුවූවා නම් ඒකත් සඳහන් වෙන්න ඉඩතිබුණා නේද?

:       2       9

Nuwan Wednesday, 15 September 2021 02:41 PM

කූඩැල්ලා මෙට්ටේ තියන්න බැහැ කියන්නේ නිකන් නෙමෙයි.!!!

:       0       92

රෝ Wednesday, 15 September 2021 02:44 PM

මෙයා අයින් වෙලා තියෙන්නෙ එක ඇමතිකමකින් විතරයි. තාමත් ඇමති.. මෙච්චර වරදක් කරලත් කිසි දඩුවමක් නැ..

:       1       62

මාම Wednesday, 15 September 2021 02:51 PM

මේ හොරුන්ගේ, මිනීමරුවන්ගේ, කුඩු කාරයින්ගේ, දූෂකයින්ගේ පාරාදීසයයි. මේ දියවන්නාවෙන් ජනතාවට දෙන පණිවිඩයයි...

:       50       58

Kumara Wednesday, 15 September 2021 02:52 PM

අලුත් ඇමැතිකම මොකක්ද?

:       3       41

විපරමා Wednesday, 15 September 2021 02:53 PM

සමහරවිට බැංකුවක සභාපතිකමක් ගන්න හිතාගෙන ඉන්නවාද කියලා කවුද දන්නේ..?

:       3       34

piyasinghe Wednesday, 15 September 2021 03:01 PM

අර ඕකෙ බන්ධනාගාර කොමසාරිස් තාම මුකුත් දන්නේ නැතිව ඇති. කිරි බොන බබ්බුනේ...

:       3       48

සිකුරිටි Wednesday, 15 September 2021 03:02 PM

මේ වගේ අයට ඡන්දෙ ඉල්ලන ටිකට් එක දෙන ලොක්කා තමයි වැරැදි...

:       2       106

මල්වාන ගමරාළලාගේ රඹුටන්Wednesday, 15 September 2021 04:37 PM

දඩුවමක් නැද්ද ඉල්ලා අස්වුනාම සේරම හරි

:       0       47

මසිරිපාල Wednesday, 15 September 2021 03:06 PM

ඉල්ලා අස්වී නැත ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාගේ නිර්දේශ ඉල්ලීමක් කර ඇත. දැනුමේ තරම පෙනේ

:       33       32

මසිරිපාලWednesday, 15 September 2021 06:37 PM

ඩිස් ලයික් දමපු අයට කියන්නේ ජනපතිතුමාට යවපු ලිපිය කියවන්න කියලයි.ඒ ලිපියේ තියෙන්නේ නිර්දේශ කරන්න කියල. වැස්සකටවත් පාසැලක් අයිනකටවත් නොගියේ නම් ඉතින් කොහොම කියවන්නද

:       2       15

kapila Wednesday, 15 September 2021 03:16 PM

පත්තරෙන් වත් දකීද?

:       1       33

Jcn Wednesday, 15 September 2021 03:43 PM

අර ලොකුම මැණිකෙ වැඩේ හරි ගියෙ නැද්ද දන්නෙ නෑ

:       22       29

දිසා..... Wednesday, 15 September 2021 03:43 PM

ජනපතිතුමණි , ඔබ තුමන්ගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ මෙවන් දැඩි තීරණ ගැනීමට පියවර ගැනීමයි. මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ජනතාවගේ අපේක්ෂාවයි. මෙවන් සිදුවීම් රටට අවමානය ගෙන දෙන්නක්.

:       8       72

චමින්ද Wednesday, 15 September 2021 03:46 PM

කිසිම සිදුවීමක් වාර්තා වුනේ නෑ කියපු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට මොකද වෙන්නේ.

:       1       69

bandaraWednesday, 15 September 2021 05:07 PM

ශ්‍රී ලංකා මහ බැංකුවේ උපසභාපතිකම දෙමු. ලෝක බැංකුවට පිස්තොලේ පෙන්නලා හරි සල්ලි අරන් දෙයි...

:       2       25

fairoos Wednesday, 15 September 2021 03:46 PM

බලනන ඒක රටක ඒක නීතියක්

:       31       18

j n s wijesinghe Wednesday, 15 September 2021 03:51 PM

අන්න පේනවනේ මැතිවරු

:       39       9

bandara Wednesday, 15 September 2021 04:01 PM

ලොහාන්ට නියෝජ්‍ය මහ බැංකු අධිපතිකම දෙමු. එතකොට ලෝක බැංකුවට පිස්තොලේ දික්කරල හරි සල්ලි හොයාගනියි.

:       17       32

කැන්ඩි පීපොල් Wednesday, 15 September 2021 04:01 PM

මැණික් කියන්නෙ දියුණු වෙන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්... මැතිඳුනි අප ඔබ සමඟයි...

:       46       8

jns wijesinghe Wednesday, 15 September 2021 04:02 PM

ඡන්දෙ දීලා පත් කරන්න මිනිසුන්ට ගහනන ඔනි

:       0       69

Madushanka Wednesday, 15 September 2021 04:14 PM

වරද පිළිගතතම ඇතිද/ දඩුවම් නැද්ද

:       0       48

අවධානය පිණිසයි Wednesday, 15 September 2021 04:35 PM

මැණික් ව්‍යාපාරිකයනි... මේ ඔබගේ වාරයයි... ප්‍රවේශම් වෙන්න ! තාවකාලිකව මැණික් ව්‍යාපාරයෙන් ඉවත් වී කුලී වැඩකට හෝ යන්න...

:       7       39

යකඩ කූරුගේ ඉබිරාළ Wednesday, 15 September 2021 04:45 PM

එතකොට නඩු නැද්ද ? බන්ධනාගාර ඉහල නිළධාරීන්ට විනය පියවර නැද්ද ?

:       0       37

Pradeep Wednesday, 15 September 2021 04:53 PM

කලබල නොවෙන්න

:       18       3

kapla Wednesday, 15 September 2021 05:11 PM

උඩතලවින්නේ, සිදුවූ දේ හිතාගන්න පුළුවන්...

:       0       23

තේජාන් Wednesday, 15 September 2021 05:14 PM

මේ ඇමතියා කළ කුප්ප වැඩේ මීට කළින් ඔයාලා දන්නේම නැහැ. රජය ආරක්ෂා කරන්නේ බයටද? සල්ලි වලටද?

:       0       18

Kasun Wednesday, 15 September 2021 05:14 PM

නම දැම්මේ නැත්තේ ඇයි කියලා කියන්න පුළුවන්ද?

:       0       15

පිටිගල ම්ලානෝ Wednesday, 15 September 2021 05:51 PM

ශෝ එක ඉවරයි... දැන් ගෙදර යන්න...!

:       1       16

Demuni Uduwara Wednesday, 15 September 2021 05:53 PM

ඔක්කොම එකම බෝට්ටුවේ!

:       0       13

chandra Wednesday, 15 September 2021 06:11 PM

ඡන්දය දුන්න අයවළුන්ට ස්තුතියි.

:       1       11

de silva Wednesday, 15 September 2021 06:16 PM

වරද පිලි ගත්තා කියලා අර පල්ලියේ වගේ සමාව දීලා ද=ගෙදර යන්න බැහැ .මොහු කරලා තිබෙන්නේ බරපතල වරදක් .මොහුට විරුද්ධව නීතිය ක්රියාතමක් කරන්න .

:       0       18

රටවැසියා Wednesday, 15 September 2021 06:18 PM

ගොඩක් මැති ඇමැතිවරු කොහොමත් වැඩ කරන්නේ රටේ පොදු නීතිය එයාලට අදාල නැති විදිහට නේ . මේකත් රඟපෑමක් විතරයි . දැක්කනේ රටම දන්නා මිනීමරු කුඩු බිස්නස් කාරයන්ට රටේ ඉහළම තැනින් සමාව සමාව එක්කම රටේ වැදගත් තනතුරු පුදපු හැටි.

:       0       13

sanka Wednesday, 15 September 2021 06:18 PM

මෙයා ඉල්ලා අස්වුනා කියල හිතන්ට අමාරුයි. කව්රු හරි කියල තියෙනවා මෙයාට අයින් වෙන්ට කියලා.

:       0       15

Buddika Wednesday, 15 September 2021 06:19 PM

කොහොමත් මේ මෙයාගේ පෙර වැරදි නිමක් නෑ ..උඩ තැන් වල ඉන්න පුද්ගල ඝාතන පිටිපස්සේ කව්ද හිටියේ .මහනුවර එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ප්‍රසිද්ධියේ තර්ජනය කලේ කවුද ?තාත්තයි පුතයි ඔක්කොම කලේ බලාය තියෙද්දී එය අයුතු ලෙස භාවිත කිරීමයි ..මේ මිනිස්සු මානසික ලෙඩ්ඩු .හිරේ ඉන්න මිනිස්සු ඉන්නේ නිරායුදව . ඒ මිනිස්සුන්ට ආයුධ පෙන්නලා දනගස්සවන්නේ නිවටයෝ .මේවා කරනකම් භන්ධනාගාරයේ නිලධාරීන් නිදාගත්තද. හරි නම් තුෂාර උපුල්දෙනියත් ඉල්ලා අස් විය යුතුයි ..මේ රාජ්‍ය ඇමැතිකමින් අස්වෙලා තව එකක ඉන්නේ කොහොමද ? ඒ හින්දා ඉල්ලා අස් විය යුතුයි

:       0       26

බද්රානි Wednesday, 15 September 2021 06:53 PM

බේබදුකමයි, සල්ලාලකමයි එකට එකතු වුණාම මේ වගේ විගඩම් නටන්න හිතෙනවා ඇති. එ්ත් මේ රටේ නීතියක් තියනවා නම් මොහුට විරුද්ධව නඩු පවරා දඬුවම් කළ යුතුයි. මොහුට පමණක් නොවෙයි අර නම හෙළි නොකරන රූප රාජිනියටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එය එසේ නොවුණොත්, මේ රට අමන අශිෂ්ඨ ගෝත්‍රිකයින්ගේ නිජ බිමක් මිස, ශිෂ්ඨ සම්පන්න රටක් ලෙස අපි නම් පිළි නොගනිමු.

:       1       27

ජගත් පුෂ්පකුමාර Wednesday, 15 September 2021 08:34 PM

එතකොට බන්ධනාගාර කොමසාරිස් දැන්වත් දන්නවද දන්නේ නෑ මෙහෙම සිද්ධියක් උනාද කියලා. මේ වගේ හරක් පැටව්නේ මේ තනතුරුවලට පත් කරන්නේ. තමන්ගේ යටතේ තියෙන බන්ධනාගාර දෙකක රාජ්‍ය ඇමති පිස්සු කෙළිනකොට දන්නේ නැති වෙන්න කොමසාරිස් කෝමා තත්ත්වයේද හිටියේ ?

:       0       15

Lal Wednesday, 15 September 2021 09:10 PM

සහෝදරවරුනි මුන් ඔක්කොම යාළුවෝ. මුන් කරන වැරදි වලට දඬුවම් හම්බ වෙන්නේ නැහැ.ජනමාධ්‍යත් තක්කු මුක්කු වෙලා නේ හිටියේ නම ඉදිරිපත් කරන්නැතුව.ඇමතිකමෙන් අයින් කළේ ෂෝ එකට.උන් මුන් ඔක්කොම එකයි.ඊළඟ ඡන්දෙදි මුං ඔක්කොම එළවලා ලොකු වෙනසක් නොකළොත් ශ්‍රී ලංකාවේ අනාගතය වලපල්ලේ.

:       0       14

WCA Wednesday, 15 September 2021 09:24 PM

කබ්රාලේ ගේ හිස් උන මන්ති ධූරයට ගරු ආර් දුමින්ද සිල්ව මැතිඳුන් පත් කර එතුමාට බන්ධනාගාර සහ සිරකරු අමාත්‍යධුරය ලබාදෙන්න ජනපතිතුමනි

:       0       11

රෝෂාන් Wednesday, 15 September 2021 09:34 PM

මිනී මරලා හෙලිකොප්ටරෙන් උසාවි ගිය අයනේ මේ....

:       0       14

chandima Wednesday, 15 September 2021 09:40 PM

එතකොට ගත්තු පඩි ආපහු දෙන්නේ නැතිද ?

:       0       13

Sarath silva Wednesday, 15 September 2021 09:53 PM

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර ඔහු තවදුරටත් එහි කටයුතු කරනු ඇත. මරු දඬුවම , මෙච්චර රටේ නිතිය කඩලා තවම ඇමැති කෙනෙක්. කෙහෙමද ඇන්දිල්ල

:       0       15

Chandima Wednesday, 15 September 2021 09:54 PM

බොහොමයක් හොඳ රැකියා වල කෙනෙක්ව ඇස කරන්න ඕන උනාම කාලයක් වැඩ කරපු කෙනෙක් නම් ඉල්ලා අස්වෙන්න අවස්ථාවක් දෙනවා .පව් .සිංගප්පුරුව සෞඛ්‍ය පහසුකම් ,තීරු බදු රහිත වාහන එහෙමත් අයින් කරලාද ?චන්දයක් වත් තිබුනා නම් අනික් පැත්තට පැනගන්නවත් තිබුනා නේද ?

:       0       9

විජේ Wednesday, 15 September 2021 11:05 PM

කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ආදායමක් නැති අමාත්‍යාංශයක් නිසා පොර වගේ අස්වුනා, අර මැනික්ගල විකුනනකංවත් මැනික් ඇමතිකමෙන් අස්වෙන්න හිත හදාගන්න අමාරු ඇති. උඩතලවින්න මතක් වුනා.

:       0       8

Chaminde Hewavitharana Thursday, 16 September 2021 01:59 AM

රටේ සාමාන්‍ය ජනතාව දුන් තාවකාලික දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කළ කළු ඉතිහාසයක් ඇති වගකීම් විරහිත හා දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව ජනතාව නඩු පැවරිය යුතුය.

:       0       8

sisil Thursday, 16 September 2021 04:02 AM

ශ්‍රී ලාංකිකයිනි රජය විපක්ෂය හැර වෙනත් විකල්පයක් ලංකාවට නැතිද ?

:       0       11

කර්මය Thursday, 16 September 2021 06:41 AM

අපි මේ විඳින්නෙ සුද්දා ලංකාවට නිදහස දුන්නු එකේ කරුමයයි.. තවමත් මේ රට එංගලන්තයට අයිති එකක් උනා නම් ... මේ වෙන කොට මේ රට කොපමණ දියුණු වෙලාද ?

:       0       3

Dinesh Dissanayake Thursday, 16 September 2021 10:09 AM

රට පාලනය කරන අය මෙහෙම පිස්සු කෙලිනවානම් , මහජනතාව ගැන කුමන කතාද.?

:       0       6

jayantha Thursday, 16 September 2021 10:49 AM

ඕකා මහත්තයෙක් නෙවෙයි බේබද්දෙක් .එවපු උන්ට බූ වල්ලෙන් තලන්න ඕනේ

:       0       3

Ranil Thursday, 16 September 2021 11:54 AM

ලොහාන් රත්වත්තේ මැතිතුමා ඇති විශිෂ්ට බුද්ධිමත් දේශපාලකයෙක් .කොහොමද .හරියටම ගිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කරලම හිරකාරයන්ගේ ඔලුවට පිස්තොලේ තියපු ලස්සන .කාටද එහෙම බුද්ධිමත් අදහස් පහල වෙන්නේ ?

:       0       3

saman Thursday, 16 September 2021 05:05 PM

ඉස්සර දේශපාලනයට එන්න පක්ෂයේ ජෙෂ්ඨත්වය උඩ දෙන පවුල් උරුමයක් කරගෙන මේ නිසා චරිතවත් වැදගත් අය දේශපාලනයට එන එක අඩුයි.

:       0       1

LOHAN Friday, 17 September 2021 10:22 AM

වරදක් කලත් සිතකින් නොවේ. පළිගන්නේ රිදවන්නේ ඇයි. දැන් ඉතින් මම අස් වුනානේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 20 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 65 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 428 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 398 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 499 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1404 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1423 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site