IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා නාවික ජංගම රෝහල් නෞකාවක් ත්‍රිකුණාමලයේ

 
(හර්ෂණ තුෂාර සිල්වා  ත්‍රිකුණාමලයේ සිට)
 
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකා දෙකෙන් එකක් වන ‘යු.එස්.එන්.එස් මර්සි නෞකාව’ මේ දිනවල ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබේ.
මෙම නෞකාව ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායට සේන්දු වූයේ අප්‍රේල 25 වැනිදාය.  
 
 
 
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි අතර නැවත ඇමෙරිකාව බලා යෑමට පෙර වියට්නාමයට හා ජපානයට ළඟා වන්නේය. 
 
 
 
මීට පෙර මෙම නෞකාව ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ ඉන්දුනීසියාව, පලාවු, යැප්, ගුවාම්, තායිලන්තය හා මැලේසියාව යන රටවලට ගමන් කළේය. 
 
 
 
ඉන්දු ආසියානු හා ශාන්තකර රටවල ප්‍රජා සමඟ සබඳතා ඇති කරගැනීම, වෛද්‍ය හා ඉංජිනේරුවල දැනුම හා තාක්ෂණික ශිල්ප ක්‍රමවේද හුවමාරු කරගැනීම මෙම නෞකාවේ ප්‍රධාන අරමුණය. ඊට අමතරව යුද්ධයක් හෝ ආපදා අවස්ථාවලදී සෙබළුන්ට ප්‍රතිකාර කිරීම, සිවිල් වැසියන්ට ප්‍රතිකාර කිරීම යනාදි සහන සහ වෛද්‍ය සේවා සැපයීමෙ මෙම නෞකාවේ ප්‍රධාන කාර්යය වේ. 
 
 
 
ඇමෙරිකා එක්සත් ජනපදය සතු අනෙක් මෙම වර්ගයේ නෞකාව වනුයේ ‘යු.එස්.එන්.එස් කම්ෆර්ට් නෞකාව’යි. එම නෞකාවෙන් අන්ලාන්තික කලාපය ආවරණය වේ.
මෙම නෞකාව මැයි 9 වැනිද ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය. 
 
(ඡායාරූප- ප්‍රදීප් පතිරණ ඩේලිමිරර් )
 
 



අදහස් (1)

ඇමෙරිකා නාවික ජංගම රෝහල් නෞකාවක් ත්‍රිකුණාමලයේ

රජින්ද Thursday, 03 May 2018 01:56 PM

මුලින්ම ආධාර... සහන සේවා... ඉන්පසුව වහල්කම. ඇමෙරිකාව බේස් හදපු කොයි රටද දියුණුවේ හිනි පෙත්තට ගියේ. මේ ඇමෙරිකාව අර අදින්නේ ත්‍රිකුණාමල වරායට බව කාටද නොතේරෙන්නේ? මේක මහා පුදුම රටක්. රටේ දකුණු වරාය චීනෙට... දකුණු ගුවන්තොට ඉන්දියාවට... උතුරු-නැගෙනහිර වරාය ඇමෙරිකාවට... මේ පුංචි රට ගොඩනගන්න බැරි කයිවාරු දේශපාලනය මේ රට දිනෙන් දින කාබාසිනියා කරනවා. මෙහෙම දීන විදිහට එක එක රටවලට මේ රට අන්දවන්න නම්, මේ රටට දේශපාලකයන් කුමටද?

:       307       797

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site