IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දකුණේ ඉරවටා රැස් වළල්ලක්

(ගයාන් සූරියආරච්චි)

සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් අද (29) දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට විශාල ජනතාවක් උනන්දු වූ අයුරු ද දක්නට ලැබිණි.

මේ පිළිබදව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැනි අදහසකි.

‘‘මෙවැනි තත්ත්වයකට අපි කියන්නේ සූර්යා ප්‍රභා මණ්ඩලයක් කියලයි. ජල වාෂ්ප ඉහළ අහසට ගමන් කිරීමේදී අයිස් ස්ඵටික බවට පත්වෙනවා. අපට පියවි ඇසට නොපෙනුනත් ඉහළ අහසේ ෂඩශ්‍රාකාර තද අයිස් ස්ඵටික අැතිවී තිබෙනවා. සූර්යා ආලෝකය එම අයිස් ස්ඵටිවලට පතිතවීමේදී ආලෝකය පරාවර්ථනයවී විවිධ වර්ණ අපට දැකගැනීමට හැකිවෙනවා.

සූර්යාලෝකය මෙම අයිස් ස්ඵටිකවලට පතිතවීමෙන් සුදුපැහැති ආලෝක වළල්ලක් දැකගැනීමට හැකිවෙනවා. මෙම ආලෝක වළල්ලට සාපේක්ෂව එය මැනගැනීමට දෑත් දිගු කළහොත් එහි වක්‍රය අංශක 22 කින් පමණ පිහිටනවා. එම නිසා අප එයට අංශක විසිදෙකේ ප්‍රභා මණ්ඩලය කියලත් කියනවා. සාමාන්‍ය යෙන් මෙවැනි සූර්යා ප්‍රභා මණ්ඩල දිස්වීමෙන් අදහස්වනුයේ දකුණු පළාතට ඉදිරියේදී පෑවිල්ලට මුහුණදීමට සිදුවන බවයි.“ යනුවෙන් මහාචාර්යවරයා කීය

 (චන්ද්‍රසිරි ගුණසේකර)

(සුසිල් ප්‍රියන්ත)

(සනත් ගමගේ)

(එස්.ඩී. කොඩිකාර)

(කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා)



අදහස් (9)

දකුණේ ඉරවටා රැස් වළල්ලක්

jayath Thursday, 29 July 2021 04:09 PM

රටේත්, පාලකයින්ගේත් වාසනාව රටකට ශ්‍රී විභූතිය උදාවෙලා... පාලකයෝත්, දැහැමි වුණු හැමදාකම මේ වගේ දේවල් ඉතිහාසය පුරාම සිද්ද වුණා.. මේ පාරත් ටක්කෙටම වෙලා තියෙන්නේ... එ්කයි සූර්ය දෙවියෝත් අපිට නමස්කාර කරනවා...

:       147       85

Prabha Thursday, 29 July 2021 04:30 PM

ඔය දියසෙන් කුමාරයා බිහිවීමේ ලකුණු...

:       42       69

siri Thursday, 29 July 2021 05:13 PM

මහාචාර්ය චන්දන ජයරත්න මහත්තයා එහෙම කිව්වට ඕක ඇත්තටම අර අලුතෙන් රට ගොඩදාගන්න ගෙනාපු අපේ නව මුදල් ඇමැති උතුමාගේ රූපය එක්ක ටික දවසකින් ලැබෙන සෞභාග්‍ය පෙන්නුම් කරන පෙරනිමිත්තක්නේ... මේ අනන් මනන් කතා පැත්තක තියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්නයි තියෙන්නේ.

:       68       221

sujith Thursday, 29 July 2021 07:23 PM

ඔය රවුම වැඩිපුර පේනවා කියන්නේ මැදමුලන පැත්තට...

:       159       216

jayasekaraFriday, 30 July 2021 09:31 AM

ඔව් ඇත්ත ,ඔය වගේ එකක් පෙනුනලු මැදමුලනට . යුද්දේ දිනන්න ඔන්න මෙන්න තියල. ඇති යන්තම් අද අපි, ඔයාගේ පවුල් වල අය ,අපේ ළමයි, අද ජීවතුන් අතර . ඔය මැදමුලනට පායපු රැස් වළල්ල හින්දා. නැත්නම් අපි මෙලහකට ප්‍රභාකරන්ගේ බෝම්බ වලට අහු වෙලා. " උපත ...විපත " තමා

:       657       643

Dinesh Thursday, 29 July 2021 07:45 PM

ඔය රවුම මැද්දට අර පවුලේ සාමාජිකයන්ගේ පින්තූරෙ වැටෙනවලු...

:       111       207

K Perera Thursday, 29 July 2021 08:14 PM

මහාචාර්යතුමා හොඳ වෙලාවට මේ ගැන පැහැදිලි කෙරුවේ. නැතිනම් අපේ දේශපාලකයින්ට පුළුවන් වේවි මේ බයියන් රැළට එක එක දේවල් පෙන්වන්න..

:       178       318

Nuwan Thursday, 29 July 2021 10:36 PM

විශාල ශබ්දයක් ආවේ නැද්ද ?

:       0       115

Perera Friday, 30 July 2021 12:16 AM

සෞභාග්‍යයේ දැක්ම ඔය .හඳ වටේටත් ඔහොම වළල්ලක් රට ගොඩම තමයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1526 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site