IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කැබිනට් ඇමැතිවරු18ක් දිවුරති

(අංජුල මහික වීරරත්න)

රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස මොවුහු දිවුරුම් දුන්හ.

දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේම ජයන්ත, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජේදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ,මනුෂ නානායක්කාර,ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු මහත්වරු දිවුරුම් දුන්හ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (23)

කැබිනට් ඇමැතිවරු18ක් දිවුරති

sharm warn Friday, 22 July 2022 01:40 PM

‘‘තව දුරටත් මගේ පැවැත්මට කටයුතු කිරීමටත්, හැකිතරම් කොමිස් ගසමින් බඩ වඩා ගැනීමටත් හැකි සෑම ජාතික සම්පතක්ම විකුණා දමන්නට, රටේ ඉඩම් වුවත් විකුණා දමන්නට සහ රාජ්‍ය මුදල් හා දේපළ මංකොල්ල කෑ සියලු ප්‍රවීණ සොරුන්ව සුරක්සා කිරීමටත් බැඳීසිටින බවට දිවුරා පොරොන්දු වෙමි.

:       16       76

Hafeel Friday, 22 July 2022 02:07 PM

දේශපාලනය තිත්තයි කියපු අලි සබ්රිත් ඇමැති වුණා. කවුරු විශ්වාස කරන්නද?

:       23       76

Ruwan RFriday, 22 July 2022 02:26 PM

දැන් පැණි රසයිලු..

:       0       0

ගමේ එකාලාSaturday, 23 July 2022 04:23 PM

දේශපාලනය තිත්ත වුණ‍ාට ලැබුණු ඇමැතිකම තිත්ත නැතුවා. ඒ වගේද ලැබෙන වරප්‍රසාද කන්දරාව..?

:       1       8

Ruwan R Friday, 22 July 2022 02:18 PM

අතීසාරයට අමුඩය ගැසීම..

:       5       48

ravin Friday, 22 July 2022 02:18 PM

පරණ හොරුම තමයි. සුපුරුදු හොරකම ආයෙත් පටන් ගනීවි. හැබැයි මේ පාර නම් වෙන්නේ දිනවන්නම තමයි.

:       5       40

nakiya Friday, 22 July 2022 02:46 PM

ඇයි මේ ගරු කියලා මුලට ලියලා තියෙන්නේ.. රටේ මහජනයාට දුක්පීඩා දුක් දීලා ඒකෙනුත් වින්දනයක් ලබනවාද? ලෙඩා මළත් බඩ සුද්දයි වගේ...

:       5       48

sam Friday, 22 July 2022 03:09 PM

හොරු රැළක් දිවුරුම් දීලා... ඔක්කොම එක වල්ලෙ හොරු. පවුල් පිටින්ම අහුවේවා..!

:       4       42

sujith Friday, 22 July 2022 03:33 PM

මේ ගොල්ලෝ ඉතින් ඕක අස්සට වෙලා දිවුරනවා. අරහේ මිනිස්සු පෝලිම්වල දිවුරනවා.

:       3       37

siri Friday, 22 July 2022 05:14 PM

සමහරුන්ට දිවුරන්න තිබ්බේ "අම්මා පල්ලා" කියලයි...!

:       0       0

ජයරත්න Friday, 22 July 2022 06:57 PM

මිනිස්සු පෝලිම්වල දිවුරනවා නෙවෙයි, සාප කරනවා...

:       3       29

Perera Saturday, 23 July 2022 12:46 AM

මෙ අයද රට වලපල්ලෙන් ගොඩ ගන්න යන්නෙ????

:       0       0

Demuni Uduwara Saturday, 23 July 2022 04:31 AM

රටේ වගකීම්...!

:       0       0

ඉන්දික Saturday, 23 July 2022 04:43 AM

මේ හැමෝම හැඳිගෑවිලා මකබෑවිලාම යන්න ඕනෑ...!

:       0       0

Cisco Saturday, 23 July 2022 05:10 AM

වැඩිහිටි නිවසක ඡායාරූපයක්ද?

:       0       0

දාස Saturday, 23 July 2022 07:04 AM

මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද, එකෙක් කප්පම් කාරයෙක්, මහ එකා ජනාධිපති වුනේ හොරු 134 ඡන්දෙන්, රටේම කෝටි ගාණක් ජනතාවට මොවුන් තිත්තයි. ඔහොම පලයල්ලා... ජනතාව නුඹලා එලවන දවස වැඩි ඈතක නෑ..

:       0       0

Akila Saturday, 23 July 2022 07:31 AM

රට බංකොලොත් කරපු පොහොට්ටුවෝ ටිකවම ආයේ පත්කරලා.. අපි බලමු රනිල්තුමා කොච්චර කලක් මේක කරගෙන යයිද කියලා...!

:       0       0

චින්තක Saturday, 23 July 2022 07:32 AM

දිවුරලා ඔක්කෝමලා එකතුවෙලා මුහුණු පෙන්නලා වැඩක් නැහැ. අදම රටේ සංවර්ධනය සඳහා සැලසුම් සකසා දේශීය සම්පත් උපයෝගි කරගෙන කර්මාන්ත ආරම්භ කරන්න. ලෝකයේ එක විද්වතෙක් කියලා තිබුණා ලංකාවට ලෝක බලවතෙක් වෙන්න සම්පත් තියෙනවා කියලා. එහෙම නම් ඒවායින් ප්‍රයෝජනයක් ගන්න හදන්න. එහෙම නැතුව අවුරුදු 75ක් කළා වගේ ණයට අරගෙන කන්න බලන්න එපා. අපිටත් තෙල් සම්පත් තිබේ නම් ඒවා ගොඩගන්න බලන්න. ඒවාට අරගලය කරන අයත් සහභාගි කරගන්න අපිට නැතත් අපේ දරුවන්ට අනාගතය සකසන්න...

:       0       0

චන්දිම ෆොන්සේකා Saturday, 23 July 2022 11:57 AM

ගෝඨාගේ කැබිනට් හැදිල්ලට වඩා වෙනසක් නැහැ. හොඳ ලී තිබුණත් වැඩි හරියක් දිරච්ච ගුල්ලන් ගහපු කසිකබල් ලී තමයි තෝරාගෙන තියෙන්නේ. බොහෝ විට ප්‍රතිඵලය පහලට යන එකම තමයි...

:       0       0

sam Saturday, 23 July 2022 02:48 PM

මහබැංකු හොරුයි, හොර නඩයි...

:       2       4

මො Saturday, 23 July 2022 03:42 PM

මේ අය පරණ සෙට් එකමයි. වහාම මහා මැතිවරණයකට යා යුතුයි. අරගල කළ යුත්තේ ඒ සඳහායි...

:       1       2

Chithra Alahendra Sunday, 24 July 2022 01:09 AM

ජනාධිපති පත්වීම යුක්තිසහගත නොවේ...

:       0       0

fairoos Sunday, 24 July 2022 12:57 PM

මහළු මඩමක පින්තූරයක් වගේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site