IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සජබ පෙළපාළියට එන පිරිස් ආපසු හරවා යවයි

සමගි ජන බලවේගය කොල්ලුපිටිය - ගාලුපාරේ අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සහභාගී වීමට දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණෙමින් සිටි පිරිහි ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය.

රටේ විවිධ නගරවල පොලිස් මාර්ග බාධක යොදා කොළඹට එන සියලු බස් රථ දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

ඒ අනුව සමගි ජන බලවේගයට සහභාගීවීමට එන සියලු බස් රථ ආපසු හරවා යැවීමට කටයුතු කරනු අයුරු දක්නට ලැබිණි.

(ඡායාරූප: ජී.ඒ.පී කුමාර)

නොච්චියාගම ප්‍රදේශයෙන් සහභාගී වන පිරිස් රැගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදීම


(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආධාරකරුවන් ගමන් ගත් බස් රථ දෙකක් පොලිසිය ආපසු හරවා යැවිම


(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සමගි ජනබල වේගය විරෝධතා රැලියට කොළඹ එමින් සිටි දේශපාලඥයින් ඇතුළු ආධාරකරුවන් කළාඔයෙදී ආපසු හරවා යැවිම


(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජන බලවේගය කොළඹට උද්ඝෝෂණයට සහභාගිවීමට පාක්ෂිකයන් සමග යමින් සිටි අජිත් පී පෙරේරා ව බණ්ඩාරගම දී පොලිසියෙන් හරවා යවයි



අදහස් (13)

සජබ පෙළපාළියට එන පිරිස් ආපසු හරවා යවයි

Ratne Tuesday, 16 November 2021 12:40 PM

ලජ්ජයි නන්දසේන.

:       20       43

ramani Tuesday, 16 November 2021 01:19 PM

උද්ඝෝෂන කිරිමේ අයිතිය නම් පිලිගන්නවා. අපේ ගෙදරක කෙනෙකුත් ගියා. නමුත් ප්‍රශ්නය කොරෝනා. ඔය උද්ඝෝෂනයේදි කොරෝනා බෝවෙන්නේ නෑ කියල සහතික වෙන්නේ කවුද​? අපේ පවුලේ සාමාජිකයා කියන්නේ නොගියොත් ප්‍රශ්නයක් කියලා. ඉදිරියට මන්ත්‍රීකම් ගන්න බලන් ඉන්න දේශපාලන ලොක්කෙක් එන්නම කියලා. වෙන වෙලාවක නම් ඕන දෙයක්. වැඩේ වැරදුනොත් පොලිසියෙන් ගුටි කෑවත් එයා විතරයි. දැන් කාලේ එක්කෙනෙක් කොරෝනා ගෙනාවොත් අපි ඔක්කොගෙම ගෙවල් ඉවරයි. වයසක ලෙඩ්ඩු ඉන්නවා. අවුරුදු 80 පැන්න අයට හැදුනොත් මොනතරම් වැක්සින් ගහලා හිටියත් විශ්වාස නෑ. ඒ බව කිව්වාට අහන්නේත් නෑ.

:       14       32

janahithaTuesday, 16 November 2021 02:45 PM

නොකා නොබී මැරෙනවාට වඩා එහෙම හොඳයි කියා ජනතාව කියනවා

:       0       4

hesa Tuesday, 16 November 2021 01:42 PM

වයස් බේදයක් නෑ.. කොහොමත් වැක්සින් එක ගත්ත කියල කොරෝනා නොහැදී තියෙන්නෑ..ඒ ගත්ත අය තමා බලාන ඉද්දි නැති වෙන්නෙ..

:       2       18

කිරි පුතා Tuesday, 16 November 2021 01:56 PM

ර⁣ටේ පවතින අවස්ථාව තේරුම් ගත යුතුයි මහජනතාව . තමන් කැමති පක්ෂයක් තියෙන්න පුලුවන් . ඒත් පළමුව රට බේරගෙන ඉන්න ඕන නේද ? නිකම්ම හරක් රැළක් වගේ තමන් අදහන දේශපාලකයා පස්සේ යන්නෙ නැතිව බුද්ධිමත් ව තීරණය ගත යුතුයි . කොරෝනා හැදිලා මළොත් ඔය කිසිම දේශපාලකයෙක් දරු පවුල් බලා ගන්නෙ නෑනෙ.

:       1       1

Chinthaka Tuesday, 16 November 2021 02:05 PM

උද්ගෝෂණය විපක්ෂයේ අයිතියක් .නමුත් මේ අවස්තාව ගැන හිතන්න තිබුනා .කොවිඩ් ඉවර වෙලා නැහැ .දිනෙන් දින ආසාධිතයන් වැඩි වෙනවා, මරණ වැඩි වෙනවා .මතකනේ අලුත් අවුරුද්දේ උන දේ

:       1       1

Raveendra Tuesday, 16 November 2021 02:13 PM

Ratne මයා වෙත. ලැජ්ජා වෙන්න ඕනේ නන්දසේන විතරක් නොව මෝඩ පුතනෝ ඇතුළු පට්ටියේ මිහරකුන් 226ම ලැජ්ජා විය යුතුමය. එලෙසම රටේ සියලුම පුරවැසියන් වන ( ඔබ සහ අපද ඇතුළුව ) අපද මෙවන් ගොන් උද්ගෝෂණවලට සහබාගිවිම පිලිබදව කණගාටු විය යුතු අතර ලජ්ජා විය යුතුමය. "නායකයන් මෝඩ ගොන් බුරුවන් වූවත් " ඒ ඒ බුරුවන් පිටුපස යන මිනිසුන්ද බූරුවන් විය යුතු නැතැයි යන්න මේ සැමටම අමතකවීම අවාසනාවකි.

:       4       2

JANAHITHA Tuesday, 16 November 2021 02:40 PM

එක පිරිසක් බලයේ පිහිටුවන්න තව පිරිසක් මොර දෙනවා කඩේ යනවා .දෙගොල්ලොන්ම දුෂකයන්ගෙන් පිරී ඇති බව බඩ පසුපසට ඇලී තියන දුගී දුප්පතුන් හට වැටහෙන්නේ නැහැ .මෝඩ දේශපාලනය

:       1       4

janabala asamagi Tuesday, 16 November 2021 02:42 PM

තවත් දුෂකයන් පිරිසක් බලයට ගෙනෙන්න කඩේ යමල්ලා. මුග්ද දේශපාලනය, බහුතර ජනතාව උන් ඔක්කොම හොරු බව දන්නවා. විකල්පයක් නැහැ

:       0       2

mahinda vathaya Tuesday, 16 November 2021 02:44 PM

කොහොම කලත් නූගත් දේශපාලුවන් ප්‍රකෝටිපතියන් වී මෙරටින් පැන ගන්නවා ඇත. කොයි මේ රවී,රනිල්,බැසිල් බැංකු සුද්ද කරන්න පෙල ගැහෙන්නේ නැතිද

:       0       1

pohottu lokka Tuesday, 16 November 2021 02:47 PM

කොරෝනාව තියෙන කම් අපි ගොඩ. තුන්වැනි මාත්‍රාව මක්කටෙයි, අවශ්‍ය උනොත් පමණක් ගෙනෙමු

:       0       1

විපරමා Tuesday, 16 November 2021 03:27 PM

මහින්දයාගේ,ගෝටා ගේ රැස්වීම් වලට අරක්කු බාගෙටයි, බත් පැකට් එකටයි බස්වලින් සෙනග බුරුතුපිටින් ගෙනාවේ .වෙනස සැපද ?

:       0       3

Rohana Tuesday, 16 November 2021 03:30 PM

මේ ආණ්ඩුව බලය ගන්න පෙර පැවති ආර්ථික තත්වයවත් අවම වශයෙන් පවත්වා ගැනීමට හැකිවුනා නම් ඔය උද්ඝෝෂන පෙලපාලි රැස්වීම් අවශ්‍ය නැහැ. ආණ්ඩුවේ නොහැකියාවත් කාලයට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති වල හිතුවක්කාරී ලෙස එල්ලී සිටීම නිසා ජනතාව අද කබලෙන් ලිපට වැටෙන තත්වයක් කරා ගමන්කර ඇත. උදාහරන වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිගකම අධික මිල ජනතාව පෝලිම් ගැස්සවීම මදිවට පාලකයින් ගේ හොරකම් කොමිස් ගැසීම් හිතාමතාම තමන්ගේ හිතවතුන්ට හම්බකර ගැනීමට ඉඩදීම දැක්විය හැක. මේසියලු අර්බුදවලට මූලික හේතුව කොවිඩ් කියා ආණ්ඩුවට ඇග බේරා ගත නොහැක. තමන් බලය ඉල්ලුවේ තමන්ට පෙර ආණ්ඩුවලටත් වඩා හොදින් රට ගෙනයන බවට ජනතානට පොරොන්දු දුන් බව අම්‍තකව නැතැයි සිතමි.

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site