IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොළඹ මහ නගර සභා භූමියේත් වගාවක් අරඹයි

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි මෙම වගාව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.

නගර සභාවේ සේවකයන් විසින් වගා කිරීමට අද (11) උදෑසන පස සකස් කරන අයුරු දක්නට ලැබිණි.

එහිදී අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ භවභෝග කිහිපයක් වගා කරන බවය.

(ශාන්ත රත්නායක)



අදහස් (21)

කොළඹ මහ නගර සභා භූමියේත් වගාවක් අරඹයි

chaminda Thursday, 11 August 2022 12:23 PM

ඉතා හොඳ වැඩක්. රෝසිගේ කුස්සියට යන්නේ නැත්නම්?

:       56       17

සමන් - ඕමානයSunday, 14 August 2022 08:22 PM

ඔච්චර ලස්සනට තිබුණු පිට්ටනිය විනාශ කරන්නේ වගා කරන්න වෙන ඉඩම් නැතිකමටද? නගර සභාවේ කොච්චර පාළුවට ගිය ඉඩම්ට ඇද්ද ඔය වගාව කරන්න? රටක අගනුවර නගර සභාව කියන්නේ මල් වවා අලංකාරව තැබියයුතු වැදගත් තැනක්. කුඹුරක් නැත්නම් එළවලු කොරටුවක් දැමියයුතු තැනක් නොවේ. "නගර අලංකරණය" කියන සංකල්පය මෙයා දන්නේ නැද්ද? සංචාරක ව්‍යාපාරය දියුණු වෙයිද, මේ වගේ විනාශ වැඩ කරන කොට? රෝසිට දෙන්න වටින්නේ අංතට්ටුවක්

:       0       5

Okthen Thursday, 11 August 2022 01:08 PM

නගර සභාවේ කට්ටිය මහජන මුදල් වලින් වවාගෙන කන එක තමයි ටික දවසක් යද්දී වෙන්නේ.... අපි නොදන්නවා නේ මේ කට්ටියගේ වැඩ..

:       0       40

perera Thursday, 11 August 2022 02:26 PM

Very good move required to do the same in other areas as well.

:       15       49

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 11 August 2022 02:50 PM

කැට තියලා කියන්නම්, පලදාවට වඩා වියදමක් වගා කටයුතුවල වියදම් කරනවා ස්ථිරයි. අවසානයේ ඒ බරත් අපටම තමයි.

:       40       71

පිටිගල මිලානෝ Thursday, 11 August 2022 03:10 PM

අරයා අල්ලපු පිඩලි නේද? මෙහෙමත් විනාශයක්.

:       19       39

gameing01 Thursday, 11 August 2022 05:33 PM

බේරේ වැවත් ඒ පැත්තටම හරවන්න. හොඳ ගොවිපොළක් වෙයි.

:       11       24

විජේ Friday, 12 August 2022 01:09 AM

අපරාදේ ලස්සනට තිබුන තණකොල පිට්ටනිය මුලු පාර්ලිමේන්තුවටම කන්න දෙන්න තිබුනා අවුරුදු ගානකට. දැන් ඉතිං ඔය වවන ඒවා කන්න වෙන්නේ අපිටනේ.

:       0       19

ganegoda Saturday, 13 August 2022 12:02 PM

ඇයි මේ කණගාටුවෙන්? තණකොළද කන්න වෙන්නේ?

:       0       0

chaamara Friday, 12 August 2022 04:42 AM

පස්සේ ආයෙත් තණකොල වවන්න එකසිය දෙබිලියනයක් විතර සල්ලි පාස්කරගන්නත් පුලුවන්නේ නේද? රෝසි නෝනා පහුවෙලා අගමැතිකමවත් බලාපොරොත්තු වෙනවද?

:       0       23

චන්දිම ෆොන්සේකා Friday, 12 August 2022 08:39 AM

මෙහෙම හිටි හැටියේ ගොන් විදියට තැන නොතැන නොබලා වගා කරන්න ගත්තයි කියල රටේ කෘෂිකර්මයට වෙන සෙතක් නැහැ. අන්තිමට වියදම විතරයි.

:       0       52

Sold out Friday, 12 August 2022 08:58 AM

6 months after. There will be another building under construction.

:       0       11

naleen Friday, 12 August 2022 09:11 AM

වගාවන් කල හැකි ඉඩම් නිකරුනේ තබාගෙන වගාවන් සදහා නුසුදුසු හා නොකල යුතු ස්ථාන වල පේන්න වගාකරන ලොව එකම ජාතිය

:       0       48

හා මල්ලි Friday, 12 August 2022 09:46 AM

නරකද වැනිලා වගාව කලොත් රටටත් ආදායම් ඩොලර් වලින් ගන්න හැකිවේවි. කොහොම කලත් ලැබෙන ආදායම පරදා නැවත භූමිය සකසා තෘණ වගාවට බිලියන ගණනක් වියදම් කරන්න වේවි එහෙම වුනොත් අධිභාරය ගෙවන්න වත්මන් පාලක පක්ෂ විපක්ෂ නියෝජිතයන් සමග කොමසාරිස් හා ලේකම්ලා සූදානමින් ඉන්න ඕන

:       1       25

Rukmal Friday, 12 August 2022 10:54 AM

තැන නොතැන බලා වගා කිරීම වටී... මෙතන වගා කටකටයුත්තක් සදහා නොවටී... මෙය හුදෙක් අලංකරනය සදහා තිබිය යුතුයි

:       0       23

අකිල Friday, 12 August 2022 11:22 AM

අපරාදේ ලස්සනට තිබ්බ තැනක් කලොත් කරන්නේ ඔය වගේ නාස්තියක් විතරයි.

:       1       12

sharm warn Friday, 12 August 2022 12:34 PM

මේව ඇත්තටම සෝබන වැඩ.. ගොවියන්ගෙ පලදාව රට පුර බෙදා හරින්න වැඩ පිලිවෙලක් හදන්න බැරි ව ලෝකෙට පෙන්න ගොන් පාට් දානව.. අපෙ ඉන්න දේශපලුවො කලොත් ඇත්නම් යටින් කුට්ටියක් කඩාගෙන අපිටම ඩඩ ගහන අමන ව්‍යපෘතියක් තමයි.. මෙකට කරන බොරු වියදම නවත්තල අර දඹුල්ලෙ තියෙන එලවලු බෙදා හරින හැටියක් හිතනවලකො.. අඩු ගානෙ එලවලු වියලල කල් තබා ගන්න ක්‍රමයක් .. බම්බුව තමයි...

:       0       14

duplicate ralahami Friday, 12 August 2022 03:41 PM

අයියෝ මෙහෙමත් අනුවණ වැඩ... මෙයත් ඉතින් ඔය අලුතින් ආපු රටේ නායකයා කියලා වෙන්න ඇති එයා වුයින්ගම්, රත්තරන් මාල දුන්නා වගේ මේකත් මඩගොඩක් කරලා තියයි... ඊට පස්සේ යයි..

:       0       6

ගමේ එකාලා Saturday, 13 August 2022 12:15 PM

ඩයනා නෝනා කිව්වා වගේ කන්සා වගාවක් දැම්මොත් හොද ආදායමක් ගන්ඩ බැරි වෙන එකක් නැහැ.

:       0       5

threewheels Saturday, 13 August 2022 06:11 PM

මේ ස්ථානයේ නගර සභාවේ වැසිකිලයක් පිහිටෙව්වනම් පොහොර ප්‍රශ්නයත් මෙතනම විසඳයි...!

:       0       6

lakvidu Monday, 15 August 2022 01:20 PM

රෝසි නොනගේ බයිසිකල් පාක් වැඩේ වගේ තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site