IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ක්‍රීඩා ඇමැති නාමල් රළමත ලිස්සන්න යයි

(සුරියවැව දිලීප් ජයසේකර)

හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) උදෑසන හම්බන්තොට වෙරළ තීරයේදී රළමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ  (සර්පින්) නිරත වීය.

මේ සදහා නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රිඩා පුහුණුකරු වන ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ටේලර් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

මීට සමගාමීව ඊයේ (14) රාත්‍රියේදී හම්බන්තොට වෙරළ උද්‍යානයේදී වෙරළ වොලිබෝල් හා වෙරළ පාපන්දු තරග ඉසව් කිහිපයක්ද පැවැත්විණි.
 



අදහස් (38)

ක්‍රීඩා ඇමැති නාමල් රළමත ලිස්සන්න යයි

apiwenuwenapimai Saturday, 15 August 2020 07:41 AM

ඔන්න පටන්ගත්තා. ක්‍රීඩා ඇමතිගේ රාජකාරිය රජයේ මුදල් නාස්ති කරකර ක්‍රීඩා කිරීම කියලා මේ ඇමති හිතාගෙන ඉන්නේ. ගියවාරේ තාත්තව පමණි, මෙවර තාත්තවයි, බාප්පවයි දෙන්නවම ඉවරකරලා තමයි මෙයා පස්ස බලන්නේ. අනේ මට දුක මම ගෝඨාභයට දුන්න ඡන්දෙ නිසානේ... අද මේවගේ දේවල් බලන්න වෙලා තියෙන්නේ...

:       3552       5653

ලුම්බිණි Saturday, 15 August 2020 07:53 AM

මෙහෙම රළ මත ලිස්සන්න පුළුවන් ක්‍රීඩා ඇමතිලා ඉන්නේ මොන රටේද?

:       49       1292

siriSaturday, 15 August 2020 12:31 PM

කොහොමත් ලිස්සන්න දක්ෂයෙක් වගේ පේන්නේ.

:       21       1239

bandaara.gSaturday, 15 August 2020 05:37 PM

යුද්දෙදීත් එංගලන්තයට ලිස්සලා ගිහින් ජොලියේ් හිටියා නේද?

:       0       0

siri Saturday, 15 August 2020 07:58 AM

ඕස්ට්‍රේලියානු උපදේශකටත් පඩි ගෙවන්නේ ඡන්ද දායකයාගේ අතින්ද? ක්‍රීඩාව කෙසේ වෙතත් තමන්ගේ වැඩේ නම් ඉහළින්ම කරගන්න හැඩයි..

:       18       1414

naaranSaturday, 15 August 2020 09:33 AM

මේ වගේ පුත්‍ර රත්න රකින්න තමයි අපි වගේ අය ඉන්නේ.

:       2       335

kamal Saturday, 15 August 2020 08:32 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු...

:       14       938

mohomed Saturday, 15 August 2020 08:54 AM

අර 69 ලක්ෂයත් යන්න නාමල් බේබිත් එක්ක මුහුදට...

:       5       1948

baddarni Saturday, 15 August 2020 08:55 AM

පරණ සිංදුවක් මතක් වුණා. ‘‘මගෙ නාමලී ඔරුවේ නැගී.... පෙම් පණිවිඩේ පාවී ගඟේ...‘‘

:       2       237

P Saturday, 15 August 2020 09:08 AM

හරිම හොඳයි... ආඩම්බරයි.

:       4       149

ranaMonday, 17 August 2020 05:58 AM

වහලුන්ට නියම මැජික් නෙ ?

:       0       4

විජිත් Saturday, 15 August 2020 09:13 AM

තවම පටන්ගත්තා විතරයි. ඔය පැත්තේ ඉන්න අයට මේවා මැජික්. ඔවුන්ට තේරෙන්නේ නැහැ මේ වියදම් වෙන්නේ තමන්ගේම සල්ලි කියලා. තව ටික දවසකින් මෙයාගේ පරණ "නිල් බලකාය" කියන රස්තියාදු කාරයින් ටිකත් එකතු කරගනීවි. ඔය නිල් බලකායේ අය ඒ කාලේ හිතාගෙන හිටියේ ලංකාවේ ඕනෑම තැනක ඕන වැඩක් ඔවුන්ට හිතුණු හිතුණු විදිහට කරන්න පුළුවන් කියලා. නමුත් 2014දී විතර (මහින්දගේ කාලයේ) මගේ හිතවතුන් පිරිසක් විසින් කලින් වෙන්කරගන්නා ලද හෝටලයක රෙස්ටුරන්ට් අසුන් වගයක් ඔවුන්ට ඉල්ලා නිල්බලකායේ පිස්සන් වගයක් පැමිණ වලියක් ඇදගත්තා. තමන් නාමල්ගේ මිතුරන්, තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්.. කියලා. හෝටලේ අයිතිකරුවන් අසරණ වුණා. දේශපාලන බලය නිසා. අපේ මිතුරන් ප්‍රශ්නය තේරුම් අරගෙන කෑමත් නොගෙනම පිටවුණා. අපි මීගමුවේ.. අපි ඔය බයියන්ට බය මිනිස්සු නොවෙයි. අපි පස්සේ හමුවෙමු කියලා මිතුරන් ටික හෝටලයෙන් පිටත මාර්ගයේ රැඳී හිටියා.

:       92       1386

Raveendra Saturday, 15 August 2020 10:29 AM

ඉරහඳ දෙස බැලුවන් සැමදා උදේහවා... පේනවා වෙනස ඕනෑ කෙනෙකුට උදේහවා... සජි පුතයි මේ පුතයි දෙස බැලූ කල... පාට හැරෙන්නට නැත කිසිවක් වෙනසකට...

:       7       44

athula Saturday, 15 August 2020 10:56 AM

ගිය සැරේ කාර් රේස් මෙදාපාර.. මෙන්න මෙයාලට රටේ ප්‍රශ්න දැනෙන හැටි... කාට කියන්නද? මෙයා එක්ක ෆොටෝ එකක් අරන් ෆේස් බුක් එකේ දාගෙන සතියක් දෙකක් ඉන්න පුළුවන්නේ...

:       1       428

Prabha Saturday, 15 August 2020 11:08 AM

ජනාධිපතිතුමනි, නැවත ඇමෙරිකානු පුරවැසිකම ඉල්ලගන්න.. මේ වැඩ නිසා මේ අයට හිතුවාටත් වඩා කළින් ගෙදර යවන එක සිකුරුයි.

:       2       335

Akila Saturday, 15 August 2020 11:15 AM

ක්‍රීඩා කෙසේවෙතත් ක්‍රීඩා ඇමති නම් දියුණු වෙන්න වගේ හදන්නේ, මහජන මුදලින් පුහුණුකරුවන් ගෙන්නලා...

:       2       354

isurandi Saturday, 15 August 2020 11:16 AM

සුනාමිය ගියාට පස්සේ වැළපිලා ඵලක් නැහැ දැන්...

:       1       320

Kumi Saturday, 15 August 2020 11:24 AM

උඩපැනගෙන ඡන්දෙ දුන් අයට දැන් සැපද?

:       1       802

විකුම් Saturday, 15 August 2020 11:31 AM

ක්‍රීඩා පුහුණුකරුට මෙච්චරකල් පඩි ගෙව්වේ මන්ත්‍රී වැටුපෙන් වෙන්ටැති. පරණ නාස්තිකාර නාඩගම් ආයෙත් පටන් ගන්නයි හදන්නේ...

:       1       1405

Champa Saturday, 15 August 2020 01:21 PM

මේක නම් නොදන්නා හින්දමයි අහන්නේ. සර්ෆින් කියලා මම හිතුවේ මේ බෝර්ඩ් එකේ හිටගෙන මුහුදු රැල්ල යන විදිහට බැලන්ස් කරගෙන යන එකට. ඒකට වේව් ස්ලයිඩ්න් කියලත් කියනවා. කොහොම වුණත්, දැනටත් ක්‍රීඩාවේ යෙදෙන, ඒ වගේම එක ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රීඩා බොහෝ ගණනක් දන්න තරුණ ක්‍රීඩා ඇමතිවරයෙක් ලංකාවට ඉන්න එක ආඩම්බරයක්. නාමල්ට මගේ සුබ පැතුම්... ලංකාව වටේ මුහුද තිබ්බට ගංගා වැව් සිය ගණන් තිබ්බට පීනන්න දන්නේ කීයෙන් කීදෙනාද? මේවා තරුණ සංචාරකයන් රටට ගෙන්වා ගන්න හොඳ ආකර්ශනයක්... නාමල්ගේ ආරාධනාවකට පාලිත කරපු කතාවක ඒ ගැන කියලා තියෙනවා මම දැක්කා...

:       956       343

ChampaSaturday, 15 August 2020 02:03 PM

නාමල්ගේ ආරාධනාවකට පාලිත කරපු කතාවක ඒ බව කියලා තිබුණ. ඒ කිව්වේ වින්ඩ් සර්ෆින් සහ වේව් ස්ලයිඩින්.

:       146       12

බද්රානිMonday, 17 August 2020 06:34 AM

චම්පා, ඔයා රැලි පාගන බබෙක් වෙන්න කලින් ඔයා ඔබම වෙන්න. අනුන් නටන විදිහට නටන්න දඟලන්නේ නැතිව. ජනතාවට හා රටට ගැලපෙන මේ රටේ අනාගත රජතුමා වීමට නාමල්ට ඕනෑතරම් සුදුසු කම් තියනවා. ඔහුව එම තනතුරට පත් කිරීමට අවශ්‍යය සුදුසුකම් සපුරාලීමට මේ රටේ ජනතාවගේ බදු මුදල් ඔහු වෙනුවෙන් ආයෝජනය කිරීමයි කළ යුත්තේ. විශේෂයෙන් මැටි හා ලෝහ, ඇඟලුම් හා නර්තන ක්ෂේත්‍රය වැනි ග්‍රාමීය කර්මාන්තය ගැන උපතින්ම හැකියාවක් ඇතයි උපකල්පනය කළ හැකි, චම්පා මැතිණියගේ දරුවන්ව එම කර්මාන්තය සඳහා යොමු කිරීමෙන් ගරු නාමල් මැතිතුමාගේ රාජ්‍ය පාලනයටද උර දිය හැකි අනාගත පරපුරක් බිහි කළ හැකියි. ඇත්තෙන්ම රටක සිදුවිය යුත්තේ එයයි...

:       76       93

PrabhaSaturday, 15 August 2020 04:38 PM

විදේශිකයෙකුට පාරෙ බැහැලා යන්න පුළුවන් තත්වයක් හදන්න. එතකොට ඔය ප්‍රදර්ශන නැතත් ඔවුන් ඒවි.

:       0       28

Nimal ... Saturday, 15 August 2020 02:38 PM

තාම මෙයාලා ලිස්සලා යන්න පටන් ගත්තේ නෑ. තව ටිකක් ඉවසන්නකෝ ලිස්සලා ගිහින් මහජනතාවට කොකා පෙන්වන හැටි බලන්න.

:       1       331

samansiri Saturday, 15 August 2020 02:40 PM

දැන් මෙයා කෝච්චියෙන් ගිහින් ඉවරයිද?

:       1       147

aruni Saturday, 15 August 2020 04:18 PM

විජිත්, ඔය කිව්ව නිල්බලකාය කියන රස්තියාදු කාරයෝ හින්දා ගම්වල සමහර ගැහැණු ළමයිනුත් මුලා වුණා.

:       4       654

Waduge Saturday, 15 August 2020 05:11 PM

මේකෙන් රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? යුවරජ බව ජනතාවට ඇඟවීමටද?

:       0       0

lasantah mahanama Saturday, 15 August 2020 05:41 PM

ලංකාවේ මිනිස්සු කිසිම දවසකවත් හැදෙන්න. අද මේ කට්ටියට ඡන්දෙ දෙනවා. හෙට අර කට්ටියට දෙනවා. කිසිම කෙනෙක් රට හදන්නේ නැහැ.

:       0       0

priyantha Sunday, 16 August 2020 12:58 AM

ඔක්කොම දැන්ම ඉඳලාම මහජන මුදල්වලින් කේක් එක අයිසින් කරනවා.

:       0       0

Prasanna Sunday, 16 August 2020 01:55 AM

සමහර කමෙන්ට් දැක්කාම හිනායනවා. මම හිතන්නේ අපේ රටේ සමහර මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ. සර්ෆ් කරන්න රජපවුලේ වෙන්න ඕනෑද? ඔය මිරිස්ස පැත්තේ කොල්ලොත් යන්නේ. පිස්සුද මන්දා මේ මිනිස්සුන්ට? ඊර්ශ්‍යාව, ක්‍රෝධය ඇතිකරන්න එපා. හොරකමක් කළොත් පෙන්වා දෙන එකයි වැදගත්...

:       0       0

Kumara Sunday, 16 August 2020 03:31 AM

මේ සැරේ තාත්තාවයි, බාප්පාවයි දෙන්නම එක සැරේ ගෙදර යවන්න පුළුවන්. තව කාර් රේස් ටිකකුත් පදින්න. ඇමතිතුමා පත් කලේ ඕවට නෙවෙයි. රටේ ක්‍රීඩා දියුණු කරන්න. තාමත් තියෙන්නේ ළදරු මානසිකත්වයක්. තාත්තාගෙ අහලකින්වත් තියන්න බැහැ.

:       0       0

jaya Sunday, 16 August 2020 04:10 AM

පළවෙනි ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා... තව ඒවා එයි ඉස්සරහට..

:       0       0

samarapala Monday, 17 August 2020 04:16 AM

ඇහුවට තරහ වෙන්න එපා, මෙතුමා ක්‍රීඩා ඇමතිද.? සංචාරක ප්‍රවර්ධන ඇමතිද.?

:       0       0

Nuwan Monday, 17 August 2020 08:37 AM

ගියපාර තාත්තට ගෙදර යන්න වුනේ මේ පුත්‍රයෝ ටික නිසා. මේ පාර බාප්පට ඒ ටිකම වෙනවා අනිවා.

:       0       48

මාතර සත්‍යපාල Tuesday, 18 August 2020 01:32 AM

මේ පාරත් කෙළවාගන්න තමයි හදන්නේ...

:       0       42

සපුමල් (SAPUMAL,Sapumal.) Tuesday, 18 August 2020 02:13 AM

කෝ රළ මත ලිස්සා යාමේ එකම ෆොටෝ එකක්වත් නැහැනේ.. සර්ෆින් බෝඩ් එක බදාගෙන තමයි ඉන්නේ... මං හිතන්නේ රළ දැක්කාම බය හිතෙනවා වෙන්න ඇති. තාම හරියට පුහුණුව මදි වගෙයි පේන්නේ..

:       0       28

Ranga Tuesday, 18 August 2020 03:44 AM

නාමල් රාජපක්ෂ මහතා මෙම ක්‍රීඩාව ඇතුලුව බොහෝ ක්‍රීඩා රැසක් ප්‍රගුණ කරමින් සිටින්නේ කාලයක සිටයි. ඔහු විපක්ෂ මන්ත්‍රී අවධියේත් ඒ කාර්යන්හි නිරත විය. නමුත් ඔහු විසින් මේ සැම අදම පටන් ගත් ආකාරයක් හැඟෙන පරිදි මෙමගින් බලාපොරොත්තු වන්නේ යූ.එන්.පී. හා ජ.වි.පේ. පාක්ෂිකයන් ලවා පහර ගැස්සවීම බව කමෙන්ටු දැමීම ආදියෙන් පෙනී යයි.

:       172       1

rihan Tuesday, 18 August 2020 11:25 AM

ලිස්සන වයසේ ලිස්සන්නේ නැතිව වයසට ගිහින් ලිස්සන්නයැ...

:       0       6

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site