IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘සාධාරණය ඉටුවන තුරු සටන අත්හරින්නේ නැහැ‘‘

(ඩයනා උදයංගනී)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන් හා සාධාරණ සටන දිගටම කරගෙන යන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ පැවසූහ.

එය සංකේතත් කරමින් සියලු ක්‍රිස්තියානි ආගමික නායකයින් හා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අද පස්වරුවේ මීගමුවේදී පා ගමනක් පවත්වන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

කොළඹ අගදරගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය එල්ල වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවති ‘ දෙවසරක පාස්කු කඳුළ’ වැඩසටහනට එක්වෙමිනි.

අප්‍රේල් 21 වැනිදා දිනය අමතක නොවන ඛේදනීය දිනයක් ලෙස ඉතිහාසයට එක්වන බව කී කාදිනල්තුමෝ කාලයේ ඇවෑමෙන් සියල්ල යටපත් කර සත්‍ය වලදමා වැරදිකරුවන් නිවැරදිකරුවන් බවට පත්කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධවීමට කිසිසේත්ම සූදානම් නැතැයිද පැවසූහ.

වසර දෙකක් ගතවුවත් මේ මිනිස් සංහාරය සිදුකළේ කවුද, කුමන හේතුවකටද? කාගේ උවමනාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනත් අපොහොසත් වී තිබීම විශාල ප්‍රශ්නාර්ථයක් බව කී අගරදගුරුතුමෝ රටේ සෙසු අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල දැඩි කාර්යක්‍ෂමතාවය කිසිකෙනෙකුට වරදක් නොකළ දරුවන් 68ක් සහ වැඩිහිටියන් 201 ක් ඇතුළු 269 දෙනෙකු අමුඅමුවේ ඝාතනය කළ මේ කුරිරු මිනීමැරුම කෙරෙහි ක්‍රියාත්මක නොවීට ගැටලුවන් බව ද කියා සිටියහ.

එදා පැවති රජයත්, වත්මන් රජයත් පෙන්වන උදාසීනබව, දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගන්නා, ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳව බලවත් ශෝකයක් පවතින බවත් එම ක්‍රියාදාමය පිටුපස බොහෝ විට දේශපාලන අරමුණු තිබෙන බව කාටත් පැහැදිලි වෙමින් තිබෙන බවත් කාදිනල්තුමෝ කියා සිටියහ.



අදහස් (11)

‘‘සාධාරණය ඉටුවන තුරු සටන අත්හරින්නේ නැහැ‘‘

ලකිත් ශ්‍යාමන් Wednesday, 21 April 2021 07:02 AM

අනේ ඔයා සාධාරණය වෙනුවෙන් සටන් කරද්දි බැරියෑ. ඔයා රාජපක්ෂ හොර පවුල ලවා නොබෙල් ත්‍යාගයට නොමිනේට් වෙන්න බලන් රඟපෑම නම් සුපිරියට කරනවා.

:       20       28

gamunuThursday, 22 April 2021 12:11 AM

පාස්කු දිනයද සිදුවූ බෝම්බ ප්‍රහාර පළිබදව කුමන ආගමකට හෝ ජාතියකට අයත් උවත් මනුෂයන් වසයෙන් අප කනගටුවමු. මෙම ප්‍රහාරයට වගකිවයුතු වන්නේ රටේ ආරක්ෂාවට වග කියන්නාවූ ආරක්ෂක අංශ සහ පොලිසිය මිස රටේ දේශපාලන නායකයන් නොවේ. පොලිසියට ප්‍රහාර පිළිබඳව සියලු තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක පියවර නොගැනීමට වගකිව යුතුවන්නේ පොලිසිය වේ. ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ , ප්‍රංශයේ ප්‍රබල ඔත්තු සේවා ක්‍රියාත්මක උවත් එම රටවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. ඒවගේම රෝ ඔත්තු සේවය තදින්ම ක්‍රියාත්මක වන්නාවූ ඉන්දියවට ත්රස්ත ප්‍රහාර ගණනාවක් එල්ල විය. නමුත් එම රටවල නායකයන් උසාවි හෝ කොමිසන් වෙත ගෙන්වා ප්‍රශ්න කළේ නැත. කොතරම් ප්‍රබල ඔත්තු සේවා ආරක්ෂක අංශ ඇතත් ත්‍රස්තයන්ට අවශ්‍ය වූ විට ඕනෑම අවස්ථාවක දී ප්‍රහාරයක් එල්ල කල හැකිය. රජයකට කළ හැකිවන්නේ සහ අවශ්‍ය වන්නේ ඔත්තු සේවා සක්තිමත් කර තොරතුරු පදනම්ව ක්ෂණිකව ආරක්ෂක පියවර ගැනීම වේ.

:       12       1

Don perera Wednesday, 21 April 2021 07:09 AM

අනික ඔබතුමා ගැන විශ්වාසයක් නෑ

:       18       26

pradeepa Wednesday, 21 April 2021 07:12 AM

දැන් ඔබවහන්සේ ජාත්‍යන්තර අධිකරණයට යන්ඩ ඕන කාලය ඇවිල්ලා ඔය අපරාධයට ශ්‍රී ලංකාවේ කවදාවත් පිහිටක් හම්බවෙන්නේ නැහැ මෙයාලා ඉන්නකම්

:       5       57

fairoos Wednesday, 21 April 2021 07:31 AM

මේක එක ආගමකට හෝ දෙකටවත් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි මුස්ලිම් සහ හින්දු ආගමික නායකයනුත් මේකට එක්කර ගන්න තිබුණා අපි මෙහෙම බෙදුණොත් දේශපාලකයනට එක වාසියක් වෙනවා.

:       4       40

siri Wednesday, 21 April 2021 08:21 AM

"මඩේ හිටවපු ඉන්නක්" වගේ වැඩ කරලා නම් සාධාරණයක් ඉල්ලා කිසිම බලපෑමක් කරන්න බැරිවෙයි.

:       3       32

බද්රානි Wednesday, 21 April 2021 08:30 AM

"හොරාගේ අම්මගෙන් පේන අහලා" පලක් නොමැති නමුත්, වෙන කළ හැකි දෙයක් නොමැති නිසා ඒකවත් කරමු. උන් ඒ තරමටම තිරිසන්නු???

:       5       44

de silva Wednesday, 21 April 2021 09:24 AM

ඔය ප්‍රශ්නයට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ ඉන්න කතෝලිකයෝ දෙපිල බෙදිලා පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙනවා ඉදිරියට මිනිස්සුත් දෙපිල බෙදිලා රණ්ඩු වෙයි ඔබවහන්සේ දවසින් දවස පරස්පර විරෝධී ප්‍රකාශ කරනකොට සටන නිකන්ම දියාරු වෙලා යනවා

:       2       20

Puppa Wednesday, 21 April 2021 12:12 PM

අද කියන එක හෙට වෙනස් කරනවා මේ පාලකයින්ගෙන් කවදාවත් සාධාරණයක් ඉටුවෙන්නැ

:       3       18

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 22 April 2021 01:14 AM

මේ රජයට මේ සම්බන්ධයෙන් මුලින්ම කරන්න තිබුණේ,මේ මහා මිනිස් සංහාරය සිදුවෙනකන් බලාන සිටි මෛත්‍රීපාල ට,ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කර මරණ දඬුවම නියම කිරීමයි.අනෙකුත් වගකිවයුතු අයටත් දඬුවම් කිරීමයි.ඒත්, පසුගිය මැතිවරණයේදී පැවැති රජය පරාජය කිරීමට මෛත්‍රීපාල දුන් සහයෝගය නිසාත්,ඔහු තවමත් රජයේ පැත්තේ සිටින නිසාත්,එසේ කිරීමට හෝ කරන්නට බැහැ. මේ නිසා වර්තමාන රජයේ ප්‍රකාශ ගැන විශ්වාසයක් තබන්නට නොහැකි බවක් පෙනෙනවා.එසේ හෙයින් දැන් හෝ කලයුත්තේ මේ සඳහා ජාත්‍යන්තර අධිකරණය වෙත යාමයි.එවිට,මේ රටේ දේශපාලකයන්ට දවල් තරු පෙනේවි. වැරැද්ද නිවැරදි කරන්නට දඟලන ඇතැම් නීති පාර්ශව වල ඇඳුම් ගැලවී ඔවුන්ගේ සැබෑ නිරුවත පෙනේවි.රටේ ජනතාව මෙතෙක් කල් රැවටී සිටි අයුරු ඔවුන්ට අවබෝධ වී නිසි තීන්දු තීරණ ගනීවි.සිදුකළ යුත්තේ එයයි. ඒත්, තවමත් සිදු නොවූයේද එයයි.

:       0       12

Nishan Thursday, 22 April 2021 04:24 AM

මේ පාස්කු ප්‍රහාරයේ මළමිනී මතින් තම අරමුණු ඉෂ්ඨ කර ගත්තු අය මේ ආණ්ඩුවෙත්, ආණ්ඩුවට සම්බන්ධ වුණ පාර්ශව වලත් ඉන්නවා. ඒ දෙගොල්ලෝම අද වැඩියෙන්ම සතුටු වෙන දවසක්.

:       0       11

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site