IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර

(ඉන්දිකා  රාමනායක)

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ  විරෝධතා  පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා  කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය .

මේ හෙතුවෙන් දැඩි වාහන තදබදයක් ද ඇති විණි.

(ඡායාරූප ගයාන් අමරසේකර)

------------------------------------------------------------------------------------------------------------

සිසු පෙළපාලියට මාර්ග රැසකට ඇතුළු වීම තහනම් කරයි

(ඉන්දිකා  රාමනායක)

අන්තර් උසස්   ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද  (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත  පෙළපාලිය  කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග රැසකට සහ  රාජය ආයතනවලට ඇතුළු වීම වළක්වමින්  කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

එහි කැඳවුම්කරු , සාමාජික සාමාජිකාවන් සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය කර ඇති බව ද හෙතෙම කීය .

චෛත්‍යය පාරේ ,  එන් එස් ඒ  වටරවුමේ සිට   ජනාධිපති මාවත, බැංකු මාවත,  සෙරමික්  වටරවුම ,සෝන්ඩර්ස්  මාවත,වහල චැතැම් වීදිය,ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසල හන්දියේ  සිට ප්‍රධාන මාවත, ලේඩියන් බැස්ටියන් මාවත, මුදලිගේ මාවත, රෝහල්  වීදිය,කැනල් පාර මාර්ගවලට ඇතුළු වීම , ගමන් කිරීම  අධිකරණය මගින් වළක්වා   කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .

තවද  එම  ප්‍රදේශයේ රජයේ ආයතනවලට ඇතුළු වීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකිරීම,  දෙපලවලට  හානි කිරීම,  ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත නොවී ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .



අදහස් (9)

සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර

ජුනයිඩ් Saturday, 21 May 2022 03:50 PM

මේ පෙරටුගාමී හා ජෙප්පන් ටිකට උණ ගැනෙන්න දෙන්න පොලිසියට බැරිද අප්පා...?

:       43       56

NuwanSunday, 22 May 2022 12:18 PM

බයවෙන්න එපා.. ළඟදීම ජෙප්පන්ට හා පෙරටුගාමීන්ට අන්තරේ උණ ගැනෙන්නම දෙයි පොලීසිය... ඊළඟට පොලිසිය දෙන්නේ දැන් තෙල් නැතිව වගේ... කන්න කෑම නැතිව, බේත් නැතිව පාරට බහින අයට බව අමතක කරන්න එපා. මේ තරුණයින් ඉල්ලන්නේ වී8 දෙන්න කියලා නෙවෙයි.. බල පොරය, සුඛ විහරණය අතහැරලා.. රටේ ප්‍රශ්නවලට විසඳුම් දියව් කියලා...

:       28       11

BamunuarachchiSunday, 22 May 2022 12:43 PM

උණ ගැනෙන්න නොවෙයි, පැය දෙක තුනකින් ඇඟ සීතල වෙන්න දෙන්නයි ඕනේ. පටන් ගන්න ඕනේ මහා එවුන්ගේ ඇඟ සීතල වෙන්න දීලා... පොලිසිය ඔය ටික නොකරන්නේ අපි මේ සිටින අවදානම් මොහොත ගැන හිතලා. තව ටිකක් මේ විදිහට දඟලන්න දුන්නොත් ලෝකයාගෙන් අනුමැතිය ලැබෙයි මේ ගොල්ලන්ව සීතල කාමරවලට යවන්න. LTTE එකට වුණා වගේ, එතකන් ත්‍රස්ත වැඩවලට ඉඩදෙමු...

:       8       18

swiss Saturday, 21 May 2022 10:52 PM

මේ නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබෙන විශබීජ වැපරීම..!! අද අධිකරණ නියෝග දෙන මහේස්ත්‍රාත්වරුත් කැම්පස් ඉගෙන ගන්න කාලේ ඔය විදියට හැසිරෙන්න ඇති ..! මේ දේවල්වලින් රටම අපකීර්තියට පත්වෙන බව ඒ අයම නොදනීද..?? ඔය නාඩගම්කාරයින්ට නටන්න ඉඩ දුන්නා ඇති..! ඕවා කරන්න කාලය තියෙනවනම් කුඹුරු කොටන්න දාන්න උතුරේ ගොවියොත් එක්ක..! දැනටමත් යුරෝපා රටවලින් දැනුම් දීලා තියෙන්නේ ලංකාව සංචාරයට නුසුදුසුම රටක් කියලා..! මේවා දැක්කහම ඩොලර් ප්ලේන්වලින්ම එයිද..! තව මාස හතකට ලංකාව හාන්සියි කියලා යුරෝපා රටවලින් කියලා තියෙන්නේ..? මෙය මහේස්ත්‍රාත්වරයාට අපහස කිරීමක් නොවේ.. යුරෝපා රටවල ඉන්න අයට නුදුටු රටේ මොන ප්‍රදේශය අදාල නැත..! ඔවුන් මෑතකදි සිට දකින්නේ කලබල රටක වාතාවරනයකි.! දැනටමත් 45,000 අධික සංචාරකයින් පිරිසක් ලංකාවට ඒම වලකා ඇත..!

:       0       0

Bamunuarachchi Sunday, 22 May 2022 12:36 PM

මොන විකාරද ඔය අතේ රබර් සෙරෙප්පුවක් දාගෙන ඉන්නේ සිසුවෙක්ද? එයා සිසුවෙක් නම් අනිත් අය ගැන කියනුම කවරේද? සිසුවෙක් කොහොම වෙතත් කුලියට ගත් පාතාලයෙක් බව නම් සහතිකයි. දැන් ඕනෑම අරගලයකට දවසේ කුලියට සම්බන්ධ වෙන ජෙප්පන් ඉන්නවා. මහ උන්දෑ පටන් ගත්තේ දවසේ කුලියට කාණු කපලාය...

:       7       32

swissSunday, 22 May 2022 10:10 PM

විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන් අද හැසිරෙන්නේ ප්‍රචණ්ඩකාරී විනාශයන් කරන කුලී හමුදාවක් ලෙසයි.. එය රටටම පෙනීගොස් හමාරයි..!

:       3       4

BamunuarachchiMonday, 23 May 2022 09:28 AM

මම කියපුදේ හරි... මෙයා රබර් සෙරෙප්පුවෙන් වහගෙන ඉන්නේ අතේ කොටපු පච්චය. මෙන්න නියම ජේවීපී මැරයින්...!

:       3       12

hira Monday, 23 May 2022 04:04 PM

ජෙප්පෝ රජවුණොත් ලංකාවට අබ සරණයි. මේ අය ඉන්න තැන කාටවත් ඉන්න බැහැ. මොකද ඒ තරමට කුහකයි. මිනිහෙක් හොඳට කාලා, බීලා, ඇඳලා, ගෙවල් දොරවල් හොඳට හදලා, හොඳ වටිනා වාහනයක ගියොත් ඇහේ කටු අනින්නා වගේ.. එයාටත් ගේමක් දෙන්නයි හිතෙන්නේ.

:       2       12

kasun Thursday, 26 May 2022 08:22 AM

ජෙප්පොයි, අන්තරේ කට්ටියයි ඔක්කොම ඉවර කරලා දාන්න ඕනේ. ප්‍රේමදාස හිටියා නම් කියලත් හිතෙනවා මේවා දැක්කාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site