IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


“ගුරුවරුන් නාවත් පාසල් පවත්වන්න අපි දන්නවා’’

(සුජිත් හේවාජුලිගේ )

ඇතැම්  ගුරුවරුන් හෙට  සහ අනිද්දා  පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව  අධ්‍යාපන අමාත්‍යාංශයේ  ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය.

කෙසේ වෙතත් ගුරුවරුන් ලබන 25 වෙනිදා පාසල්වලට අනිවාර්යයෙන්ම  පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා යල්වෙල  හිමියන්,  ජෝශප් ස්ටාලින්,මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති නායකයන් ගැන  තමාට විශ්වාසයක් ඇති බවද  ප්‍රකාශ කළේය.

ගුරුවරුන් සමග ආදරණීයව සහ සුහදශීලීව  ගනුදෙනු කිරීමට සූදානම් බවද මහාචාර්යවරයා කීවේය.

රාජකාරියට නොපැමිණෙන ගුරුවරුන්ගෙ නොවැම්බර් මස වැටුප නතර කරන බවට වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ තමා ඇමැතිවරයා සමග සාකච්ඡා කර  ඒ ගැන අදහසක් පළ කරන බවයි.

තමා ඒ ගැන කොල්ලුරේ මහතාගෙන්ද  විමසන බව  ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (15)

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වන්න අපි දන්නවා’’

ravin Wednesday, 20 October 2021 03:16 PM

නැතුව නැතුව .ලංකාවේ මොට්ටයින් හදන තරමටම ඔගොල්ලොන්ගේ පැවැත්ම තියෙන්නේ

:       6       32

Prase Wednesday, 20 October 2021 03:22 PM

පඩිය නවත්වන්න අහනන දෙයක් නැහැ

:       21       21

චන්දන Wednesday, 20 October 2021 03:26 PM

වැඩි වැඩ කරන්න ගිහිල්ලා තියෙන ටිකත් නැති කරන්න හදන්නේ .

:       15       11

Always breakdown Wednesday, 20 October 2021 03:59 PM

බස්, කෝච්චි හරියට දුවන්නේ නැතිව කෝ අද ගුරුවරුන්..? වැඩට එන්නේ නැහැ. ආණ්ඩුවේ නොහැකියාව ගුරුවරුන් පිටින් දාන්න තමයි මේ ගේම් ගහන්නේ....

:       9       28

Lalith M Wednesday, 20 October 2021 05:02 PM

මේ පාර කකුල් වලින් නොවේ, තට්ටම්වලින් ඇවිදින්න වගේ දඟලන්නේ. ඔහොම යමු. කොච්චි, ගම්මිරිස් පුංචි වුණත් සැරයි. ගුරාලා තනතුරෙන් පොඩි වුණාට වැඩෙන් නම් ලොකුයි.

:       8       27

ලලිත් අම්බලන්ගොඩගේ Wednesday, 20 October 2021 05:04 PM

අමතක නොකර අහන්න, මේ දවස්වල කොල්ලුරේගේ මොලේ කචල්ද කියලා...?

:       4       25

Jude perera Wednesday, 20 October 2021 05:40 PM

අමු කැවිලද?

:       3       18

Rusith Wednesday, 20 October 2021 07:29 PM

කපටි කතාවක් ...

:       1       7

Naveen Wickramasinha Wednesday, 20 October 2021 08:06 PM

ඉගැන්වීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් හදන්න වගේ...

:       2       13

69lakshaya Thursday, 21 October 2021 07:07 AM

අපේ සර්ගේ 'ගුරුවරු නැති පාසැල්' සංකල්පය වෙන්න ඇති

:       1       2

Lalith M Thursday, 21 October 2021 07:16 AM

මහාචාර්යවරයෙක් හැමවෙලේම බෙරිහන්දී ගෙන දඟලන පිස්සෙක් වගේ ඇමතියෙක් එක්ක ලැග්ගම හරිද.ආපසු තමන්ගේම තනතුරට ගිහිල්ල රටට වැඩදායක දෙයක් කරන්න.

:       0       1

chandana Thursday, 21 October 2021 08:51 AM

අපිට තියෙන්නෙ ඒකම ප්‍රශ්ණයයි. අපි ඡන්දෙ දුන්නෙ මේ ආණ්ඩුවටද නැත්නම් වෘත්තිය සමිති කාරයන්ටයි වෙළෙන්දන්ටයි ද ?

:       1       1

Namal Sampath Thursday, 21 October 2021 09:15 AM

පොඩි පවුලකින් ඇවිල්ලා කපිල දැන් ලොක්කෙක් වෙලා - ඔහොම යං - ආණෟඩුවට කඩේ ගිහින් ඔයාටත් වැඩ වරදින්න පුලුවන් - අපි බලාගෙන ඉන්නේ - විදුහල්පති තණතුරක්වත් නොදරා දේශපාලන හයියෙන් උඩට ආවම ඔහොම තමයි

:       1       1

chandanaFriday, 22 October 2021 01:14 PM

නාමල් සම්පත්ගේ තියරිය අනුව පොඩි පවුලකින් එන කෙනෙක්ට ලොක්කෙක් වෙන එක තහනම් වගේ. ඒකෙන්ම පෙනෙනවා ඔබ කොයිතරම් සමාජ දූෂකයෙක්ද කියලා. එතුමාට ආචාරිය උපාධියකුත් තියෙනවා. දක්ෂ පරිපාලකයෙක් වෙන්න විදුහල්පතිවරයෙක් වෙන්න අවශ්‍ය නැහැ. විදුහල්පති කෙනෙක් සුළු වපසරියක තියෙන සීමිත ‌කෙෂ්ත්‍රයක් පාලනය කළාම සියල්ල දන්නා කෙනෙක් වෙන්නේ නැහැ. ලිඳේ මැඩියා පතුලේ ඉඳලා ළිං කටින් පෙනෙන අහසින් පෙනෙන ටික මුළු ලෝකයම කියලා හිතනවා. ඒත් ඒ මැඩියා පව් ඉතින්....

:       0       1

මහජනයා Thursday, 21 October 2021 09:39 AM

අද දින ළමයින් 200 ට අඩු පාසල් නිල වශයෙන් ඇරඹුණද සත්‍ය නම් අනෙකුත් පාසල් සම්පුර්ණ යෙන් ආරම්භ වීමට තවත් සැලකියයුතු කාලයක් ගතවන බවයි. ඉන්පසුත් බොහෝවිට මාස කිහිපයක් යනතෙක් පන්තියකට දරුවන් 15 බැගින් පාසල් පැමිණීමට සිදුවනු ඇත. තවත් කල් නොයවා ක්‍රමවත් සැලසුමක් සූදානම් කරමු. වසර දෙකකට අසන්න කාලයක්, වාර විභාග 5ක් මගහැරුණු දරුවන්ට සෑම ශ්‍රේණියක් සඳහාම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්කරන වාර විභාගයක් සූදානම්කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හඳුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් හදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් ලබන සතියේ සිට පාසලට කැඳවා එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. මෙම ක්‍රමය සාර්ථක කර ගතහොත් කොටස් වශයෙන් දරුවන් පාසලට පැමිණෙන අවස්ථාවක පවා අඛණ්ඩව ඉතිරි දරුවන්ට මාර්ගගතව පාඩම හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 29 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 447 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 393 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 131 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1409 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 361 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site