IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්

ගෙයිරංගෆියෝඞ් හරහා යාත‍්‍රා කරමින්


දුරින් දුරට ඇදී යන කඳු වළලූ, වැව්, දියඇලි සහ ජලාශවලින් සමත්විත මහේක්ෂ භූමි දර්ශනයෙන් වශීකෘත වෙමින් අපි ශිඛර මුඳුනෙහි ඉතා නැවුම් වාතය ලය පුරා ආශ්වාස කළෙමු.

බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරයේ දිය පහරක් හරහා තනා ඇති පාළමක්
 
බියුලා හා ගොඞ්රිඞ්ජ්

නැවැත වරක් මනස්කාන්ත දර්ශන, සුන්දර මතකයන් හා විශ්මයන් ගණනාවක් විඳි දිනයක් අවසානයේ අප නැවත පස්වරු හය වනවිට නෞකාවට ගොඩවූයේ අපගේ මීළඟ ගමනාන්තය වන ගෙයිරෙන්ජර් ෆියෝඞ් බලා යාමටය. ගෙයිරේන්ජර් ෆියෝඞ් යනු ස්වකීය අනූපම සුන්දරත්වය නිසා 2005 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් ලද කුඩා ගම්මානයකි.

එය හිම ශිඛර පැළැඳි හරිත කඳුවැටිවලින් වට වී තිබේ. ‘සෙවන් සිස්ටර්ස්’ හෙවත් ‘සොයුරියන් සත් දෙනා’ නමින් හඳුන්වන සුන්දර දියඇලි මේ කඳුකර ගම්මානයට දර්ශනය වේ. ‘ඊගල් රෝඞ්’ මාවතෙහි වට වංගු එකොලහ පසු කරමින් ඉහළට ඇදෙන විට හිසකෙස් කෙළින් සිට ගනී. එකොලොස් වෙනි වංගුව පසුකොට පහළ බලන විට අප පැමිණි නෞකාව පහත නැංගුරම් ලා තිබෙනු පෙනේ. ‘ඩැල්ස්නිබා’ කඳු ශිඛරයද, ඒ හාම දර්ශනය වේ.

ගෙයිරේන්ජර්හිදී නැවැත වරක් අපේ කණ්ඩායම දෙකට බෙදුනි. එක් කොටසක් නෝර්ඩාල් නිම්නයෙහි පිහිටි සාම්ප‍්‍රදායික ගොවිපොලක් නැරඹීමට බලාපොරොත්තු වූහ. මුහුදු මට්ටමිින් අඩි 1500ක උන්නතාංශයකින් පිහිටි මේ ගොවිපොල ගොඩනැඟිලි තිහකින් සමත්විතය. එළු කිරෙන් නිපදවනු ලබන නෝර්වීජියානු සුදු හා දුඹුරු චීස් එහි ප‍්‍රධාන නිෂ්පාදනයයි.

එහි ගිය අපේ පිරිසට ගොවිපොලේ නිපදවන විවිධ කිරි අහරින් සන්තර්පණය වීමට ඉඩ ලැබිණි. කෙසේ වෙනත් මා සම්බන්ධවූයේ බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරය බලා යන අනෙක් කණ්ඩායම සමඟයි. පෝල්, නිලීකා හා ගොඞ්රිජ් මගේ ගමන් සගයෝ වුහ. අප නතරවූ තැන සිට මේ කඳුකර මාර්ගයෙහි දිගටම ඉහළට ඇදුනෙමු. ඉහළට නඟින්නට නඟින්නට ගෙයිරේන්ජර් ෆියෝඞ් වඩාත් මනරම්ව දිස්වන්නට විය.

අනතුරුව අපි ඩුප්වාන් විල පිහිටි දිශාවට හැරුනෙමු. කඳුකර දසුන්හි සුන්දරත්වය විඳිමින් අපි ඉදිරියට ඇදුනෙමු. අපේ ගමනාන්තයවූ ඩැල්ස්නිබා ශිඛරයට නැඟුනුවිට දිස්වන මනස්කාන්ත කඳුකර භූමි දර්ශනය අපට ඉහළට ගත් හුස්ම පහළට හෙලීමට අමතක කළේය. දුරින් දුරට ඇදී යන කඳු වළලූ, වැව්, දියඇලි සහ ජලාශවලින් සමත්විත මහේක්ෂ භූමි දර්ශනයෙන් වශීකෘත වෙමින් අපි ශිඛර මුඳුනෙහි ඉතා නැවුම් වාතය ලය පුරා ආශ්වාස කළෙමු.

අප පැමිණි රිය ඔල්ඩෙන්වට්නෙට් ජලාශය අසල පිහිටි බි‍්‍රක්ස්ඩාල් නේවාසිකාගාරය අසල නැවැත්වීය. එතැනට පෙනෙන්නේ හාත්පසින්ම මනරම්, උස් කඳුවැටි වලින් වටවූ දර්ශනයකි. මෙතැන් සිට අප ගමන් අරඹන්නේ නෝර්වේ අයිස් යුගයේ අවසාන නෂ්ටාවශිෂ්ඨය වන බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරය වෙත යන ගමනයි. අපේ නවාතැන් පොලේ දී නෝර්වීජියානු දිවා අහරක් ගැනීමෙන් අනතුරුව අප පිටත්වන්නේ සුන්දර දියඇලි වේගයෙන් ගලාබස්නා ගංගා සහ කඳුකර ප‍්‍රපාතයන් පසුකරමින් මේ දැවන්ත හිම කූටය වෙත යෑමටයි.

මුලින්ම අප සේන්දුවූයේ හෝනින්ඩල්ස්වානෙට් විල වෙතය. මේ විල බටහිර නෝර්වේහි විශාලතම විල වන්නේය. එමෙන්ම යුරෝපයේ ගැඹුරුම විල වන්නේය. ස්කැන්ඩිනේවියානු කලාපයේ සුපිරිසිදුම දියත්න මේ ජලාශයයි. එදින සන්ද්‍යාවේ පහළ සනීල්ස් ෆියෝඞ්හි පිහිටි හෙලෙසිල්ට් ගම්මානයට අපි පැමිණියෙමු.

 

ගෙයිරේන්ජර්හිදී නැවැත වරක් අපේ කණ්ඩායම දෙකට බෙදුනි. එක් කොටසක් නෝර්ඩාල් නිම්නයෙහි පිහිටි සාම්ප‍්‍රදායික ගොවිපොලක් නැරඹීමට බලාපොරොත්තු වූහ. මුහුදු මට්ටමිින් අඩි 1500ක උන්නතාංශයකින් පිහිටි මේ ගොවිපොල ගොඩනැඟිලි තිහකින් සමත්විතය. එළු කිරෙන් නිපදවනු ලබන නෝර්වීජියානු සුදු හා දුඹුරු චීස් එහි ප‍්‍රධාන නිෂ්පාදනයයි. එහි ගිය අපේ පිරිසට ගොවිපොලේ නිපදවන විවිධ කිරි අහරින් සන්තර්පණය වීමට ඉඩ ලැබිණි.

ඩැනීලෝ නුගාරා


 

යුරෝපයේ ගැඹුරුම විල හොර්නින්ඩාල්ස්වට්නෙට්

 

බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරය

 

වයිකිං ගම්මානය

 

වයිකිං ගම්මානය අසල නැවතූ ෆෙරි යාත‍්‍රාව

 

වයිකිං ගම්මානය

 

ටුවින්ඬේෆොසන් දියඇල්ල

 

ලයනල් සහ කුමුදු

 

බියුලා වයිකිං සමග

 


සන්ඬේ ටයිම්ස් ”ට‍්‍රැවල්” සඟරාව සඳහා ලියන ලද .'The Norwegian Fjords' ලිපියේ සිංහල පරිවර්තනයකි.

මීළඟ සතියේ ෆ්ලාම් සහ ට්‍රොරෝන්ඞ්හයිම්


 



අදහස් (0)

සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්

ඔබේ අදහස් එවන්න

Media Unlimited

සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්
2021 අගෝස්තු මස 08 12791 0

නැවැත වරක් මනස්කාන්ත දර්ශන, සුන්දර මතකයන් හා විශ්මයන් ගණනාවක් විඳි දිනයක් අවසානයේ අප නැවත පස්වරු හය වනවිට නෞකාවට ගොඩවූයේ අපගේ මීළඟ ගමනාන්තය වන ගෙයිරෙ


දේශපාලනය පරාදයි
2021 අගෝස්තු මස 08 8535 0

ලෝකයේ සැම සිදුවීමකටම කුමක් හෝ සහ සම්බන්ධයක් තිබෙන්නේය එයට බුදුරජාණන් වහන්සේ හේතුඵල වාදය යැයි වදාළ සේක. ඇල්බට් අයින්ස්ටයින්ට අනුව එය සාපේක්‍ෂතා වාදය


ලොවක් වසග කළ රත්තරං සන්නාමය Eiza GONZÁLEZ
2021 අගෝස්තු මස 08 5013 0

එයිසා ගොන්සාලේස් තමන්ගේ වෘත්තිය පටන් ගත්තේ වයස අවුරුදු 17 දි. ඒ ලතින් ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකාවක විකාශය වුණු ටෙලි නොවෙලාවකින්. ටෙලි නොවෙලාවක් කියලා


ලොක්කා අතට ගියේ 'ලොක්' පිස්තෝලයක්!
2021 අගෝස්තු මස 08 5294 0

ඔහු මගේ ඇරැයුම පිට වාඩියට ආවා. වෙනද විදිහටම වාඩියේ පිළේ ඈඳී ගත්තා. එතන ඉඳලා වටේට පෙනෙන දර්ශනය දිහා ඔහු එක බැල්මකින් බැලූවා. ඊට පස්සේ මං දිහා බලලා ”ඉතින් ක


ඩොලර් ගේන්නේ ගේම් ගහලා
2021 අගෝස්තු මස 08 9765 0

පසුගිය සතියේ‘‘දෙමාපියන් පරදින, දරුවන් දිනනවයි කියන මොකක්ද මේ Free fire, Pubg’’ ශීර්ෂය යටතේ පළමු ලිපියට ලැබූ ප‍්‍රතිචාර බොහෝය. එම ප‍්‍රතිචාර අතර ඒ පිළිබඳ විශේෂ


ඔලිම්පික් එපා?
2021 අගෝස්තු මස 08 2349 0

ඔලිම්පික් ලොව ප‍්‍රමුඛතම ක‍්‍රීඩා උළෙලයි. ක‍්‍රීඩාව හරහා වඩා යහපත් හා සාමකාමී ලොවක් ගොඩනැඟීම ඔලිම්පික් උළෙලේ පරමාර්ථයයි. එහෙත් වසර 125 ක නූතන ඔලිම්පික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site