IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


භාවිතයෙන් ඉවත් කළ ධීවර යාත්‍රා - බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක්

 


 

(එම් .සුසිල් ප්‍රියන්ත, සුගතපාල සහ කේ.ජී.ප්‍රේමතිලක)

මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කරන ලද ධීවර යාත්‍රා සහ බස් රථ  මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක් අද  (27 ) පෙරවරුවේදී ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ධීවර වරායේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවුණු අතර එහි මුල් අදියර යටතේ අද (27) භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ 04ක් මුහුදු පතුලේ තැන්පත් කිරීම සිදුකෙරිණි.

සයුර නෞකාව මේ සඳහා ප්‍රයෝජනයට ගෙන තිබුණි. ගාල්ල ධීවර වරායේ සිට කිලෝමීටර් 03ක් පමණ දුර මුහුදේ මේ බස් රථ තැන්පත් කිරීම සිදු කෙරිණි. මේ  ආකාරයට ගාල්ල ධීවර වරාය පාදක කොට ගෙන  ඉදිරි දින කිහිපය තුළම භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ හා ධීවර යාත්‍රා මුහුදේ තැන්පත් කරන බව ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය.

ගාල්ල ධීවර වරාය පාදක කොටගෙන මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වන අතර එය මෙරට තුළ ක්‍රියාත්මක කෙරුණු දෙවැනි අවස්ථාවයි. මීට කලින් පළමු වතාවට ත්‍රිකුණාමලය ධීවර වරාය පාදක කොට ගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.



අදහස් (20)

භාවිතයෙන් ඉවත් කළ ධීවර යාත්‍රා - බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක්

mihira Saturday, 27 February 2021 07:51 AM

මෙහෙමත් මෝඩයින් ඉන්න රටක්... මේ යකඩ උණුකරලා මොනතරම් වැඩ ගන්න පුළුවන්ද?

:       16       33

BamunuarachchiSaturday, 27 February 2021 03:18 PM

ශ්‍රී ලංකා රජයේ පූර්ණ වගකීම සහිතව සහ අනුමැතියද ඇතිව රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ ඇමැතිවරයකුගේ උපදෙස් මත නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත පරිසරයට හානි කරන්නා වූ ව්‍යාපෘතියක්. ජලජ ජීවීන් ජීවත් වීම සහ බිත්තර දැමීම සඳහා තොරා ගනු ලබන්නේ බහුලව ජලජ ශාක තිබෙන්නා වූ සහ ගල්පර සහිත ප්‍රදේශ මිස පරණ යකඩ ගොඩවල් මත නොවන බව මෙවැනි අමන තීන්දුවක් ගැනීමට මැදිහත් වූ ඉස්සන් වෙත දැනුන්දීමට කැමැත්තෙමු. මෙම බස්රථ මුහුදට නොදමා යකඩ වශයෙන් උණුකොට වෙනත් කර්මාන්තයක් සඳහා යොදාගැනීමට හැකියාව පවතී. මෙම රජය පත්වීමෙන් පසු පරිසර හානිය සිදුවන්නේ රට තුළ පමණක් නොව මුහුදු පතුලත් විනාශ කිරීමේ කටයුතු කරමින් සිටියි.

:       4       8

akaSunday, 28 February 2021 11:10 AM

රටේ පාලකයින්ට සාමාන්‍ය පෙළ සමත් නෑ කියලා බනින ජනතාව දන්නවද මේ බස් හදලා තියෙන්නේ යකඩ වලින් නෙමේ ඇල්මිනියම් වලින් කියලා... මේ වගේ කෘතිම දේවල් මුහුදේ ගිල්වලා මසුන් ඉන්න තැන් හැදීම සාමාන්‍ය ක්‍රමයක්... දැනටම මූහුදේ ගිලීගිය නැව් ආදිය ආශ්‍රිතව මත්සයින් බොහෝම ජීවත් වෙනවා.

:       7       2

Suranjith Saturday, 27 February 2021 09:03 AM

මේවා නම් මෝඩ වැඩ... සැවොම බලා උදම් අනමු.

:       8       32

Hafeel Saturday, 27 February 2021 09:38 AM

නොදන්නා නිසා අහන්නේ... මේ තැන්පත් කිරීමෙන් රටට ලැබන ප්‍රයෝජනය හෝ වටිනාකම මොකද්ද? එ්කත් ඇමතිගේ ප්‍රධානත්වයෙන් මේක කරලා තියන්නේ?

:       7       25

ranji Saturday, 27 February 2021 09:53 AM

ලෝහවලින් නිපයපු මේ වාහන මුහුදේ ගිල්ලුවාම මොකද වෙන්නේ? මේවා මුහුද යටම මලකඩ කමින් මුහුදු පරිසරය විනාශ වෙනවා කියලා දන්න කෙනෙක් මෙතන නැද්ද? මොනවද මේ දර්ශන..?

:       19       36

සාගර Saturday, 27 February 2021 12:54 PM

අර විල මැද බංගලාව මුහුදේ ගිල්වන්න බැරිද සෙට් එකම එක්ක?. මේ බස්රථ වලින් වෙන නිර්මාණයක් කරන්නම බැරිද?

:       2       30

Ravi Saturday, 27 February 2021 01:43 PM

මේ වගේ හරක්. ලොකේ ඕනෑතරම් දියුණු ක්‍රම තියෙනවා මාළු අභිජනනය කරන්න. බස් ටික රිසයික්ලින් කරන්න ඕනෑ. මෙවා ට උපදෙස් දෙන්නේ කව්ද දන්නේ නැහැ.

:       4       30

janis Saturday, 27 February 2021 02:20 PM

මේ මහා අපරාධය කරපු නිලධරයා විදුලිපුටුවට යවන්න. ශ්‍රී ලංකා රජය කරන මේ මහා අපරාධය ජිනීවා සමුළුවට පෙනේවා .

:       5       28

nico Saturday, 27 February 2021 02:29 PM

පොදු සහතික සාමාන්‍ය පෙළවත් සමත් නොවුණු පාලකයෝ ඉන්න රජයක මේවා අරුම, පුදුම වෙන්න දේවල් නොවෙයි. මොනවාහරි දර්ශන ටිකක් පෙන්වමින් කාලය කා දමමින් ඉතා හොඳින් බඩවඩා ගන්නවා. අහෝ මගේ රට...!!! 

:       4       29

සුදත් ශ්‍රී Saturday, 27 February 2021 03:31 PM

යකඩ ටික ප්‍රතිචක්‍රීකරණය නොකර මලකඩ කන්න දානවා. අත්අඩංගුවට ගන්න කහ, කහ වගාකර ගන්න බැරි අයටවත් බෙදා දෙන්නේ නැතිව පුච්චලා දානවා. අත් අඩංගුවට ගන්න සෙල්ලම් බඩු අනාථ නිවාස වලටවත් නොදී ගල් රෝලෙන් තලලා විනාශ කරනවා. මේ අය නම් හරක් තමයි.

:       2       3

කපිල Saturday, 27 February 2021 03:34 PM

වීදුරු පිටින්මනේ බස් ගිල්ලවන්නේ.., පොඩ්ඩක් අවුල් වගේනේ, අඩුම ගානේ ඩීසල් ටැංකියවත් ගැලෙව්වද දන්නේ නෑ. මෝඩයෙක්ගේ තකතීරු වැඩක්... කිසිම ප්ලෑන් එකක් නැතුව...

:       1       5

jagath Saturday, 27 February 2021 03:55 PM

මැතිවරණ වේදිකාවල්වල මේ ආණ්ඩුව කිව්වා නේද? බලයට ආවොත් මාළුන්ට ගෙවල් හදලා දෙනවා කියලා...!!! මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ වෙනවා.

:       1       3

nihal Sunday, 28 February 2021 03:02 AM

බස් 04ක් ගිල්වා, ඉතුරු බස් 50 හොර පාරෙන් අබිලි යකඩ වලට වික්කා නේද? ගොඩබිම තියෙන සම්පත් මුහුදට නොදැමිය යුතුය. මුහුදේ ඇති සම්පත් ගොඩබිමට ගෙන ආ යුතුය.

:       1       2

janahitha Sunday, 28 February 2021 03:40 AM

පොදු සහතික සාමාන්‍ය පෙළවත් සමත් නොවුණු පාලකයින් ඉන්න සැම ආණ්ඩුවකම පත්කරන්නේ මහජනතාව.... ඔබද වගකිව යුතුයි. මෙම ව්‍යාපෘතියේ විශාල මුදල් ප්‍රමාණයක් අවභාවිත වෙනවා.

:       0       3

Wijitha Sunday, 28 February 2021 04:57 AM

අක්කර සිය ගණන් හමස් වෙද්දී මේවා බොරු සෝබන..!!! 

:       0       6

gamini Sunday, 28 February 2021 05:26 AM

මට කිව්වා නම් ඔය පරණ යකඩ හොඳ ගාණකට ගන්නවා... අයියෝ නන්දසේන...!!! 

:       0       6

gamage Sunday, 28 February 2021 12:04 PM

ඒක.. ඇලුමේනියම් මුහුදුපතුලේ දිරාපත් වෙන්නේ නැහැයි කියලා ඕක කොහෙන්ද ඉගෙන ගත්තේ? මේකෙන්ම පේනවා සාමාන්‍ය පෙළ අනාගත්ත කෙනෙක් කියලා...

:       0       4

sampath Sunday, 28 February 2021 03:24 PM

ඇලුමිනියම්, කෝස්ටික් සෝඩා එක්ක ප්‍රතික්‍රියා කරනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඇලුමිනියම් කියන්නේ අධික විෂ සහිත මූලද්‍රව්‍යයක්.. නැව් හදලා තියෙන්නේ යකඩෙන්... යකඩ එහෙම විසවීමක් නැහැ. මේ බස්වලින් කුඩා කටුමැටි ගෙවල්වල ඉන්න අයට ගෙවල් හදලා දෙන්න තිබුණා. ඒක ඉතා ආරක්ෂිතයි. තෙමෙන්නේ නැහැ. සරල විසඳුමක් මේක කෝච්චි පෙට්ටි, කන්ටේනර් පෙට්ටි වගේ දේවල් වලිනුත් කරන්න පුළුවන්. ඊට අමතරව ආපන ශාලා වැනි වෙළඳසැල් පවත්වාගෙන යාමට යොදාගන්න තිබුණා. මේක තේරුමක් නැති වැඩක්.. නැතිනම් කාගෙ හරි ඇන්දවිල්ලක් කියලත් හිතෙනවා.

:       0       3

sharm warn Monday, 01 March 2021 09:22 AM

මේ වගේ තකතීරු ක්‍රියාවක් අනුමත කරන්න තරම් සාගර දූෂණ මර්ධන ආයතනයේ ඉන්න අයට මොලේ කළඳක් නැද්ද හැබෑටම? මේ යකඩ සහ ඇලුමිනියම් අබිලි යකඩ වලට විකුණන්න බැරිද? අඩුගාණේ දුෂ්කර පාසල් වලට, පන්තිකාමර හැටියට පාවිච්චි කරන්න යොදවන්න තිබුණා. ලංකාවේ ඉන්න අමන පාලකයන්ට ඉතින් මේ වගේ ගොන් විනෝදේ තමයි. කවුරුත් කට අරින්නේ නැහැනේ විරුද්ධව.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site