IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන්

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට ආසන්නම හේතුව බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .

යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් හවුල් පක්ෂ ඉදිරිපත් කරන කරුණු සත්‍යයෙන් තොර බවත් ,දේශපාලන කාරණා සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ  මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ හැකි බවත් ,ජනාධිපතිවරයා හවුල් පක්ෂ වල නායකයන්ට ඉකුත් සතියේ පිළිතුරු ලිපියකින් දැනුම් දුන්නේය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් මෙලෙස කලකිරීමකට පත්ව සිටින බව වාර්තා වේ .
මේ අතර, ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී අද  (23) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව සිටි බව ද ආරංචි මාර්ග සඳහන් කරයි .

ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, අසංක නවරත්න ,ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද එම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත සිටි බව දැනගන්නට ඇත.



අදහස් (42)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන්

Nirmal Saturday, 23 October 2021 01:07 PM

කනස්සල්ලෙන් ඉන්න එක ඇරෙන්න වෙන මොනවා කරන්නද? එළියට බහින්න කියලද?

:       69       94

gunarathnaSaturday, 23 October 2021 01:48 PM

නිමල් ඇත්ත කතාව ඒක තමයි.. ඕනෑම නම් සජිත් එක්ක කතාකරලා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්... ප්‍රශ්නය තියෙන්නේ කවුද එළියට බහින්නේ කියලා...?

:       59       61

NirmalSaturday, 23 October 2021 02:28 PM

එළියට බැහැලා ගිහින් ෆයිල් දිග ඇරගෙන හිරේ යනවද, නැත්තන් දෙන දෙයක් කාලා මේ වගේ බොරු සද්දයක් දාලා ඉන්නවද කියන එක තෝරාගන්න වෙනවා. දෙකෙන් කෝකද තෝරාගන්නේ කියන එක කාටත් පැහැදිලියි...

:       34       78

සන්කSunday, 24 October 2021 07:17 AM

ගුණරත්න... ඔයාගේ කතාව ඇත්ත. සජිත් හොරෙක් නෙමෙයි... ඔහු බලය තියෙන කාලේ රට පුරාම ගම්මානවල අන්ත දුගී දුප්පත් ජනතාවට ඉන්න හිටින්න කියල ගෙවල් ලක්ෂ ගානක්වත් හදල දුන්න. දැන් මේ ඉන්න හොරු දරුණු කොවිඩ් ලෙඩේ අස්සෙත් හැමදාම කෝටි ගනම් මහජන මුදල් හොරාකනවා.

:       3       5

GEMUNUMonday, 25 October 2021 04:03 PM

මහත්තයෝ, සජිත් ගැන නම් කතා කරන්න එපා... එයා කවුද කියලා හැමෝම දන්නවා. මේ ඉන්න ඔක්කොම එකයි. හැමෝම තමන්ගේ වාසියට වැඩකරන මිනිස්සු... අපි පක්ෂ බෙදාගෙන කුලල් කාගෙන විනාශ වෙනවා.. දැන් රැවටුණා ඇති.

:       0       0

පැරකුම්Saturday, 23 October 2021 01:52 PM

ඒ ගොල්ලන් අන්තිමට යාලුවෙනවා... හැමදාමත් අපිට තමයි දැඩි කලකිරීම...

:       56       71

janabala asamagiSaturday, 23 October 2021 03:05 PM

බොරු සද්දයක් දාලා ඉන්නවා...

:       23       43

දොලේවත්තSaturday, 23 October 2021 06:58 PM

සෝකය දුක ආවත් මට කොයිතරම්... මම දාලා යන්නේ නෑ මගෙ සුදු රත්තරන්...

:       0       4

siripala Saturday, 23 October 2021 07:20 PM

යුගදනව් බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙසට හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන්ගේ (හවුල් පක්ෂ) අදහස්වලට ඇහුම්කන් නොදීම හේතුව නම් සවන්දිය යුතු වැදගත් කරුණු හෝ විකල්පයන් විසඳුම් ඔවුන් සතුව හෝ ඔවුන් මතු කරන්නේ නැත. රජයෙන් ඉවත්වනවා නම් ඉවත්වන්න කියා තිබියදීත් මේ බමුණන් ඉවත් නොවන්නේ වරප්‍රසාද සහ තනතුරු අත හැරීමට තිබෙන අපහසුතාවය නිසා වන්නට ඇත. ජනාධිපතිවරයා ගත් තීරණය අගය කරමු..

:       1       1

සියාතු Saturday, 23 October 2021 01:14 PM

ඔය කලකිරීම තියෙන්නේ වෙච්චි ගනුදෙණු වලින් ඒ අයට කොටසක් හම්බ නූනු එක... මිසක් මේ රට විකුණන එක ගැන කැක්කුමක්යෑ....

:       18       72

මහසෙන් Saturday, 23 October 2021 01:16 PM

හවුල්කාර පක්ෂ පමණක් නොවේ මේ රජය පත්කිරීමට ඡන්දය දුන් නොදුන් බහුතරයක් දෙනා ඉන්නේ අන්ත අසරණව. රටක් ලෙස මිනිසුන් ඉන්නේ අපේක්ෂා රහිතව. මේ ගොල්ලන්ට තියෙන්නේ දේශපාලන ප්‍රශ්න. රට්ටුන්ට තියෙන්නේ ජීවිත ගැට ගසාගැනීමේ ප්‍රශ්න... හැමදාම කතා පෙට්ටි විතරයි.

:       18       71

de silva Saturday, 23 October 2021 01:25 PM

ඕක ගැන කල්පනා කරන් තිබුණේ 20 සම්මත කිරීමට පෙර... පොහොට්ටු නායකයින්ගේ ඉලක්කය ඉදිරි අවුරුද් 3දී නඩු ටිකෙන් නිදහස් වෙලා සල්ලි ටිකත් අරන් රටින් පිටවෙන්න. දැන් ඔබලාගේ අවශ්‍යතාවයක් නොමැත. ජනතාව ඔබගැන කලකිරීමෙන් ඉන්න නිසා ඔබලාගේ දේශපාලන ආයුකාලයත් ඉදිරි අවුරුදු 3ට සීමා විය හැක.

:       20       68

kamal Saturday, 23 October 2021 01:37 PM

එතකොට ජනතාව...?

:       10       35

Sk Saturday, 23 October 2021 01:49 PM

අපි ඉන්නේ ඊටත් වඩා කලකිරීමෙන්...

:       44       59

quintas Saturday, 23 October 2021 02:16 PM

මෙතන තියෙන්නේ රාජපක්ෂමේන්තුවක් මිස රජයක් නෙමෙයි..

:       21       58

චන්දන Saturday, 23 October 2021 02:18 PM

අපි ඉන්නේ ඊටත් වඩා කලකිරිලා. ආණ්ඩුවේ තීරණ ගන්නේ කව්ද?.. සඳුදා පාසල් අරිනවා කියලා කියන්නේ සිකුරාදා හවසට... හරිම අපූරුයි... සියලු වැඩ කඩාකප්පල් කරන්න ආණ්ඩුව ඇතුලේම නියමෙට වැඩයනවා...

:       40       38

hapoorisSaturday, 23 October 2021 04:07 PM

ඊළඟ පොහොට්ටුවේ ජනාධිපති විමල් වීරවංශ මැතිතුමාලු... පුතාණෝව අල්ලලා හිරේට දානවලු...

:       22       19

siri Saturday, 23 October 2021 02:32 PM

ඔය සේරම අමනාපකම් ඡන්දයක් එනතුරු විතරයිනේ... අපි දන්නේ නැද්ද ඔතන ඉන්න වැඩි දෙනා තනියම තරඟ කරලා එක ඡන්දයක්වත් ගන්න පුළුවන් කට්ටිය නෙවේනේ. පරපෝෂිතයින් කියන්නේ සද්ද කළාට අතහැර යන අය නොවේ...

:       10       52

ගජමිතුරු Saturday, 23 October 2021 03:53 PM

සිරි ඔබ හරි.. හැමදාම කලේ බොරුවට සද්දයක් දම දමා ඉඳලා ආණ්ඩුවට විරුද්ධව ප්‍රශ්නයක් ආවොත් ඔක්කොම එකතුවෙලා වැඩ කරනවා. එවැනි තැනකදී වැඩියෙන් ආණ්ඩුවට පක්ෂව කහින්නේ මුන්දලාම තමයි....

:       22       38

සමරේSaturday, 23 October 2021 03:59 PM

ඒ කට්ටියට ඡන්ද නොලැබුණොත් එක්කෝ ඒ අයට කැමති අය ඡන්දෙ නොදෙයි, එහෙම නැත්නම් වෙනත් හවූලකට ඡන්දය දෙයි, සමහර විට සජබ වෙන්න පුලුවන්. ඒ වගේම මේ පාර රනිල් සහ සජිත් අරගලය නිසා 2020 ඡන්දයේ සෑහෙන යූඑන්පී කොටසක්... එක්කෝ කාටවත් ඡන්දය දුන්නේ නෑ... එහෙම නැත්නම් පොහොට්ටුවට දීපු අයත් හිටියා. ඒ අය බොහෝවිට මනාපය දුන්නේ මෙවර අලුතෙන් ආපු පොහොට්ටු මන්ත්‍රිලාට. තව සමහරු විමල් සහ උදය එක්ක ඉන්න වැඩි නරකක් නැති මුසම්මිල්, ජයන්ත සමරවීර සහ පියල් නිශාන්ත වගේ අයට දුන්නා. ඒ නිසා තමයි පරණ යූඑන්පී එක බින්දුවට බැහැලා සජිත්ලා අමාරුවෙන් ඇතුළට ආවේ. ඒ තත්වය එන පාර අනිත් අතට හැරෙන්න පුළුවන් මේ වෙලාවේ රාජපක්ෂ සහෝදරවරු සහ ඔවුන්ට කෙලින්ම මුට්ටිය අල්ලන පසුපෙළ මන්ත්‍රීවරුන් තමන්ගේ බලය විතරක් දකින නිසා. ඇත්තටම රාජපක්ෂලා පැරදුණා කියලා ඔවුන්ට දැන් ප්‍රශ්නයක් නෑ. උදය, වීමල්ලා වගේ අයත් යම්කිසි තරමකට තමන් සාමාන්‍ය ජනතාව පැත්තේ ඉන්න බව පෙන්නලා තියනවා. ගෙදර යන්නේ සාගර කාරියවසම් ඇතුළු ඔහු සමග පසු පෙළේ ඉඳලා තමුන් මේ දිනලා ඉන්නේ කොහොමද කියලා තේරුම් නොගෙන පස්සේ ආපු අඟවල් වගේ හැසිරෙන අය. ඒ ගොඩේ ඉන්න බොහෝ දෙනෙක් ඔබ කියන වගේ පරපෝෂිතයින් තමයි.

:       7       16

SamantaSunday, 24 October 2021 01:04 AM

ඔය පසුපෙළ මන්ත්‍රීවරුන් කියන ගොඩේ රාජපක්ෂ සහෝදරියකගේ පුතා වන නිපුණ රණවක ඉන්නවා. එයා තමයි පොහොට්ටුව වෙනුවෙන් මහන්සි වුන ඩලස් අලහප්පෙරුම කපාගෙන ඉහළට එන්න පාර හදාගන්න පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙහෙයවන එක්කෙනෙක් වන්නේ. අන්තිමට ඕවා නිසා හොරකම් නොකරන ඩලස් වගේ අයත් කලකිරිලා ඉවර වෙන්නේ. අපේ පවුලම දැන් කලකිරිලා ඉවරයි. මම බොහොම වෙලාවට කාටවත් ඡන්දය දෙන්නේ නෑ. අපේ පවුල්වල ටික දෙනෙක් එහෙමයි. තව සමහරු ආපහු අලියට දෙනවාලු. ගිය පාර ඒ කට්ටිය රනිල් සජිත් ප්‍රශ්නය නිසා පොහොට්ටුවට දීපු අය.

:       0       2

SenaSunday, 24 October 2021 06:10 AM

මේවගේ හවුල්කාර ත්‍රිවීල් පක්ෂ වලට තරහ යන එක සාධාරනයි. තමන්ගේ නඩු ගොඩ දාලා නොදී එවා තියාගෙන කේවල් කරනවා. හොරකම් කරන්න අවස්ථා, අමාත්‍යංශ, මුදල් ප්‍රතිපාදන ලොක්කොම බෙදාගෙන. එයාලට කලකිරෙන එක සාධාරණයි. අපි නම් ඔය ඔක්කෝම ගැන කළකිරිලා ගොඩක් කල්.

:       0       2

de silva Saturday, 23 October 2021 04:03 PM

අතීතයේ කළ විදිහට ඔබලාගේ ආදායම් මාර්ග සහ වරප්‍රසාද ආරක්ෂා වන විදිහට හිතලා හොඳ තීරණයක් ගන්න. ඉහළ ගිය ගෑස් සහල් සහ ඉන්ධන මිලෙන් පීඩිත වෙලා ඉන්න මම තීරණය කළා ඉදිරි ඡන්දවලදී ඔය පොහොට්ටු, බුලත් කොළ, අත් එකෙකුටවත් ඡන්දෙ නොදෙන්න. ඔය මොන දේ ඇතුළේ ඉන්නෙත් පරණ දූෂිත දේශපාලකයින් රොත්තක්...

:       36       26

sachith Saturday, 23 October 2021 04:43 PM

දොළදුකක් පහළ වෙලා වගේ...

:       21       16

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 October 2021 04:57 PM

මේවා මේ කට්ටියම කතාවෙලා ජනතාව මුලාකරන්න කරනා උප්පරවැට්ටි ... මේ මොන සෙල්ලම් දැම්මත් අන්තිමේදී මේ අය නවතින්නේ ඒ ගොඩේමයි.

:       29       36

SamantaSunday, 24 October 2021 12:57 AM

එයාලා තාවකාලිකව දමන උප්පරවැට්ටි වුනත් එයින් රජයට හානි වීම වළක්වන්න අමාරුයි. ගිය පාර ඡන්දය දීපු යම්කිසි කොටසක් මේ දේවල් නිසා තදබලව කලකිරිලා වෙන අතක යනවා නැත්නම් ඡන්දෙ නොදීම ඉන්නවා. මොක වුනත් අන්තිමට පාඩු පොහොට්ටු රජයෙන් නැවත පාර්ලිමේන්තු එන්න ඉන්න කොටසකටයි. ඒ නිසා මෙය උප්පරවැට්ටියක් නම් එය උඩ බලාගෙන කෙල ගසා ගැනීමකුත් වෙනවා. එසේ නොවේවා කියලා හිතනවා. එක්කෝ ආණ්ඩුව හරි මගට ගන්න නැත්නම් තව ටිකක් කලකදී නීතිමය ප්‍රශ්න නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වෙන්න ඕන. හැබැයි මන්ත්‍රිකම් නීතියෙන් අහිමි වෙනවා නම් යන්න හොඳ නෑ මොකද මෙහෙමවත් විරුද්ධ නොවෙන අයව අලුතෙන් ඇතුලට අරන් අර පසුපෙළ ඉඳන් සීනි කිරණ කට්ටියට ඉදිරිපෙළ ඇමතිකම් දෙයි. අන්තිමට අපි වෙනුවෙන් නීකම්වත් කතාකරන කෙනෙක් රජය ඇතුලේ නැති වෙයි.

:       0       0

Demuni Uduwara Saturday, 23 October 2021 05:58 PM

ඔක්කොමලාට පිටකොඳු තියෙනවා නම්... රජයෙන් අයින් වෙන්න.

:       13       19

RaneSunday, 24 October 2021 06:59 AM

.....අයින් වෙලා ජ.වි.පෙ. ට සපෝර්ට් කරන්න..

:       1       2

Nuwa Saturday, 23 October 2021 06:12 PM

වෙන් වෙන්න දැන් ළඟයි.. වෙන් වෙන්න බෑ දුකයි.

:       15       22

සිරිබිරිස් Saturday, 23 October 2021 07:17 PM

මට එම්. එස්. ප්‍රනාන්දුව මතක් වුණා...

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 23 October 2021 07:34 PM

ඔතනදි ජනාධිපතිතුමා කියපු එක කාරණයක් නම් හර... ඒ තමයි දේශපාලන කාරණාවක් කියපු එක... මොකද මේක චීනෙට දුන්නා නම් මේ ගොල්ලන් මෙච්චර කෑ ගහන එකක් නෑ. ඇත්තටම මේක දේශප්‍රේමීත්වය නෙමෙයි... දේශපාලනය... මොකද දේශප්‍රේමීත්වය නම් මේ ගොල්ලන් අර කුරුණෑගල බුවනෙක මැදුර කඩපු දවසේත් මේ වගේම විරෝධයක් දක්වන්න තිබුණානේ... චීන්නුන්ට ඉඩම් දෙද්දීත් මේ විදිහට කෑ ගහන්න තිබුණා.. එදා එහෙම කළා නම් අද යුගදනව් බලාගාරයට මෙහෙම වෙන එකකුත් නොවෙන්න තිබුණා...

:       0       1

kapila Saturday, 23 October 2021 08:35 PM

මැක්කන්ට ඉන්න සුදුසුම තැන බල්ලාගේ ඇඟේ ඉන්න එක. මැක්කන් ට ප්‍රශ්නයක් වෙනකොට බල්ලාගේ ඇඟ හයියෙන් විකනවා. බල්ල එතන කහනවා. මැක්කෝ කීප දෙනෙක් වැටෙනවා. ආයේ බල්ලාගේ ඇඟේ එල්ලෙනවා. මැක්කන්ට බල්ලගෙන් තොර ලෝකයක් නැත.

:       0       3

SamanayaMonday, 25 October 2021 12:30 AM

මැක්කන්ට බල්ලෙක් වුවමනා වුනත් එකම බල්ලාවම අත්‍යවශ්‍යද? වෙන බල්ලෙක්ගේ ඇඟේ එල්ලෙන්නත් උළුවන් නේද? ඒ වගේම බල්ලෙක් නැත්නම් පූසෙක්, හරකෙක් වගේ අනෙක් සතෙක්ගේ ඇඟේ ඉන්නත් පුළුවන් වෙයි නේද? අනික බල්ල ලෙඩ වැඩිවෙලා මැරෙන ගානට ආවොත් මැක්කෝ උණුසුම තිබෙන වෙන සතෙක් හොයන් යනවනේ. වෙන මුකුත් නෙවෙයි නම් වැලි මැක්කන් වෙලා අනික් උන්ට එතන ඉන්නත් බැරි කරන්න පුළුවන් වෙලාවලුත් තිබෙනවාය. ලංකාවේ දේශපාලනයේ බල්ලන් සහ මැක්කන් විතරක් නෙවෙයි බළලුන් හරකුන් එහෙමත් පිරිලාය. ඉතින් මැක්කාගේ කළත් එහෙමටම නරක නැත. බැරිම වුණොත් වැලි මැක්කන් හෝ වෙන්න පුළුවනි.

:       0       0

Kumara Saturday, 23 October 2021 09:16 PM

මේවලින් රටට ඇති ඵලය මොකක්ද

:       0       2

Lelwala Saturday, 23 October 2021 09:35 PM

ජනතාවට බොරු කරන්න අවශ්‍ය නැහැ. තමන්ට විපක්ෂයට ගිහින් රජයේ කරන වැරදි පෙන්වා දෙන්න පුලුවනි. විපක්ෂයට ගිහින් රජයක් පහිටවන්න මන්ත්‍රි 113 සංඛ්‍යාවක් සිටිය යුතුයි.

:       0       1

pramod Saturday, 23 October 2021 10:51 PM

සතියේ මාතෘකාව, රජයේ දේශපාලන නාට්‍යයේ නව කථාංගය

:       0       2

Koka Sunday, 24 October 2021 07:22 AM

මේවා මාධ්‍ය සංදර්ශන ඇත්තටම මේගොල්ලො මේවාට විරුද්ධ නම් මේ මේගොල්ලන්ගෙ හඩට ආන්ඩුව ඇහුම්කන් දෙන්නෙත් නැත්නම් ඇත්තටම රටට ආදරයක් ඇත්නම් එදා ගාමිණී ජයසූරිය ,ඇම්.ඩී.එච්..ජයවර්ධන මහත්වරු කලා වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරලා ඉල්ලා අස්විය යුතුය.

:       0       3

ඩබ්.ඇම්. ප්‍රේමතිලක Sunday, 24 October 2021 07:37 AM

මෙයාල හැමෝම ගැන ජනතාව කළකිරීමෙන් ඉන්නේ.

:       0       3

gunarathna Sunday, 24 October 2021 07:58 AM

කොහොමත් මම කියන්නේ මේ හැමෝටම ඕන මහින්දව නැවත බලයට ගෙන්න.

:       1       2

Soma dubayi Sunday, 24 October 2021 11:28 AM

කලකිරීමක් එන්න මොකක්ද ආණ්ඩුව කරපු වැරැද්ද.?

:       1       1

siri Sunday, 24 October 2021 11:54 AM

හවුල්කාර පක්ෂ තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද කියල ඒකට ගැටයක් ගහගන්න බලන්නේ නැත්නම් මේ තරම් ජනතාවට ජෙවන බර උසුලන්නා බැරි කාලයක් ඉතිහාසයේම මේ රටේ තිබිලා නැ, වචනයක්වත් ඒ ගැන කතා කරනවද?

:       0       3

sampath Sunday, 24 October 2021 10:17 PM

මෙතන කල කිරෙන දෙයක් නෑ ,දේශපාලනය ගැන දන්නේ අගමැති තුමා .එතුමා කිව්ව නිසයි කට්ටිය සපෝර්ට් කලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 921 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 367 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 812 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 800 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 310 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 497 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site