(වසන්ත චන්ද්‍රපාල , නවරත්න සමරතුංග සහ ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)
අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් මියගිය පිරිසගේ සිරුර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී යළි ගොඩගැනීම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ අද (27 ) පෙරවරුවේ සිදු කෙරිණි.
කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමදු හස්තූන් යන අයග් බිරිඳ පුලිස්තනී මහේන්ද්‍රන්ගේ හෙවත් සාරා ජෙසිමීන් නැමැත්තියගේ සිරුරේ කොටස් එම සිරුර කොටස් අතර ඇත් දැයි දැන ගැනීමට ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා එම සිරුර ගොඩ ගත්තේය.
මෙම ශරීර කොටස් අධිකරණ නියෝග මත අම්පාර පොදු සුසාන භූමයේ මිහිදන් කර ඇති බැවින්, එය නැවත ගොඩ ගෙන ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සදහා යොමු කිරීමට අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ විමර්ශණ නිලධාරින් කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.
පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන සහරාන් හසීම් නමැත්තාගේ සොහොයුරා වු මොහොමඩ් රිල්වාන් නැමැත්තා විසින් 2019.04.19 දින රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගැනීමෙන් ළමුන් ඇතුලු 17 දෙනකු මියගොස් තිබුණි.
පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශනවලදී සාරා ජෙස්මිනීන් නැමැත්තිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.
මරාගෙන මැරෙන බෝම්බය පිපිරීමෙන් මියගිය පිරිස අතර සාරා ජෙන්ස්මීන් සිටියේ ද යන්න නිෂ්චිත වශයෙන් හදුනා ගැනීම සදහා මෙම පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.
අම්පාර පොදු සුසාන භූමිය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබූ අතර, අම්පාර නගර සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් සහ කම්කරු පිරිසක් මේ සදහා සහය කර ගත්හ.
ඡායාරූප -ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ
( වසන්ත චන්ද්‍රපාල )
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘සාරා ජෙස්මින්‘ සොයන්න සයින්දමරුදු පිපිරීමේ සිද්ධියේ සිරුර ගොඩට
naushi Wednesday, 27 April 2022 01:00 PM
තවත් එක් අලුත් නාට්‍ය ජවනිකාවක් පටන් ගන්න වගේ පේන්නේ...!
fairoos Wednesday, 27 April 2022 01:17 PM
මේ සැරේ නම් දෙනඑක හරියයි වගේ තමයි පේන්නේ..!
Sara jasmin Wednesday, 27 April 2022 01:44 PM
මම මෙහෙ හොඳින් ඉන්නවා. මගේ හෙවනැල්ලවත් ඔහේ නැහැ.