IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අකුරට වරම් නැති දරුවන්ට පිහිටට ආ ඉටු දෙවියා

(උපුල් හේරත්)

ත්‍රිකුණාමලය මහසෙන්පුර පාසලේ උසස්  අධ්‍යාපනය ලැබීමේ සිහිනය යථාර්තායක් කරමින්  අහිංසක දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීමට එම ප්‍රදේශයෙන් බිහි වූ තාක්ෂණ උපාධිධාරියෙක් ඉදිරිපත් වී සිටියි.

රත්මලාන තාක්ෂණික විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ඔහු චානක ධර්මරත්නය. මහසෙන්පුර ගමේ ඉපදී, අධ්‍යාපනය ලබා ගමේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට  හැකිවීම විශේෂත්වයකි.

යුද්ධය පැවැති සමයේ වෙඩි හඬත් සමග ජීවත් වූ මෙම ගම්මානයේ දැනට පවුල් 200 කට අධික පිරිසක් වෙසෙති.
ඔවුන්ගේ එකම වෘත්තිය ගොවිතැනයි. පවුලවල පිරිමි සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරති. 

හරිහමන් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු මෙම ගම්මානයේ දරුවන් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන්නේ ත්‍රිකුණාමලය මහසෙන්පුර පදවි පරණ මැදවච්චිය විද්‍යාලයේය. එම විද්‍යාලයේ දැනට සිසු දරු දැරියන් 61 දෙනකු සිටින අතර පස්වන ශ්‍රේණියෙන් පසුව ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට වරම් නැත.  ඔවුනට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි ජයන්ති විද්‍යාලයට යා යුතුයි. ඊට අවශ්‍ය පහසුකම් නැත. 

ඔවුනට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වටපිටාව සකසමින් මව්පියන් එක්ව තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කළේ. වැවෙන් පස් කපා කැලෙන් ලී දඬුකපා එම ගොඩනැගිල්ල මව්පියෝ එම ගොඩ නැගිල්ල ඉදිකළහ.

අලුතින් පටන් ගත්  6 ශ්‍රේණියේ දරුවන් 12 දෙනෙක් ඉගෙනුම ලබති.  හත ශ්‍රේණියේ දරුවන් තිදෙනෙක් ඉගෙනුම  ලබති. තවත් දින කීපයකින් අටවන ශ්‍රේණියත් ආරම්භ කරන බවත් ඊට ඇතුළත්වීමට සිසු දරුවන් පිරිසක් සූදානමින් සිටින බව මව්පියෝ පවසති.

උතුරු මැද පළාත හා නැගෙනහිර පළාතේ මායිම් වන මහසෙන්පුර ගමේ පිහිටි පරණ මැදවච්චිය  විද්‍යාලයේ   පන්ති පිහිටා තිබෙන්නේ පළමු වසරේ සිට පස්වැනි වසර දක්වා පමණයි .6 7 8 යන ශ්‍රේණිවල ඉගෙන ගැනීමට සිසුන් සිටියත් ගුරු හිගය මෙන්ම ගොඩනැගිලි වල අවශ්‍යතාවය එහි ප්‍රදේශයට තදින්ම බලපා ඇති කරුණක්. 
මේ ප්‍රදේශයේ  සිටින 6,7,8, ෙශ්‍ර්ණිය සඳහා ඉගෙන ගැනීමට සිටින දරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවා . නමුත් ඔවුනට අධ්‍යාපනය ලබා ගන්න පහසුකම් නෑ. 

එවන් අවස්ථාවක ඔවුනට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට එම විද්‍යාලයෙන්ම බිහි වූ චානක ධර්මරත්න මහතා ඉදිරිපත්ව සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ චානක ධර්මරත්න මහතා මෙසේ පැවැසීය. 

මම අපොස සාමාන්යෙ පෙළ විභාගය හැදෑරූ වේ පදවිය ප්‍රදේශ ‌ෙය් පුර පලුගහ වැව මහා විද්‍යාලයෙන්. මම ඒ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මගේ අම්මත් එම පාසලේ  ඉගැන්නුවා. අපේ අම්මත් එක්ක එකට හිටපු  ගුරුවරියක වන නිලු අළුත්ගමගේ මහත්මිය පරණ මැදවච්චිය විද්‍යාලයේ විදුහල්පතිනිය කටයුතු කරනවා. ඇය මා හමු වන අවස්ථා කිහිපයකදීම මට යෝජනා කළා  අපේ පාසලේ ළමයන්ට ගණිතය විද්‍යාව යන විෂයයන් උගන්නන්න ගුරුවරයකු නැති බවයි .ඇගේ  ඉල්ලීම ඉවත දමන්න මට බැහැ මම ඒ යුතුකම ඉටු කළා .

පරණ මැදවච්චිය විද්‍යාලයේ ළමයින්ට උගන්වන අතර ,කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපනය ලබනවා .ඊට අමතරව රත්මලාන තාක්ෂණික විද්‍යාලයේ විසිටින් ලෙක්චර් කෙනෙක් හැටියට කටයුතු කරනවා.යනුවෙන් ඔහු පැවසීය.

අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් විශාල ප්‍රමාණයක්   එහි සිටින මිනිසා මම විදුහල්පතිතුමිය සමග සාකච්ඡා කරමින් තීරණයක් ගත්තා ස්වේච්ඡාවෙන් ළමුන්ට උගන්වනවා කියලා .

ඊළට තිබුණු ලොකුම ගැටළුව දරුවන්ට ඉගෙන ගන්නා හිසට සෙවණක් නොමැති කමයි . මේ කුඩා දරුවන් ගේ මාපියන් එකා මෙන් එක් වී කැලේට ගොස් ලී දඬු කපා ගෙන පාසලක ආකෘතියක් ඉදි කළා. කාන්තා පාර්ශවයේ එක්වී ඒ අසල ඇති වැවට  ගොස් මැටි කපා ගෙන  කටු මැටි ගැහුවා. පාසලට ලොකු අඩුපාඩුවක්ව  තිබුණු  නාම පුවරුවක් ඉදි කළා .

ගණිතය විද්‍යාව යන විෂයන් හය, හත, අට ,ශ්රේ ණි සඳහා මම උගන්වනවා. කිසිදු මුදලක් අය කරන්නේ නැතූව. මගේ හිත වත් අය කීප දෙනකු කොළඹ සිටිනවා. ඒ අය දැනුවත් කළ මේ  අසරණ පුංචි දරුවන්ට පිහිටපක් වෙන්න එකතු වෙන්නැයි ඉල්ලීමක් කළැ.
මෙවැනි ප්‍රදේශවලට ගුරුවරුන් එන්නෙත් නෑ ,ආවත් වැඩි කාලයක් ඉන්නෙත් නෑ ,මේ ප්‍රදේශයේ දරුවො හැමදාම අසරණයි. ඒ ඒ අයට පිහිට වීමයි මගේ එකම බලාපොරොත්තුව යනුවෙන් ධර්මරත්න මාතා පැවසීය .මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ගැම්වැසියකු වූ එස්.ඒ. චන්දන කුමාර මහතා මෙසේ පැවැසීය.

මේ ගම්මානයේ ජිවත්වන වැඩි පිරිසකගේ ජීවනෝපාය ගොවිතැනැයි. පිරිසක් යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරනවා.  වකුගඩු රෝගවලින් පෙළෙන මේ ප්‍රදේශයේ දරුවන්ට හරිහමන් අධ්යානපනයක් නෑ. තැනක් නෑ. ගුරුවරු නෑ. මෙම ගමෙන් බිහි වූ තරුණයෙක් අපේ දරුවන්ට ඉදිරිපත්වීම හරිම සතුටක්.  ගමේ අපි එකතුවෙලා අපේ ශ්රණමයෙන්  ගොඩනැගිල්ල හැදුවා. ඊට හැමෝගේම සහාය ලැබුණා.



අදහස් (22)

අකුරට වරම් නැති දරුවන්ට පිහිටට ආ ඉටු දෙවියා

දිමුතු Friday, 31 March 2023 05:47 AM

ගොඩාක්ම පින් , ඔබටත් හැදු වැඩු දෙමව්පියන්ටත් ........

:       0       37

රංජිත් Friday, 31 March 2023 06:56 AM

මිනිස් වෙසින් ආ දෙවියෙක්

:       0       28

iks chandrasiri Friday, 31 March 2023 08:47 AM

මේ ගුරුවරයා තමන් උපන් රටට ණය නැති කෙනෙක්... සුබ පැතුම්...!

:       0       26

රනේ Friday, 31 March 2023 09:17 AM

දෙවියන් ඔබයි..

:       0       23

Jayasekara Friday, 31 March 2023 09:35 AM

ස්ටාර්ලින් ඇතුළු නඩයගේ ඇස ගැටේවා... !!! 

:       3       18

සමන්Friday, 31 March 2023 04:43 PM

අපෝ එපා. ස්ටාලින් නඩය මේක දැක්කොත් ඒකත් වැරැදියි කියලා වර්ජනයක් පටන් ගනීවි...

:       1       15

පුරවැසියෙක්.... Friday, 31 March 2023 09:55 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන කොළඹ ඇතුලු වැඩි පහසුකම් සහිත ප්‍රදේශවල උසස් රැකියා කරමින් , රටට ජනතාවට හිරිහැරකාරීව උද්ඝෝෂණ , වර්ජනවල නිරතව රටට බරක්ව සිටින මහත්වරුන් , රටට වැඩදායක මෙවන් පුතුන් ආදර්ශයට ගත යුතුය.

:       1       29

Nandasena grSunday, 02 April 2023 06:18 AM

ගම්වල දුප්පත් ළමයි ගැන නොබලා හැමදාමත් රෝයල් එකට රිංගලා රෝයල් මානසිකත්වයෙන් වැඩකරන අපතයින්ට ගම්වල අධ්‍යාපනය ඉහළ නංවන්නට යෝජනා කිරීමට තරම් හයිය කොන්දක් ඔබට ලැබේවා...!

:       1       2

kamal Friday, 31 March 2023 11:08 AM

මේ වගේ "මිනිසුන්" ඉන්න රටක් මෙහෙම උනේ කොහොමද?

:       0       23

Siisra Gunasekera Friday, 31 March 2023 11:17 AM

චානක ධර්මරත්න මැතිතුමනි, ඔබට බොහෝම ස්තුතියි..! ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ඔබ වැනි අයයි.

:       0       20

Ruwan de Silva Friday, 31 March 2023 11:57 AM

අපිට මේ ගුරුවරුන්ගේ අංක එවන්න... අපිට මේ ශිෂ්‍යයින් වෙනුවෙන් යමක් කරන්න පුළුවන්..

:       0       28

Chamila Friday, 31 March 2023 12:21 PM

අද්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපාදන තියෙන්නෙ නැවත . මේ සහෝදරයගෙ උතුම් ක්‍රියාව අගය කරනව අපි උදවු කරන්න කැමතියි.

:       0       21

ලක්මාල් Friday, 31 March 2023 01:15 PM

ඔබගේ සේවය අති විශිෂ්ටයි.

:       0       25

බංඩා Friday, 31 March 2023 01:18 PM

හොඳ වැඩක් මචං, ජයවේවා...!

:       0       19

pakeer Friday, 31 March 2023 01:24 PM

ඇත්තටම ඇඬෙනවා...!

:       1       24

Gagana Friday, 31 March 2023 05:01 PM

මේ ඊයේ පෙරේදා බණ්ඩාරවෙල ඉස්කොල්යක් නැතිබැරි දරුවන් ඉන්නවාය කියලා යොජනා කරපු නරියන්ට ඒ සකලමනා බෙදාදෙන්නට ආපු සුදු ජාතිකයන් ඔවුන්ගේ රෙදි ගැලවෙන්න කතාවක් කළේ හිටපු හැම ළමයෙකුටම ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බාය කියන පදනම මතයි. ඔවුන් ඉතා කණගාටුවෙන් ඒ දානය දීලා ගිහින් තියෙනවා. මෙවන් අසරණ දරුවන් වෙත එවැනි දානපතියන් යොමු නොවන එක අවාසනාවක්...

:       0       16

ගමේ එකාලා Friday, 31 March 2023 05:47 PM

රටට ණය නැති, රටට ආදරේ ඇති නියම පුතෙක්. ඔබගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...! බොහෝම පින්... දරුවන්ට දැනුම ලබාදීම ගැන....

:       0       12

Channa Nagodavithana Saturday, 01 April 2023 08:26 AM

Can you please send me Chanaka Dharmarathna's contact details. We as a team would like to help his efforts to educate innocent kids of our motherland. Thank you - Channa Nagodavithana Australia

:       0       5

sam Saturday, 01 April 2023 11:18 AM

මේ අසරණ ළමයින්ට ඉගෙන ගන්න පිහිට වෙන ඔබට ගොඩක්ම පිං. මේවා වර්ණනා කරන්න වචන නැහැ. ඔබට යස ඉසුරු පෑදේවා. කෝ මේ රටම මංකොල්ලා කාපු කාලකන්නි මයිනා. මයිනා තෝ සහ තොගෝ පවුල හොරාකාපු සල්ල වලිං මේ අසරණ දරුවන්ට ගෙන ගන්න පාසලක් හදපං.

:       0       3

SP Sunday, 02 April 2023 05:38 AM

කරුණාකර මේ ගුරුවරයාගේ අංකයක් මට එවන්න. මටත් උදව් කරන්නේ කොහොමද කියලා බලන්න ඕනෑ...

:       0       3

fairoos Sunday, 02 April 2023 05:12 PM

ඉතාම කණ්ගාටුයි. අපේ අය තවත් මේ කාළකනින් දේශපාලකයන්ට කඩේ යනවනේ.

:       1       2

Dinithi Lokupitiya Monday, 03 April 2023 05:08 AM

ස්ටාලින් පෘතුගීසි කාලකන්නියා ළමයින්ට කරන විනාශය එක්ක කොච්චර දෙයක්ද මේ කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site