IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිනිස් පාදූවිල්ලෙන් නොකිළිටිව පිටවල පතන හැඩවෙයි

(ඉන්දික අරුණ කුමාර)

මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකල ලක් වී තිබේ.
 
නකලස් කලාපයේ සිදුකල සංචාරකය දී අනාවරණය වූයේ ස්වභාවික පරිසරය මේ වන විට සම්පූර් ණයෙන්ම වෙනස් වී ඇති බවයි.
 
මානව ක්‍රියාකාරකම් සිදු නොවීම හේතුවෙන් සිදුව ඇති වෙනස්කම් අතර නකලස් කළාපයට ආවේනික රැක්ෂලාතා රැසක ස්වභාවික මල් වලින හැඩවී තිබේ.
 
තොරතෝන්චික් නැතිව නිබදව ඇසෙන කුරැළු කූජනයන්ට අමතරව විවිධ වන සතුන් නිදහසේ සිය නාද රටාවන් පවත්වන අයුරැ මේ දිනවල නකල්ස් කලාපයේ දැකගත හැකිය.
 
කැළිිකසල පරිසරයට බැහැර නොවීම,ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය භාහිර පරිසරයට එක් නොවීම,ජල උල්පත් අපිරිසිදු නොවීම ආදී කරැණු රැසක් හේතුවෙන් නකලස් කළාපයේ ස්වභාවික වෙනස් වීම් සිදුව තිබේ.
 
මීට අමතරව ජනාකිර් ණ වල රිවස්ටන් මුදුන,පිටවල පතන මෙන්ම තෙල්ගමු ඔය සමීපයේ මිනිසුන් ලබාදෙන ආහාර වලින් ජිවත් වු සුනඛ රංචු මේ වන විට පිරිස් පැමිණෙන තෙක් හාමතේ රැදිසිටින අයුරුද දක්නට ලැබිණි.
 
දුම්බරට ආවේනික දුම්බර අං කටුස්සා මෙන්ම ආව්නික ගෙබි විශේෂ රැසක්, උරඝ විශේෂ මෙන්ම විවිධ වන සතුන් නකලස් සංචාරක කලාපයේ නිදහසේ ඔබ මොබ යමින් සැරිසරණ අයුරැ මේ දිනවල දැකිය හැකි දුලබ දසුන්වෙයි.
 
ස්වභාවික පරිසරයට එක්වන දූවිලි අංශු ඉවත්වීමත් සමග නකලස් කළාපයේ ඉහළ අහසද වඩාත් පැහැදිලිව දැකගත හැකි අතර මොරගහකන්ද හා කළුගග ජලාශ ද මේ දිනවල නකලස් කදුපංතියේ මුදුනට ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි.


 



අදහස් (6)

මිනිස් පාදූවිල්ලෙන් නොකිළිටිව පිටවල පතන හැඩවෙයි

Raveendra Thursday, 23 April 2020 12:26 PM

අනේ මේ අපේ රට කොච්චර ලස්සනද ? මේ සෑම දෙයක්ම විනාශ කරන්නේ පොදුවේ ගත්කළ දේශපාලුවන් මෙන්ම දේශපාලුවන්ට සම්බන්ධ අය නොවේද ?

:       113       864

JayFriday, 24 April 2020 02:11 AM

රවීන්ද්‍ර, දේශපාලුවන් මෙන්ම දේශපාලුවන්ට සම්බන්ධ අය වගකිවයුතුයි මහා පරිමාණයෙන් කරන දේවල් වලට, හැබැයි අමතක කරන්න එපා සාමාන්‍ය මිනිස්සු මේ ප්‍රදේශ වලට ගිහින් එක එක ඒවා පොලිතීන් , ප්ලාස්ටික් බෝතල් , වලින් කරන විනාශය , ඒ වගේම සතුන් බිය වැද්දීමෙන් කරන විනාශයත් අදාළ බව.

:       0       3

පුජා Thursday, 23 April 2020 01:39 PM

පින්තුරයකින් හෝ මෙම ස්වභාවික ,මනරම් දර්ශන දැකීමෙන් සිතට ඇති වුනේ මහත් සතුටක්. කුරුල්ලන් වෙනදාටත් වඩා සුමධුර ලෙස ලයාන්විතව ඔවුන්ගේ කූජනයන්, පරිසරයට මුදා හරිනවා ඇති. බඩටම ඇලුණු කුසක් සහිතව, කුසගින්නට දෝ ගල් පොත්තක් උඩ හිඳ දිය බොන සුනඛ පෝතකයා දුටු විට නම් සිතට දැනුනේ මහත් දුකක්.

:       0       1

kumara Thursday, 23 April 2020 04:58 PM

රටේ පරිසරය වැඩිපුරම විනාශ කරේ ඔය බස්නාහිර හා දකුණු පළාත්වල මිනිසුන්, සමාවන්න. මේ මාතලේ ප්‍රදේශයට වැඩිපුරම එන්නේ ඔය ප්‍රදේශවල අය. මම පතනේ ආසනන්යේ ගමක කෙනෙක්. දකිනවා ගෙදර යනකොට පිටගම් වලින් ඇවිල්ල ගමට කර ඇති විනාශය. ටිපිටිප් කොළ, අයිස්ක්‍රීම් කොළ, බියර් බෝතල් හැම තැනම. ඉතින් මෙලෙස අපේ ගමේ ස්වාභාවදර්මයාට කෙනෙහිලිකම් කල මිනිසුන් අද තාප්ප වලින් වටවෙච්ච ගෙවල් වල එලියට බහින්න බැරි වෙන තරමටම තද අව රශ්මියේ ඉන්නවා. දැන් සතුටුද. දැන් වත් මේ රිවස්ටන් පැතිවලට එන පිටස්තරයන් සිමා කරනන් වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ.

:       2       85

ravi Friday, 24 April 2020 05:17 AM

ජනාධිපතිතුමාත් අපි වගේම මේ සුන්දරත්වය ඉස්සර දැකලා නැතුව ඇති.

:       0       0

ravi Friday, 24 April 2020 10:10 AM

ගුවන් ගමන් නැතිනිසා, අහස පිරිසිදුවෙලා, යානවාහන නැතිනිසා පොලව පිරිසිදුවෙලා... මනුස්සයෝ එක්රස්වෙන්නේ නැතිනිසා .. කැලිකසලත් අවමවෙලා ... දෙවියන් විසින් අපිට ලබාදුන් .. අත්දැකීමක්, ප්‍රාතිහාර්යක්, පිරිසිදු ජීවිතයකට මග පෙන්වීමක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site