IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


28 වැනි ඉල් මහ විරු සමරුව කොළඹදී

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පැවැත්වූ ‘28 වැනි ඉල් මහ විරු සැමරුම’ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද පැවැත්විණ.
 
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික සාමාජිකයන් ඉල් මහ විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමෙන් පසු පහන් දල්වා ඔවුනට ගෞරවය දැක්වූහ. 
 
දිවිපිදු අයගේ පවුල් වල සාමාජිකයෝද තම සහෝදර සහෝදරියන් සිහිකරමින් පුෂ්පෝහාර දැක්වූහ.



අදහස් (28)

28 වැනි ඉල් මහ විරු සමරුව කොළඹදී

ranjith Monday, 13 November 2017 03:15 PM

ජවිපෙ වාර්ෂිකව මේ කරන්නේ වාමාංශික අදහස් ඇති අවංක ජනතාව ගොනාට ඇන්දවීමක්. රෝහණ විජේවීර මහතා බිත්තියේ හප්පා ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වීමටත් පෙර කොළඹ කනත්තේ අාදාහනාගාරයේ උඳුන මතට වීසිකර අමුඅමුවේ ඔහුව එදා පුළුස්සා මරා දැමු බව කවුරුත් දන්නවා.. එම ඝාතනය ඇතුළු දහස් ගණනක් තරුණයන් වෙඩි තබා අමු අමුවේ පුළුස්සා කපා කොටා මරා දැමු එම දුෂ්ට පක්ෂයේ නායකයන් සමග ජේවීපිය අද හැඳි ගෑරුප්පුවලින් බාල් කනවා. අපි අන්තර්ජාලයෙන් දකිනවා. එම මිය ගිය තරුණ තරුණියන් ඔවුන්ගේ මිනීවළවල් තුල ඉඳිමින් ජවිපයට ශාප කරනවා නොඅනුමානයි. රෝහණ විජේවීර මහතාට හැබෑ ගෞරවයක් ජවිපයට ඇත්නම් ඔහු වෙනුවෙන් අඩු ගණනේ ස්මාරකයක්වත් ඉදිකරන්න සුදානමක් නැත්තේ ඇයි? එම මහතාගේ සිරුර ආදාහනය කොට ඉතිරිවූ අළු ටිකවත් බලන්න වත් ජවිපෙ නායකත්වය අදවෙන තුරුවත් නොගිය බව එම අළු ටික ආරක්ෂිතව තවමත් තබාගන සිටින එදා විජේවීර මහතාව ආදාහනය කල අවස්ථාවේ අදහනාගාරයේ බාරකරු ලෙස කටයුතු කල පුද්ගලයා මේ මැතකදීත් කියා තිබුණා. ජවිපෙ කාවද මේ රවට්ටන්න හදන්නේ?

:       2036       1842

ratnamalalaMonday, 13 November 2017 06:23 PM

විජේවීර සහෝදරයාගේ මරණය ගැන හොයන්න ජේ වී පියට ඕන කමක් නැහැ.වෙන එව්වනම් කරගහගෙන යනවා. එහෙම කලොත් ඩීල් එකට එකග නැතිවෙන්න පුළුවන්.

:       253       600

ලුම්බිණිTuesday, 14 November 2017 01:41 AM

මට නොතේරෙන නිසයි අහන්නේ? 71 සහ 88-89 යන කාලවල රෝහණ විජේවීර මහතා හඳුන්වනු ලැබුවේ ත්‍රස්තවාදියෙක් ලෙසයි. ශ්‍රී. ල. නි. ප. සහ එජාප දෙකම මෙහිදී ගෙනගියේ එකම ප්‍රතිපත්තියක්. රෝහණ විජේවීර මහතාගේ ස්මාරකයක් ඉදි කරනවා නම් ප්‍රභාකරන්ගේ ස්මාරකයක් හදන්නත් පුළුවන් නේද? මොකද දෙන්නම ත්‍රස්තවාදි නායකයන්.

:       637       166

RaveendraTuesday, 14 November 2017 01:59 AM

රංජිත් මය වෙත, ඔබගේ විග්‍රය ඉතාමත්ම නිවැරදිය. මේ උන්දලා නිසා ලක්මවට නැති උන අපගේ සහෝදර ජනතාව, සහ විනාශ කල මහජන දේපොළ පිලිබදව සියල්ල ද අමතකකර මේ රතු මල්ලි දැන්නම් රගන්නේ එක එක " හිගන කාලකන්නි තුප්පහි " පක්ෂවලට කඩේ යනගමන්ය .

:       221       1132

chandanaThursday, 16 November 2017 03:01 AM

ජනතා විමුක්ති පෙරමුණේ පහුගිය දශක වල තිබුණු ජවය දැන් මුළුමනින්ම වගේ ගිලිහී ගිහින් .......මිලියන 3ක් පමණ වන තරුණ පරපුරේ බහුතරයක් තුල එම පක්ෂය ගැන කැමැත්තක් හෝ ආකර්ශනයක් නැහැ ..තරුණයින්ට සංවේදී වෙන ආර්ථික සමාජීය හා දේශපාලන කරුණු ගැන කිසිදු තැකීමක්වත් වර්තමාන ඉහල නායකත්වයට නැහැ .. තරුණයින්ගෙන් ගිලිහෙන කිසිදු දේශපාලන පක්ෂයක් ලංකික දේශපාලන රටාව තුල රැදෙන්නේ නැහැ .. අපි අද දකින්නේ වර්ණයකට හා විප්ලවීය ඉතිහාසයට පමණක් උරුමකම් කියන, වර්තමානයක් සහ අනාගතයක් ගැන දැක්මක් නැති ජේ වී පී එකක් ..ඒ ගැන ලොකු කණගාටුවක් තියෙනවා සැබවින්ම ..

:       101       0

Kamal Monday, 13 November 2017 04:02 PM

රංජිත් කාටද කඩේ යන්නේ?

:       723       1010

ranjithTuesday, 14 November 2017 01:29 PM

කමල් මමත් ඔයා වගේ ජේවීපියට ලොකු කාලයක් කඩේ ගියා. ඒ කඩේ යාම නිසා මම බොහෝ දේ නැති කර ගත්තා. අන්තිමේදී ජේ වී පිය යුඇන්පියට කඩේ යන්න පටන් ගත්තට පස්සේ මම ජේ වී පියට කඩේ යාම නැවැත්තුවා. ඒ මට ආත්ම ගෞරවයක් කියල දෙයක් ටිකක් හරි තියන හින්ද.. එහෙම දෙයක් නැති මිනිස්සු ජෙවිපියට කඩේ ගියාට කමක් නැහැ. ඒක ඒ අයගේ කැමැත්ත. ඔබේ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙනවනම් මම දැන් කඩේ යන්නේ මගේ ගෙදරට බඩු මුට්ටු ගේන්න විතරයි.

:       804       784

මොන්ටිසෝරි ටීචර් Wednesday, 15 November 2017 06:31 AM

පෙර පාසල් බුද්ධියක් තියාගෙන දේශපාලන පක්ෂවලට කඩේ ගියාම ඔහොම වෙනවා දරුවෝ. ඔබගේ දේශපාලන දැනුමේ ගැඹුර මැනගන්න පුළුවන් විජේවීර වෙනුවෙන් ස්මාරකයක් හදන්න ඕනා කියද්දීම. දැන්වගේම ඉස්සරත් අම්මටයි තාත්තාටයි විතරක් කඩේ ගිහින් උන්නානම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. මේ ළමයාගේ ගෙවල් තියෙන්නනම් මැදමුලන පැත්තේ වගේ.

:       0       227

ධම්ම Monday, 13 November 2017 04:15 PM

මේක තමයි සමානාත්මතාවය. එදා රෝහණ විජේවීර මහතාත් අනෙකුත් පක්ෂ සාමාජිකයෝත් යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා රට වෙනුවෙන් දිවිපිදූ අය සේ පොදුවේ සැලකීම වඩා සාධාරණවේ. ප්‍රතිමා අඹනවා නම් මේ සියල්ලගේ ප්‍රතිමා ඇඹිය යුතුවේ. එය කල හැක්කක් නොවේ. බලන්න මෙතැන වුණත් අනුරකුමාර මහතාට නායකයා කියා විශේෂයක් කර නොමැත.

:       585       658

kanchanaTuesday, 14 November 2017 03:31 AM

මෙදා පාර සැමරුමට ජිප්සීස් ගෙනාවේ නැතෙයි?

:       50       241

DingiralaTuesday, 14 November 2017 11:33 PM

කෙහෙම්මල් සමානාත්මතාවය. ඕකට තමයි කියන්නේ කරපිංචා නියාය කියල. පාවිච්චිකරලා විසිකිරීමේ නියාය.

:       39       229

sampath Monday, 13 November 2017 04:54 PM

මාරුවෙන් මාරුවට අපි එකම පක්ෂ දෙක බලයට පත්කළා ඇති. මොවුන්ටත් එකවරක් ලබාදී බලමු.

:       1755       2003

සමාජවාදිය Monday, 13 November 2017 05:27 PM

සමාජවාදය ... 30,000 තරුණ ජිවිත...

:       36       234

බද්රානි Monday, 13 November 2017 08:53 PM

රටේ සිංහල තරුණ පරපුර විනාශ කල වර්තමානයේ උගත් තරුණ පරපුර විනාශකරමින් සිටින, රට වනසන මේ සැමරුම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!!!

:       264       514

ratna P Monday, 13 November 2017 10:24 PM

ජ වී පෙ එකෙන් මරපු අහිංසක මිනිස්සුන්ටත් උපහාර දක්වුවනම් හොඳයි

:       73       549

Rohana Monday, 13 November 2017 11:14 PM

එතකොට මේ අය මරපු අහිංසක ජනතාව ගැන කවුරුවත් නැහැ කදුළු හෙලන්න... උපහාර දීලා සිහිකරන්න...

:       33       500

prakaash Tuesday, 14 November 2017 02:41 AM

මේ අයට.p සමරන්නට දෙයක් නැත.ඇත්තේ රනිල්ට කඩේ යෑම පමණකි.රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති අනුර කුමාර විකුණා හමාරය.රැවුලට,රතු පාට තොප්පිය සහ ඇඳුම ප්‍රතිපත්තිය නොවේ. මුදලට වහල් වී වැඩ කරන එක තමයි මොවුන්ගේ උප්පරවැට්ටිය.

:       105       611

athuraTuesday, 14 November 2017 04:05 AM

එතකොට මේ මහත්මය කියන්නේ 2005 දී මහින්දට කඩේ ගියා කියලනේ.

:       92       55

Hassanda Tuesday, 14 November 2017 02:52 AM

මිනීමරුවා රෝහණ අමු අමුවෙන් සිංහල තරුණ කොල්ලන්ව මැරුව

:       680       1027

ajith Tuesday, 14 November 2017 03:20 AM

ජවිපෙ වයසට ගොස් ඇත. තවදුරටත් තරුණයන්ගේ පක්ෂයක් නොවේ

:       1       0

sugath Tuesday, 14 November 2017 03:52 AM

මෙයාල මෙහෙ විජේවීර සමරනවා. හැබැයි විජේවීර මහත්මිය ඉන්න තැනක් නැතුව ඉන්නවා. නිකම් ලෝකෙට පෙන්න විතරයි සැමරුම්.

:       55       311

Lapaya Tuesday, 14 November 2017 04:04 AM

මරපු මිනිස්සු සමරන්නේ කවද්ද?

:       26       135

RAJ Tuesday, 14 November 2017 04:32 AM

එතකොට මේ ගොන් හැත්ත මරපු මිනිස්සු සිහි කරන්නේ කවුද?. මුන්ගේ මිනී මරුවො විතරද මතක් වෙන්නෙ.

:       239       334

K Perera Tuesday, 14 November 2017 05:47 AM

ත්‍රස්තවාදියා සිංහල දෙමල හෝ වෙනත් ජාතික වෙන්න පුළුවන්, මුන් සැවොම කඩාකප්පල්කාරී මිනීමරුවෝ! මෙවැනි සමරු උතුරේ වගේ දකුණේත් තහනම් කරන්න ඕනේ.

:       68       286

සිරි Tuesday, 14 November 2017 06:41 AM

තරුණ තරුණියන් 30000ක් වලපල්ලට යවපු අයයි උන්ගේ අනුගාමිකයොයි ඉඳගෙන ඉන්න ලස්සන බලපල්ලකො පූස් පැටව් ටිකක් වගේ. ඔහොම විනයක් තිබුනනම් 71, 88-89 අද මේ ගොල්ලො තුන්වැනි බලවේගයක්.

:       42       332

rohana kumara mendis Tuesday, 14 November 2017 08:25 AM

මේ ගොල්ලොත් ත්‍රස්තවාදි කල්ලියල් පක්ෂයක්.ප්‍රභා කරන්ට සමානව මෙයාලත් මිනි මරුවා රටේ දේපොළ විනාස කලා.එතකොට ඇයි මෙයාලට විතරක් මෙහෙම සමරන්න දෙන්නේ ?ප්‍රභාකරන්ව සහ සගයන්ව සමරනකොට ත්‍රස්තවාදි කොටි කියල තහනම් කරනවා. දෙකම තහනම් කරන්න ඕනි.සිංහල කොටි සහ දෙමල කොටි දෙකම එකයි.අහිංසක මහා ජනතාවට දුන්න දුකක් මේ අය

:       6       264

K Perera Tuesday, 14 November 2017 11:48 AM

මරපු මිනි කන්දරාව අනුව විජේවීර හතර අපායේ දැන් දුක්විදිනව ඇති, සමරු නොතිබ පුණ්‍ය කටයුත්තක් වත් කෙරුවනම් ලබන භවයකදිවත් අපාදුකින් ගැලවෙන්න.

:       6       121

sampath Wednesday, 15 November 2017 10:17 AM

මෙයාලා කියන එක අහනවා නම් ප්‍රගතිශීලි නැත්නම් හැමෝම ප්‍රතිගාමියි. අනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මැරුණු මිනිස්සුන්ට අටපිරිකරක් දීලා සාංඝික දානයක් දීලාඉන්න... ඊට පස්සේ සමරගන්න පුළුවන්. මෙයාලාට තාජුදීන් තරම් විජේවීර වටින්නේ නැහැ.... කරන කියන දේවල් අනුව නම් පේන්නේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site