IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වානිජ නගරයට රත්තරන් ගේට්ටුවක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් හෙට (24) සන්ධ්‍යාවේ සිදුකෙරේ.

මෙම පාලම 'කල්‍යාණී රන් පිවිසුම' ලෙස නම් කර ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස  සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරිණි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත. 

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.

එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ යදායකත්වයෙනි.

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට  භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.

මෙම නව කැළණි  පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින්  විදුලි ආලෝකකරණය කර තිබෙන බව  අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (38)

වානිජ නගරයට රත්තරන් ගේට්ටුවක්

kamal Tuesday, 23 November 2021 01:29 PM

මේ වැඩ වලට යොදා ගත්ත විදේශ විනිමය සැපයූ පිටරට වැසියන්ටත් ඔවුන්ගේ අය බදු වලටත් පින් සිද්ද වෙනවා .දීපු ණය ගැන නම් ආසාවත් අත් හැර ගන්න

:       26       131

nimalTuesday, 23 November 2021 05:32 PM

පාලම් රටකට අවශ්‍ය වුවද මහජනතාවගේ සුබසාධනයට පළමු තැන දිය යුතුවේ. මේවනවිට ආහාර සහ මහජන දෛනික අවශ්‍යතාවයන් සඳහා ජනතාව දිගුපෝලිම්වල දවස ගතකරනු පෙනේ...

:       20       112

janahithaWednesday, 24 November 2021 09:32 AM

කාර්යක්ෂමව වැඩ කරන ජනතාවක් සිටින අප රටේ ආහාර නොමිලේ ලබා දිය යුතුව ඇත.ජනතාව ත්‍රී වීල් එළවීම ,මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි පහසුවෙන් මුදල් ඉපයීමට පෙළඹ ඇති බැවිනි

:       1       3

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 23 November 2021 01:32 PM

අනුන්ට ණය වෙවී මොන තරම් දේවල් හැදුවත් වැඩක් තියෙනව....? ඔය පවත්වන උත්සවවලටත් මහජනතාවගේ මුදල් කොච්චර වියදම් කරනවද...?ඒ යන මුදලින් අහිංසක ළමයෙකුට පෑනක්...පැන්සලක් අරගෙන දුන්නනම්...නැති බැරි මනුස්සයෙකුට ආහාර වේලක් දුන්නනම් මොකද වෙන්නෙ....? ඕකත් කවදා හරි කාට හරි විකුණන දෙයක් වෙයිද කියල කව්ද දන්නෙ....?

:       49       128

SLTuesday, 23 November 2021 02:52 PM

ඔව්, ඉතින් ඊට පස්සේ විශ්ව විද්‍යාලයෙන් අයින් වුණාම ආණ්ඩුවේ රස්සාවකුත් දීලා, පෙන්ෂන් එකත් දීලා... පුටුවල හාන්සි වෙලා ඉන්න ආධාර කරමු. බදු ගහන්නෙත් නැතිව, සල්ලි අච්චු ගහන්නෙත් නැතිව, ණය ගන්නෙත් නැතිව, ඩොලර් එකත් රුපියලට අඩුවෙන් තියාගෙන රට කරවන්න ඕනේ...!! මේක තමයි අපේ හිත්වල පැල පදියන් කරලා තියෙන මහපොළවේ ප්‍රායෝගික නොවන රාජ්‍ය කළමනාකරණය !!

:       21       58

Ranjan Tuesday, 23 November 2021 02:40 PM

මහින්ද මහත්තයා නිසා ලංකාව ගැන කියන්න දේවල් තියෙනවා. රටක් දියුණු වෙන්න මේ වගේ දේවල් තමයි අවශ්‍ය... නැත්කම් හැමදාම එක තැන පල් වෙන නොදියුණු ජාතියක් වෙනවා..

:       137       63

දාසTuesday, 23 November 2021 03:03 PM

කියන්න දේවල් ගොඩක් තියෙනවා... පාවෙන අසූචි නැවක් මුහුදේ තියෙනවා ලෝකයේ දැක්කේ පළමු වතාවට..

:       21       110

sanwariTuesday, 23 November 2021 03:29 PM

මේක හැදුවේ යහපාලන ආණ්ඩුව කාලේ.. චම්පික රණවකගේ කාලේ ජපන් ණය මුදල්වලින්...

:       42       120

samanTuesday, 23 November 2021 04:16 PM

ඒ වුණාට විවෘත කරන්නේ අපිනේ... අපි තමයි හොඳටම කළේ...

:       9       25

යෝගා Tuesday, 23 November 2021 04:20 PM

පවු අප්පා චම්පික..

:       6       48

RAKITHAWednesday, 24 November 2021 09:50 AM

නොදන්න දේවල් කතා කරන්න එපා. ශක්‍යතා අධ්‍යනය ඉවර කරලා තියෙන්නේ 2013. ජයිකා එක්ක ගිවිසුම අත්සන් කළේ 2014. යහපාලන ආණ්ඩුව සහ චමිපික කලේ පටන් ගන්න කොට බෝඩ් ගහපු එක විතරයි. මහින්ද ආණ්ඩුව තිබුණා නම් මේක දැන් ඉවර වෙලා ගොඩක් කල්. දැනුම මදි බව පේනවා

:       8       5

යෝගා Wednesday, 24 November 2021 12:02 PM

ඔව් ඔව් චම්පික ඔය පාලම යට සිමෙන්ති අනනවා දැක්කා

:       0       2

Hafeel Wednesday, 24 November 2021 08:14 AM

මහින්ද විශාල ණය අරන් කරපු එකම ව්‍යාපෘතිය හෝ අද වනවිටත් ලාබ ලබන්න නැහැ. දක්ෂිණ අධි වේග මාර්ගය මහින්ද විවෘතකලද, එම ව්‍යාපෘතිය පටන්ගත්තේ 2002-2004 එක්සත් ජාතික පක්ෂ යුගයේ. කෙසේ වෙතත් මේ සේරම ගෙවන්නේ මේ රටේ ජනතාව. ජේ ආර් ගේ යුගයේ කල මහවැලි ව්‍යාපාර හරහා කල සියලු ව්‍යාපෘතීන් අදටත් සාර්ථකයි. ඒ වගේම ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්තයත් අදටත් සාර්ථකයි.

:       2       1

jayathWednesday, 24 November 2021 01:00 PM

බොරු කියන්න එපා... ඉස්සෙල්ලා ස්ටඩි කරලා එන්න. කොහොමටත් අධ්‍යාපනය අඩු බව පේනවා.

:       1       2

ජනිත් Wednesday, 24 November 2021 01:10 PM

එතකොට මහින්දට ඇඹුල්තියල් ගෙනියන්න නෙමෙයිද ඒක හැදුවේ. ඒ කතාවෙන්ම පේනවා කවුද හැදුවේ කියලා. මැතිනිගේ ආණ්ඩුව මහවැලිය අවුරුදු 30න්... ඒ ප්ලෑන් කලේ පරිසරයක් ආරක්ෂා කරගෙන කරන්න. හැබැයි කොමිස්කාර යූඇන්පී කාරයෝ ජනතාවගේ බදු මුදල් කොමිස් ගහගන්න ඉක්මණට කරලා පරිසරයටක් ලොකු හානියක් කළා..

:       0       2

අප්පුහාමි Wednesday, 24 November 2021 05:09 PM

ජනිත්, මහවැලිය පටන්ගත්තේ බත් දුන් පියා ලෙසට විරුදාවලිය ලත් ඩඩ්ලි සේනානායක මැතිතුමා එතුමාගේ වගා සංග්‍රාමය කාලේ... එම නාම පුවරුත් සමගි පෙරමුණු රජය ගලවා දැම්මා... පුළුවන් නම් සුරක්ෂිතව ඇත්නම් ජාතික ලේඛනාගාරයේ 1970 මහ මැතිවරණය වෙලාවේ මැතිණියගේ පිරිස් කිව්වේ මොනවාද බලන්න? මහවැලි ව්‍යාපෘතියට විරුද්ධව සිටි ඔවුන් පසුව එය බණ්ඩාරනායක සිහිනයක් කිව්වා...!

:       0       0

Bamunuarachchi Tuesday, 23 November 2021 02:56 PM

රාජපක්ෂලා රටට කරන්නේ මහඟු සේවයක්... ඉතිහාසගතවෙන රජවරු අනුන් වෙනුවෙන් තම ජීවිත කැපකරන දෙවිවරු...

:       137       29

ගමේ එකාලාWednesday, 24 November 2021 04:58 AM

ලෝකෙම දන්නවා .ආයේ කියන්ඩ දෙයක් නැහැ.හෙල්පින්ග් හම්බන්තොට සුනාමි ආදාර ගිලපු හැටි. මහජන මුදල් කාබාසීනියා කරපු බූරු පැටවුනුත් ඉන්නේ ?

:       0       1

VithanaWednesday, 24 November 2021 08:46 AM

කවුරුත් දන්නවා හැරෙනකොට බමුණා කඩේ යන්නේ කාටද කියලා.

:       0       4

සොරිසේන Wednesday, 24 November 2021 11:26 AM

සිහි විකල්වුණු බමුණෙක්...!

:       0       4

Nandana Tuesday, 23 November 2021 03:14 PM

මේ අපේ බදුමුදල්...

:       11       98

NANJU Tuesday, 23 November 2021 03:21 PM

රනිල් කරපු වැඩක්... රටට වෙච්චි දෙයක්...

:       25       83

RanjanWednesday, 24 November 2021 12:58 PM

නූගත්කම පෙන්නන්න එපා...

:       0       2

යෝගා Tuesday, 23 November 2021 03:54 PM

යුද්ධය, වසංගත මේ මොනවා තිබුණත් රාජපක්ෂලා රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම ඇත්තටම අගය කළ යුතුයි. යහපාලන කාලයේ මේවා පමා වුනේ නැත්නම් විවෘත කරලා හුඟක් කල්...

:       1       0

ලමය Tuesday, 23 November 2021 04:15 PM

දැන් අරක්කු ජෝනා කයිය ගහයි එයා තමයි මේක හැදුවේ කියලා..

:       8       74

කිරි පුතා Tuesday, 23 November 2021 04:17 PM

රටක දියුණුව කියන්නේ එදාවේල කන්න සහන මළු දෙන එක නොවෙයි. මෙවැනි දියුණු මං මාවත් ඉදිවීමෙන් කාලය ඉතිරි වෙනවා. ආයෝජකයන් අවදානය යොමු කරනවා. ලෝකය සමඟ අපේ රට ඉදිරියට යනවා...

:       59       27

AN Ishan අහමඩ් Tuesday, 23 November 2021 04:55 PM

කවුරු මොනවා කිව්වත් කොළඹ ඉන්න අපිට විශේෂයෙන් ඔරුගොඩවත්ත මංසන්ධිය හරහා දිනපතා ගමන් කරන අපට ඒකෙ වටිනාකම තේරෙනවා. අැත්තටම වටිනා වැඩක්... කවුරු කළත් හොඳ දේ අගයමු.

:       4       42

kamalWednesday, 24 November 2021 11:46 AM

ඔරුගොඩවත්තේ අයගේ පහසුවට මුළු රටම ණය ගෙවනවා. මේක හදන්න තිබ්බේ.. ඔරුගොඩවත්තේ අයගේ අරමුදලින්..

:       2       1

යෝගා Wednesday, 24 November 2021 12:31 PM

ඔන්න කිව්වා ඔලමොට්ටල කතාවක්...

:       0       1

amila Tuesday, 23 November 2021 04:57 PM

මුඩුක්කුයි පරණ ගොඩනැගිලි අයින් වෙලා පිළිවෙළට නගරයක් විදිහට හැදෙනවා නම් තව හොඳයි...

:       4       38

sanjeewa milano Tuesday, 23 November 2021 05:23 PM

මැදමුලන වලව්වේ පොල්කඩපු සල්ලිවලින් වෙන්නැති හැදුවේ.. දැන් ඉතින් ණය ගෙවමු. අපි තමයි හොඳටම කෙරුවේ...!

:       26       49

shan Wednesday, 24 November 2021 01:38 AM

මොකට මේවා හදනවද? අර ඉස්සර රනිල් වගේ මුකුත් නොකර බැංකුවක්, දෙකක් කඩාගෙන නිකන් හිටියානම් ඉවරයිනේ.. ලංකාවේ ඉන්න මිනිස්සු ළඳේ ඉන්න ගෙම්බෝ වගේ හැමදේටම විරෝධතා.. අනේ මන්දා මෙහෙමත් ජාතියක්... මේ වගේ අදහස් තියෙන මිනිස්සුත් එක්ක මොන ඉදිරියට යාමක්ද? 

:       1       1

kuma Wednesday, 24 November 2021 07:22 AM

බණ්ඩාරනායක මහත්තයාට ඒ කාලේ තොටළඟ පෑලියගොඩ පාලම හදන්න පටන්ගන්නකොට බලුබැනුම් බැන්නා... පාලම් 2ක් මොකටද කොළඹට කියලා.. නමුත් අද එයත් ප්‍රමාණවත් නෑ.

:       0       1

ලමය Wednesday, 24 November 2021 09:34 AM

ජනතාවගෙ සල්ලිවලින් හදල ජනතා අයිතියට දෙනවා , මොකද්ද ඒ කුනු හරුපෙ ආයුබෝවන්

:       1       5

Sharn Wednesday, 24 November 2021 10:38 AM

කවුරු කොහොම කීවත් රටක් වශයෙන් වැදගත් ක්‍රියාවක්. ලොව බොහෝ ව්‍යාපාර නගර මෙබඳු පහසුකම් සහතිව සංවර්ධයන කර ඇති අතර ලංකාව එබඳු සංවර්ධිත ව්‍යාපාර නගරයක් වශයෙන් මෙසේ දිස්වීම සතුටකි

:       2       6

kamalWednesday, 24 November 2021 11:43 AM

මේ එහාට පේන සංවර්ධනේ බිල ගෙවන්නේ කවුද?

:       1       2

ranjith Wednesday, 24 November 2021 11:24 AM

90% ක් බේබද්දෝ ඉන්න රටක මේවා ජෝක්

:       1       4

Pradeep Wednesday, 24 November 2021 12:38 PM

මේක කවුරු පටන් ගත්තත් අතිමට ණය ගෙවන්නේ සාමාන්‍ය ජනතාව.වඩා වැදගත් වෙන්නේ ණය මුදල හොරා කන්නේ නැතුව වැඩේට පමණක් යොදවන එක.රාජපක්ෂ පවුලට වැඩේ අත ගහන්න බැරි උන හින්දා හොරකම ටිකක් හරි අඩු ඇති

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site