IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වා දෙයි

අයිඩියල් මෝටර්ස් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය Ideal Moksha නමින් පසුගියදා වෙළඳපොළට හඳුන්වා දුන්නේය.

ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයක් බව අයිඩියල් මෝටර්ස් කියයි. වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින්ද මෙය හඳුන්වා දිය හැකි බවද එම සමාගම පෙන්නා දෙයි. උසස්ම තාක්ෂණය සහ නිර්මාණය සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන නිසාම මෙම රථයට Moksha යන නම යොදා ඇත.

රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩ්‍රිසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46k Wh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාවද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080rpm වේගයකින්ද සමන්විතය. වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මගීන් තිදෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය. Apple Carplay සහ Android Auto යෙදවුම් භාවිත කළ හැකි අඟල් 7ක මල්ටිමීඩියා ස්පර්ෂ තිරයකින්ද සමන්විත නිසා පාරිභෝගිකයන්ට තමන් ප්‍රියකරන ගීත වායුසමනය කළ මෝටර් රථයක් වන මෙහි Push Start සහ ඇලොයි වීල් වැනි විශේෂාංගද ඇතුළත් වේ. එමෙන්ම Ideal Moksha රථයේ ඉලෙක්ට්‍රික් මෝටරය සඳහා වසර 2ක පූර්ණ වගකීමක් සහ බැටරියට මිලදී ගත් දින සිට වසර 5ක් දක්වා වගකීමක් හිමි වේ. දිවයින පුරා පිහිටි අපගේ අලෙවි ජාලය හරහා අසමසම සේවා ලබා ගැනීමේ හැකියාව ඇත. ඕනෑම සමාජ තරාතිරමක අයෙකුට දැරිය හැකි මිලකට ලබා ගත හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වන Ideal Moksha ශ්‍රී ලංකාවේ ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් හොඳින් ගැළපේ මිලියන 1.5ක් ලියාපදිංචි ත්‍රිරෝද රථ සහ මිලියන 4.5 ක් ලියාපදිංචි මෝටර් සයිකල් භාවිතා වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය පිරිමැසුම්දායී මෙන්ම ආරක්ෂාකාරී ස්මාර්ට් ප්‍රවාහන විසඳුමකි. පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් වන මෙහි ගියර් මාරුවක් නොමැතිව ආරම්භයේ සිටම සියයට 100ක ව්‍යවර්ථයක් ලබා දෙයි. පහසුවෙන් අවබෝධ කරගැනීමටත් සුවපහසු රියදුරු අත්දැකීමක් විඳගැනීමටත් Ideal Moksha ඔබට ඉඩකඩ සලසයි. ඉන්ධන අවශ්‍යතාවක් නොමැති නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පවතින ලොකුම හිසරදයකින් මිදීමටද පාරිභෝගිකයාට හැකිවේ. රථයක් ගැන සිහින දකින සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෙළෙඳ ක්ෂේත්‍රයේ විධායක නිලධාරියකු දක්වා පරාසයක ඕනෑම අයෙකුට ගැලපෙන මෝටර් රථයක් ලෙසද Ideal Moksha අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.

තිරසර ප්‍රවාහන විසඳුම් සම්බන්ධයෙන් කැපීපෙනෙන භූමිකාවක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු වූ,  අයිඩියල් සමූහයේ නිර්මාතෘ, සභාපති නලින් වෙල්ගම මහතා සහ කාලගුණ විපර්යාස පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රවීණයන් පිරිසකගේ මෙහෙයවීමෙන් Ideal Moksha නිර්මාණය විය. මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කරන ලද්දේ අයිඩියල් සමාගමට අයත් රත්මලානේ පිහිටි හරිත වැඩබිම් පරිශ්‍රයේ දීය (මෙම වැඩබිම පූර්ණ වශයෙන් සූර්ය ශක්තියෙන් බලගන්වා ඇත.) මේ පිළිබඳ අදහස් දක්වමින් නලීන් වෙල්ගම මහතා මෙසේ පැවසීය. Ideal Moksha වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවීමේ මගේ සිහිනය සැබෑ කරගන්නට අද දවසේ මට හැකියාව ලැබුණා. ප්‍රවේශ මට්ටමේ මෝටර් රථයක් වන මෙහි ලෝකයේ හොඳම මෝටර් රථ තාක්ෂණයට අදාළ නව්‍ය විශේෂාංග ගණනාවක්ද ඇතුළත් කොට තිබෙනවා. මෙවැන්නක් මගේ මවු රටට හඳුන්වා දෙන්නට ලැබීම මගේ 35 වසරක මෝටර් රථ ව්‍යාපාරික අත්දැකීම් අතර සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් වාහන යුගයේ සමාරම්භය ද සනිටුහන් කරනවා.

අපේ තවත් නිෂ්පාදන දෙකක් අද එළිදක්වා තිබෙනවා. ඉන් එකක් තමයි විදුලියෙන් ක්‍රියාත්මක ඉලෙක්ට්‍රික් මෝපඩ් රථය. ඒ එක්කම එන්ජිමක් සහිත ස්කූටර් එකක් අප ඉලෙක්ට්‍රික් එකක් බවට පරිවර්තනය කර තිබෙනවා. ඒක retrofit නමින් හඳුන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිවෙස් ලක්ෂ 55ක් තියෙනවා. එම නිවෙස්වලින් බහුතරයක් සාමාන්‍යයෙන් විදුලි ඒකක 100-200 පමණ ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. එවැනි අයට තමයි විශේෂයෙන් මෝපඩ් රථය සහ විදුලියට පරිවර්තනය කළ ස්කූරටය හා Moksha මෝටර් රථය උචිත වෙන්නේ. ඒ අයට අපි සම්පූර්ණයෙන්ම විදුලි බිලෙන් නිදහස් විය හැකි පරිදි තමන්ගේ නිවෙස්වල සවිකර ගත හැකි සෝලා පද්ධතියක් හඳුන්වාදීමටත් කටයුතු කරනවා. එය පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීමෙන් පසු ඒ සෝලා පද්ධතිය තමන්ගේ නිවසේ වහලය මත සවිකර ගැනීමෙන් පසු ඔවුන්ගේ විදුලිබිල ශුන්‍ය කරගත හැකි වෙනවා. එමගින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ වැඩකටයුතු කර ගැනීම සහ වාහනයේ නඩත්තු කර ගැනීමට විශාල රුකුලක් වෙනවා යැයි කියා සිටියේය.

595

 



අදහස් (6)

අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වා දෙයි

Jayasiri Friday, 05 August 2022 12:28 PM

වැදගත් තොරතුරු හැලිලනෙග මිල කීයද?

:       0       8

BTFriday, 05 August 2022 05:25 PM

එම සමාගමේ නිල යූ ටියුබ් වීඩියෝවක මිලකරණය පිළිබඳව ඉඟියක් තිබුණා.

:       0       0

sirimal Sunday, 07 August 2022 08:23 AM

සතුටුදායක පුවතක්... දරන්න හැකි මිලක් නම් වඩාත් සතුටුයි..

:       0       1

Bunny Preena Monday, 08 August 2022 09:21 AM

සතුටු විය හැකි කරුණක්... නමුත් මිලගණන් ඇහුවාම එම සතුට තියෙයිද දන්නේ නැහැ...

:       0       2

K.M. Neil Nandasiri Monday, 08 August 2022 09:47 AM

මේ වාහනයේ මිල කීයද කියලා දැනගන්න කැමැතියි.

:       4       3

Prabash Thursday, 11 August 2022 04:57 PM

මිල කීයක් වුණත් ප්‍රශ්නයක් නෑ, මේක තමයි ලංකාවට හොඳම විසඳුම

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 8 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 320 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 442 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1213 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2658 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1766 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site