IMG-LOGO

’’ධීවර වැඩට මූද පළාතේ යන්න එපා’’

(අංජුල මහික වීරරත්න)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදු යාමෙන් සම්පුර්ණයෙන්ම වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදේ රළ මීටර් 2.5 සිට 3 දක්වා ඉහළ නැගීමේ අවදානමක් පවතින බව

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කීය.

හලාවතින් පසුගිය 18 වන දින එක්දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය OFRP-A-2925CHW යාත්‍රාවේ වර්ණකුලසුරිය නිහාල් රංජන් පුනාන්දු සහ වර්ණකුලසුරිය ජුඩි ලක්ෂ්මන් පුනාන්දු යන ධීවර කාර්මිකයින් දෙදෙනා මේ දක්වා ආපසු පැමිණි නොමැති බවත්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් යානයක් යොදවා සෝදිසි මෙහෙයුමක් දියත් කළ ද, ඔවුන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැතැයි ධීවර හා ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය කියයි.

බේරුවල වරායෙන් පසුගිය 15 වැනිදා  පිටත්ව ගිය " සුබ පැතුම්" (KLT 919) නම් ධීවර යාත්‍රාව 19 වන දින ආපසු වරාය බලා පැමිණෙමින් තිබියදී එස්. එම්. සිල්වා නම් ධීවර කාර්මිකයෙකු මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, මෙතෙක් සාර්ථක වී නැතැයි ද  අමාත්‍යාංශය කියයි.

 

 



අදහස් (0)

’’ධීවර වැඩට මූද පළාතේ යන්න එපා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site