IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොවක් වසග කළ රත්තරං සන්නාමය Eiza GONZÁLEZ

 


එයිසා ගොන්සාලේස් තමන්ගේ වෘත්තිය පටන් ගත්තේ වයස අවුරුදු 17 දි. ඒ ලතින් ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකාවක විකාශය වුණු ටෙලි නොවෙලාවකින්. ටෙලි නොවෙලාවක් කියලා කියන්නේ සෝප් ඔපෙරා වර්ගයෙ දීර්ඝ රූපවාහිනී මාලා නාට්‍ය වර්ගයක්. මෙක්සිකෝවේ උපත ලැබූ ඇය තමන්ගේ සහජ දක්ෂතාවත්, අපූර්ව රුවත් නිසාම දැඩි පේ‍්‍රක්ෂක ආකර්ශණයක් දිනා ගන්නවා. මෙක්සිකානු සිනමාවේ විතරක්ම නෙවෙයි, හොලිවුඞ් සිනමාවේ ඇයට ලැබෙන අවස්ථාවලින් උපරිම ප‍්‍රයෝජනය ගන්න ඇය පසුබට වෙන්නේ නැහැ.


ඒ අනුව Baby Driver, I Care, A Lot, iy  සහ Hobbs & Shaw වගේ හොලිවුඞ් නිර්මාණවල ප‍්‍රධාන චරිත සඳහා දායක වෙන්නත් ඇය අවස්ථාව උදා කර ගන්නවා. මේ වනවිට ඇය සිනමා අඹරේ දිළෙන තරු අතර දීප්තිමත්ම තරුවක් වී අවසන්. ඒ නිසාම ඇයට BVLGARI ආභරණ නිෂ්පාදන සමාගම සමග එක්වන්නටත් අවස්ථාව ලැබෙනවා. BVLGARI ඉතිහාසයේ විශේෂ සටහනක් තම නමින් තබමින් ඇය උතුරු ඇමෙරිකානු BVLGARI ආභරණ නිෂ්පාදන සමාගමේ පළමු ලතින් ඇමෙරිකානු සන්නාම තානාපතිනිය ලෙස ද පත්ව සිටිනවා.

”ආභරණ කියන්නේ මට අතිශය පෞද්ගලික දෙයක්. නිවැරදි ආකාරයට තෝරා ගත් ආභරණ මුළු ජීවිත කාලය පුරාම පළඳින්න පුළුවන් වෙන්න ඕනෙ. අන්න ඒ නිසයි මම BVLGARI වගේ ඕනෑම කාලයකට ගැළපෙන විදියේ ආභරණ නිෂ්පාදනය කරන සමාගමක සන්නාම තානාපතිනිය විදියට උද්යෝගයෙන් යුතුව කටයුතු කරන්න තීරණය කළේ.” ගොන්සාලේස් එහෙම කියනවා. ”ඔවුන්ගේ මෝස්තර ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලබා සිටිනවා. ඒ වගේම විවිධ අවස්ථාවලට ගැලපෙන අලංකාර මෝස්තර ඔවුන් සමග එක්ව නිර්මාණය කරන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා.

” BVLGARI වැනි ජාත්‍යන්තර කීර්තියට පත් සමාගමක් සමග එකතු වීම නිරූපිකාවක් ලබන අතිශය දුර්ලභ අවස්ථාවක්. මේ නිසාම හොලිවුඩයේ සුප‍්‍රසිද්ධ ELLE වැඩසටහන වරක් ගොන්සාලේස් සමග BVLGARI සමාගම එක්ක පවතින සබඳතාව ගැන කතාබහ කළා.

 

කොහොමද BVLGARI සමාගම සමග ඔබේ වෘත්තීය වර්ධනය වුණේ?

මම කාලෙකට කලින් ඉඳලාම BVLGARI සන්නාමයේ රසිකයෙක්. සාම්ප‍්‍රදායික බවත් නව්‍ය බවත් ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් ඔවුන් සිදු කරන මෝස්තර නිර්මාණවලට මම වගේ ආකර්ෂණය වුණු අය ඕනෑ තරම් ඇති. ඔවුන්ට පුළුවන් කාන්තාව වඩාත් ඉස්මතු කරන, මුර්තිමත් කරන නිර්මාණ සිදු කරන්න. මම දකින විදියට නම්  BVLGARI සන්නාමයට පුළුවන් කාන්තාවකගේ මිතුරියක බවට පත් වෙන්න. ඒකට හේතුව ඔවුන් ලෝකයේ පළමු පෙළ වෙළඳ නාමවලින් එකක් බවට පත්ව සිටීම බව අමුතුවෙන් කිවයුතු නැහැ.

 

ඔබ එකී වෙළඳ සන්නාමයේ පළමු ලතින් ඇමෙරිකානු සන්නාම තානාපතිවරිය වීම ගැන මොකක්ද ඔබේ අදහස?

ඒක මට ගෞරවයක්. මට හැමතිස්සේම අවශ්‍ය වුණේ  ඕනෑම පන්තියක සියලූම දෙනා වෙනුවෙන්ම BVLGARI සන්නාමය තුළ වේදිකාවක් සාදා දෙන්නයි. BVLGARI සන්නාමයේ නිර්මාණ හැම කෙනෙකුටම සමානව දැනෙන්න  ඕනෙ. මම වගේ සංක‍්‍රමණික කාන්තාවක් ඔවුන්ගේ සන්නාම තානාපතිනිය කර ගැනීම ගැන මට තියෙන්නේ ඇදහිය නොහැකි තරම් ආඩම්බරයක්.

වයසින් වැඩෙද්දි මට කාන්තාවක් විදියට ප‍්‍රශ්න තිබුණා. කාන්තාවන් කැමති වුණත් ළඟා වෙන්න පවා හිතන්නවත් බැරි වෙළඳ නාම ගැන මට ඒ වෙද්දි අවබෝධයක් තිබුණා. නමුත් අද  BVLGARI සන්නාමය මම වගේ සිතිවිලි තිබෙන අලූත් පරම්පරාවල අයට ළඟා වෙන්න පුළුවන් විදියේ සන්නාමයක් බවට පත් වෙලා. ඔවුන් විවිධත්වයක් සහිත නිර්මාණවලින් ඉදිරියට එන්න පියවර අරගෙන තියෙනවා.

 

ඔබත් ඔබේ විලාසිතා නිර්මාණ ශිල්පිණිය එලිසබෙත් සෝල්ට්ස්මන් සමග එකතු වී අනර්ඝ විලාසිතා කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන ඔබට තිබෙන අදහස මොන වගේද?

අපි උත්සාහ කරන්නේ මේ විලාසිතාවලින් ලතින් ඇමෙරිකානු කාන්තාවකගේ ප‍්‍රභාවත බව වගේම ඔවුන්ට කළහැකි දේවල් ගැන ලෝකයට නිරූපණය කරන්නයි. පළමුවෙන්ම අපි තීරණය කළා මේක සෙල්ලමකට ගන්නේ නැතිව කණ්ඩායමක් විදියට හිතලා හැමෝගෙම අදහස්වලට අනුව කටයුතු කරන්න. මොකද හැමෝගෙම අදහස් ඒකාකාරී නැති නිසා. ඒ වගේම රාමුවකට කොටු වෙන්නේ නැතිව අවදානම අරගෙන විනෝදයෙන් වැඩ කරන්න පුළුවන් අය මාත් එක්ක ඉන්නවා. එලිසබෙත්ගේ ඇදහිය නොහැකි අදහස්වලට අනුව අපි නව විලාසිතා නිර්මාණය කළා. අපිට වුවමනා වුණේ විලාසිතා ලෝකය තුළ ගවේෂණ කරමින් අලූත් නිර්මාණ බිහි කරන්නයි. ඇය

 

අති දක්ෂ නිර්මාණ ශිල්පිණියක් වගේම ළබැඳි මිතුරියක්. ගෙදරින් එළියට යන්න කලින් ඔබේ ඇස යන ආභරණ මොනවද?

මම කැමතියි දවසින් දවස වෙනස්ම විදියට මාව දකිනවට. කරමාලයේ ඉඳලා, විවිධාකාර කරාබුවල ඉඳලා මගේ විලාසිතා ගැන ඉතාම සැළකිලිමත් වෙනවා. මම එදිනෙදා ගමන් බිමන්වලදි රන් ආභරණවලට කැමති ජාතියේ කාන්තාවක්. නමුත් රතු පලස මතදි මාව ගාම්භීරව පෙනෙන්නේ සුදු රත්තරන් සහ රිදී ආභරණවලින් කියලා මට හිතෙනවා. මොකද රතු පලස කියන්නේ සාර්ථකත්වයේ යතුරක්. ඒ නිසා එහිදී අපේ සාර්ථකත්වය පිළිබිඹු වෙන්න  ඕනෙ.

 

වැඩක් නැති වෙලාවට හෝ නිරෝධායන කාලයක් නොවන වෙලාවක ඔබ වැඩිපුරම සංචාරය කරන්න කැමති තැන් මොනවාද?

අනිවාර්යයෙන්ම මෙක්සිකෝව. මම කැමති රෝඞ් ටි‍්‍රප්වලට. මොකද මම ස්වාභාවික පරිසරය එක්ක බැඳුණු කෙල්ලෙක්. මම ඇතිදැඩි වුණේ මෙක්සිකෝවෙ Valle de Bravo ප‍්‍රදේශයේ වනාන්තර එක්ක. ඒ වගේම මම අවුරුදු 14 දි Oaxaca වලදි ඉගෙන ගත්තා සර්ෆිං ගැන. ඉතින් මේ කාර්ය බහුල ජීවිතය එක්ක මට පුළුවන් හැම අවස්ථාවලදිම මගේ ජීවිතය නැවත ආරෝපණය කර ගන්න හිතුණොත් ඒ වගේ දේවල්වල නිරත වෙන්න මම දෙවරක් හිතන්නේ නැහැ. ඊට අමතරව මම හවායි සහ ඉතාලියටත් කැමතියි.

 

ඔබට අවස්ථාවක් ලැබෙනවා BVLGARI සන්නාමයේ එක් ආභරණයක් පමණක් තෝරා ගන්න. එසේ තෝරාගත් ආභරණය සදහටම ඔබට අයිති වෙනවා. එසේ නම් ඔබ මොකක්ද තෝර ගන්නේ?

මම කැමතියි එයාලගේ කරමාලය තෝරා ගන්න. එය ඉතාම මනරම් නිර්මාණයක්. මගේ ඇඳුම මොකක් වුණත් ඒ ආභරණය මාව හැම අතින්ම ඉහළට ඔසවා තබනවා.

 

ඔබේ සහාය රංගන ශිල්පියාගෙන් ඔබට ලැබී ඇති හොඳම උපදෙස සහ නරකම කතාව මොකක්ද?

කිසිම වෙලාවක සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ඔබව නිර්වචනය කරන්න ඉඩ දෙන්න එපා. අපි හැම මොහොතකම හැකියාවන් අතින් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා අදට වඩා හොඳ දෙයක් හෙට ඔබෙන් එළියට එන්න පුළුවන්. ඒක තමයි හොඳම උපදෙස. මම සාමාන්‍යයෙන් එක ටේක් එකක් අරගෙන අනිත් ටේක් එකට කලින් නින්ද යන ජාතියෙ කෙනෙක්. එතකොට දෙවෙනි ටේක් එකේදි සාර්ථකව සීන් එකට යන්න බැහැ. ඒ කියන්නේ ඒ හැඟීම හරියට එන්නේ නැහැ. ඉතින් නිදිමත මෝඞ් එකේ ඉන්න නිසා බැනුම් අහන්න වෙනවා. ඒක තමයි මගේ නරකම දේ.

 

 



 



අදහස් (0)

ලොවක් වසග කළ රත්තරං සන්නාමය Eiza GONZÁLEZ

ඔබේ අදහස් එවන්න

Media Unlimited

සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්
2021 අගෝස්තු මස 08 12791 0

නැවැත වරක් මනස්කාන්ත දර්ශන, සුන්දර මතකයන් හා විශ්මයන් ගණනාවක් විඳි දිනයක් අවසානයේ අප නැවත පස්වරු හය වනවිට නෞකාවට ගොඩවූයේ අපගේ මීළඟ ගමනාන්තය වන ගෙයිරෙ


දේශපාලනය පරාදයි
2021 අගෝස්තු මස 08 8535 0

ලෝකයේ සැම සිදුවීමකටම කුමක් හෝ සහ සම්බන්ධයක් තිබෙන්නේය එයට බුදුරජාණන් වහන්සේ හේතුඵල වාදය යැයි වදාළ සේක. ඇල්බට් අයින්ස්ටයින්ට අනුව එය සාපේක්‍ෂතා වාදය


ලොවක් වසග කළ රත්තරං සන්නාමය Eiza GONZÁLEZ
2021 අගෝස්තු මස 08 5013 0

එයිසා ගොන්සාලේස් තමන්ගේ වෘත්තිය පටන් ගත්තේ වයස අවුරුදු 17 දි. ඒ ලතින් ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකාවක විකාශය වුණු ටෙලි නොවෙලාවකින්. ටෙලි නොවෙලාවක් කියලා


ලොක්කා අතට ගියේ 'ලොක්' පිස්තෝලයක්!
2021 අගෝස්තු මස 08 5294 0

ඔහු මගේ ඇරැයුම පිට වාඩියට ආවා. වෙනද විදිහටම වාඩියේ පිළේ ඈඳී ගත්තා. එතන ඉඳලා වටේට පෙනෙන දර්ශනය දිහා ඔහු එක බැල්මකින් බැලූවා. ඊට පස්සේ මං දිහා බලලා ”ඉතින් ක


ඩොලර් ගේන්නේ ගේම් ගහලා
2021 අගෝස්තු මස 08 9766 0

පසුගිය සතියේ‘‘දෙමාපියන් පරදින, දරුවන් දිනනවයි කියන මොකක්ද මේ Free fire, Pubg’’ ශීර්ෂය යටතේ පළමු ලිපියට ලැබූ ප‍්‍රතිචාර බොහෝය. එම ප‍්‍රතිචාර අතර ඒ පිළිබඳ විශේෂ


ඔලිම්පික් එපා?
2021 අගෝස්තු මස 08 2350 0

ඔලිම්පික් ලොව ප‍්‍රමුඛතම ක‍්‍රීඩා උළෙලයි. ක‍්‍රීඩාව හරහා වඩා යහපත් හා සාමකාමී ලොවක් ගොඩනැඟීම ඔලිම්පික් උළෙලේ පරමාර්ථයයි. එහෙත් වසර 125 ක නූතන ඔලිම්පික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site