ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡාවට බැසිලුත්
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයට අදාළ කාරණා සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවසේ.
ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවට පෙර ජනාධිපතිවරයා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද විපක්ෂනායකවරයා විසින් නම් කරනු ලැබ ඇත. සාකච්ඡා තීන්දු තීරණ ගත හැකි මට්ටමින් පවත්වාගෙන යාම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතා පත්කරනු ලැබ ඇති අතර, දෙපාර්ශ්වයේ සාකච්ඡාවලට මීට පෙර සම්බන්ධ වූ කමිටු දෙක ද මේ වන විට වෙනස් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුවට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කමිටුවට බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු විපක්ෂනායකවරයා විසින් පත්කරනු ලැබ සිටිති.
ඒ අනුව ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අනිද්දා (27) සිට යළි ආරම්භ වීමට නියමිතය.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෛත්‍රී ගෝඨා හමුවක්