IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඩොලර් ගේන්නේ ගේම් ගහලා

පසුගිය සතියේ‘‘දෙමාපියන් පරදින, දරුවන් දිනනවයි කියන මොකක්ද මේ  Free fire, Pubg" ශීර්ෂය යටතේ පළමු ලිපියට ලැබූ ප‍්‍රතිචාර බොහෝය. එම ප‍්‍රතිචාර අතර ඒ පිළිබඳ විශේෂ ස්තුතියක්ද කළහ. නමුත් මෙම ක‍්‍රීඩාවල නිරත වන තරුණ කොටස්වලට නම් එම ලිපිය ගැන තිබුනේ විවේචනයකි. මේ නිසාම සතියෙන් සතිය ගොඩනැෙඟන මෙම නැවුම් සංවාදය ඔබට සතියෙන් (සිහියෙන්) යුතුව කියවන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.

පසුගිය සතියේ ලිපිය මඟින් ජංගම පරිගණක ක‍්‍රීඩාවල ඉදිරියෙන් සිටින තරුණයෙකු පිළිබඳව මා ඔබට ඉඟි කළෙමි. ඔහු සමාජමාධ්‍ය ජාල තුළ ප‍්‍රසිද්ධ Mr. Bro නමිනි.


අද මෙම සංවාදය ගොඩනැඟන්නේ ඔහු සමඟිනි.


 

 ඔබේ ඇත්ත නම

වනසිංහ ආරච්චිලාගේ අකිල චාමර දුශාන්

 

 පාසල

පුත්තලම පොත්තුවිල්ලූව රජයේ මහා විද්‍යාලය

 

 උසස්පෙළ කළේ?

මම සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරන්න ගියේ නෑ. එතැනින් එහා මම රැුකියාවලට යොමුවුනා.

 

 මම ඔබට කතාකරන්න ඕනේ එරංග කියල ද? නැත්නම් අකිල කියලද?

අකිල කියලා කතා කරමු. මොකද ඔයා කරන්නේ වර්චුවල් වැඩක් නෙවෙයිනේ. රියල් වැඩක්. ඉතින් මගේ ඇත්ත නමින් කතාකරාම ඒක රියල්.

 

 අකිල ගේම්වලට ඇබ්බැහිවුන කෙනෙක්ද?

මම ඔය ඇබ්බැහිවෙනවා කියන එකට එතරම් කැමති නෑ. ගේම් කියන්නේ මත්ද්‍රව්‍ය වගේ ජාතියක් නෙවෙයි. ඒක ඕනම වෙලාවක අත්හරින්න පුලූවන්. අනිත් එක ගේම් එකක් ප්ලේ කරනවා කියන එක නරක දෙයක් නෙවෙයි. අරක්කු බොන්න, ගංජා බොන්න, කුඩුවලට ඇබ්බැහි වෙනවට වඩා අලූත් ගේම් එකකට පුරුදුවෙන එක හොඳයි.

 

 ලංකාවේ මේ වෙලාවේ ජනප‍්‍රියම ගේම්ස් මොනාද?

අපේ රටේ වැඩියෙන්ම ජනප‍්‍රිය Free Fire ගේම් එක. ඊට පස්සේ PUBG කියන ගේම් එක. ඔය කී‍්‍රඩා දෙක වෙනස් වෙන්නේ තමන් පාවිච්චිකරන ඩිවයිස් එක අනුව. PUBGගේම් එක ප්ලේ කරනවා නම් හොඳ තත්ත්වයේ ජංගම දුරකථනයක් ඕන, එහෙම නැත්නම් පරිගණකයක් ඕන. නමුත් FREE FIRE ගේම් එක සාමාන්‍ය ඇන්රොයිඞ් ෆෝන් එකකින් උනත් සෙල්ලම්කරන්න පුළුවන්. මම සෙල්ලම්කරන්නේ PUBG

 

 ඔයා ඔය කියන වර්චුවල් ගේම් වගේ නෙවෙයි. මහපොළවේ කී‍්‍රඩාකරන ඇත්ත ක‍්‍රීඩා. වොලිබෝල්, රගර්, මලල කී‍්‍රඩා මේවායෙන් අපට ලැබුනෙ ඉවසීම, සාමුහිකත්වය සෞඛ්‍ය සම්පන්න බව. නමුත් ඔබ ඔයකියන කී‍්‍රඩාවලින් ලැබෙන්නේ මොනවාද?

මේ කී‍්‍රඩාවලින් ඔය කියන දේවල් ලැබෙනවා. බුද්ධිමය තත්ත්වය මේ ගේම්වලින් වර්ධනය වෙනව. ඒක නෑ කියන්න බෑ. මේක බැටල්රෝයල් ගේම් එකක්. මේකෙන් සෙල්ලම් කරන්නේ කණ්ඩායමක් එක්ක. නමුත් මේ හැම දෙයක්ම කරන්නේ වර්චුවල්. ඒ නිසා ශාරීරිකව මේ ක‍්‍රීඩාවෙන් මොකුත් සිද්ධවෙන්නෙ නෑ කියලා මමත් පිළිගන්නවා.

 

 ඔබ ඔය කියන ජංගම දුරකථන ක‍්‍රීඩාවල තියෙන්නේ ප‍්‍රචණ්ඩත්වය. දවසේ පැය ගානක් මේ ක‍්‍රීඩාවලට යොමුවුන දරුවන්ගේ ප‍්‍රචණ්ඩත්වය අපි සාමාන්‍ය සමාජයේදීත් දකිනවා. ළඟම උදාහරණය ඔයා කොළඹ ආ වෙලාවක කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව ඔයාට පහර දෙනවා.

මෙහෙමයි. මේ හැම දෙයක්ම සාපේක්‍ෂයි. මේ ජංගම දුරකථන කී‍්‍රඩා කියන්නේ අපේ රටවල්වලට තාම අලූත් මාතෘකාවක්. තාක්‍ෂණය පැත්තෙන් ලෝකය කොච්චර දියුණු උනත් අපේ රටේ ඉන්න මිනිස්සු තාම දියුණුවෙලා නෑ. ඒ නිසා කුහකකම ඉරිසියාව වගේ දේවල් තාම මිනිස්සු ළඟ තියෙනවා. මම ජනප‍්‍රිය ගේමර් කෙනෙක්. මම වගේම තවත් ගේමස්ලා ඉන්නවා. ඒක මේ කී‍්‍රඩාවල ප‍්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ප‍්‍රශ්නයක්. මම ප‍්‍රහාරයකට ලක් වුනෙත් ඒ වගේ දේකට.

 

 ගේමර් කෙනෙක් කියන්නෙ අළුත් වෘත්තියක්ද?

ඔව් ගේමර් කෙනෙක් විතරක් නෙවෙයි මම ගේම් ස්කි‍්‍රමර් කෙනෙක්.

 

 ගේම් ස්ක‍්‍රිමර් කෙනෙක් කියන්නෙ කව්ද? දන්නෙ නැති නිසයි ඇහුවේ?

ඒක ලංකාවට අලූත් අත්දැකීමක්. මම මගේ ෆේස්බුක් යූටියුබ් එකවුන්ට් හරහා සජිවීව ගේම් එක ප්ලේ කරනවා. එතකොට මම විතරක් නෙවෙයි. මාත් එක්ක ප්ලේ කරන කණ්ඩායමක් සජිවීව මාත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. බොහෝ අය ඒ නරඹනවා.

 

  සංඛ්‍යාත්මකව ඒ පිරිස කොපමණද?

ෆේස්බුක් පේජ්් එකේ විතරක් ඉන්නවා 180,000 ක් පමණ. ඉන්නවා එක්ලක්‍ෂ පහලොස්දාහක් විතර. ෆේස්බුක් එකේ මගේ වොචින් අවර්ස් ගණන, ඒ කියන්නේ බලපු පැය ප‍්‍රමාණය මිලියන 12ක්.

 

 ගේම් ස්ක‍්‍රිමර් කෙනෙක් වුනා කියලා ලැබෙන දේවල් මොනවා ද? මම ඔබෙන් අහන්නේ ඔබට මුදල් ලැබෙනවා ද?

ඔව්. මම මුලිනුන් කිව්වේ ඒකයි. මේක අලූත් තත්ත්වයක්. මිනිස්සු ළමයින්ට බැන බැන ඉඳලා වැඩක් නෑ. වැරදි අඩු පාඩු තියේ නම් ඒවා හාදාගෙන මේ අලූත් ලෝකයත් එක්ක අපිට යන්න වෙනවා.

 

 නෑ. මම ඇහුවේ මුදල් හම්බකරන්න පුළුවන්ද කියලා.

ඔව්. ෆේස්බුක් ආයතනයෙන් විතරක් රුපියල් ලක්‍ෂ 2ක වගේ වැටුපකට හරි ස්කි‍්‍රමර් කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි එයට සුදුසුකම් තියෙන්න ඕනේ. ඊට අමතරව යූටියුබ් එකෙන් වෙනම මුදල් උපයන්න පුළුවන්. ඊටත් අමතරව තවත් ක‍්‍රම බොහොමයක් තිබෙනවා. කොහොමත් මම මාසිකව ලක්‍ෂ පහකට වැඩි මුදලක් උපයනවා. ලක්‍ෂ 10ට වඩා මාසිකව හොයන අයත් ඉන්නවා.

 

 පසුගිය දවසක නාමල් රාජපක්‍ෂ ඇමතිතුමාගෙන් ඔබ ඇතුළු පිරිසට කැඳවීමක් එනවා. ඇයි ඒ.

ඇත්තටම එතුමා සමගත් අපි සාකච්ඡුා කළේ කොහොමද මෙම ක‍්‍රීඩා හරහා හොඳ දෙයක් කරන්නේ කියලා. නාමල් ඇමතිතුමාටත් වුවමනාවක් තියෙනවා, මේ වැඬේ ඉදිරියට අරන් යන්න.

 

 අපේ සංස්කෘතික පසුබිම තුළ අපි දරුවන්ට කිව්වෙ මල් වගේ කියලා. ඒ වගේ දරුවන් මේ වගේ ගේම්වලට ඇබ්බැහි උනාම සිදුවන වෙනස්කම්වලට දෙමව්පියන්ගේ විරෝධය සාධාරණයි නේද?

අපි මොන තරම් සංස්කෘතික උනත් ලෝකය වෙනස්වන එක නවත්වන්න අපිට බෑ. ඉස්සර දරුවන්ගේ අතට මොබයිල් ෆෝන් එකක් නොදුන් දෙමාපියන්ට කොවිඞ් නිසා දරුවන් අතට ජංගම දුරකතනය දෙන්න වුණා. ඉස්කොලෙන් තහනම් කරපු ජංගම දුරකතනයටම පාඩම් යවන්න ගුරුවරුන්ට සිදුවුනා. ඒ තමයි ඇත්ත. මේ ලෝකෙ වෙනස් වෙද්දි හොඳ නරක දෙකටම අඩු වැඩි වශයෙන් අපිට අනුගත වෙන්න වෙනවා. නමුත් මේ හැම දෙයක් ගැනම බුද්ධිමත්ව අපි සිතිය යුතුයි. මම මේ කී‍්‍රඩාව කරන ස්ක‍්‍රිමර් කෙනෙක් විදිහට කියන්නේ පාසැල් යන නංගිලා මල්ලිලාට මුලින්ම ඉගෙන ගන්න. අධ්‍යාපනය තමයි එක විය යුත්තේ. අධ්‍යාපනයෙන් ඔබ ඉදිරියට ආවොත් අලූතින් ඉදිවෙන තාක්‍ෂණික ලෝකයේ ඔයාලාට ඕන තරම් අවස්ථා තියේවි.

 

මම ලක්ෂ පහකට වඩා හොයනවා ලක්ෂ දහය උපයන අයත් ඉන්නවා

 

ලෝකය තනි යායක් කිරීමට දිවිහිමියෙන් කැපවූ මිනිසුන්ට එය මේ මහ පොළව මත සඵල කර ගැනීමට නොහැකි වුවත් ඔවුහු එම තනි ලෝකය අන්තර්ජාලය හරහා ගොඩනැගූහ.

එම ගොඩනැගුණු වර්චුවල් ලෝකයේ සිදුවන බොහෝ දෑ තවමත් අපිට ආගන්තුකය. ඒ නිසාම වර්චුවල් ලෝකයෙන් සිදුවන විවිධ බලපෑම්වලින් මහ පොලවේ පවතින අපේ ලෝකය ආරක්‍ෂාකර ගැනීමට තවමත් අපි උත්සුක වෙමින් සිටිමු. ඒ සඳහා මෙම සංවාදය ඔබට ද විවෘතය.

 



අදහස් (0)

ඩොලර් ගේන්නේ ගේම් ගහලා

ඔබේ අදහස් එවන්න

Media Unlimited

සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්
2021 අගෝස්තු මස 08 12791 0

නැවැත වරක් මනස්කාන්ත දර්ශන, සුන්දර මතකයන් හා විශ්මයන් ගණනාවක් විඳි දිනයක් අවසානයේ අප නැවත පස්වරු හය වනවිට නෞකාවට ගොඩවූයේ අපගේ මීළඟ ගමනාන්තය වන ගෙයිරෙ


දේශපාලනය පරාදයි
2021 අගෝස්තු මස 08 8535 0

ලෝකයේ සැම සිදුවීමකටම කුමක් හෝ සහ සම්බන්ධයක් තිබෙන්නේය එයට බුදුරජාණන් වහන්සේ හේතුඵල වාදය යැයි වදාළ සේක. ඇල්බට් අයින්ස්ටයින්ට අනුව එය සාපේක්‍ෂතා වාදය


ලොවක් වසග කළ රත්තරං සන්නාමය Eiza GONZÁLEZ
2021 අගෝස්තු මස 08 5013 0

එයිසා ගොන්සාලේස් තමන්ගේ වෘත්තිය පටන් ගත්තේ වයස අවුරුදු 17 දි. ඒ ලතින් ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකාවක විකාශය වුණු ටෙලි නොවෙලාවකින්. ටෙලි නොවෙලාවක් කියලා


ලොක්කා අතට ගියේ 'ලොක්' පිස්තෝලයක්!
2021 අගෝස්තු මස 08 5294 0

ඔහු මගේ ඇරැයුම පිට වාඩියට ආවා. වෙනද විදිහටම වාඩියේ පිළේ ඈඳී ගත්තා. එතන ඉඳලා වටේට පෙනෙන දර්ශනය දිහා ඔහු එක බැල්මකින් බැලූවා. ඊට පස්සේ මං දිහා බලලා ”ඉතින් ක


ඩොලර් ගේන්නේ ගේම් ගහලා
2021 අගෝස්තු මස 08 9766 0

පසුගිය සතියේ‘‘දෙමාපියන් පරදින, දරුවන් දිනනවයි කියන මොකක්ද මේ Free fire, Pubg’’ ශීර්ෂය යටතේ පළමු ලිපියට ලැබූ ප‍්‍රතිචාර බොහෝය. එම ප‍්‍රතිචාර අතර ඒ පිළිබඳ විශේෂ


ඔලිම්පික් එපා?
2021 අගෝස්තු මස 08 2350 0

ඔලිම්පික් ලොව ප‍්‍රමුඛතම ක‍්‍රීඩා උළෙලයි. ක‍්‍රීඩාව හරහා වඩා යහපත් හා සාමකාමී ලොවක් ගොඩනැඟීම ඔලිම්පික් උළෙලේ පරමාර්ථයයි. එහෙත් වසර 125 ක නූතන ඔලිම්පික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site