IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආයෝජනවලින් කෝටි පන් ලක්ෂයක් බහිරවයාට

(මුදිතා දයානන්ද)

රජය විසින් 2006 සිට 2021 වසර දක්වා සිදුකළ රුපියල් කෝටි අටලක්ෂ විසිදහසක අයෝජන වලින් ඉදිකිරිම් හෝ මිලදි ගැනිම් හෝ වෙනත් ආයෝජන වලින් එකතු කරගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් රුපියල් කෝටි පන්ලක්ෂ හතලිස් එක්දාහක වත්කම් 2021 වසර අවසන් වන විට හඳුනාගත නොහැකි වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙය ප‍්‍රතිශතයක් ලෙස ගත හොත් සිදුකළ ආයෝජනවලින් සියයට 66ක් බවද එහි දැක්වේ.

මෙම ආයෝජන වලින් ගිණුම් ගතව තිබෙන්නේ රුපියල් කෝටි දෙලක්ෂ අසුදහසකට ආසන්න වටිනාකමකින් යුත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව ඉහත කාල සීමාව තුළ සිදුකළ රාජ්‍ය ආයෝජන ප‍්‍රමාණය කෝටි 8,19,900ක් වන අතර වටිනාකම් හ\ුනාගත් වත්කම් වන්නේ කෝටි 2,78,400කි. කෝටි 5,41,500ක වත්කම් හඳුනාගෙන රාජය මූල්‍ය ප‍්‍රකාශනයට ඇතුළත් කර නැත.

2005 වසරේ සිට 2014 දක්වා කාල පරාසය තුළ නිකුත් කළ මූල්‍ය ප‍්‍රකාශන වල මුල්‍ය නොවන වත්කම් ගිණුම් ගත කර නොතිබුණ බවද ඒවා ගිණුම් ගත කර තිබුණේ 2015 වසරේ සිට බවද එම වාර්තාවේ සඳහන් වේ.

මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් සියල්ලෙහි වටිනාකම් හඳුනාගෙන ගිණුම් ගත කළ යුතු බවට විගණනකාධිපති දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ කර තිබේ.

මහා භාණ්ඩාගාරය 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ රාජ්‍ය මූල්‍ය ප‍්‍රකාශනය ඇසුරෙන් සිදුකළ විගණන වාර්තාවක මේ බව සඳහන් වේ.

 



අදහස් (25)

ආයෝජනවලින් කෝටි පන් ලක්ෂයක් බහිරවයාට

sam Monday, 21 November 2022 11:38 AM

අනිවාර්යයෙන්ම මේ සල්ලි සාටක හැතිකරේගේ විදේශ ගිනුම් වල ඇති

:       3       69

RasiMonday, 21 November 2022 04:57 PM

ඔන්න ඔතන තමයි වැරදිලා තියෙන්නේ. දැන් ඔක්කොම දේශපාලකයන්ට දාල බේරෙන්න බැහැ. මුළු රටම වග කියන්න ඕන. උඩ ඉදල පල්ලහට යනකන් ඔක්කොම එවුන් හොරකම් කරනවා. ඒක නවත්තනකන් මේ රට හදන්න බැහැ. CEB engineers හොරකම් කරනවා. Railway ඉන්නේ හොර හැත්ත. රේගුවේ හොරු. වරායේ හොරු, Inland Revenue එකේ හොරු. Petroleum එකෙ හොරු. Overtime හොරු හැමතැනම. දීමනා හොරු. මතවාදී විප්ලවයක් අවශ්‍ය යුගයක්.

:       0       7

පැරකුම් Monday, 21 November 2022 12:03 PM

අපේ දේශපාලුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ හපන්කම් තව එමටයි. රාජ්‍ය පරිපාලනයේ දුර්වලකම සහ වරදට දඩුවම් නොදීම නිසා අපි දුක දරාගමු. මක්නිසාද දූෂිත අකාර්යක්ෂම පාලකයින් පත් කරගන්නේ අප විසින්මය.

:       0       55

Prasanna Monday, 21 November 2022 12:22 PM

අතුරුදහන් වූ ණය සියල්ලටම වගකිව යුත්තේ රාජපක්ෂ පවුලයි.

:       1       3

සඳුන් Monday, 21 November 2022 12:56 PM

වට්ටපු රට ගොඩ ගන්න සැදී පැහැදී ඉන්නෙත් මේ හොර හැතිකරයම තමයි. කලින් දෙපිලක හිටපු එවුන් දැං එකට එකතුවී හොරා කනවා. ආර්ථික අර්බුදය තුළත් හැකි පමණ මාටියා පාර දාගන්න බලන්නෙ. ආධාර ලැබුණත් ඖෂධ නෑ. බාල බොර තෙල්, ගල් අඟුරු මගඩි වලීනුත් ගසා කනවා. රට ගොඩ නගන්න තියන විසඳුම ලෙස කියන්නෙ හොරු ඇල්ලීමත් හොරකම් මැඩලීමත් නොව නැට්ටටම බදු ගැසීම හා ලාබ ලබන ආයතන විකිනීමත් හැර වෙන විසඳුමක් නොමැති බවයි.

:       3       32

චින්තක Monday, 21 November 2022 01:01 PM

මෙහෙම නාස්ති වුනත් ඒවා සියල්ලම බුලත්විට විකුණා ජීවත්වන කෙනාගේ සිට සියලු ජනතාව බදු මගින් ගෙවන්න ඕන .මෙහෙම වෙන්නෙ අලුතින් පත්වන ජනාධිපති හිටපු ජනාධිපති ගෙන් (රජයේ සේවකයින් නිළධාරින් අනුප්‍රාප්තිකයාට වැඩ බාරදෙන ලෙසට ) වැඩ භාර ගැනීමක් නොකිරීම ලේකම් වරයා හෝ වරිය ඇමතිගේ මනාපය තිබෙනතුරු පමණක් සිටීමත් ලේකම් වරයා හිටපු ලේකම් ගෙන් රාජකාරි භාර ගැනීම නොකිරීම මේවාට හේතුවක් වෙනවා එහෙම වුනාම කොපමණ වංචා කලත් අල්ලන්න බැහැ මේ නිසා නොපමාව සියලු අංශ සදහා ජාතික ප්‍රතිපත්ති සැකසීම කලයුතුය සියලු ව්‍යාපෘති අදාල දෙපාර්තමේන්තු හා සංථාව මණ්ඩල විසින් වාර්ෂිකව පසු විපරම් කිරීම අනිවාර්ය කල යුතුය ඒ බව අමාත්‍යාංශ ලේකම් සංථාව සභාපති වැනි අයගේ වගකීම ලෙසට පනත් මගින්ම නියම කරන්න ඕන

:       0       23

Nimal Monday, 21 November 2022 01:02 PM

ඔය ආයෝන වල සල්ලි කොටි 01ගානෙ වගේ ලන්කාවෙ හැම පවුලකටම බෙදල දුන්නම් ඊට වඩා හොඳ නැද්ද?

:       0       12

කිරිපුතා Monday, 21 November 2022 01:14 PM

අපේ රට තාම තියෙන එකයි පුදුමෙ.

:       0       25

Shashika519 Monday, 21 November 2022 01:32 PM

අපේ මහින්ද මහත්තයානම් ඕවට අල්ලගන්න එපා. ඒ මනුෂ්‍යයා තුන් හිතකින්වත් හොරකම් කරන්නෙ නෑ

:       3       20

රනේMonday, 21 November 2022 02:45 PM

මමත් සහතික වෙනවා. මොකා් කවදාවත් කරල තියා හිතලවත් තියෙනවද?

:       0       12

KariyawasamTuesday, 22 November 2022 03:51 AM

මමත් සහතික වෙනව මොකද මටත් ඔවයින් ටිකක් හම්බවුන නිසා.

:       0       2

Ruwan R Monday, 21 November 2022 02:46 PM

එතකොට මහ බැංකුවෙන් පෙන්නන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ‌වේගය කියලා චිත්‍රයක් ද?

:       0       8

රව්නි Monday, 21 November 2022 02:51 PM

විගණනය කරන අය ප්‍රායෝගික නැහැ. 2005 ඉදලා තමයි ඉදිකිරිම් ක්ෂ්‍රෙත්‍රයේ විශාල පෙරලියක් වුණේ. අධිවේගි මාර්ග ඇතුලු රටේ යටිතල පහසුකම් සංවර්ධනය ඉතිහාසයේ කවරදාටවත් වඩා සිදු වුණේ. ඉතින් අඩු පාඩු වෙලා ඇති. මිනිස්සුන්ට අවශ්‍ය සංවර්ධනය මිස පොතුගුල්ලෝ දේශපාලන හෙංචයියෝ දාන මේ වගේ ප්‍රවෘත්ති නෙමෙයි. වැඩ කරන එක තමයි වැදගත්. නැත්නම් 2015 ඉදලා වගේ ආපහු රට පස්සට යයි. විගණන කරන්න වැරදි කරපු අය ඉන්නවානම් දඩුවම් කරනවා මිස දේශපාලනය කඩේ යන එක නෙමෙයි.

:       25       9

pakeer Monday, 21 November 2022 02:59 PM

ඔය අහුවෙච්චා විතරයි .අහු නොවිච්චා .රාජ්‍ය දේපල කොල්ල කාපු ඒවා තව ඕනේ තරම් තියනවා .මම නම් දේශපාලකයන්ට වඩා දොස් කියන්නේ උන්ගේ වැඩ අනුමත කරණ බත් කන ,මෙලෝ මොලයක් නැති උන්ගේ ගූ කන ඌරන්ට

:       0       22

Maha janaya Monday, 21 November 2022 04:17 PM

බහිරවය ඉන්න තැනක් කියපල්ල අහවර කරන්න

:       0       8

sharm warnTuesday, 22 November 2022 09:27 AM

බහිරවය ඉන්නෙ විජෙරාමෙ.. පුලුවන් නම් මොකක් හරි කරන්න.. තව බහිරවයෙක් ඉන්නව සිරිකොතෙ. . එයත් මොනවද ඉල්ලනව. .

:       0       2

විපරමා Monday, 21 November 2022 05:02 PM

දුෂිත පවුල් පාලන ආණ්ඩුවක් ,දූෂිත මැති ඇමතිවරු.. රජකරපු රටක අනික් අය ගෑන කවර කතාද?

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 November 2022 05:43 PM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු.රට කෑ හොර නඩය.රජකාලේ නම් හිටුව පස් ගහලා.

:       0       2

ranjith Monday, 21 November 2022 07:39 PM

මොන වංචා නාස්ති හෙළි කරත් මේ පාලකයෝ ඉන්නකම් රටට යහපතක් වෙන්නේ නැත.

:       0       0

විජේ Monday, 21 November 2022 08:34 PM

බහිරවයො 226ක්ම ඉද්දි ඔයින් ගිය එකත් ඇති. බැසිල් රාජපක්ෂ, රවී කරුනානායක, රාජිත සේනාරත්න ප්‍රමුඛව පක්ශ බේදයකින් තොරව ගිලලා, පේනවනේ තියන අපත කටවල් ටික. ජෙට්, නැව්, සුපර් මාකට් පන්සිය ගනන් හැදුවෙ උන්ගෙ අප්පලා ඉතුරු කරපුවගෙන් නෙවේනෙ. ඒවා පෙනි පෙනීත් දඩුවම් නොවිදින එක මොනතරම්නං භයානකද. ඒවගේ කරලත් රෙදි ඇදන් ඉන්න එක මොනතරම් විහිලුවක්ද. උන්ට උන් ගැන අප්පිරියා නැතිද............ මීට කලින් ඔහොම කරපු කෙනෙක් බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි වලට ගියා, මෙයාලටත් ස්වභාවදර්මය දඩුවම් දෙනකන් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ.

:       0       1

මෝ Tuesday, 22 November 2022 01:59 AM

මුන් මේව විගනනය කරන්නෙ දැන්ද?වාර්ශික විගනනයක් නැද්ද?මුනුත් මේවට හවුල්. සාටක හැතිකරේ ගිලපුව තමයි.

:       0       1

Demuni Uduwara Tuesday, 22 November 2022 05:50 AM

සියලුම තක්කඩියන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි!

:       0       1

sharm warn Tuesday, 22 November 2022 09:28 AM

මෙව විතරක් නෙමෙයි.. මහින්දට ඉන්න ගෙයක් හදනව විජෙරමෙ. .හදන්නෙ මහජන මුදලින්. ගෙට වියදම මිලියන 800 ක් හෝ ඊට වැඩියි. . එතන හදනව අර බූරු පුතාලා 3 දෙනාටත් මලිගා. . මෙකටත් :" අනේ පාව්. . " කියන්න..

:       0       1

චන්දිම Tuesday, 22 November 2022 09:58 AM

වැඩිය කතා කරන්න ඕනි නැහැ මේ ලඟදි බොරතෙල් නැවක් ගෙන්නාගෙන මුහුදේ දින හට හැත්තෑවක් මුහුදේ තියන් ඉඳලා දවසකට ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහ ගානේ ප්‍රමාද ගාස්තු ගෙව්වේ කොහොමද කාගේ අනුදැනුම මතද කියන කාරණයම ඇති හෙව්වොත් රට කන කාලකන්නි කවුද කියාලා හෙළිකර ගන්න. එත් කරුමෙට විපක්ෂේටත් ඕක හොයන්න අමතක වෙලා. ජවිපෙ අනුරත් ඔහේ එක පාරක් කතාකරලා නිකම් ඉන්නවා. රටේ මිනිස්සුන්ටත් වගක් නැහැ. ඉතින් හොරකම් කරන එවුන්ට ඔයිට වඩා හොඳ පටපිටාවක් පරිසරයක් තව කොයි රටේද තියෙන්නේ මෙහෙ මිසක්. ඒ නිසා මේක හොරාට හොඳ අවස්තාවක් තියෙන රටක් වෙලා.

:       0       3

චමින්ද Tuesday, 22 November 2022 11:37 AM

අලුතින් රජයක් පත්වුනාම අමාත්‍යාංශ වෙනස් කරනවා ලේකම් මාරු කරනවා ඵලදායිතා සදහා පැරැණි ගොණු විනාශ කරනවා මෙනිසා ජාත්‍යන්තර ණයක් ගත්තොත් ඒක ගෙවෙනතුරුවත් ගොනුව තියන්නෙ නැහැ මෙනිසා මෙහෙම දේවල් නොවෙන්න අලුතින් පත්වන ඇමතිවරයා මෙන්ම ලේකම් සදහාත් එතෙක් ඇතිකරගත් ගිවිසුම් ණය ආදී සියලු වගකීම් අනුප්‍රාප්තිකයා වෙතට පැවරෙන ආකාරයට නීති පනවන්න ඕන දැන් තියෙන විදියට ගියාම ආණ්ඩු මාරු සමග දේශපාලුවො හා නිළධාරින් ගසාකෑම නතර වෙන්නෙම නැහැ රට විනාශයට යනවා වෙන්න ජනාධිපතිලා සියල්ලෝම මේගැන සිතත්වා

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 103 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 294 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 60 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 581 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site