IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හමුදා කොල්ලන්ගේ වැඩ බලන්න හමුදාපති සීදූවට යයි

(ශාන්ත රත්නායක)

මෙරට ඉදිවන විශාල කොරෝනා රෝහලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යුද හමුදපති ජනරාල් ශ්වෙන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදාවේ උසස් නිලධාරීහු නිරීක්ෂණයක නිතර වූහ.

කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා සීදූව ප්‍රදේශයේ Brandix Green Plant ආයතනයේ මෙම රෝහල ඉදිර කෙරේ.

යුද්ධ හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම රොහලේ සියලුම සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලකි.

නේවාසික පහසුකම් මෙන්ම වෙනත් සායන කටයුතු වෙනුවෙන් ද භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි.

මෙම රෝහල ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පැය 24 පුරා කඩිනමින් නිම වෙමින් පවතී.

 මෙම රෝහලේ සියලු ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථාන ප්‍රධානී , ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද හමුදා පති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රි ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතනී  සුජීවා නෙල්සන් මහත්මිය ද එක් වූහ. 



අදහස් (14)

හමුදා කොල්ලන්ගේ වැඩ බලන්න හමුදාපති සීදූවට යයි

alwis Saturday, 08 May 2021 09:13 PM

මේ වගේ ඉස්පිරිතාල කොච්චර හැදුවත් වැඩක් නැහැ ලෙඩ්ඩු දවසින් දවස වැඩිවෙනවානම් . කලයුත්තේ පැතිරයාම අවම කරගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමයි .

:       0       0

Almeida Sunday, 09 May 2021 04:24 AM

රෝහලක් කියන්නේ ඇඳන් දාපු බිල්ඩිමක් නෙවෙයි.

:       0       0

ase Sunday, 09 May 2021 05:51 AM

හා හා මේක අතීසාරයට අමුඩේ ගැසීමක් නේ ? කරන්න ඕනි වසන්ගතය පාලනය කිරීම නෙද ??

:       0       0

කොවිඩ් වැක්සින් Sunday, 09 May 2021 06:16 AM

රෝහල් හදන එක හොඳයි. එන්නත රුපියල් 500ක් විතර වෙද්දී , එක PCR එකක් කරන්න යන වියදමෙන් එන්නත් 6-7 දෙන්න පුළුවන් කම තියෙනවා. චීන එන්නත ,ස්පුට්නික් හරි ගහල දාන්න රජය ගෙනයන වැඩපිළිවෙල ඉක්මන් කරන්න. මේ සියලු වියදම් නතර කරන්න එකම විසඳුම

:       0       0

anula Sunday, 09 May 2021 06:46 AM

තෙරුවන් සරණයි අපේ හමුදාපතිතුමාට සහ අපේ විරුවන්ට.

:       0       0

Binkunndaa Sunday, 09 May 2021 06:53 AM

එය නේවාසිකාගාරයක් නොවිය යුතුය, ජීවිත ආධාරක පද්ධති නොමැතිව ආවරණ ඉවසීමට ඇති අවස්ථා මොනවාද?

:       0       0

fairoos Sunday, 09 May 2021 07:45 AM

ඒ කියන්නේ ඉදිරියටත් කොරෝනා එක්ක තමයි ඉන්න වෙන්නේ කියන එකනේ.

:       0       0

Jit Sunday, 09 May 2021 08:35 AM

වහලා තිබුණු ඇඟලුම් කම්හලක අලුතෙන් තීන්ත ගාලා යකඩ ඇඳන් දැම්මට ඔතෙන්ට එන ලෙඩ්ඩුන්ට ඔක්සිජන් දෙන්න අවශ්‍ය උපකරණ සහ ඒවා ලබාගන්න වැඩ පිළිවෙලක් තියෙනවද? නැත්නම් මේකත් මාධ්‍ය සංදර්ශනයක් පමණක්ද? කොරෝනා මරාලයෙන් හොඳට හරි හම්බ කරගත්තු කණ්ඩායමක් දැන් ලංකාවේ බිහිවෙලා ඉන්න බව නම් කවුරුත් කියනවා.

:       109       125

ලාංකිකයෙක්Monday, 10 May 2021 04:19 AM

මෙම පුවත සමග පළ කර ඇති ඡායාරූප නැරඹීමෙන් එසේ ඔබට ප්‍රශ්නයක් ඇති විය හැක. නමුත්, ඔක්සිජන් සිලින්ඩර රැදවුම් ද සූදානම් කර තිබෙන අන්දම වෙනත් පුවත් වෙබ් අඩවියකින් මම දුටුවෙමි. වර්තමාන තත්වයට වගනිව යුත්තේ අප රටේ දඩබ්බර පුරවැසියෝය. තමන් ගැනවත්, අන්‍යයන් ගැනවත් නොසිතන, 'අපට ඕව හැදෙන්නෙ නෑ' යන මානසිකත්වයෙන් හැසිරෙන්නන්ය. පාසල්වලදී ශිෂ්‍යයන්ට අවශ්‍ය ලෙස හැසිරීමට මග පෑදූ අධ්‍යාපන ප්‍රතිපත්ති ද මෙවැනි සමාජ ව්‍යසනවලට වග කිව යුතුය. පෙර කාලවලදී 'විද්‍යා ධදාති විනයං' යනුවෙන් ශිෂ්‍යයන්ට ඉගැන්වුවත්, අද බහුතරයක් පාසල්වල එසේ නොකිරීම කොවිඩ් වසංගතයට වඩා භයානකය.

:       2       0

MO77 Sunday, 09 May 2021 08:37 AM

කාර්ය මණ්ඩල සහ උපකරණ නැතිනම් ගොඩනැගිලි සහ ඇදන් තිබුණාට රෝහලක් තැනිය නොහැකිය.

:       54       55

Dr Lakshman Fernando Sunday, 09 May 2021 03:03 PM

රැකියාවේ දියුණුව බලන්න යන්න ඇති. ඔබට තියෙනවාද මේවා ගැන අත්දැකීම්... ඒ හින්දා කට පියාගෙන ඉන්න.

:       40       31

bandara Sunday, 09 May 2021 03:47 PM

ආපදා කලමනාකරණයේ ප්‍රධාන න්‍යායක් තමයි "prevention is better than Cure" සංකල්පය. ඒ නිසා අද කලයුත්තේ ඇඳන් සහ රෝහල් හදනවට වඩා කොවිඩ් පැතිරීම තවදුරට පැතිරීම වැලැක්වීම. මේ ගැන ඉහලින් ඉන්න පාලකයින්ට අවබෝධයක් නැති බවයි පෙනෙන්නෙ. ඊයේ සියලුම වෛද්‍ය සංගම් අතිගරු ජනාධිපතිතුමාට යොමුකළ ලිපියේ පවතින අවදානම ගැන විස්තර කරලා තියෙනවා. කාර්ය සාධන බලකාය මේකට ප්‍රතිචාර නොදක්වන්නේ මන්ද? මේ රටේ ජනගහනය අඩු කරගැනීම සැඟවුණු අරමුණක් වත් තියෙනවද?

:       35       45

Palitha Sunday, 09 May 2021 04:13 PM

වසංගත තත්වයක් යටතේ සියළු රෝහල් පිරී යයි නම්, අමතර ලෙඩුන් මහමග සහ නිවසේ අපහසුතාවයට පත් වේ නම් ඊළගට ගත යුත් වන්නේ මෙවැනි පියවරක් නොවේ ද? මේවාට අවශ්‍ය කාර්ය මණ්ඩල සොයා ගැනීම එතරම් අපහසු නොවනු ඇතැයි මගේ මතයයි. හමුදාවේ නිලධාරී මහතුන් මෙවන් අවස්තාවකට අනුරූපව සූදානම් තබා ගැනීම සාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකාවේ වෙසෙන විශ්‍රාමික වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් ආරාධනාවක් ලැබුණොත් මෙවන් අවස්ථාවක ඉදිරිපත් වීමට ඉතා ‌කැමැත්තෙන් සිටී. දැනට මතුවී ඇති තත්වය අනුව සෘනාත්මකව අදහස් පළ නොකර ධනාත්මකව සිතන්න. මෙය දේශපාලඥයින් ගෙන ආ දෙයක් නොවේ. ඔවුන් මෙතෙක් කළ කී දෑ පිළිබඳව මම මොකුත් නොකියමි.

:       23       63

Puppa Monday, 10 May 2021 05:22 AM

අවසනාවකට හමුදා කොල්ලන්ගෙ වැඩ නියම විදියට බලපු මිනිහ දැන් ඉන්නෙ දියවන්නාවෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site