IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැතිකමින් ඉවත් වුණු හේතුව ලොහාන් හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුව අපහසුතාවයට පත් කරවීමට අකමැතිවූ නිසා තමා රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන්  ඉවත්වූ බව  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය  ලොහාන් රත්වත්තේ මහතා  ලංකාදීපයට පැවැසීය.

බන්ධනාගාරය තමාට බාරදෙන විට එය තිබුණේ ලොකු   ගිනි ගොඩක බවත්   එම ගිනි ගොඩ කෙටි කලකදී නිවා දමා  බන්ධනාගාරය යම්  ස්ථාවර තැනකට ගෙන ඒමට තමාට හැකිවූ බවත්  හෙතෙම සඳහන් කළේය.

එහෙයින් තමා  මෙම රාජ්‍ය ඇමැතිධුරයෙන් ස්වකැමැත්තෙන්  සමු ගන්නේ ඉතාම  සතුටින් බවද  රත්වත්තේ මහතා සඳහන් කළේය.

තමා සම්බන්ධයෙන්  පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා  නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්වේයැයි  සිතු හෙයින්  තමා එම  රාජ්‍ය ඇමැති ධූරයෙන්  ස්වකැමැත්තෙන් ඉවත් වුවත් මැණික් හා  මැණික් ආශ්‍රිත කර්මාන්ත  රාජ්‍ය ඇමැති ධුරයේ දිගටම කටයුතු කරන බවද  ඔහු  පැවසුවේය.

තමා ගැන විශ්වාසය පළ කර බන්ධනාගාර අමාත්‍යාංශය තමාට බාරදීම ගැන ජනාධිපතිවරයාට හදවතින්  ස්තුතිය පුද කරන බව  ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

එසේම තමා එම ඇමැති ධුරය දැරූ කාලයේදී තමාට සහයෝගය දැක්වූ සියලු නිලධාරීන්ට සහ  අනිකුත් සියලු දෙනාටද ස්තූතිය පුද කරන බව  හෙතෙම වැඩිදුරටත් කීවේය. 



අදහස් (22)

ඇමැතිකමින් ඉවත් වුණු හේතුව ලොහාන් හෙළිකරයි

Jude perera Wednesday, 15 September 2021 06:35 PM

හිරගෙදර ගින්න මිනිහා අවුලෝගෙන

:       0       56

පිස්ටල් ආරච්චිගේ නයින් ඇම්.ඇම් Wednesday, 15 September 2021 06:42 PM

විෂය භාර ඇමති බීමතින් , ගිනි අවියක් ගෙන බේබදු සහචරයන් එක්ක හිර ගෙදරක් ඇතුලේ පිස්සු නැටුවට දඬුවමක් නැද්ද මේ රටේ එතකොට ?

:       1       111

Ruwan Wednesday, 15 September 2021 07:06 PM

සාමාන්‍ය මිනිහෙක් ඕක කලානම් ඇපත් නෑ.

:       0       74

Nuwan Wednesday, 15 September 2021 07:08 PM

හිර ගෙදර මොනවද වුනේ කියලා කවුරුත් දන්නවා ඒ කාළේ.

:       0       44

විපරමා Wednesday, 15 September 2021 07:15 PM

අපි නම් දන්නේ ලොක්කාගේ අණට අස්වෙන්න සිද්ද වුණා කියලා. සමහරවිට මෙයිට වඩා උසස් තානාන්තරයක් ලැබෙයි. දුමින්දට වගේ සුදුසුකම් එහෙමත් තියෙන හින්දා.

:       0       72

ජනතාව Wednesday, 15 September 2021 07:19 PM

මේත් අර ඡන්දෙදී රට පාලනය කරනවා කියපු වියත්මගේ කෙනෙක් වෙන්නැති. මේ වගේ ඇමතිලා ඉන්නේ මේ මුතු ඇටයේ විතරයි වගේ. 69 ලක්ෂයට ආඩම්බර වෙන්න වැඩේ. එක එක රටවල් අපිව විදුලි පුටුවට යවනවා කියලා කෑගැහුවාට මෙන්න ඒ අයට සාක්ෂි නොමිලේ දෙන්න ඇවිත් ඉන්න අය...

:       3       47

විසල් Wednesday, 15 September 2021 07:31 PM

බන්ධනාගාර ඇමැතිකමෙන් පමණයි ඔබ ඉල්ලා අස්වූයේ. එය ප්‍රමාණවත් නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් මන්ත්‍රී කෙනෙක් පමණක් වන්න. ...මෙතනදී පොදුජන පෙරමුණේ මහලේකම් වරයා මොහුව පක්ෂයෙන් නෙරපීම කල යුතුව ඇත.

:       0       63

රටවැසියා Wednesday, 15 September 2021 08:00 PM

කොහෙන්ද අප්පා මේවට හිනාවෙන්නේ?

:       0       57

චන්දන Wednesday, 15 September 2021 08:09 PM

කළ වැරැද්දට අස්වෙලා විතරක්ම හරි යන්නේ නැහැ. ඊට වඩා දඬුවම් දිය යුතුයි. මානව හිමිකම් සංවිධානය මේ දිනවල අධික්‍රියාකාරීව ඉන්නවා ලංකාවට විරුද්ධව... ඒ අස්සේ මේ මිනිහා මේ කරන්නේ අමන වැඩ. මෙයා ආණ්ඩු විරෝධීද?

:       0       0

chandima Wednesday, 15 September 2021 08:36 PM

මැණික් පතල් පෙන්නන්නත් යාලුවෝ ටිකක් ගියානම් ඒ අමාත්‍යංශයෙනුත් අයින් වෙන්න තිබුනා .කරුමේ කියන්නේ අපේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාවක් අපට නැහැනේ .උන් දෙන එවුන්ටනේ කතිරේ ගහන්න වෙලා තියෙන්නේ

:       0       24

සුන්දර නිහතමානී Wednesday, 15 September 2021 09:40 PM

මෙහෙව් කාඩයින් පාර්මේන්තුවෙන්ම පන්නා දැමිය යුකුයි.

:       0       28

Warnakulasuriya Shirantha Wednesday, 15 September 2021 09:43 PM

මොහුට නීතිය ක්‍රියාත්මක නැද්ද ?

:       0       27

ගාල්ලගේ Wednesday, 15 September 2021 10:09 PM

පගර නැට්ටෙක් ගිය උඩක්.. අවුරුදු පහකට ඇව්ල්ල ... නෝන්ඩ්ම වෙලා යනව ....

:       0       25

wimal Wednesday, 15 September 2021 10:38 PM

නාටකයේ අවසානය නොබලා දැන්ම එක එක කතා කරල වැඩක් නැතිවෙයි, නෝනෙකුට ගිණි බටේ පෙන්වන එකවත් ඔලුවට දාන එක පෙන්වන එකවත් එයාගෙ පෞද්ගලිකත්වය, අර බීපුවා ගත්තෙ කොහෙන්ද කියලයි මට ප්‍රශ්නේ?

:       0       19

Dharmatileke Wednesday, 15 September 2021 11:35 PM

හොඳ කුඩුවක් හම්බවුනාද ?

:       0       16

Perera Thursday, 16 September 2021 12:00 AM

මූ හිරේ ඉන්න ඕනේ කෙනෙක් .උඩතලවින්න සමූල ඝාතනය සහ ජොඑල් පෙරේරා රටේ රගර් ක්‍රීඩකයා ව කොල්ලුපිටියේදී සමාජ ශාලාවකදී මරපු චෝදනා වලින් මුගේ තාත්තා නිසා පස්ස දොරෙන් එලියට ආවා .මුන් මිනී මරුවෝ

:       1       2

Suranga Thursday, 16 September 2021 06:02 AM

අනේ මෙහෙමත් ගොන් මෝඩයෝ .කාලකන්නි

:       0       0

Buddika Thursday, 16 September 2021 08:16 AM

කාලකන්නි වැඩ කරලා තව ප්‍රකාශත් නිකුත් කරනවා .උඩතලවින්නේ මීනීමැරුමට කව්ද සම්බන්ධ උනේ ?හිරේ ඉන්න ඕනි එවුන් පාර්ලිමේන්තුවේ සහ ඇමති මණ්ඩලයේ ඉද්දි මෙහෙම වෙනවා .උන්ට තනතුරු දෙන මිනිස්සු මේවා අනුමත කරන නිසානේ මේවා වෙන්නේ .මිනීමරුවෝ නිදහස් කරද්දී කොහෙද විනයක් තියෙන්නේ

:       1       1

swene Thursday, 16 September 2021 09:26 AM

ඇයි අනේ ඉල්ලා අස් වුනේ. රජය අපහසුතාවයට පත්වන්නේ ඇයි ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව ඔයා ගැන කිසිම පැමිනිල්ලක් වත් නැහැනේ. ඔයාගේ නම හෝ තනතුර ගැන මාධ්‍යයේ සඳහන් වුනෙත් නැහැ

:       0       1

sam Thursday, 16 September 2021 09:30 AM

මෙන්න මූ බන්ධනාගාරේ හැදුවලු . බේබද්දා උඹ බන්ධනාගාරේ විතරක් නෙමේ ලනක්වේම නම කාපු මදා වියා . උඹේ වයසට ලැජ්ජාවක් නැද්ද , මූ කොහොමත් මිනී මරලා බොරුවෙන් බේරුන එකානේ . නූගත් මෝඩ මිනිහෙකුට ලොකු තනතුරක් දරන්න බැහැ . එකයි උඹට උනේ . ජනතාවනේ මුන් වගේ මී හරකුන්ට චන්දෙ දීල පාර්ලිමේන්තු එවන්න එපා .මූව වහාම මසට ගන්න ගව මඩුවකට යවන්න . මූ ඔප්පු කළා පාතාලයා කියලා

:       0       3

ලලිත් අම්බලන්ගොඩගේ Thursday, 16 September 2021 09:33 AM

මේ කැලල නැවත මකන්න බැහැ.තවත් හුරතල් නොකර නිසි දඩුවම් දුන්නොත් ට්කක් බේරෙන්න පුලුවන්.අනේ පුදුමයි,රත්වත්තෙලා වැටිච්ච තැන.

:       0       3

Bandula Kendaragama Thursday, 16 September 2021 12:30 PM

හා ..... හා ......... හ .............. ඔබ දැනටමත් හානිය සිදු කර අවසන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 42 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 486 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 910 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 658 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1506 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3020 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site