IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී

(උපාලි ආනන්ද)

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති  පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති  පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය නියෝග කළාය.

දිසා විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන හතරක අයිතිය සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවති නඩුවක් සමථයට පත් කර ගැනීමට මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් ඇති කර ගත් සමථ එකඟතාවයක් සළකා බලමිනි.

ඒ අනුව ප‍්‍රශ්න ගත මෙම වාහන හතර අතරින් එන්සී/සීබීඑල් 5353 අංක දරණ ටොයෝටා ලෑන්ඞ් කෲෂර් වී එයට් වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය සහ එන්සී/පීසී 8445 අංක දරණ ටොයෝටා හයිලූක්ස් වර්ගයේ කැබ් රථය සහ එන්සී/කේඩබ්ලිව් 9988 අංක දරණ ටොයෝටා ප‍්‍රිමියෝ වර්ගයේ මෝටර් රථය වත්මන් අටමස්ථනාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභාවට බාර දෙන ලෙසටත් එන්සී/සීඒඩබ් 1210 අංක දරණ හොන්ඩා වෙසෙල් වර්යේ ජීප් රථය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන පී එම් චන්දානන්ද යන අයට පැවරීමටත් දිසා විනිසුරුවරිය නියෝග කරනු ලැබුවාය

ඒ අනුව මෙම නඩුව අවසන් කිරීමටද නියෝග කෙරිණ.

අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ ව්‍යාපාරිකයකු වන  පී එම් චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස  අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝධි බෝමළුව විහාරවාසී කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර ථූපරාමාධිකාරි කහල්ලේ ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.

පෙත්සම්කාර පී එම් චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරමින් පවසා ඇත්තේ අනුරාධපුර නගරයේ කීර්තිමත් ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තමා අටමස්ථානධිපතිව සිටි  පල්ලේගම සිරිනිවාස නාහිමියන් සමග වසර 19 ක කාලයක් කිට්ටු ඇසුරක් පවත්වා ගෙන ගිය බවයි.

පල්ලේගම සිරිනිවාස නාහිමියන් අසනීප තත්වයෙන් සිටි සෑම අවස්ථාවකදීම අවශ්‍ය කටයුතු සපයා දෙමින් තම පියකු මෙන් රැක බලා ගත්තේ තමන් බවද පවසන පෙත්සම්කරු සිරිනිවාස නාහිමියන් අපවත් වන අවස්ථාවේ දී ඇප උපස්ථාන සඳහා කැපවී සිටි පුද්ගලයා තමන් බවද ප‍්‍රකාශ කොට තිබේ. එසේම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටි කාලයේ එම හිමියන් විසින් උපයා සපයා ගත් සාංගික නොවන තම පුද්ගලික ධනයෙන් දේපල කිහිපයක් මිළදී ගත් බවත් එම දේපල වල නිර්වද්‍යතාවය සොයා බැලුවේ තමන් බවත් පෙත්සම්කරු සදඟන් කර ඇත.

 



අදහස් (6)

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී

පිටිගල මිලානෝ Thursday, 16 March 2023 04:42 PM

ඔබේ දරුවාව දොස්තර කෙනෙක් කරනවාද? ඉංජිනේරුවෙක් කරනවාද? ටියුෂන් කාරයෙක් කරනවාද? දේශපාලකයෙක් කරනවාද? මහණ කරනවාද? මට නම් මගණවෙලා V8 කීපයක් තියාගෙන හොරපාරෙන් තෑගිත් කාටකාට හරි දීගෙන සම්‍යක් ප්‍රීතියෙන් සැපක් ගන්න හිතිලයි තියෙන්නේ. අපරාදේ ඉතාලියේ ඉදන් කාලයක් කාපු කට්ට.

:       0       0

සංඝරාජ Friday, 17 March 2023 07:45 AM

මාර්ගය ඉතා රළු බැවින් නිවන් පුර යාමට මෙවන් වාහන නැතුවම බැරිය.

:       1       8

chaminda Friday, 17 March 2023 08:42 AM

සසරෙන් එතරවෙන්න මහණවුන වුන් කරලා තියෙන්නේ ධනය රැස්කරන එකනේ. මේකද අපේ බුදුපියාණන් වදාළේ.

:       1       7

Lalla Saturday, 18 March 2023 10:23 AM

V8 නිවන් මග. කාමසුඛයේ මානසිකත්වය ඇතුව සසුනට ආ අයගෙන් මොන බණදහම්ද?

:       0       2

නිමේෂ් Saturday, 18 March 2023 08:24 PM

රාජපක්ෂලා රනිල් ල මළගෙදරට එනකොටම දැනගන්න පුළුවන් අප්වත්වෙලා තියෙන්නේ කොයි වගේ කෙනෙක් ද කියල

:       0       0

de silva Sunday, 19 March 2023 07:51 PM

අපේ අවදානය සහරාන්ලා, V8 2-3 භාවිතා කරන ඇතැම් දුසිල්වත් හාමුදුරුවරු බුදු සසුන විනාශ කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 61 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 146 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 224 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 648 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1036 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 852 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site