IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඉන්ධන ජාවාරම ලංකාදිප කැමරාවේ

( සමන් විජය බණ්ඩාර සහ  රංජිත් රාජපක්ෂ)

ඉන්ධන පොලිම්වලට බොහෝ දෙනා සිය වාහනවල ඇති ඉන්ධන කෑන්වලට පුරවා පසුව ඉන්ධන ලබා ගන්නා බවට චෝදනා එල්ල වෙමින් පවතී.

පසුව එසේ ලබාගන්නා ඉන්ධන  වැඩිමිලට අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ද බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

ඇතැම් පිරිස් සිය මෝටර් රථයේ ඉන්ධන කෑන්වලට ගෙන නැවත පොලිම්වලට ගොස් ඉන්ධන ලබා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බව ද විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

ඇතැමි පිරස් දවස අවස්ථා හත අටකදි මේ ආකාරයෙන් ඉන්ධන සිය ත්‍රිරෝද රථවලට හා යතුරු පැදිවලට ලබාගන්නා අයුරුද ද දැක ගත හැකියි.

තත්ත්වය එසේ තිබියදී හෙම්මාවතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් හා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල පොලිමේ නවතා තිබූ පෞද්ගලික බස්වල සේවකයන් එම බස්රථවල ටැංකියෙන් ඉන්ධන කෑන්වලට පුරවන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.

බස් රථවලට සීමාවකින් තොරව ඩීසල් නිකුත් කිරීමේදී මෙවැනි ක්‍රියා නිසා ඇතැම්වාහන හිමියන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

මේ හේතුවෙන නිසා ඇතැම් ඉන්ධනහල් ඉදිරිපිට දී ගැටුම්කාරි තත්ත්වය පාලනය සඳහා මේ වනවිට යුද හමුදා ආරක්ෂව යොදා ඇත.

හැටන් ඉන්ධන පිරවුම්හල් අසල



අදහස් (5)

ඉන්ධන ජාවාරම ලංකාදිප කැමරාවේ

lakvidu Thursday, 26 May 2022 01:40 PM

තමන්ගේ වාහනයේ ඉන්ධන තමන්ගේ බූලියකට ඇදගැනීමේ කිසිඳු වරදක් නැත. මොවුන් මෙසේ කරනුයේ පෝලිමේ සිටීමෙන් උපරිම ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමටයි. ධාවනයේදී ටැංකිය හිස්වනවිට, කළින් එළියට ඇදගත් ඉන්ධන යළිත් ටැංකියට දමාගනු ලැබේ. පවතින තත්වය යටතේ එහි වරදක් දැකිය නොහැක...

:       25       29

WCA Thursday, 26 May 2022 01:50 PM

හොරකමක්, වංචාවක් වෙනවා නම් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.. ඒත් මේකේ පේන්න වැරැද්දක් නෑ. මොකද මේවා ඔක්කොම රචනා බයිලා විතරයි. ඔය ඉතුරු තෙල් ටික අරන් ටැංකිය පිරෙන්න ගැහෙව්වේ නැත්නම් ඊළඟ පාර කොයි වෙලේ කොච්චර පෝලිමක ඉන්න වෙනවද? කවදා තෙල් එනවාද කියලා ඔබතුමාලාට කියන්න පුළුවන්ද? රටේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තෙල් ඕනෑ තරම් තියෙනවා කියලා පම්පෝරි ගහලා පහුවෙනිදා ඉඳන් තෙල් නැතිවුණු අවස්ථා කීයක් පහුගිය දවස්වල දැක්කාද? ඇයි ඕවාට කතාකරන්නේ නැත්තේ..?

:       14       30

Nihal Harischandra Friday, 27 May 2022 02:37 AM

මෙය වැළැක්වීමට ගත හැකි හොඳම පියවර නම්, සෑම වාහනයකටම "ටෝකන් පතක්" නිකුත් කිරීමයි. ඉන්ධන ලබාදිය යුත්තේ එම ටෝකන් එක මාර්ක් කිරීමෙන් පසුවයි...

:       0       2

perera Friday, 27 May 2022 06:06 AM

මෙසේ කිරීමට පෙළඹෙන්නේ රජය කී පරිදි සමහර ශෙඩ්වල ඉන්ධන ටැංකිය පිරෙන්න දෙන්නේ නැහැ. රුපියල් 15000ක් තමයි දෙන්නේ. දවස් 2ක් පෝලිමේ ඉඳලා රුපියල් 15000 ඉන්ධනවලින් දවසකට වඩා දුවන්න බැහැ... ඒකයි හේතුව...

:       1       1

Kamal Friday, 27 May 2022 02:29 PM

ආමි එකේ අය සහ පොලිසියේ අය ඉන්ධන විකුණන විට ඉන්ධන පිරවුම්හලට සේවයේ යොදවා ඉන්නවනේ... ඒ අයගෙන් කෙනෙකුට කියන්න ඉන්ධන ලබාගන්නා අයගේ වාහන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ලියාගන්න කියන්න. මෙය බලශක්ති අමාත්‍යාංශයේ දත්ත ගබඩාවේ යාවත්කාලීන කරන්න ක්‍රමලේඛනයක් හදන්න කියන්න. එම දත්ත ගබඩාවෙන් ඉන්ධන ලබාගන්නා අයගේ තොරතුරු එම අවස්ථාවේම බලධාරින්ට දෙන්න පුළුවන්. ඔවුන්ට එය කරන්න බැරි නම් උසස්පෙළ ළමයෙකුට එය හදාදෙන්න කියන්න..

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1613 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site