(ජේ.කේ.එල්. චාමින්ද සහ උඩුගම රවි ලියනගේ)
ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටිමෙන් මෝටර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබනි මවක් මියගොස් පස් දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කේ.එල්.එස් ෂාඩිලා හංසි නැමති ගැබනි මවක් හා එල්. යු දිසානායක (07) නැමති දැරියකි ඇය හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
මෝටර් රථයේ පවුල්කිහිපයක ඥාතින් 07 දෙනෙකු ගමන්කොට ඇත. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවිම සදහා මෝටර් රථයේ ගමන්කරමින් සිටි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මෝටර් රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන්කරමින් සිට ඇත. මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කොට ඇතැයි පොලිසිය පවසයි.
දුම්රිය ඉදිරියට ධාවනය වනවාත් සමග මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය මැද නතරවි දුම්රියේ ගැටි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
තුවාල ලබා ඇත්තේ පිරිමි පුද්ගලයන් තිදෙනකු එක් කාන්තාවක හා කුඩා දරුවෙකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
(ඡායාරූප: ජේ.කේ.එල් චාමින්ද)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට