(යොහාන් භාසුර)
පොදු ප්‍රවාහනවලින් ‘කොවිඩ්’ වයිරසය සීඝ්රයෙන් බෝවන බව වර්තමාන තත්වය අනුව පැහැදිළි බවත් දැඩි සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රමානුකූලව රට විවෘත කළ හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
රට විවෘත කර බස් සහ දුම්රිය ඇතු`ඵ පොදු ප්‍රවාහන සේවය ආරම්භ කර රාජ්‍ය සේවකයන් සියයට 100 ක් එකවර කැඳවුවහොත් පොදු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බව කී මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා ආරම්භයේදී රජයේ සේවකයන්ගෙන් සියයට 25 ක් පමණ කැඳවීම වඩාත් හොඳම පියවර බවත් සඳහන් කළේය.
මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාවත් අඩු වී නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පෙර තිබූ තත්වයට වඩා වර්තමාන තත්වය ගොඩක් යහපත් වී තිබෙන බවත් දැඩි සෞඛ්‍ය නීති යටතේ සේවකයන් අඩු ප්‍රමාණයක් කැඳවමින් පඵමුවෙන්ම සතියක පමණ කාලයක් දැඩි අවධානය යොමු කරමින් ඉදිරියට යා යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීය.
රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා රට විවෘත කිරීම පිළිබඳව වැඩි දුරටත් මෙසේ පැවසීය.
“රයේ සේවකයන් සියයට 25 ක් පමණ තමයි කැඳවිය යුත්තේ. සියලු දෙනා එකවර කැඳවුවහොත් බස් සහ දුම්රිය පහසුකම් ප්‍රමාණවත් වෙන්නේ නෑ. පොදු ප්‍රවාහන සේවාවලින් තමයි ප්‍රධාන වශයෙන්ම කොවිඩ් වයිරසය පැතිරෙන්නේ.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැතුණ ද වාහන ගොඩක් මාර්ගවල දැකිය හැකි වුවත් රෝගය පැතිරීම අඩුවෙලා තියෙනවා. ඒ පෞද්ගලික වාහනවල යන්නේ එක ගෙදර එසේත් නැත්නම් එක පවුලේ සාමාජිකයන් ඒ නිසා පැතිරීමක් නෑ. රට විවෘත කළත් අපිට සාද, විවාහ උත්සව ඇතුලු පිරිස් රැස්වන දේවල් කරන්න තමව අවස්ථාවක් නෑ.
රට තුළ මේ වන විට එන්නත්කරණය හොඳටම ක්‍රියාත්මක වෙනවා. තරුණ පිරිසගෙනුත් ඉල්ලන්නේ එන්නත මොකක්ද කියන එක ගැන හිතන්නේ නැතුව එන්නත් දෙකම ලබාගන්න. ළඟම එන්නත හොඳම එන්නත කියලා එන්නත ලබාගන්න”
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
“සියලුම සේවකයන් එකවර කැඳවන්න එපා” - මහාචාර්ය අර්ජුන
pakeer Thursday, 23 September 2021 01:25 PM
ඕක කියන්න මහාචාර්ය වරයෙක් ඕනේ නැහැ .ඕන මැට්ටෙකුට තේරෙනවා .වැඩේ තියෙන්නේ ඕක කියන එක නෙමෙයි .කරන එක .ආණ්ඩුව බල කරන්න ඕනේ පුද්ගලික අංශෙට මේ විදිහට කරන්න කියලා .නැත්නම් ඒ අය 100 % ගෙන්නන එක ගෙන්නනවා .මම කීප සැරයක්ම ඇත දැකීමෙන් කියන්නේ