IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යාපනය අන්තර්ජාතික සිනමා උළෙල දී ලංකාදීප විශේෂාංග කර්තෘට සම්මානයක්

‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙල’ 5 වැනි වරටත් පසුගියදා යාපනයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර සම්මානලාභී වාර්තා හා කෙටි චිත‍්‍රපට අධ්‍යක්‍ෂිකාවක මෙන්ම ජාත්‍යන්තර සිනමා උළෙලවල ජූරි සභිකාවක ලෙසත් කටයුතු කරන අනෝමා රාජකරුණාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ කෙරිණි.

රටවල් 22කින් චිත‍්‍රපට 70ක් පමණ (වෘතාන්ත, වාර්තා හා කෙටි චිත‍්‍රපට) මෙම උළෙල සඳහා ඉදිරිපත් කර තිබිණි.

එහිදී හොඳම වෘතාන්ත චිත‍්‍රපටය ලෙස ප‍්‍රදීපන් රවීන්ද්‍රන් අධ්‍යක්‍ෂණය කළ  ‘soundless Dance’ චිත‍්‍රපටයත්, හොඳම ජාත්‍යන්තර කෙටි චිත‍්‍රපටය ලෙස මැලේසියාවේ අන්වර් ජොහාර් හෝ අධ්‍යක්‍ෂණය කළ ‘forget me not’ චිත‍්‍රපටයත්, ජනප‍්‍රිය කෙටි චිත‍්‍රපටය ලෙස පේ‍්‍රක්‍ෂකාගාර සම්මානය වනිතා සේනානිරාජ් අධ්‍යක්‍ෂණය කළ ‘The Ruins ’චිත‍්‍රපටයත්, හොඳම ජාතික කෙටි චිත්‍රපටය ලෙස සිලෝන් තියටර්ස් සම්මානය හා මුදලින් රුපියල් ලක්‍ෂයක ත්‍යාගය බව ගීතා ලෝගනාදන් අධ්‍යක්‍ෂණය කළ  ‘Generations’ චිත‍්‍රපටයටත් හිමිවිණි.

උළෙලේදී, ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව (Lifetime) සම්මානය මෙරට ප‍්‍රවීණ රංගනවේදිනියක වන ස්වර්ණා මල්ලවාරච්චිටත්,  ඉන්දියාවේ දක්‍ෂතම සිනමා විචාරකයකු වන වී.කේ. ජෝශප්ටත් හිමිවූ අතර වසර 5ක් තිස්සේ උළෙල සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙමින් සිනමා කලාවට කළ මෙහෙවර වෙනුවෙන් ‘‘සරසවිය’’ කර්තෘ අරුණ ගුණරත්නත්, ‘‘ඩේලිමිරර්’’ නියෝජ්‍ය කර්තෘ රමේෂ් උවෙයිස් හා ‘‘ලංකාදීප’’ විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මෙහිදී සම්මානයට පාත‍්‍ර වූහ.

5 වැනි දා යාපනය අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සම්මාන ප‍්‍රදානෝත්සවය යාපනය කාගිල්ස් චතුරශ‍්‍රයේ සිනමා සංකීර්ණයේ දී ප‍්‍රවීණ සිනමාවේදී අශෝක හඳගමගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්විණි.

මෙම උළෙල ‘‘ඇජෙන්ඩා 14’’ සිලොන් තියටර්ස් හා යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.



අදහස් (0)

යාපනය අන්තර්ජාතික සිනමා උළෙල දී ලංකාදීප විශේෂාංග කර්තෘට සම්මානයක්

ඔබේ අදහස් එවන්න

රසවින්දන

බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි
2023 ජුනි මස 25 929 0

වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බ


ඩිජිටල් යුගයක දරමිටි පාරේ
2022 ජුලි මස 07 2848 4

මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.


ටෙනී
2020 ඔක්තෝබර් මස 02 6672 2

ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ට


සැබෑවේ වාර්තාව
2020 ඔක්තෝබර් මස 02 11568 2

සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දුම්නගනු පෙනේ. ඒ ටයර් මත පිළිස්සෙන මළ සි


රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණ බාරගැනීම ඇරඹේ
2020 සැප්තැම්බර් මස 25 917 0

රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්ත


මේ අවශ්‍යම මොහොතයි
2020 සැප්තැම්බර් මස 25 1867 0

‘‘ප්‍රේමය නම්’’ චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවේ මුද්‍රා තැබූ සහෝදරයන් දෙදෙනකු, තමන්ගේ දෙවැනි නිර්මාණය සමඟ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. ඒ ඊයේ (24)


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site